IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාව මෙදාත් කළේ අනාගැනීමක් නොවේද?

ඇෆ්ගනිස්ථානය එකවරම අහසින් පොළොවට පහත් වී තිබේ. ලොවට පෙනෙන සේ ඇෆ්ගනිස්ථානය ඉහළටම ඔසවාගෙන සිටි අමෙරිකාව එකවරම එරට අතහැර යාම ඊට හේතුවිය. එය සිදු වූයේ ඇෆ්ගන් පාලනය බාරගැනීමට කැස කවමින් සිටි තලේබාන්වරුන් සමඟ අමෙරිකාව ඇතිකරගත් ගිවිසුමකට අනුව බව ද සඳහන්ය.

එහෙත් එරට රැඳී සිටින අමෙරිකානු සොල්දාදුවන් රටින් පිටකර ගැනීමටත් පෙර තලේබාන් හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේ සියලු‍ ප්‍රධාන නගර අල්ලාගෙන ඔවුන්ගේ එමිරේට්ස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අමෙරිකාවත් සිතන්නට නැත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට මුහුණ රතු කරගෙන ලෝකය හමුවේ ප්‍රකාශයක් කිරීමට සිදු වූයේ එම තත්ත්වය හේතුවෙනි.

ඇෆ්ගන් පාලනය බාරගත් තලේබාන් නායකයෝ අමෙරිකානු හමුදා භටයන්ට හෝ එරට තවමත් රැඳී සිටින වෙනත් බලවත් රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට හෝ පහර නොදෙන බවට ප්‍රතිඥා දී සිටිති. එහෙත් අමෙරිකානු හමුදා සමඟ මෙතෙක් කලක් සහයෝගයෙන් කටයුතු කළ අමෙරිකානු රූකඩ ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ ඇෆ්ගන් ජාතිකයන්ට නම් ඔවුන්ගෙන් කිසිදු අනුකම්පාවක් හිමි නොවන බව තේරුම් ගැනීමට දිව්‍ය ඥානයක් අවශ්‍ය නැත. තලේබාන්වරුන්ද ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇති බැවිනි. ඔවුන්ගේ දේශපාලන අංශය රාජ්‍ය පාලනය සම්බන්ධව අමෙරිකාව සමඟ මොන ගිවිසුමකට එළඹුණත් එහි සන්නද්ධ අංශයේ රුඳුරු ගොදුරු බවට ඇෆ්ගන් වැසියන් පත්වීම වැළැක්වීම ඉතා අසීරු වනු ඇත. අමෙරිකාවෙන් යුද පුහුණුවලද ඇෆ්ගන් හමුදා කණ්ඩායම් ද සන්නද්ධව සිටිමින් කැරළි ගැසීමට සංවිධානය වුවහොත් යළිත් ඇෆ්ගනිස්ථානයේ දිගු කලක් ඇදී යන සිවිල් යුද්ධයක් ඇතිවීමට ඇත්තේ ලොකු ඉඩකඩකි.

අමෙරිකාව ඇෆ්ගනිස්ථානයට කඩා වැදුණේ දැනට වසර 20කට පෙර අමෙරිකාවේ අභිමානයේ හදවත වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ 09/11 ගුවන් බෝම්බ ප්‍රහාරයෙන් පසුවය. තමන් කිසි කලෙකත් ත්‍රස්තවාදීන් සමඟ කතා නොකරන බවට පුරසාරම් දොඩා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර එහි තමන්ට අවනත රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ඩොලර් බිලියන ගණන් වැය කළත් අවසානයේ තලේබාන්වරුන්ටම කතා කර ගිවිසුමකට එළඹීමට අමෙරිකාවට සිදුවිය. ඒ අතර කාලය තුළ දී අමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය තුළ යම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කරමින් එතෙක් දැඩි අන්තවාදී ග්‍රහණයකට හසු වී සිටි ඇෆ්ගන් සාමාන්‍ය වැසියන් එයින් මුදා ගැනීමට කටයුතු කළ බව ද සඳහන් කළ යුතුය.

විශේෂයෙන් එරට බාලිකාවන්ට අධ්‍යාපනය සහ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා ගැනීමට එම පාලන කාලය තුළ ඉඩක් ලැබිණි. ඒ අතර කාලයේ ඇෆ්ගන් හමුදාව ද පුහුණු කළ අමෙරිකාව ඔවුන්ට සීමිත ලෙස ආයුධ ලබාදීම ද සිදු කර තිබිණි.

එහෙත් තමන් මේ අල්ලාගෙන සිටින්නේ කොටි වල්ගයක් බවත් ඉරාන, පාකිස්තාන් සහ රුසියානු රටවලින් සහාය ලබන තලේබාන්වරුන් සමඟ කරන මේ යුද්ධයෙන් කවදාවත් ගැලවීමක් නොලැබෙන බවත් අමෙරිකාව අවසානයේ තේරුම් ගත් පාඩම විය. එසේ නොවන්නට අමෙරිකාව කවදාවත් ස්වභාවික ඛනිජ සම්පතින් පිරී ගිය රටක් වන ඇෆ්ගනිස්ථානය හැර නොයන්නට ඉඩ තිබිණි. ඇතැම් විට ඔවුන්ට වියට්නාම් යුද්ධයෙන් ලද අමිහිරි පරාජය පිළිබඳ මතකය ද අලු‍ත් වන්නට ඇත.

තලේබාන්වරුන් පරාජය කිරීමේ අරමුණින් යුද වැදී ඒ සඳහා දහස් සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් බිල්ලට දෙමින් ඩොලර් බිලියන 80ක් වැය කළ අමෙරිකාව යළිත් තලේබාන්වරුන්ටම ඇෆ්ගනිස්ථානය බාරදීම දෛවයේ සරදමකි. මේ ආකාරයට තලේබාන්වරුන්ගෙන් යළිත් තලේබාන්වරුන්ටම ඇෆ්ගනිස්ථානය බාර දීමට අමෙරිකාව ජනාධිපතිවරුන් 04 දෙනකු යටතේ වසර 20ක් ගත කළ අතර ඒ සඳහා වැය කළ මුදල ඩොලර් ට්‍රිලියනයකට අධික බව ද සඳහන්ය. ඒ වැය කළේ අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ මුදල් නොව එරට බදු ජනතාවගේ මුදල්ය. අමෙරිකානු ආණ්ඩු ඒ සඳහා වගකිව යුතුය.

කෙසේ වුවද මේ කාලය තුළ දී අමෙරිකාව තමන්ට අවශ්‍ය ප්‍රධානම ත්‍රස්තවාදියා වූ බින්ලාඩන් මරා ගත්තේය. 09/11 ප්‍රහාරයට වගකිව යුතු බවට චෝදනා ලබා අමෙරිකාවේ වෛරයට පාත්‍ර වූ බින්ලාඩන් ඇෆ්ගනිස්ථානයෙන් පාකිස්තානයට පලා ගොස් සැඟවී සිටිය දී පණ පිටින් අල්ලාගෙන මරා දමනු ලැබුවත් ඔහු අමෙරිකාව විසින් සෝවියට් රුසියානු හමුදාවට එරෙහිව සටන් කිරීම පිණිස අමෙරිකාවම නිර්මාණය කළ ත්‍රස්තවාදියෙක් විය. එවකට ඇෆ්ගනිස්ථානයට කඩා වැදී සිටි සෝවියට් හමුදා පලවා හැරීමට අමෙරිකාව මගින් සන්නද්ධ කරන ලද බින්ලාඩන්ගේ ත්‍රස්ත කණ්ඩායම් සටන් කළ අතර රුසියානු ෆෙඩරේෂණයේ බිඳවැටීමත් සමඟ ඇෆ්ගනිස්ථානයෙන් රුසියානු හමුදාවලට ඉවත් වීමට සිදුවිය. ඉන් පසුව බින්ලාඩන් අමෙරිකාවේ කරපිංචා තියරියට යට විය. තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගත් පසුව බින් ලාඩන් විනාශ කිරීම අමෙරිකාවේ ඉලක්කය විය. එය ඉටුකර ගත්තේ බින්ලාඩන් විසින් අමෙරිකාවේ හදවතටම එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුවය.

අමෙරිකාව තම අරමුණු මුදුන්පත් කර ගැනීමට නිරර්ථක යුද්ධවල රටවල් පටලවන බවට ජාත්‍යන්තරයේ චෝදනා එල්ල වෙයි. එහෙත් අමෙරිකාවට එහි වගක් නැත. තමන්ට අවශ්‍ය දේ ප්‍රයෝජනය ගත්තාට පසුව අදාළ රට කරපිංචා තියරියට අනුව අත්හැර දැමීම අමෙරිකාවට සුළු දෙයකි. සාක් රටක් වන ඇෆ්ගනිස්ථානය එහි අලු‍ත්ම ගොදුරය.

මෙහි දී අවාසනාවන්තම ඉරණමකට ගොදුරු වන්නේ යුද පාර්ශ්වවලට මැදිවන සිවිල් පුරවැසියන්ය. ඔවුන් අතුරින් විශාල පිරිසක් සිටින්නේ මරණයේ සහතිකය තම අතේ තබාගෙනය. තමන් දැන් අතීතයෙන් උගත් පාඩම් මතින් වෙනස් වී සිටින බව වත්මන් තලේබාන් පාලනයේ නායකයෝ පවසති. එය එසේ වුවහොත් යහපතකි. එසේ නොවුණොත් යළිත් ඇෆ්ගනිස්ථානය ශාප ලත් දේශයක් බවට පත්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

(***)



අදහස් (7)

ඇමෙරිකාව මෙදාත් කළේ අනාගැනීමක් නොවේද?

Raveendra Saturday, 21 August 2021 12:45 PM

ඉතාම හරවත් මෙන්ම රසවත් ලෙස ඇමෙරිකානුවන්ගේ තුප්පහි බලපරාක්‍රමය පිලිබදව කතු වැකියෙහි සදහවන්ව ඇත. ඇමෙරිකානුවන් කිනම් හෝ රටකට කුමක් හෝ උදව්වක් ලබා දෙනවා යනු එහි පසුබිම වන්නේ දිර්ගකාලින සැලැස්මකි.එහි අවසන් ප්‍රතිපලය නම් කරපිංචා තියරිය බව ස්ථිරය. කතෘතුමනි ඔබගේ පුවත් පතෙහි අප ගේ අදහස් ප්‍රකාශ කිරීමට ලබාදී ඇති අවස්ථාව පිලිබදව පළමුව අප ස්තුතිවන්ත වන අතර ඔබතුමාගේ ඍජු අවධානය යොමු කිරීම සදහා මෙසේ යම්කිසි යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. යම් තැනැත්තෙකු වෙනත් කෙනෙකුගේ නම බාචිත කරමින් අදහස් ප්‍රකාශ කිරීම වලකාලීමට පියවර ගන්නේ නම් එය පාඨකයන්ගේ යහපතට හේතු කාරනවනු නියතය. එක හා සමාන නම් ලෝකයේ ඕනා තරම් ඇත නමුත් එක අකුරක් හෝ වෙනස් කර සමාන නම් වලින් අදහස් ප්‍රකාශ කිරීම වලකාලිය හැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු. එලෙසම අප සෑමවිටම අපගේ අවංක අදහස් සදහන් කිරීමට ඍජුවම පෙරමුණ ගන්නෝය.

:       0       5

SISIRASunday, 22 August 2021 06:07 AM

පසුගිය කාලයක් පුරාවට සත්‍ය රවීන්ද්‍ර මෙතෙක් ඔහුගේ අදහස් නිහඩව පළකරමින් සිටියදී ෆේක් රවීන්ද්‍ර කෙනෙකු හදිසියේ මතුව සත්‍ය රවීන්ද්‍ මෙන් පෙනිසිටිමින් මෙවැනි බොලද අදහස් ඉදිරි පත් කලද සත්‍ය රවීන්ද්‍ ඔහුගේ අදහස් පළකිරීම අකණ්ඩව කරගෙන යනු ඇත. කිසිදා ෆේක් රවීන්ද්‍ ලා මෙන් නහයෙන් හඬන්නේද නැත

:       1       0

RaveendraSunday, 22 August 2021 11:59 AM

සිසිර මයා වෙත. ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. එහි ගැබ්ව ඇති "සමහර" කරුණු පිළිබඳව අවංකවම අප කණගාටු වන්නෙමු. ඔබට යහපතක්ම වේවා...!

:       0       1

pakeer Saturday, 21 August 2021 01:44 PM

තවත් අවුරුද්දකින්, දෙකකින් තලෙයිබාන් සංවිධානය නැත්තටම නැතිවී යනු ඇත. ඒ කොරෝනා නිසායි. එය ආයුධයක් කරගෙන තමයි හිටියේ. ඔවුන්ගේ අවසානය දැකගත හැකිය.

:       3       3

Deepal Nirosh Saturday, 21 August 2021 08:31 PM

ප්‍රභාකරන් වැරදිලා හෝ එදා නන්දිකඩලාල්වල දි දිවි බේරා ගෙන කොහාට ගියත් එයාගෙත් අවසාන උරුමය වන්නෙ බින්ලාඩ්න්ට අත් වූ ඉරණමයි.

:       0       2

මුණසිංහ Sunday, 22 August 2021 08:08 AM

ඇමරිකාව කරලා තියෙන්නේ ඇෆ්ගන් වැසියන්ගෙන් පලි ගැනීමක් විතරයි. ඔවුන් රට විනාශ කළා. කෙහොම වුණත් මෙය ලෝකෙටම තර්ජනයක්... දැන් සියලු අන්තවාදී මුස්ලිම්වරුන්ට ඇෆ්ගනිස්තානය තුළ ගැටළුවක් නැතිව සංවිධානය වීමට හැකියි. ඉරානය, කටාරය ඇතුලු රාජ්‍යයන් ඊට උදව් කරනවා. පාකිස්තාන උදව් දැනටත් තිබෙනවා. අන්තවාදි ක්‍රියාවලට තිබුණු බාධාවක් ඉවත්වෙලා... මෙය ඉන්දියාවට, ලංකාවට වගේම යුරෝපාරටවලටත් තර්ජනයක්... විශේෂයෙන් මදුසා පාසල් ලංකාවේ නීත්‍යානුකූල කිරීමත් සිදුවේවි... ඒවා ඇරඹුණු පාකිස්තානයත් ඊට බලපෑම් කරාවි...

:       1       4

chandima Monday, 23 August 2021 01:46 PM

අති භයංකාර බිහිසුණු තලේබාන් පාලනය ඉක්මණින්ම තුරන් වී ගොස් එරට ජීවත් වෙන මිනිස්සුන්ට මරණ බයෙන් තොරව වාසය කරන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1883 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 597 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 685 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site