IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටියක මත්පැන්, දුම්වැටි සමඟ චීන කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නීතිවිරෝධීව අලෙවි කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුක් විදෙස් රටක නිෂ්පාදිත මත්පැන්, දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් සහ පුද්ගලයකු කොල්ලුපිටියේ චීන අවන්හලකදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
 
අවන්හලේ විකිණීමට තබා තිබූ මත්පැන් බෝතල් 385ක්, දුම්වැටි පැකට් 6200ක්, චීනයේ නිෂ්පාදිත නීතිවීරෝධී මත්පැන්, මුහුදු කූඩැල්ලන් හයදෙනෙකු හා වියළන ලද මුහුදු අශ්වයන් ද පොලිසිය භාරයට ගෙන ඇත.
 
චීන අවන්හලේ නීතිවිරෝධී ආකාරයේ විදේශයේ නිෂ්පාදිත මත්පැන් හා දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් චීන කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන්නියක වන අතර 28 හැවිරිදි අනෙක් පුද්ගලයා ඇගේ බාල සොහොයුරකු බවත්, සැකකාරියට මෙරට වෙළඳාම් කිරීම සඳහා බලපත්‍රයක් තිබුණද සොහොයුරාට එවැන්නක් නොතිබූ බවත් පොලිසිය කියයි.
 
අත්අංඩගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (5)

කෝටියක මත්පැන්, දුම්වැටි සමඟ චීන කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට

Appuhamy Tuesday, 09 April 2019 07:40 AM

පොලිසියේ අයට ගාන කැපෙන්නේ නැතුව ඇති .. එක්කෙනෙකුට ලයිසන් එකක් තියෙනවනම් තව මොනවාද ? මුළු පවුලටම තියෙන්න ඕනේ කියල නැහැනේ .. ඔහොම තමයි ශ්‍රී ලංකා පොලිසිය .. මරණ දඬුවම ගෙනාවොත් ඔය වගේ තමයි .. උන්ට ඕන උන් ටික එල්ල මරයි ..

:       105       294

PerakumTuesday, 09 April 2019 09:29 AM

නීති විරෝධී භාණ්ඩ විකිණීමට බලපත්‍ර ලබාදී නැත.

:       0       67

BamunuarachchiThursday, 11 April 2019 04:28 AM

මත්පැන් හා දුම්වැටි නීති විරෝදීද ඒවා පාවිච්චිය නීති විරෝදීද?

:       0       0

ලුම්බිණි Tuesday, 09 April 2019 08:58 AM

බොහෝ රට වල චීන ජාතිකයන් මෙවැනි නීති විරෝධී දේවල් කරනවා. මේ අය ගුවන් තොටුපළෙන් එන වෙලාවට පරීක්ෂා කරනවා මදි. මීට වඩා සොයා බැලිය යුතුයි.

:       11       52

Bamunuarachchi Tuesday, 09 April 2019 03:21 PM

මේ අවන්හලට මේවා ඍධියෙන් වැඩියාද? අහන්න දෙයක් නැහැ පොලිස් කාරයින්ට පින් පඩිදීලා නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site