IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් තොරව සියලු ජනී ජනයා බලවත් උද්‌යෝගයෙන් පෙළ ගැසී සිටින මේ මොහොතේ ‘‘ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා’’ යන පින්සාර ආශිංසනය ඇතිව ලංකාදීපයද එම මහා සංස්කෘතික මංගල්‍ය සමග අත්වැල් බැඳ ගනී.

රමණීය මොහොතක මරණීය අත්දැකීම් ගැන කතා කිරීම නොකළ යුත්තක් වුවද මේ මොහොතේ සම්ප්‍රදායේ යදම් බිඳ එක් කරුණක් අවධාරණය කළ යුතුය. මරණය අහම්බයක් නොවන්නක් බවත් මරණය රැගෙන එන්නේ උපතින්ම බවත් අපි දැඩිව විශ්වාස කරමු. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ජීවත්වන කාලය නොව එම ජීවත්වන කාලය තුළ අප කළ කී දෙයයි. සමාජයීය සත්වයකු ලෙස ඉපදුණු අපට එම සමාජය වෙනුවෙන් සිදුකළ යුතු මහා යුතුකම් සම්භාරයක් පවතී. එම සමාජයේ සංස්කෘතික හර පද්ධතිය ආරක්‍ෂා කිරීම, ඒවා පෝෂණය කිරීම හා එම සංස්කෘතික හර පද්ධතිය අනාගත පරපුරට දායාද කිරීම සමාජයට ඉටුකළ යුතු යුතුකම් අතර ප්‍රධානය.

මිනිසකුට නිදහසේ තම අවසන් හුස්ම පොද හෙළිය හැකිවන්නේ සමාජයට ඉටුකළ යුතුකම් පදාසයේ ප්‍රමාණය මතය. සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යනු සමාජයේ ජීවත්වන පුරවැසියකු ලෙස එම සමාජයට යුතුකම් ඉටු කිරීමට ලැබෙන මහඟුතම අවස්ථාවකි. තමන්ට ජීවය දුන්, සෙවණ දුන් මේ මහා පරිසර පද්ධතියට සාධාරණය ඉටු කිරීමට ලැබෙන අවස්ථාවකි.

සිංහල–දෙමළ අලුත් අවුරුදු මංගල්‍යය ඕපපාතිකව පහළ වූවක් නොවේ. එය දුරාතීතයේ ශිෂ්‍ට මිනිස් සමාජයේ සාමූහික පැවැත්ම වෙනුවෙන් ඇරැඹූ ක්‍රියාදාමයක අග්‍රඵලය වේ. සමාජයක් යනු සාමූහිකත්වයකි. එහෙයින්ම එය විවිධය. එමෙන්ම විසමය. සමාජයක් සංකීර්ණ වන්නේද එහෙයිනි. සංකීර්ණත්වය තුළ ඇති විවිධත්වය මහත් ඕනෑකමින් යුතුව විචිත්‍රත්වයක් ලෙස පෙරට ගත යුතුය. විවිධ විසම මිනිස් සිතිවිලි එක් අනුරාගි සිතිවිලි සමූහයකින් එකට බැඳ තැබිය යුතුය. සිංහල, දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික මංගල්‍යයේ අරුත එයය.

මෙම මහා සංස්කෘතික මංගල්‍යයට පිටු පා කිසිවකුට යා නොහැකි වන්නේ එහෙයිනි. කිසිවකු එසේ පිටුපා නොයන්නේද එහෙයිනි. ලෝක සිතියමේ ඇබැටක් තරමේ කුඩා රටක් වන අප රටට මුළු මහත් ලෝකය ඉදිරිපිට හිස කෙළින් තබා වැජඹෙන්නට හැකියාව තිබෙන්නේ අප සතු සංස්කෘතික උරුමයේ මහිමයෙනි. බොහෝ දුෂ්‍කර හා අකීකරු තත්ත්වයන් යටතේ වුවද මේ මහා සංස්කෘතික මංගල්‍ය සමග සකල ජනී ජනයා පේවන්නේ ද එහෙයිනි.

සමාජයක් ලෙස අප බිඳී වෙන්වී ගියහොත් අපට රැක ගැනීමට ජයග්‍රහණයක් හිමිවන්නේ ද නැත. අත්පත් කරගත් ජයග්‍රහණයක් ද නැත. ජාති - ආගම් කුල මල හා දේශපාලන මතිමතාන්තර ආදි වශයෙන් අප බෙදා වෙන්කර තබන ප්‍රමාණයේ තරමට අපට අත්වන හානියේ හා විනාශයේ ප්‍රමාණය වැඩිය. සිංහල, දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ දී අපට මෙම බෙදීම් අමතක කරවීමට පෙළඹවීමක් ඇති කරයි. මලින් බරවන අතු ඉති ද, පලින් බරවන තුරු හිස් ද අපට ඒ ඇවැසි පරිසරය සකසා දෙයි. ඔබ ඉදිරිපිට ඉතිරිව තිබෙන්නේ ඒ සමාජ යුතුකම ඉටු කිරීමේ වගකීමය. පොළොවට බරක් නැති මිනිසකු ලෙස නික්ම යාමට නම් ඒ සමාජ යුතුකම අප ඉටු කළ යුතුමය. මේ ඒ සඳහා ඔබට ඇති සුදුසුම නිමේෂය වේ.

(***)



අදහස් (1)

අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු

බද්රානි Monday, 15 April 2024 08:55 PM

ඉස්සර අපි සිංහල අලුත් අවුරුද්ද මොනතරම් සාමයෙන් එකිනෙකා සමග ආහාර හුවමාරු කර ගනිමින් සාමයෙන් හා ප්‍රීතියෙන් සැමරුවාද..? මට පිටරටක සිටින කතෝලික යෙහෙලියක් කතා කළා. ඇයගේ හොඳම බෞද්ධ මිතුරියන් දෙදෙනෙක් නත්තලට මාස දෙකකට කලින්ම ඇයගේ නිවසේ නත්තල් සාදය සැලසුම් කලාලු... අත්දෙක වනවනා ඇවිදින් හොඳට සප්පායම් වුණාලු... පාස්කු මංගල්‍යයටත් එලෙසම ඇවිදින් හොඳට කාබී විනෝද වුණාලු... සිංහල අලුත් අවුරුද්දට පන්සල් ගිහින් ඇවිත් අවුරුදු සමරන බවටත් කීවාලු... නමුත් අවසානයේ වට්ස් ඇප් එකෙන් සුබ පතා අවුරුදු සැමරුවලු... ලැජ්ජයි නේද...? ඇයි, බෞද්ධ අපට මෙහෙම වුනේ...? අනුන්ගෙන් කාලා බඩ පුරවා ගන්න පුදුම විදිහට පෙරේත වෙලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 378 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 144 1

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 195 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 223 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 307 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 1191 8

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 389 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1786 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1617 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site