IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් පිත්තේ ගෞරවය බිඳින්නෝ

එංගලන්තයේ පැවැති  ශ්‍රී ලංකා - එංගලන්ත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වීම ක්‍රිකට් ළැදි ජනයාට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනයාටම අති මහත් ප්‍රමෝදයට හේතුවකි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව මෙබඳු තරගාවලි ජයග්‍රහණයක් ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය. දහසක් දුෂ්කරතා හා බාධක මැද ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් වුවද මව්බිමට අපමණ වටිනා ගෞරවයක් දිනා දුන් චමරි අතපත්තු ඇතුළු පිරිවරට ලංකාදීපයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු.

මේ දිනවල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. ප්‍රතිවාදීන්  ගල ග්‍රහණයෙන් ගනිමින් සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට දසුන් ශානක ඇතුළු පිරිවර සමත්ව සිටිති. ඉදිරි තරග ජයගනිමින් ආසියානු කුසලානය මවුබිමේම රඳවා තබා ගැනීමට දසුන් සහ පිරිවරට හැකි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනය වේ.

ඉහත සාධක නිසාම අනෝරා මහ වැසි මැද වුවද ක්‍රිකට් උණුසුම ගම් නියම්ගම් නගර ජනපද සිසාරා පැතිරී යමින් තිබේ. එහෙත් අපට ලිවීමට තිබෙන්නේ එය නොවේ. විචිත්‍ර ක්‍රිකට් චිත්‍රය අපවිත්‍ර කළ බවට චෝදනා නැගී බන්ධනාගාරගතව සිටින සචිත්‍ර ගැනය. සචිත්‍ර සේනානායක ගැන ය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක දී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉකුත් 6 වැනිදා නියෝග කළේය.

සචිත්‍ර යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක් දින හා ටෙස්ට් තරගවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ වෙනුවෙන් යහමින් දායක වූ දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුට නැගී ඇති චෝදනාව රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයකුට තරම් නොවන චෝදනාවකි.

පළමුව අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. දුගී බවම පරම ධනය බවට පත්කර ගත් මේ අඳුරු මවුබිම සැරසූ සාඩම්බර පළඳනාව ක්‍රිකට් ක්‍රීඩාවය. 1996 වසරේ දී අර්ජුන රණතුංග සහ පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමග ලෝක සිතියමේ ඇබැටක් තරම් වූ මෙම පුංචි රට යෝධ විශාල රාජ්‍යයක් බවට ප්‍රතිනිර්මාණය විය. ඓතිහාසික මධ්‍යම කඳුකරයෙන් බිහිවූ මුත්තයියා මුරලිදරන් මෙන්ම ඓතිහාසික දක්ෂිණ දේශයෙන් බිහිවූ සනත් ටෙරාන් ජයසූරිය ද අප රටට අපමණ අගයක් රැගෙන ආහ. අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර පමණක් නොව ‘යෝකර් රජු’ ලෙස විරුදාවලියට පත් ලසිත් මාලිංග ඇතුළු ජාත්‍යන්තරය දිග්විජය කළ බොහෝ ක්‍රීඩකයෝ ජගත් ක්‍රිකට් වංශ කතාවට අලුත් රමණීය පරිච්ඡේද එක් කළහ. ක්‍රිකට් යනු ආගමක් නොවුවද එය ආගමක් මෙන් අදහන තරමට ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ප්‍රේමී ජනතාවක් බිහිව සිටින්නේ ඒ ආනුභාවයෙනි. සචිත්‍රට එල්ලවී ඇති චෝදනාව එම රමණීය සිතුවම මතට වැටුණු වසුරු පිඩක් ලෙස සැලකිය යුතු වන්නේ එහෙයිනි.

ක්‍රිකට් ක්‍රීඩාව සමග මහා ධනයක් ද සම්බන්ධය. එහෙයින්ම ව්‍යාපාරිකයෝ ද බුකීකරුවෝ ද ඔට්ටු තබන්නෝ ද එක පෙළට සිටගෙන සිටිති. ඔවුහු තම මෙහෙයුම් සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් ද කොටු කර ගනිති. මෙරට පමණක් නොව පිටරට විශ්ව කීර්තියට පත් ක්‍රීඩකයෝ ද එම දැලට හසු වූහ. සචිත්‍ර යනු එහි අලුත්ම බිල්ලය.

අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ අදාළ සැකකාර හිටපු ක්‍රීඩකයා ලෝක බුකීකාරයන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා බවය. එමෙන්ම ක්‍රීඩාවේ මෙන්ම රටේ නාමයෙන් මේ අයගේ වෙස් මුහුණු ගලවා දැමිය යුතු බවය.

එම ස්ථාවරයේ අපි ද සිටින්නෙමු.

(***)



අදහස් (0)

ක්‍රිකට් පිත්තේ ගෞරවය බිඳින්නෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site