IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අවුරුදු මුවාවෙන් ගසාකෑම් වැළැක්වීමට දැඩි නීති ඕනෑ

ජනී ජනයාගෙන් නගර පිරී ඉතිරී යාම ආරම්භ වී තිබේ. මහරගම පමුණුව ජනයාගෙන් සක්‍රිය වන්නට පටන්ගෙන තිබෙන්නේ අලුයම 2.00 පමණ සිටය. මේ සූදානම අලුත් අවුරුද්ද වෙනුවෙනි. ආර්ථික අර්බුදයේ කර වටක් ගිලී සිටිය ද තම දුවා දරුවන් සමග අලුත් අවුරුද්ද ප්‍රීතියෙන් ගෙවා දැමීමට මව්පියෝ උනන්දු වෙති. අලුත් අවුරුද්ද මහා සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්වෙන්නේ ද එහෙයිනි.

මෙම අහිංසක ජනී ජනයාගේ සතුට ‘පික්පොකට්’ ගැසීමට පේවුණු සංවිධානාත්මක කොල්ලකරුවෝ ද සිටිති. ඉන් එක් වර්ගයක් ඇත්ත වෘත්තීය පික්පොකට්කරුවෝ වෙති. ඔවුහු බස් රථවල තදබදයේ මිරිකෙමින් යන ජනයාගේත්, වීදිවල රොද බඳින ජනයාගේත් මුදල් පසුම්බි සොරකම් කරති. ඒ සඳහාම සංවිධානය වූ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයක්ම සිටිති. ඔවුහු දැනටමත් ක්‍රියාත්මක වෙමින් සිටිති. ගැට කපන්නන්ගේ ගැටවලට හසු වී අවුරුදු සිහිනය කඳුළෙන් බොඳ කර නොගැනීමේ වගකීම අප කා ඉදිරිපිටත් තිබේ. නොසැලකිල්ලෙන් වැඩ කර තමන් තමන්ටම පාඩු කර නොගත යුතුය. එමෙන්ම, මෙම චෞර කප්පිත්තන් නීතියේ රැහැනට හසු කරගැනීමේ වැඩපිළිවෙළක් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ යුතුය.

ජනයාගේ අවුරුදු සිහිනයට වින කටින අනෙකුත් සංවිධානාත්මක අපරාධකරුවන් වන්නේ, අපිරිසුදු ආහාර පාන විකුණා තම මල්ල තර කරගන්නා පිරිස්ය. නිවෙසින් කෑම බීම හදාගෙන සාප්පු සවාරි යෑමේ හැකියාවක් බොහෝ දෙනකුට නැත. එමෙන්ම, සුපිරි පන්තියේ අවන්හල්වලට ගොඩ වී මිල අධික ආහාර පාන මිලදී ගැනීමේ වත්කම ද බොහෝ දෙනකුට අහිමිය.

මේ බව දන්නා අපරාධකරුවෝ පිරිසුදු බව, ගුණාත්මක බව ආදි කාරණා කෙරෙහි අවධානය යොමු නොකර ‘කුණු කෑම’ විකිණීමට පටන්ගනිති. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ, සිංහල-දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ කොළඹ නගරයේ වෙළෙඳසල්, භෝජන ශාලා, තරු පන්තියේ හෝටල් සහ ආහාර ගබඩා ආදී ස්ථානවල ආහාර ප්‍රමිතිය හා ස්වස්ථතාව පරීක්ෂා කිරීමේ වැඩසටහනේදී ස්ථානීය පරීක්ෂණ 477ක් සිදු කර, ආයතන 83කට දැඩි අවවාදාත්මක නිවේදන ද, ආයතන 59කට නඩු පැවැරීම් ද සිදු කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. සමන්ත කුමාර මහතා ප්‍රකාශ කළ බවය.

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හත් දෙනකුගේ අධීක්ෂණය යටතේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පනස් දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ.

මෙම ස්ථානවල තිබී සොයාගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සහ වෙනත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කළ බවත්, විශේෂයෙන් මස්, මාළු, එළවළු සහ වෙනත් ආහාර වෙන් නොකර මිශ්‍රිතව ගබඩා කර තැබීම්, පිරිසුදු නොකර ආහාරයට සූදානම් කළ බිත්තර වැනි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත්, සමන්ත කුමාර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

මෙම කූට වෙළෙන්දන් මෙම ජාවාරමෙන් උපයා සපයා ගන්නා මුදලෙන් තම දරුවන්ට ආහාර පාන රැගෙන යනු ඇත. තම දරුවන්ට පිරිසුදු ආහාරපාන රැගෙන ගියද අන් දරුවන්ටද එසේ පිරිසුදු ආහාර පාන සැපැයිය යුතු යැයි මෙම ජාවාරම්කරුවෝ නොසිතති. අපට මහා සංස්කෘතික මංගල්‍යයක් සැමරීමට සිදු වී තිබෙන්නේ එබඳු අසංස්කෘතික මිනිසුන්ගේ තක්කඩිකම් මැදය.

මෙම ජාවාරමුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැත. අහිංසක ජනයාගේ අවුරුදු සිහින සමග දාදු ක්‍රීඩාවේ යෙදෙන අමනුෂ්‍යයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය.

(***)



අදහස් (0)

අවුරුදු මුවාවෙන් ගසාකෑම් වැළැක්වීමට දැඩි නීති ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site