මේ රට චිකාගෝ නුවර දැයි සැක සිතෙන තරමට අපරාධ බහුල වෙමින් තිබේ. නාඳුනන තුවක්කුකරුවාගේ අණසකට රටම යටත් වෙමින් තිබෙන සෙයකි. උදේ දිවා රෑ වෙනසකින් තොරව ඉලක්ක හඹා යන තුවක්කුකරුවෝ ඉලක්ක සපුරා ගෙන සැඟව යති. තුවක්කුකරුවන් මැඩලන මෙහෙයුම් තවමත් හරි පාරට වැටී ඇති බවක් නොපෙනේ. පාතාලයේ අලුත්ම බිල්ල ගාල්ලේ කෝටිපති ව්‍යාපාරිකයෙකි.
ඉකුත් 23 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියකින් එල්ල කළ උණ්ඩ වර්ෂාවකට මැදිව මියගියේ, ගාල්ලේ කෝටිපති නිමි ඇඳුම් ව්‍යාපාරිකයකු වන ලලිත් වසන්ත නමැත්තෙකි.
ඔහු ගාලු ක්‍රිකට් සමාජයේ උප සභාපතිවරයා ද වේ. එමෙන්ම, රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය ද වේ. පාතාල කල්ලි දෙකක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය සැක කරයි.
මහමග මෙසේ මිනිසුන් මරා දමන්නේ නම්, එබඳු රටක පුරවැසියන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් නොමැත. ආරක්ෂාව යනු, කෑම බීම, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් වැනිම මූලික අවශ්‍යතාවන් මෙන්ම මූලික අයිතිවාසිකමකි. ප්‍රතිවාදීන් එල්ල කර තිබුණ වෙඩි ප්‍රහාරවලින් අහිංසක සාමාන්‍ය මිනිසුන් මියගිය අවස්ථා මෙන්ම වරදවා වටහා ගැනීම නිසා අහිංසක මිනිසුන් පාතාලයේ වෙඩි උණ්ඩවලට බිලි වූ අවස්ථා ද තිබේ. මහමගට බැසීම දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමක් බවට පත්ව තිබේ නම්, ආරක්ෂාව සම්බන්ධ වගකිව යුත්තන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.
දකුණු පළාතේ අපරාධ වැඩිවත්ම, අපරාධ මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදාගනු ලැබීය. විශේෂයෙන්ම ගාල්ල සහ අම්බලන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශ මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු හැම හන්දියකම, අතුරු මංමාවත්වල ද රාජකාරි කරති. එහෙත්, පාතාල ක්‍රියාකාරකම් අඩු වී ඇති බවක් නොපෙනේ.
පාතාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ, කුඩු ජාවාරමය. පාතාලයන් එකිනෙකාට එරෙහිව අවි ඔසවන්නේ කුඩු ජාවාරමේ තනි අයිතිය අතට ගැනීමටය. එසේ නම්, කළ යුතුව තිබෙන්නේ, කුඩු එන මාර්ග අහුරා තැබීමය. ශ්‍රී ලංකාව ආසියාවේ මත් කුඩු කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. එයට හේතුව, ඇෆ්ගනිස්ථානයේ, ඉරානයේ හා පාකිස්තානයේ කුඩු ප්‍රවාහනය සිදු වූ මුහුදු ගමන් මාර්ගය හෙවත්, ආසියානු මත්ද්‍රව්‍ය මාර්ගය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටා තිබීමය. මෙයින් දකුණු පළාත ඉන් විශේෂිතය. එයට හේතුව, මෝය කටවල්, කුඩා තොටුපොළවල් විශාල ප්‍රමාණයක් දකුණේ පිහිටා තිබීමය. දකුණේ ධීවර වරාය 19ක් තිබේ. ලියාපදිංචි බහුදින යාත්‍රා 2,888කි. ලියාපදිංචි ඩිංගි බෝට්ටු ගණන 1,680කි. ලියාපදිංචි නොකළ බහුදින යාත්‍රා සහ ඩිංගි බෝට්ටු ද විශාල ප්‍රමාණයකි.
පොලිස් වාර්තාවලට අනුව, රටට කුඩු එන ප්‍රධානම මාර්ගය මුහුදය. විශාල යාත්‍රාවලින් රැගෙන එන මත් කුඩු මුහුද මැදදී බහුදින යාත්‍රාවලට, ඩිංගි බෝට්ටුවලට පටවනු ලබයි. මත්ස්‍යයන්ට අමතරව කුඩු තොග ද රැගෙන මෙම යාත්‍රා මෙරටට ඇතුළු වෙයි. පාතාලයන් මෙසේ මරා ගන්නේ එම කුඩු ජාවාරම තමන් සතු කරගැනීමටය. එහෙයින්, පාතාලයන් මැඩලීමේ මෙහෙයුමේ ප්‍රධාන අංකය විය යුත්තේ, කුඩු එන මාර්ග අහුරා තැබීමය. ලෝක සිතියමේ අබැටක් තරමේ රටක් වන ලංකාවට එබඳු ආරක්ෂක වැටක් ඉදිකළ නොහැකි නම්, පාතාලයන්ට අපගේ ජීවන ඉරණම විසඳීමට බාර දෙනු විනා විකල්පයක් නැත.
(***)
රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. කුමන අදහසක් හිස දරා එම ප්‍රකාශය කළේදැයි පැහැදිලි නැතත් දැන්
ජනවාරි මස 1 වැනි දින සිට දැනට බලපවත්වන වැට් බද්ද ඉහළ දමන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2024 අයවැය කතාව මගින්ද මේ බව අවධාරණය කෙරුණි. මේ වනවිට ක්‍රියාත්
ධර්මද්වීපය, ධර්ම භාණ්ඩාගාරය ලෙස විරුදාවලිලත් නයන පිනවන මේ රන් දිවයින අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නරඹන්නන්ගෙන් ලොව අංක එකට පත්වීමේ පුවත මෙයට දෙතුන් වසර
අපේ රටේ ජාතික ආදායම අඩුවීම රට බංකොළොත් තත්ත්වයට ඇද දැමූ එක් ප්‍රධාන සාධකයකි. ජාතික ආදායම එකතු කර ගැනීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වීම කොතරම් බර
ක්රිකට් වසන්තය එක්වරම රුදුරු ගිම්හානයකට යටත් වී තිබේ. ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් තහනම් කර තිබේ. එක්වරක් ක්රිකට්
‘මේ රට හදන්න බැරිද?’ යන ප්‍රශ්නය ආර්ථික අර්බුදය උග්‍රව ජනයා කබලෙන් වැටීමත් සමඟ සමාජයේ පතුළ බිඳගෙන ප්‍රකාශයට පත්වූ ප්‍රශ්නයකි. මන්දයත් මේ රට යනු සාපිපා
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නාඳුනන තුවක්කුකරුවන්ට නැගිටින්න ඉඩ නොදෙමු
chandima Friday, 29 September 2023 05:50 PM
මීයෝ මරන්න මී කතුරු තිබ්බාට වැඩක් නෑ. මී ගුල් වහලා දාන්න ඕනෑ. ඇමැතිලා, මන්ත්‍රීලගේ ගෙවල්වල, දොරවල්වලට පිටින් මුරකාරයෝ දාලා ටෙලිෆෝන් ටැප් කරලා බැලුවා නම් මීයෝ කොටු කරගන්න පුළුවනි.