IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගුරු ගෞරවය නොරැක්කොත් සමාජයෙනුත් පිළිගැනීමක් නෑ

අවුරුදු 15 ක බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම අඩන්තේට්ටම් කිරීම හිංසාකිරීම හා නොසලකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එස්. අබේරත්න මහතා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළ බවත් විදුහල්පතිනිය විනිසුරුවරයා ඉදිරියේ එම වන්දි මුදල ගෙවා දැමූ බවත් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

ගුරු භූමිකාව අති උත්තම භූමිකාවකි. නිරුක්ති විද්‍යාවට අනුව ගුරුවරයා යනු ‘නෙදැනීම නමැති අන්ධකාරය දුරු කරන්නා’ වේ. එහෙයින් ගුරු වෘත්තිය අභිමානවත්වූත් සාඩම්බරවූත් වෘත්තියකි. එහි ආලෝකය ආදර්ශය වේ. මවුපියන්ට දණ නමා නමස්කාර කරන දරුවා අපිරිමිත ගෞරවයෙන් හා ආදරයෙන් ගුරුවරයාටද දණ නමන්නේ එහෙයිනි. එහෙයින්ම ගුරු භූමිකාවේ ගෞරවය හා පෞරුෂය ආරක්ෂා කිරීම ගුරුවරයා ඉදිරිපිට ඇති බරපතළ අභියෝගයක් මෙන්ම අත්හළ නොහැකි වගකීමකි. ගුරු භූමිකාවට එහා ගිය පරිපාලනමය වගකීමක් විදුහල්පතිවරයකුට විදුහල්පතිනියකට තිබෙන බවද අවධාරණය විය යුතුය.

දොඩම්ගොඩ පොලිසිය මගින් 2013 වසරේදී පොසොන් උත්සවය වෙනුවෙන් තුඩුගල හන්දියේ පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවත් දොඩම්ගොඩ නවෝද්‍යා පාසල නියෝජනය කරමින් සිදුවකු ඉදිරිපත් කළ බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවූ බවත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

එම වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍ර ලබාගත් පසු එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් කියමින් විදුහල්පතිනිය එම තෑගි එතැනදීම ලබා ගෙන ඇත. ඉන්පසු ඇය තමාට ජයග්‍රාහී තිළිණ ලබාගැනීමට ඉඩ නුදුන් බව පවසමින් පාසලේදී ප්‍රසිද්ධියේ සිසුවාට පහරදී ඇති බවත් සෙසු ගුරුමහත්ම මහත්මීන් සිසුවා නොසලකා හැර ඇති බවත් සිසුවා කැමැත්තෙන් සිටි තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස්පෙළ කිරීමට නොහැකිවූ බවත් නඩු විභාගයේදී අනාවරණය වී තිබේ.

බරපතළ සිද්ධියකි. මෙබඳු අවස්ථාවකදී බොහෝ වගකීමෙන් මෙන්ම සංයමයෙන් කටයුතු කළ යුතුය. දරුවා යනු නොමේරූ අයෙකි. එමෙන්ම දඟකාර බව, විසේකාර බව ආවේණික වූවකි. එමෙන්ම තමා නොසලකා හරින බව දරුවකුට වැටහී ගියහොත්, තමා අසමාන සැලකීමකට ලක්වන බව තේරුම් ගියහොත් එය ළමා මනසට ඔරොත්තු නොදෙන්නකි. පසුකාලීනව සමාජයේ විෂමාචාර ක්‍රියාවන්ට අපරාධවලට යොමුවූ පුද්ගලයන් ළමා කාලයේදී එවැනි අත්දැකීම්වලට ගොදුරුවූවන් බව මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ මෙය දඩ හා සිර දඬුවම් නියම කළ හැකි වරදක් වුවද විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම, 2016 සහ 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29 ක සේවා කාලය තුළදී සිදුකර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරැදි සිදු නොකරන බවට වූ පොරොන්දුව සලකා බලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බවය.

මවුපියන්ගෙන් පසු දරුවා වැඩිම කාලයක් ගත කරන්නේ ගුරුවරයාගේ සෙවණේය. එම සෙවණ තුළ ආරක්ෂාව, රැකවරණය, දයාව සහ සෙනෙහස තිබිය යුතුය. ඒ අර්ථයෙන් ගත් කල්හි කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එස්. අබේරත්න මහතා ලබා දුන් තීන්දුව සෑම ගුරුවරයකුටම මග පෙන්වන්නක් බව අවධාරණය කළ යුතුය.

(***)



අදහස් (0)

ගුරු ගෞරවය නොරැක්කොත් සමාජයෙනුත් පිළිගැනීමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site