IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඖෂධ සමග සෙල්ලම් දාන අපේම ද්‍රෝහියෝ

රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. කුමන අදහසක් හිස දරා එම ප්‍රකාශය කළේදැයි පැහැදිලි නැතත් දැන් දැන් එම හේතුව වුවමනාවටත් වඩා වැඩියෙන් අනාවරණය වෙමින් තිබේ.

අප පුවත්පත ඉකුත් දා සිය මුල් පිටුවෙන් අනාවරණය කළ පුවත අප රටේ සෞඛ්‍යය කෙතරම් දුරට රෝගීවී ජරාජීර්ණ වී දූෂිත වී ඇද්දැයි ඔප්පු කරන්නකි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘‘ඉමියුනෝග්ලෝබින්’’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘‘රිටොක්සිනන්’’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇත්තේ අදාළ රුපියල් කෝටි 11කට ආසන්න මුදල එක්තරා වෙළෙඳ සමාගමකට මුදාහරින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත් අකුරෙන් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහන් යොදා ඇති බවය. එමෙන්ම අදාළ ඖෂධය ගෙන්වා තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පෞද්ගලිකව යෙදු සටහන නිසා අවස්ථා තුනක දී එම මුදල ගෙවා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංයේ හිටපු ලේකම්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

‘‘බාල ඖෂධ’’ ගෙන්වීම මහා ජාවාරමක් බවට පත්කරගෙන තිබෙන බවට චෝදනා නැගුණේ අද ඊයේ නොව බොහෝ කාලයක සිටය. එහෙත් ඒ බොහෝ අවස්ථාවල චෝදනාව මග හැර යමින් ප්‍රශ්නය යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිත වළල්ල සමත් විය. එහෙත් ප්‍රශ්නය ‘‘පොල් කට්ටෙන්’’ වසා දැමිය නොහැකි තැනට පත්වී තිබේ. බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට අදාළව බාල ඖෂධ ගෙන් වූ සමාගමේ හිමිකරු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා, එහි සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරී (සැපයුම්) සහ තොග පාලකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට නියෝග කර ඇත්තේ ‘‘මෙම ඖෂධ ජාලයට සම්බන්ධ මෙම සැකකරුවන්ට ඉහළින් සිටින මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න’’ යන උපදේශයෙනි. එමෙන්ම සැකකරුවන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්තේ ඔවුන්ට ඉහළින් සිටින කුමන නිලධාරීන්ගේ නීති විරෝධී නියෝග මතදැයි වහාම විමර්ශනය කර ඉදිරි දිනයේ දී අධිකරණයට වාර්තා කරන ලෙස ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට නියම කළ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මෙරට සියලු ජනයාට දැන් ඇත්තේ අධිකරණයේ පිහිට පමණි. මානව සංහාරයකින් වෙනස් නොවන මෙම මහා ජාවාරමට සම්බන්ධ සියලු පාපතරයන් තරාතිරම් බේදයකින් තොරව කුදලාගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කර උපරිම දඬුවම් දිය යුතුය. ඒ ජනතාවගේ එකම ප්‍රාර්ථනය වේ.

(***)



අදහස් (0)

ඖෂධ සමග සෙල්ලම් දාන අපේම ද්‍රෝහියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 59 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site