IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඖෂධ ජාවාරමුන් දඬුකඳේ ගැසීම

බාල ඖෂධ නැතහොත් සරලව ප්‍රකාශ කළොත් හොර බෙහෙත් මේ රටේ ගෙදර දොර පොදු මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ හොර බෙහෙත් ජාවාරම බිලියන පතියන් බිහි කරන හොඳ යන්ත්‍රයකි. මේ යන්ත්‍රයේ ඇති රෝද කර කවන පිරිස අතරේ බොහොම බලවත් දේශපාලකයන් සිටින බවද පොදු රහසකි. එහෙත් මේ බලවත් විෂම චක්‍රයට දඬුවම් පමුණුවන නැතහොත් නියම බෙහෙත දීමක් ගැන කතා කරන පිරිස සංඛ්‍යාත්මකව අඩුය. එසේම එම දරුණු උවදුර මුළු මහත් සමාජයම වෙලා ගැනීමට පෙර එය වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන පිරිස ද නොගිණිය හැකි තරම්ය.

සෞඛ්‍ය අමාත්‍යධුරයේ වගකීම මෑතකදී පවරා දෙනු ලැබූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඒ අතින් කැපී පෙනෙන කාර්යයකට අතගසා තිබේ. එවැනි බාල ගණයේ ඖෂධ තවදුරටත් ඉදිරියේ දී සමාජගතවීම වැළැක්වීම සඳහා සියලු පහසුකම් වලින් යුතුව නවීකරණය කළ නව ඖෂධ තත්ත්ව රසායනාගාරයක් පිහිටුවීමට කටයුතු කිරීම එම කාර්යය වෙයි. මේ බව හෙළි කරන අපගේ සහෝදර පුවත්පතක් වන ‘‘දේශය’’ සඳහන් කරන්නේ දැනට මේ රසායනාගාරය මගින් මසකට ඖෂධ 70කට අධික ගණනක් පරීක්ෂා කෙරෙන අතර ඒ ප්‍රමාණය මසකට ඖෂධ පරීක්ෂණ දහසක් දක්වා ඉහළ දැමීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන බවය.

බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කොතෙකුත් කරුණු හෙළිදරව් වුවද ඒවා සමාජ ගතවීම විද්‍යානුකූල ක්‍රමවේදයක් හරහා වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර ගැනීමක් සිදු නොවීය. නමට පමණක් සිදු කෙරෙන තත්ත්ව පරීක්ෂණ කිහිපයක් රට පුරා බූවල්ලකු සේ අඩු විහිදාගෙන ක්‍රියාත්මක වන හොර බෙහෙත් ව්‍යාපාරය අඩපණ කර දැමීමට ප්‍රමාණවත් නොවේ. මෙකී ජාවාරම ඉතාම බලවත් පිරිසක් සහ ඒ හරහා බිහිවන බිලියනපතියන් අතරේ ක්‍රියාත්මක වන්නක් බැවින් මාසයකට සිදු කරන ඖෂධ පරීක්ෂාවන් 70කින් හොර බෙහෙත් කාරයන්ගේ නැට්ටවත් අල්ලාගත නොහැක. ඒ ආර්ථයෙන් ගත්කල සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගෙන ඇත්තේ ඒ ජාවාරමේ ලොකු හිඩැස් වසා දැමීමේ විද්‍යානුකූල පියවරකි.

එය සාර්ථකව ඉටුකරගත හැකි වුවහොත් බාල බෙහෙත් ව්‍යාපාරයට වැදෙන සයිනයිඩ් එන්නතක් වනු ඇත. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතන හරහා ක්‍රියාත්මක වන හොර බෙහෙත් මාෆියාවේ ‘‘ගෝඩ් ෆාදර්ලා’’ මේ ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩදී නිකම්ම බලා සිටිනු ඇතැයි මොහොතකටවත් සිතිය යුතු නැත. විවෘත කරන ලද නව රසායනාගාරය ඇතුළට මේ මාෆියාවේ විෂබීජ මුදාහැරීමට ඉඩ තිබෙන බවත් ඒ හේතුවෙන් එහි ඇති නවීන පන්නයේ යන්ත්‍ර සූත්‍ර එකවරම ක්‍රියා විරහිතවීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දිය යුතුය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්නැයි මෙරට අසරණ රෝගීන්ගේ නාමයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට ද කැමැත්තෙමු.

අලුතෙන් හඳුන්වා දී ඇති ක්‍රමවේදයට අනුව මහජන පැමිණිලි මත ද ඖෂධ නියැදි පරීක්ෂාවට ලක් කිරීමට අවස්ථාව සලස්වා දී තිබේ. අදියර හතරක් ඔස්සේ සිදු කෙරෙන මෙම ඖෂධ තත්ත්ව පරීක්ෂාව ඊට අමරතව ටෙන්ඩර් නියැදි පරීක්ෂාව නැව්ගත කිරීමට පෙර පරීක්ෂාව, බෙදා හැරීමට පෙර පරීක්ෂාව වශයෙන්ද සිදු කෙරෙනු ඇතැයි සඳහන්ය.

පසුගිය කාලය  තුළදී සෞඛ්‍ය අංශයට එල්ල වූ එක් චෝදනාවක් වූයේ වෙළෙඳපොළ අහඹු පරීක්ෂාවක් ක්‍රමානුකූලව සිදු නොකෙරුණු බවය. මේ රට තුළ ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් හියුමන් ඉමිනෝග්ලොබියුලින් බාල ඖෂධය සමාජ ගතවීමට එය ද එක් හේතුවක් විය. අලුත් ක්‍රමවේදය යටතේ සිදු කෙරෙන තත්ත්ව පරීක්ෂාවන් වලටද එම ඉරණම අත්කර දීමට සූදානම් පිරිස් සෞඛ්‍ය කේෂ්ත්‍රය පුරාම විහිදී සිටින බවට අප මෙහි මුලින්ම සඳහන් කළේ ද එබැවිනි. ඕනෑම තත්ත්ව පරීක්ෂාවක් වළ පල්ලට යැවීමට සමත් පිරිසක් සිටින බව නිරන්තරයෙන් සිහිපත් කරගත යුතුය. අපේ අසරණ රෝගීන් මේ මාෆියාකාරයන්ගේ බිලී කොකු බවට පත් වීමට ඉඩ දිය යුතු නැත.

(***)



අදහස් (0)

ඖෂධ ජාවාරමුන් දඬුකඳේ ගැසීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 193 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site