IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති. එකී සංගමයට සහාය දක්වමින් දුම්රිය පාලකවරුන්ගේ සහ උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම් ද වර්ජනයට එක්වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තවදුරටත් අඩාලවීම නිසා දුම්රිය මගීන්ගේ පීඩනය දෙගුණ තෙගුණ වී තිබේ. කාර්යාල සේවක සේවිකාවන් පමණක් නොව දුම්රියෙන් ගමන් ගන්නා පාසල් යන සිසු දරුවෝ ද මේ වර්ජනයේ සෘජු වින්දිතයන් බවට පත්ව සිටිති.

දුම්රියේ බලධාරීන් විසින් දිනකට ධාවනය කරන දුම්රිය වාර සංඛ්‍යාව නිවේදනය කිරීමෙන් දුම්රිය මගීන් විඳින දුක නිම වෙන්නේ නැත. එය මේ බරපතළ ගැටලුව විසඳීමට කිසි ලෙසකින්වත් උදව්වක් නොවේ. දුම්රියෙන් දිනපතා ගමන් ගන්නා කාර්යාල සේවක සේවිකාවන්ගෙන් සහ පාසල් සිසු දරුවන්ගෙන් විමසිය හැකි නම් පවතින තත්වයේ බැරෑරුම් බව බලධාරීන්ට ද අවබෝධ කරගත හැකිවනු ඇත. නිවේදන නිකුත් කිරීමෙන් පමණක් වැඩ වර්ජන ගැටලු විසඳිය හැකි නම් මේ රටේ මේ වනවිට කිසිදු වැඩවර්ජනයකට ඉඩක් නැත. එහෙත් යථාර්ථය එයට වඩා බෙහෙවින් වෙනස් බව දුම්රිය බලධාරීන් ද අවබෝධ කරගත යුතුය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වැඩ වර්ජනයට හේතු වශයෙන් දැක් වෙන්නේ දිගු කාලයක සිට නොවිසඳුණු උසස්වීම ප්‍රමාදය, වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ගැටලුවලට විසඳුම් නොලැබීමය. සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ඇදී යාමට හේතුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මර්දනයෙන් වර්ජනය පාලනය කිරීමට උත්සාහ දැරීම බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. ඒ කාරණය කොතරම් දුරකට යුක්ති සහගත දැයි අපට කිව නොහැක. එහෙත් ඒ ගැන දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව අමාරුවේ වැටී සිටින දුම්රිය මගීන්ගේ  නාමයෙන් අපි ඉල්ලා සිටිමු. දුම්රියේ වැඩ වර්ජිත සංගම් නිලධාරීන් සහ බලධාරීන් අතර සිදු කෙරෙන කඹ ඇදිල්ලෙන් වින්දිතයන් බවට දුම්රිය මගීන් පත්විය යුතු නැත. ඒ වින්දිතයන් අතුරින් එක් මගියකුගේ ජීවිතය ද මේ වනවිට බිල්ලට ගොස් ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ වැටුප් විෂමතා ඉවත් නොකිරීම, වැටුප් ඉහළ නොදැමීම ඇතුළු තමන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා නොදෙමින් වසර 14ක කාලයක් තිස්සේ තම සාමාජිකයන් මුළාවට පත්කර ඇති බවයි. තමන්ගේ නොවිසඳුණු වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට එම සංගම්වලට තිබෙන අයිතියට අපි ගරු කරමු. එහෙත් මේ වැඩ වර්ජන හේතුවෙන් පීඩාවට පත්වන දහස් සංඛ්‍යාත මගී ජනතාව ගේ අයිතිය ගැන කතා කරන්නේ කවුද? ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ට ගතහැකි පියවර කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිය යුතුය.

දුම්රිය ධාවනය නැවතීමෙන් අගතියට පත්වන්නේ මගීන් පමණක් නොවන බව ද මෙහිදී සිහිපත් කරදිය යුතුය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර කඳුකරයේ දුම්රිය ගමනට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අපගේ දුම්රිය සේවයේ කොතරම් අඩුපාඩු තිබුණත් එකි දුම්රිය ගමන් සංචාරකයන්ගේ ප්‍රබල ආකර්ශනයට ලක්වන ලොව සුපතළ විනෝද ගමන් අතරට වැටෙන්නකි. එයින් මෙරට ආර්ථික වර්ධනයට ද ලැබෙන්නේ ලොකු රුකුලකි. මෙවැනි වැඩ වර්ජන හේතුවෙන් සිදුවන්නේ එවන් සංචාරයන් ද අධෛර්යයට පත්වීමයි. මේ තත්වය නිසැකවම රටේ ආර්ථිකයට බරපතළ ගැටලු ඇති කරනු ඇත. වැඩ වර්ජන සිදුකරන දුම්රිය සංගම් ද මේ ගැන අවධානය යොමු කළ යුතු බව අපි සිතමු.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අප මේ සටහන තබන අවස්ථාව වන විට ද අවසන් කෙරෙන බවක් දැක ගන්නට නොතිබිණි. මගී ජීවිතය පරදුවට තබන මේ අපහසුතා තව කොතරම් දිනක් ජනතාව විඳිය යුතුද යන ප්‍රශ්නය රට හමුවේ පවතී. ගොඩ ගැසෙන වැඩ වර්ජන රැල්ලට ප්‍රායෝගික විසඳුම් නොලැබීම එම ගැටලුව අර්බුදයක් දක්වා ඇදී යාමට පාර කපනු ඇත. එවිට විසඳුම් සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා දුෂ්කර වනු ඇත.

ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්නෝද මේ රටේම පුරවැසියෝය. ඔවුන්ටද රට වෙනුවෙන් වගකීමක් හා යුතුකම් ඇත. ඔවුහුද පුරවැසි ප්‍රජාවේ කොටසකි. එබැවින් මේ ප්‍රශ්න දෙස ජාතික වගකීමකින් සලකා බැලීම වර්ජක - පාලක සහ රටවැසි සැමගේ යුතුකමකි. වගකීමකි.

(***)



අදහස් (0)

දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1343 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 826 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 347 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 754 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 480 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 477 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 126 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site