සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් තොරව සියලු ජනී ජනයා බලවත් උද්‌යෝගයෙන් පෙළ ගැසී සිටින මේ මොහොතේ ‘‘ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා’’ යන පින්සාර ආශිංසනය ඇතිව ලංකාදීපයද එම මහා සංස්කෘතික මංගල්‍ය සමග අත්වැල් බැඳ ගනී.
රමණීය මොහොතක මරණීය අත්දැකීම් ගැන කතා කිරීම නොකළ යුත්තක් වුවද මේ මොහොතේ සම්ප්‍රදායේ යදම් බිඳ එක් කරුණක් අවධාරණය කළ යුතුය. මරණය අහම්බයක් නොවන්නක් බවත් මරණය රැගෙන එන්නේ උපතින්ම බවත් අපි දැඩිව විශ්වාස කරමු. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ජීවත්වන කාලය නොව එම ජීවත්වන කාලය තුළ අප කළ කී දෙයයි. සමාජයීය සත්වයකු ලෙස ඉපදුණු අපට එම සමාජය වෙනුවෙන් සිදුකළ යුතු මහා යුතුකම් සම්භාරයක් පවතී. එම සමාජයේ සංස්කෘතික හර පද්ධතිය ආරක්‍ෂා කිරීම, ඒවා පෝෂණය කිරීම හා එම සංස්කෘතික හර පද්ධතිය අනාගත පරපුරට දායාද කිරීම සමාජයට ඉටුකළ යුතු යුතුකම් අතර ප්‍රධානය.
මිනිසකුට නිදහසේ තම අවසන් හුස්ම පොද හෙළිය හැකිවන්නේ සමාජයට ඉටුකළ යුතුකම් පදාසයේ ප්‍රමාණය මතය. සිංහල – දෙමළ අලුත් අවුරුද්ද යනු සමාජයේ ජීවත්වන පුරවැසියකු ලෙස එම සමාජයට යුතුකම් ඉටු කිරීමට ලැබෙන මහඟුතම අවස්ථාවකි. තමන්ට ජීවය දුන්, සෙවණ දුන් මේ මහා පරිසර පද්ධතියට සාධාරණය ඉටු කිරීමට ලැබෙන අවස්ථාවකි.
සිංහල–දෙමළ අලුත් අවුරුදු මංගල්‍යය ඕපපාතිකව පහළ වූවක් නොවේ. එය දුරාතීතයේ ශිෂ්‍ට මිනිස් සමාජයේ සාමූහික පැවැත්ම වෙනුවෙන් ඇරැඹූ ක්‍රියාදාමයක අග්‍රඵලය වේ. සමාජයක් යනු සාමූහිකත්වයකි. එහෙයින්ම එය විවිධය. එමෙන්ම විසමය. සමාජයක් සංකීර්ණ වන්නේද එහෙයිනි. සංකීර්ණත්වය තුළ ඇති විවිධත්වය මහත් ඕනෑකමින් යුතුව විචිත්‍රත්වයක් ලෙස පෙරට ගත යුතුය. විවිධ විසම මිනිස් සිතිවිලි එක් අනුරාගි සිතිවිලි සමූහයකින් එකට බැඳ තැබිය යුතුය. සිංහල, දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික මංගල්‍යයේ අරුත එයය.
මෙම මහා සංස්කෘතික මංගල්‍යයට පිටු පා කිසිවකුට යා නොහැකි වන්නේ එහෙයිනි. කිසිවකු එසේ පිටුපා නොයන්නේද එහෙයිනි. ලෝක සිතියමේ ඇබැටක් තරමේ කුඩා රටක් වන අප රටට මුළු මහත් ලෝකය ඉදිරිපිට හිස කෙළින් තබා වැජඹෙන්නට හැකියාව තිබෙන්නේ අප සතු සංස්කෘතික උරුමයේ මහිමයෙනි. බොහෝ දුෂ්‍කර හා අකීකරු තත්ත්වයන් යටතේ වුවද මේ මහා සංස්කෘතික මංගල්‍ය සමග සකල ජනී ජනයා පේවන්නේ ද එහෙයිනි.
සමාජයක් ලෙස අප බිඳී වෙන්වී ගියහොත් අපට රැක ගැනීමට ජයග්‍රහණයක් හිමිවන්නේ ද නැත. අත්පත් කරගත් ජයග්‍රහණයක් ද නැත. ජාති - ආගම් කුල මල හා දේශපාලන මතිමතාන්තර ආදි වශයෙන් අප බෙදා වෙන්කර තබන ප්‍රමාණයේ තරමට අපට අත්වන හානියේ හා විනාශයේ ප්‍රමාණය වැඩිය. සිංහල, දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ දී අපට මෙම බෙදීම් අමතක කරවීමට පෙළඹවීමක් ඇති කරයි. මලින් බරවන අතු ඉති ද, පලින් බරවන තුරු හිස් ද අපට ඒ ඇවැසි පරිසරය සකසා දෙයි. ඔබ ඉදිරිපිට ඉතිරිව තිබෙන්නේ ඒ සමාජ යුතුකම ඉටු කිරීමේ වගකීමය. පොළොවට බරක් නැති මිනිසකු ලෙස නික්ම යාමට නම් ඒ සමාජ යුතුකම අප ඉටු කළ යුතුමය. මේ ඒ සඳහා ඔබට ඇති සුදුසුම නිමේෂය වේ.
(***)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
බද්රානි Monday, 15 April 2024 08:55 PM
ඉස්සර අපි සිංහල අලුත් අවුරුද්ද මොනතරම් සාමයෙන් එකිනෙකා සමග ආහාර හුවමාරු කර ගනිමින් සාමයෙන් හා ප්‍රීතියෙන් සැමරුවාද..? මට පිටරටක සිටින කතෝලික යෙහෙලියක් කතා කළා. ඇයගේ හොඳම බෞද්ධ මිතුරියන් දෙදෙනෙක් නත්තලට මාස දෙකකට කලින්ම ඇයගේ නිවසේ නත්තල් සාදය සැලසුම් කලාලු... අත්දෙක වනවනා ඇවිදින් හොඳට සප්පායම් වුණාලු... පාස්කු මංගල්‍යයටත් එලෙසම ඇවිදින් හොඳට කාබී විනෝද වුණාලු... සිංහල අලුත් අවුරුද්දට පන්සල් ගිහින් ඇවිත් අවුරුදු සමරන බවටත් කීවාලු... නමුත් අවසානයේ වට්ස් ඇප් එකෙන් සුබ පතා අවුරුදු සැමරුවලු... ලැජ්ජයි නේද...? ඇයි, බෞද්ධ අපට මෙහෙම වුනේ...? අනුන්ගෙන් කාලා බඩ පුරවා ගන්න පුදුම විදිහට පෙරේත වෙලා..