උතුරු ප්‍රදේශයට මහකනදරාව වැවේ ජලය මුදාහැරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියදී, එහි ප්‍රදේශය අවට විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති එම උද්ඝෝෂණය හේතුවෙන් අනුරාධපුර රඹෑව මංසන්ධියේ නොසන්සුන් තත්වයක් ද ඇති වී යැයි මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
මහකනදරාව වැවේ ජල යෝජනා ක්‍රමය දිනකට ඝන මීටර් 6,700ක ජල ධාරිතාවක් එකී ජලාශයෙන් ලබාගැනීමට නියමිත බව ද, ජලාශවලට ජලය ලැබෙන ක්‍රමයක් ස්ථාපිත නොකර එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් ප්‍රදේශයේ දරු පවුල් 5,000කට වැඩි සංඛ්‍යාවකට යන එන මං නැතිව අසරණ වන බව ද එම උද්ඝෝෂණයට සහභාගි වූ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබිණි. මේ හේතුවෙන් පානීය ජලය හිඟ වීමටත්, වී ගොවිතැනට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීමත් නිසා තමන්ට ජීවන අරගලයක නිරත වීමට සිදුවනු ඇතැයි උද්ඝෝෂකයන්ගේ ප්‍රකාශවල සඳහන් විය.
සංවර්ධන යෝජනා ක්‍රම රටකට අත්‍යවශ්‍යය. එවැනි යෝජනා ක්‍රමවලින් තොරව රටක් ආර්ථික දියුණුවක් කරා යොමු කරවීමට හැකියාවක් නැත. මේ බව අවබෝධ කරගත යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ. එම යෝජනා ක්‍රම ක්‍රියාත්මක ප්‍රදේශවල වෙසෙන ජනතාවට ද ඒ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. එවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීමේදී තාවකාලික අවශ්‍යතා සහ අසීරුකම්වලට මුහුණ දීමට ද ප්‍රදේශවාසීන්ට සිදු වෙයි. මහවැලි වැනි විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මෙවැනිම අසීරුතාවලට මුහුණ දීමට ඒ පළාත්වල ජනතාවට සිදු විය. එහෙත්, එම යෝජනා ක්‍රම අත්හිටුවීමට සිදු නොවීය. එසේම, එම ජනතාව ද දිගටම එම අසීරුතාවලට මුහුණ නුදුන්හ.
එසේ වුව ද, මෙවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී එහි බලපෑම්වලට හසුවන පළාත්වාසීන් ඒ පිළිබඳ දැනුවත් කිරීම ද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහි ලොකුම වගකීම පැවැරෙන්නේ පළාතේ දේශපාලන නායකයන්ටය. ඔවුන් ජනතාව සම්බන්ධ කරගනිමින් යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කර, මතු විය හැකි ප්‍රායෝගික දුෂ්කරතා සම්බන්ධව ද අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීම වඩාත් පිළිගත හැකි ක්‍රමයයි.
අනුරාධපුර මහකනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියරේදී රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලන බව සඳහන්ය. එම යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ, ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට හානියක් වෙතැයි අනියත බියක් ඇති කරගත යුතු නොවන බවයි. එසේ නොවන බවට වගබලා ගන්නා බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාව ද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවටත් ජනාධිපතිවරයා පොරොන්දු වී තිබිණි.
මේ අතර, එම උද්ඝෝෂණය සංවිධාන කළ මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත සමන් මහතා ප්‍රකාශ කර තිබුණේ, ගොවීන්ගේ දැවැන්ත උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් හැටියට අවසාන මොහොතේ ජනාධිපතිවරයා තමන් ඇතුළු කණ්ඩායමකට සාකච්ඡාවක් ලබාදුන්නත්, එම සාකච්ඡාව සාර්ථක වූයේ තරමක් දුරකට පමණක් බවය. තමන්ට ලැබුණේ පැලැස්තර උත්තර බවට ද ඔහු දෝෂාරෝපණය කර තිබිණි.
මෙයින් පැහැදිලි වන්නේ, රඹෑව උද්ඝෝෂණවලට හේතු වූ මහකනදරාව ගොවීන්ගේ ගැටලුවලට තවමත් අවසන් විසඳුමක් ලැබී නොමැති බවය. විසඳුමක් නොලැබුණු විට එම උද්ඝෝෂණ යළිත් කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. තමන්ගේ කුඹුරු අස්වද්දා ගැනීමට අවශ්‍ය ජලය නොලැබී ගියහොත්, ගොවීන්ගේ ඉවසීමේ සීමා පනින්නත් ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම අවශ්‍යය.
ඒ සඳහා ගොවීන් මුහුණ දී සිටින සැබෑ ගැටලු හඳුනාගෙන, ඒවාට පිළියම් යෙදීමේ අවශ්‍යතාව බලධාරීන් අවබෝධ කරගත යුතුය. ගොවීන් සැනසීමට බොරු විසඳුම් ලබාදීමෙන් මේ ගැටලු කවදාවත් විසඳාගත නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතුය.
(***)
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
“පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ජාතියට ම මුසු කළ උතුම් දහම් පණිව
නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්
රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීමක් පැහැරහැරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට එරෙහිව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නඩු පවරා ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ අන
රටක සාරධර්ම නාය යෑම යනු එම රටේ ජනයාගේ සාමූහික දිවි පෙවතට අදාළ අධ්‍යාත්මයේ වැහැරීම වේ. ආධ්‍යාත්මය වැහැරී ගිය පසු රැකගැනීමට කිසිවක් ඉතිරි නොවන බව ඒකාන්ත
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
ගොවි ගැටලුවලට සැබෑ විසඳුමක් ඕනෑ
Malaka Tuesday, 20 February 2024 09:20 PM
මෙම ගැටලුව ප්‍රදේශයේ එක්තරා දේශපාලන කණ්ඩායමක උසි ගැන්වීම් මත නොමග යැවීමක් හේතුවෙන් ඇති වූවකි. මහකනදරාව ජලාශයේ අනුමත වගා කළහැකි භූමි ප්‍රමාණය අක්කර 6500කී. නමුත් අනවසර ගොවීන් අක්කර 9000ක් වගා කරති. ජලාශයේ ධාරිතාව මහා කන්නයටත් යල කන්නයෙන් අඩක් වාගකරන්නත් සෑහේ. එනම් අක්කර 9750ක් අනුමත භූමිය වගාකල හැක. ඉතිරි ජල ප්‍රමාණය ජල ජීවින් සඳහා ජලාශයේ අවම ජල ප්‍රමාණය ලෙස රඳවා ගනී. වසරකට මෙම වැවෙන් වාෂ්ප වන ජල ප්‍රමාණය අක්කර අඩි 2000ක් වන අතර ජල සැපයුම සඳහා වසරකට අක්කර අඩි 1500ක් පමණ අවශ්‍යය. මෙම අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ව්‍යාපෘතිය ම්ගින් එරුවැව ඇළ සංවර්ධනය කර ඇති අතර එමගින් වසරකට අක්කර අඩි 2000කර වැඩි ප්‍රමාණයක් වැසි ජලය එක්රැස් වේ. එරුවැව මගින් ජලය ලබාගැනීම ද සිදුකළ හැක. උතුරු මහ ඇළ ව්‍යාපෘතිය නිමවන තෙක් මේ අයුරින් මහකනදරාව පෝෂණය වේ. ගැටලුව වන්නේ මහකනදරාව ජලාශයේ ඇළ මාර්ගවල කාර්යක්ෂමතාවය 45%පමණ වීමයි. මෙම ජල නාස්තිය අවම කර ගැනීමට ගොවීන්ට සහයවිමෙන් ජලාශයේ ජලය පහසුවෙන් බෙදා ගත හැක.. ජල කළමනාකරණ දැනුම නොමැතිකම ,ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් හා ගොවීන් එක්ව කටයුතු නොකිරීම දේශපාලන උසි ගැන්වීම හේතුවයි.