IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හැටපැන්න ඇමැතිට කෙල්ලන්ගෙන් පෙම් හසුන්

1977 දී පත්වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිධුරය පැවරී තිබුණේ මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාටය. ඔහු කලකට ඉහත ‘දින දින’ නැමැති සිංහල සඟරාවක් තමන්ගේ කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත් කළේය.


හිටපු ඇමැතිවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකු ද වූ සර් ජෝන් කොතලාවල මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයට පත්වීමෙන් පසු ඔහු තමන්ගේ ‘දින දින’ සඟරාව නතර කර දැමුවද මෙරට සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල සේවය කළ මාධ්‍යකරුවන් සමඟ තිබූ සමීප ඇසුර ඔහු කිසිසේත්ම නතර නොකළේය.


1977 දී පත්වූ ජේ. ආර්. ආණ්ඩුවේ ප්‍රථම කතානායක ධුරය හෙබවූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා පසුව තම කතානායක ධුරය බේරුවල පළමුවැනි මන්ත්‍රී අබ්දුල් බාකීර් මාකාර් මහතාට දී අලුතින් ඇති කරන ලද රාජ්‍ය ඇමැතිධුරය සිය කැමැත්තෙන්ම ඉල්ලා ගත්තේය.


ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඔහුට රාජ්‍ය අමාත්‍යංශය පවරා දෙන ලද්දේ‘ ‘ජර්නලිස්ට් කෙනෙක්ම ජර්නලිස්ට්ලා භාරව ඉන්න එක කෝකටත් හොඳයිනේ...’යි කියමිනි. 


“සර් මට සරත් අමුණුගම ලේකම් හැටියට පත් කර ගන්න ඕනෑ. යි කී ආනන්ද තිස්ස ද අල්විස් මහතා ඊට පෙර පැවැති ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යංශයේ හිටපු ලේකම් මෙන්ම ජ්‍යෙෂ්ඨ සිවිල් සේවා නිලධාරියෙකු වූ සරත් අමුණුගම මහතා තම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කර ගත්තේය. එම අමාත්‍යංශය යටතේ පැවැති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූයේ අනුර ගුණසේකර ය.


“සරත් ඔයා දන්නවා නෙව මේ ජර්නිලිස්ට්ලා බොහොම අවිවේකී ජීවිතයක් ගත කරන උදවිය බව. ඒකට සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියලා වෙනසක් නෑ. කොයි පත්තරේ වැඩ කරන මිනිහත් එකයි. ඒ නිසා අපි මෙයාලව මාස තුනකට සැරයක් විතර පොඩි විනෝද සවාරියක් එක්කර ගෙන යමු.....!


අභිනව රාජ්‍ය ඇමැති  ආනන්ද තිස්ස ද අල්විස් මහතා කළ එම යෝජනාවට සරත් අමුණුගම මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ අනුර ගුණසේකර ද එක පයින් කැමැත්ත පළ කළහ.


එකල හෝටල් සංස්ථාව, ලංකා සංචාරක මණ්ඩලය මෙන්ම මෙරට පිහිටි සියලුම අභයභූමි ද අයත් වූයේ රාජ්‍ය අමාත්‍යංශයට ය. ඒ අනුව ආයතනවල ප්‍රධානීන් කැඳවූ ඇමැතිවරයා කියා සිටියේ මාස තුනකට වරක් රාජ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කිරීමට යන මාධ්‍ය චාරිකා සඳහා තම තමන්ගේ ආයතන අනුග්‍රහය දැක්විය යුතු බවය.


“ඒක ඒ අයගෙ හිත්වලට පොඩි සහනයකුත් වෙනවා. ඒ වගේම ඒ උදවිය ලවා තම තමන්ගේ ආයතනවලට එක්තරා අන්දමක පබ්ලිසිටි එකක් ලබා ගන්නත් හොඳ අවස්ථාවක් වේවි” කී ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා අමතා එම පළමුවැනි මාධ්‍ය චාරිකාව හැකිතාක් ඉක්මනින් සංවිධානය කරන්නැයි උපදෙස් දුන්නේය. ඔහු වෙනුවෙන් එම වගකීම කරට ගත්තේ එවකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ ජී. ටී. වික්‍රමසිංහ ය.


ඒ අනුව එම පළමුවැනි මාධ්‍ය චාරිකාවට සහභාගි වූ මාධ්‍යකරුවන් පිරිස කැඳවාගෙන ගියේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙදින සංචාරයකට ය. ඔවුන්ට අවශ්‍ය ඉඳුම් හිටුම්, ආහාර පමණක් නොව සැරබීම පවා එම ප්‍රදේශයේ පිහිටි හෝටල් සංස්ථාවට අයත් තරු පන්තියේ හෝටල්වලින් සපයනු ලැබුවේය.


එම චාරිකාවේදී ප්‍රදේශයේ පිහිටි අතිශය සුන්දර ස්ථාන රැසක්ම දැකබලා ගැනීමට ද ඊට සහභාගිවූ මාධ්‍යකරුවන් පිරිසට හැකිවිණ. පුරා දෙදිනක් තිස්සේ එම සුන්දර ප්‍රදේශයන්හි සංචාරය කළ පිරිස ආපසු කොළඹට පැමිණියේ දැඩි තෘප්තිමත් බවකින් යුතුවය. 


මේ ලෙස මාස තුනකට වරක් රටේ අතිශය සුන්දර ප්‍රදේශ දැක බලා ගැනීමට එවකට පැවැති ලේක්හවුස්, ටයිම්ස්, දවස සහ වීරකේසරී මෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ මාධ්‍යවේදීන්ට ද ඉඩ ලැබී තිබුණේ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවැති විවිධ ආයතනවල අනුග්‍රහයෙනි. 

අභිනව රාජ්‍ය ඇමැති  ආනන්ද තිස්ස ද අල්විස් මහතා කළ එම යෝජනාවට සරත් අමුණුගම මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ අනුර ගුණසේකර ද එක පයින් කැමැත්ත පළ කළහ. එකල හෝටල් සංස්ථාව, ලංකා සංචාරක මණ්ඩලය මෙන්ම මෙරට පිහිටි සියලුම අභයභූමි ද අයත් වූයේ රාජ්‍ය අමාත්‍යාංශයට ය. ඒ අනුව ආයතනවල ප්‍රධානීන් කැඳවූ ඇමැතිවරයා කියා සිටියේ මාස තුනකට වරක් රාජ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කිරීමට යන මාධ්‍ය චාරිකා සඳහා තම තමන්ගේ ආයතන අනුග්‍රහය දැක්විය යුතු බවය.


මේ අතර එම චාරිකාවලට සහභාගි වූ මාධ්‍යකරුවන් තම තමන්ගේ පුවත්පත්වල එම සංචාර පිළිබඳ විශේෂාංග ලිපි නිතර නිතර පළ කරන ලද අතර එමගින් අදාළ ස්ථාන කරා ඇදීඑන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ද පෙරට වඩා දෙගුණයකින් වැඩිවී තිබුණේය. එහෙයින් එම ආයතන ප්‍රධානීන් මෙන්ම ඇමැතිවරයාද පසුවූයේ වෙනදාටත් වඩා සතුටිනි.


මේ අතර දිනක් කොළඹ කොටුවේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයට පැමිණි ආනන්ද තිස්ස ද අල්විස් මහතා ඊට යාබද කාමරයේ සිටි තම පෞද්ගලික ලේකම්වරයාට කතා කළේය.


අයිසේ ලෙස්ලි, බලනවකෝ මේ දුර පළාතක ඉන්න ගෑනු ළමයි කට්ටියක් මට ලව් ලෙටර්ස් එවලනේ.....!


ඔහු එසේ කියමින් තමන්ගේ මේසය මත තිබූ පෙම්පත් මිටියක් තම පෞද්ගලික ලේකම්වරයා වූ ලෙස්ලි ද අල්විස් මහතා අතට දුන්නේ ඇස් දෙක ලොකු කරගෙනය.


“අයිසේ මේ සේරමලා අවුරුදු දාසයේ දාහතේ පොඩි කෙල්ලෝ”


රාජ්‍ය ඇමැතිවරයා එසේ කිවේ ඒ අතර තිබු මුතු ඇට පෙළක් වැනි සිහින් අත්අකුරින් ලියන ලද පෙම්පත් පෙන්වමිනි. 


“දැන් බලනවා... මේ ලියුම මාතලෙන්. ඊළඟට මේක සීගිරියෙන්. තව එකක් උඩවලව පැත්තෙන්. මුන් මොකටද අයිසේ මේ හැට පැනපු මට මේ විදියේ ලියුම් එවන්නේ?”යි ඇසූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා ඊළඟට කියා සිටියේ එම පෙම්පත් මිටිය වහාම පුලුස්සා දමන ලෙසය.


“මට නං හිතාගන්නත් බැහැ සර් ඇයි සර්ට මේ විදියේ ලියුම එවන්නෙ කියලා?”යි කී පෞද්ගලික ලේකම්වරයාට ඉබේටම උඩබිම බැලුණ් තමන්ගේ නමට එවා තිබූ පෙම්පත් කීපයක්ද කාර්යාල සේවකයෙකු විසින් ඒ සමගම ගෙනැවිත් දුන් බැවිනි. එම ලිපි එවා තිබුණේද රත්නපුර ප්‍රදේශයේ ළාබාල තරුණියන් කීප දෙනෙකු විසිනි.


ඒ සමඟම ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා වූ අනුර ගුණසේකර මහතාද යම් රාජකාරි අවශ්‍යතාවක් සඳහා ඇමැතිවරයා හමුවීමට ආවේය. 


“බලනවා අනුර, මට මේ ගෑනූ ළමයි වගයක් පෙම්පත් එවලනේ”


ඇමැතිවරයා ගුණසේකර මහතා දැක එසේ කීවේ තම පෞද්ගලික ලේකම්වරයා අත තිබූ පෙම්පත් මිටිය දෙසට අතදිග කර පෙන්වමිනි. එවිට ඔහු කියා සිටියේ ගත වූ මාස අටක් පමණවූ කාලයක සිට තමන්ට ද ගැහැනූ ළමයින් කීපදෙනෙකුගෙන් එවැනි පෙම්පත් විසි ගණනක් ලැබී තිබුණ බවය.


අන්තිමේදී එම පෙම්පත් සිද්ධිය තරමක් දුරදිග ගොස් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ද පැවැත්විණි.


අන්තිමේදී බලනවිට සිදුවී තිබුණේ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මාධ්‍ය චාරිකාවලට සහභාගිවූ නාහෙට නාහන ජාතියේ තරුණ මාධ්‍යකරුවන් කීප දෙනෙකු මගදිගට හමුවූ තරුණියන් විශාල පිරිසකට නම සහ ලිපිනය ලියූ කොළ කැබලි බෙදාගෙන ගොස් තිබීමය. එහෙත් ඔවුන් එම කොළ කැබලිවල තම තමන්ගේ නම සහ ලිපිනයන් වෙනුවට එවකට රාජ්‍ය ඇමැති ධුරය හෙබවූ ආනන්ද තිස්ස ද අල්විස් එම අමාත්‍යාංශයේ ලේකම් සරත් අමුණුගම සහ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ අනුර ගුණසේකර යන මහත්වරුන්ගේ නම් සටහන් කර තිබීම නිසා එම කොල කැබලි අහුලාගත් කෙල්ලන් පෙම්පත් එවා තිබුණේ ඔවුන්ගේ නම්වලටය.


“ඔව් ඉතින් අපේ නම් දිහා බැලුවමත් ඒ ළමයි හිතන්න ඇති අපිත් අවුරුදු දහ අටේ විස්සෙ කොලු ගැටව්ය කියලා.....”යි. කියමින් සිනාසුණු ආනන්ද තිස්ස ද අල්විස්  මහතා ඊළඟට කියා සිටියේ එම පෙම්පත් කතාව පත්තරකාරයන්ගේ කනට වැටීමට කිසිසේත්ම ඉඩක් නොතැබිය යුතු බවය.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

හැටපැන්න ඇමැතිට කෙල්ලන්ගෙන් පෙම් හසුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site