ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය කාටත් නොදන්වා අක්‍රියකර දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අසීරුතාවකට පත්ව සිටින බව පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබිණි. ෙජ්‍යෂ්ඨ පුරවැසි ක්‍රමය යටතේ සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුටම රුපියල් ලක්ෂ 15ක් සඳහා සියයට 15ක ස්ථාවර පොලියක් ගෙවනු ලැබීය. විශ්‍රාම වැටුපක් හෝ නොමැති පෞද්ගලික අංශයේ රැකියාකර විශ්‍රාම ලබන තමන්ට ලැබුණු ඊ.පී.එෆ්. මුදල බැංකුවල තැන්පත් කිරීම හරහා එම පොලිය ලබාගත් විශාල පිරිසකට එය අහිමිවීම ඍජුවම බලපා තිබේ. පවතින ආර්ථික ගැටලු සමග ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එය ඉවසා දරාගත නොහැකි පීඩනයකි.
මේ තත්වයට මුල පිරුණේ ආර්ථිකයේ සිදුවූ කඩාවැටීමත් සමග සිදුවූ බැංකු පොලී අනුපාත ඉහළ නැගීම සමගිනි. එසේ සිදුවීමත් සමග සෑම ස්ථාවර ගිණුමකටම ගෙවනු ලැබූ පොලිය ඉහළ ගිය අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එහි වාසිය ලැබිණි. බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ සියයට 15 ඉබේම අහෝසි වී ගියේ ඒ පසුබිමේය. බැංකුවලින් නිල නොවන මට්ටමින් ප්‍රකාශ කෙරුණේ පොලී අනුපාතය ඉහළ නැගීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් සියයට 15ක පොලියක් ගෙවීමේ අවස්ථාවක් පැන නොනගින බවය. එය ඒ අවස්ථාවේදී සත්‍ය තත්වය විය. එහෙත් ආර්ථිකය ස්ථාවර වෙමින් රටේ තත්වය සාමාන්‍ය අතට හැරෙද්දී පොලී අනුපාත එයට අනුරූප ලෙස අඩු කෙරිණි. එහිදී සියයට 15 මට්ටම පසුකරගෙන අඩුවූ පොලිය මේ වනවිට සියයට 8 මට්ටමට වැටී තිබේ. ඒ සමග ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇත්තේ තමන්ට කලින් ලැබුණු ආදායම් අහිමි වී ඇති බව සිහිපත් කරමින් සුසුම් හෙළීම පමණි.
එය බරපතළ තත්වයකි. මෙරටේ ආර්ථිකය සම්බන්ධ මෑත කාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ උද්ධමනය අඩුවී ඇති බවය. 2024 පළමු කාර්තුවේදී සියයට 1.6 ක ආර්ථික වර්ධනයක අපේක්ෂාවක් තිබුණේය. සංඛ්‍යා ලේඛන හරහා කුමක් ප්‍රකාශ වුණත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම අඩකින් අඩුකෙරෙන තත්වයක් යටතේ ඔවුන්ට විඳීමට සිදුවී ඇත්තේ කරදර හිරිහැර පමණි. වසර දෙකකට ඉහත දී ලද පොලී ආදායම අඩකින් අඩුවී තිබිය දී සියලු වියදම් ඉහළ යාමෙන් ඔවුන්ට සිදුවී ඇත්තේ කබළෙන් ළිපට වැටීමකි. වැඩිවූ විදුලි, ජල බිල්පත් ගෙවිය යුතුය. බෙහෙත් හේත්වලට ද වෙනදාට වඩා අධික මිලක් ගෙවීමට ද සිදුව තිබේ. පොලී මුදලේ අඩුවීම හේතුවෙන් බෙහෙත් ගැනීම්වලට පවා සීමා දමා ගැනීමට ඔවුන්ට සිදුවෙයි. එහි අවසන් ප්‍රතිඵලය ඇතැම් බෙහෙත් වර්ග මිලදී ගැනීම අතහැර දැමීමට සිදුවීමය.
ගෙවී ගිය කාලය තුළදී ජනතාවගේ ආදායම්වල ඉහළ යාමක් සිදු නොවූ බව සැබෑවකි. රජයේ සේවකයන්ට වුවද වැටුප් වැඩිවීමක් සිදු වුවත් පෞද්ගලික අංශයේ සේවකයන්ට එහෙම අවස්ථාවක්වත් නැත. විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් හිමි වුවද පෞද්ගලික අංශයේ සේවකයන්ට එවැනි ස්ථාවර ආදායමක් නොතිබීම සැලකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වල ඇති ලක්ෂ 15කට සියයට 15ක ඉහළ පොලියක් ලබාදීමේ තීන්දුව යළිත් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමුකළ යුතුය.
මුදල් අමාත්‍යාංශය එසේ පසුගිය කාලයේදී දිගින් දිගටම පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය වර්තමානයේ දී සැලකිය යුතු වර්ධනයක් ළඟාකරගෙන තිබෙන බවය. එසේම අයි.එම්.එෆ්. අවසන් වරට සිදු කළ ප්‍රකාශයෙන් ද ඒ බව තහවුරු වූ අතර ඊළඟට ලබාදිය යුතු වන වාරිකය ලැබෙන බවට සියලු ලකුණු පහළ වී තිබේ. ඩොලරයට එරෙහිව රුපියලේ අගය දවස ගානේ ශක්තිමත් වෙමින් පවතී. රටේ එක් ඩොලර් උල්පතක් වන සංචාරකයන්ගේ පැමිණීම ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර පසුගිය මාස කිහිපය තුළදී සංචාරකයන් ලක්ෂ ගණනින් පැමිණි බව ද වාර්තා වී තිබිණි.
මේ සියලු දත්ත මගින් පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකයේ ධනාත්මක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය. එවැනි තත්වයක් තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් සියයට 15 ඉහළ පොලිය ලබාදීමට නොහැකිවීමට හේතුවක් නැත.
(***)

COMMENTS
මම තමයි මේ ගැන හඬක් නගන්නේ කියලා විපක්ෂ නායකතුමාට පැමිනිළි කළේ. එතුමා පාර්ලිමේන්තුවේ මේ ගැන කථා කළා. මුලතිව් ජනරැළියකත් කථා කළා. එයින් තමා මාතෘකාව කරලියට ආවේ...
ඉහළ තනතුරු වලට ජනහිතකාමී නොවන වංචාකාරී පුද්ගලයින් පත්වීමේ ප්‍රතිඵලයයි මේ. මහ බැංකු පරිපාලනය සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 9% දක්වා කප්පාදු කර මහ බැංකු අර්ථසාධක අරමුදලේ පොලිය 30% දක්වා වැඩි කරගත්තා. මහ බැංකුව ස්වාධීන කිරීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන තම ආයතනයේ සේවක පඩිය දශලක්ෂ ගණනින් වැඩි කරගත්තා. ජේෂ්ඨ පුරවැසියන්ගේ පොලී අනුපාතය කපාදැමුවේ ඔහුයි. මෙවැනි අය රටට සේවයක් කරයිද?
ඡන්දෙට කලින් 15% කළා නම් හරි මිනිස්සු රවට්ටා ගන්න. ඡන්දෙන් පස්සේ ආයේ අඩුකරන්න බැරියෑ...
චීන්නු කෝවිඩ් හදලා ජනතාව මරන්න සූදානම් වුණා. අන්තිමේ රෝගය අඩුවෙලා අප්‍රාණික ආකාරයට මිනිස්සු බේරුණා. ඒත් වරින්වර ඇතිවෙන අසනීප නිසා විශාල වශයෙන් බෙහෙත් අවශ්‍ය වෙනවා. ඉතින් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ බැංකු පොලියෙන් බෙහෙත් ගත්තු නාකි ඈයෝ දැන් ඉතාමත් අසරණ වෙලා කරකියා ගන්න දෙයක් නැතුව දුක් විඳිනවා...
මෙය ඉතා වැදගත් කාරණයක්. ලංකාදීපයට ස්තූතියි.
මෙය ඉතා වැදගත් කාරණයක්. ලංකාදීපයට ස්තූතියි..!
රටට සංචාරකයෝ ආවා කියලා බැංකුවල පොළිය ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට නංවන්න කියන එකේ සම්බන්ධයක් නෑනේ. බැංකු තැන්පතුවකට ගෙවන පොළිය වැඩි වෙනවා කියන්නේ අනෙක් පැත්තට ණය පොළිය වැඩි වෙනවා කියන එකයි.
මම ජේශ්ඨ පුරවැසියන්ගේ පොලිය අඩු කිරීම හෙලාදකිමි. එය වැඩිකරන ලෙස ඉල්ලා සිටිනවා. බඩු මිල වැඩියි... කොහොමද ජීවත් වන්නේ?
හිමල්, කාරනා නොදැන කතා කරන්න එපා, මේක රජයෙන් දුන් සහනයක් මිසක් බැංකුවලින් දුන් දෙයක් නොවෙයි, බැංකු දුන් අමතර පොලිය මහබැංකුව එම බැංකුවලට දුන්න. ඒක නිසා ණය පොලීය වැඩිවෙන එක මේකට අදාල නැහැ. දැනට ගෙවන පොලියෙනුත් 5% ක් කපන තත්වයට ආණ්ඩුව කුරිරු වෙලා.
වෙන කිසිම මාධ්‍යකින් මේ වගේ සමාජයේ සිටින අසරණ මිනිස්සු වෙනුවෙන්, මේ වගේ දේවල්, කථා කරන්නේ බොහොම අඩුවෙන්. එවැනි පසුබිමක, ඔබට ගොඩක් ස්තුති, මෙවැනි දේවල් පෙන්වාදීම ගැන. ඇත්තටම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ හේතුවෙන්, බොහොම අසරණව මේ මොහොතේ ජිවත් වෙන්නේ..!