වැට් බදු අලුතෙන් පැනවීම නිසා කුඩා තේ වතු හිමියන් ඇතුළු තේ කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන්ට බරපතළ අසීරුතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් මතු කර තිබිණි. එයට පිළිතුරු දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ කුඩා තේවතු හිමියන්ගේ දලු බිලෙන් වැට් බදු අය කිරීමක් සිදු නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බවය. අදාළ ගැටලුව සම්බන්ධයෙන් තමා මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ දී ඔහු එම පොරොන්දුව ලබා දුන් බව ද කතානායකවරයාගේ පිළිතුරේ සඳහන් විය.
මහ බැංකු අධිපතිවරයකු ලබාදෙන පොරොන්දුවක් දේශපාලකයකු ලබාදෙන පොරොන්දුවක් මෙන් නොවේ. එයට ඉහළ වටිනාකමක් තිබේ. දේශපාලකයකු ලබාදෙන පොරොන්දුවක ආයුෂ කෙටිය. විශ්වාසනීයත්වයෙන් ද තොරය. එහෙත් රටේ ඉහළම නිලධාරියකු වන මහ බැංකු අධිපතිවරයා රටේ තුන්වැනි පුරවැසියා වන කතානායකවරයාට ලබා දී ඇති පොරොන්දුවක වටිනාකම ඉතා ඉහළ බව අපගේ විශ්වාසයයි. මේ නිසා කුඩා තේ වතු හිමියන්ට වැට් බද්දෙන් පහර වදින ආකාරයේ පියවරක් නොගනු ඇතැයි අපි සිතමු.
කෙසේ වුව ද එය නිසැකවම දැන ගැනීමට ජනවාරියේ දලු බිල පරීක්ෂා කිරීමට සිදු වෙයි. වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුණේ වැට් අය කරන්නේ වෙන්දේසිකරුවාගෙන් ද තේ කම්හල් හිමියාගෙන් ද එසේ නැත්නම් අමු දලු සපයන්නන්ගෙන් ද යන ප්‍රශ්නය තිබෙන බවය. දලු සපයන්නන්ගෙන් වැට් බදු අය කළහොත් ඔවුන් දැඩි අසීරුතාවලට මුහුණ දෙනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබිණි.
මහ බැංකු අධිපතිවරයා කතානායකවරයාට දුන් පොරොන්දුව තුළ තේ කර්මාන්තයෙන් වැට් බදු අය නොකරන බවට සහතිකයක් නැත. ඔහු කියා තිබුණේ කුඩා තේ වතු හිමියන්ගේ දලු බිලෙන් වැට් අය නොකරන බව පමණි. මේ නිසා තේ දලුවලට වැට් නොවදින බවට සිදු කරන ප්‍රකාශවලින් පමණක් කුඩා තේ වතු හිමියන්ට සෑහීමකට පත් විය නොහැක. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා අපගේ සහෝදර පුවත්පතක් වන දේශයට ප්‍රකාශ කර තිබුණේ අධික පොහොර මිල ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් අක්කරයකින් ලබාගත හැකි අමු තේ දලු අස්වැන්න ප්‍රමාණයෙන් අඩු වී තිබෙන අවස්ථාවක ආණ්ඩුව තේ දලුවලටත් වැට් බද්ද එකතු කළහොත් තේ කර්මාන්තය තවදුරටත් අර්බුදයකට ලක්වනු ඇති බවයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ද මේ කරුණ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා අපගේ ලංකාදීප යට ප්‍රකාශ කර තිබුණේ තේ වගාව සඳහා යොදන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000 කින් අඩු කිරීමට තීරණය කළ බවය. එය දැනට වෙළෙඳපොළේ පවතින පොහොර මිලට වඩා සියයට 50 කින් අඩු කිරීමක් බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි. මෙම පියවර කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාවට ලබාදීමට නියමිතය. එය කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන එක ගැටලුවකට විසඳුමකි. ඒ සමඟ වැට් ගැටලුවෙන් ද සහනයක් අත්කර දිය හැකි නම් එය තේ කර්මාන්තයට ලොකු උත්තේජනයක් ලබා දෙනු ඇත.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.1 ක් බව තේ මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි. එයින් සියයට 70 ක් කුඩා තේ වතු හිමියන් විසින් සම්පාදනය කරනු ලැබේ. සංඛ්‍යාත්මකව කුඩා තේ වතු හිමියන් 475,000 ක් පමණ සිටින බව ද සඳහන්ය.
මේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ කුඩා තේ වතු හිමියන්ගේ ආදායමට වැට් බද්ද හරස්වීම ආර්ථික වශයෙන් බරපතළ ගැටලු ඇති කිරීමක් වනු ඇති බවය. තේ අපනයනකරුවන්ගේ සංගමය ද ප්‍රකාශ කර තිබුණේ මින් පෙර බදු පැනවීමක් නොතිබූ තේ කර්මාන්තයට දැන් වැට් බදු පනවා තිබෙන බවත් තමන්ට මේ බදු ගෙවීමට සිදුවුවහොත් ගැටලු මතුවන බවත්ය. එසේ ගැටලු මතුවීමට පෙර එයට විසඳුම් ලබාදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේත් වගකීමකි.
(***)

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩා තේ වතු හිමියන් වැට් ගැටලුවෙන් මුදවමු