IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සම සමාජයේ හවුල්කරුවෝ

නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි

 

පුළුල් වූ දේශපාලන අවබෝධයක් පොදු ජනතාව තුළ නොතිබුණු රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයෙහි මෙරට පාලන තන්ත්‍රයෙහි නිෂේධ බලය අත්පත් කරගෙන තිබුණේ අධිරාජ්‍යවාදී පාලකයන් හා ඔවුන්ගේ යටත් සේවක පිරිසක් ලෙසින් සිටි ඇමති මණ්ඩලයකි. බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මුළු දේශයම සතුව පැවති ආර්ථිකය මෙහෙයවීමට ඔවුන්ට හිතැති වතු වගාකරුවෝ මෙම සශ්‍රීක භූමියෙහි හිමිකරුවන් පමණක් නොව වතුවගාව හා සම්බන්ධ ප්‍රදේශයන්හි නිල නොලත් පාලකයෝද වූහ.


තවත් අතකින් රදල බලය හා එක්වුණු මුලාදෑනි කණ්ඩායම පොදු ජනතාව කෙරෙහි විවිධාකාර බලපෑම් එල්ල කරමින් සිටියහ. විදෙස් අධ්‍යාපනය ලැබ මතු වී නැඟීගෙන එන මිනිස් සංහතියේ හදගැස්ම ළංකර ගත් බුද්ධිමතුන් පිරිසකගේ නායකත්වයෙන් මතුව ආ සම සමාජ ව්‍යාපාරය ඉහත කී ආක්‍රමණිකයන්ව මෙල්ල කර ගැනීම අපහසු වූයේ සුළු කලක් ඇතුළත වුවද ජාතිකාභිමානය සිත්හි දරාගත් දෑහිතකාමී පිරිසක් මෙම නායකත්වය සමඟ එක්වී දිවි පරදුවට තබා ඉදිරියට පැමිණෙමින් සිටි හෙයිනි.


අවම වශයෙන් පොදු ජනතාව ඒකරාශී කොට ජාතියේ ඉදිරි ගමන ගැන ඔවුන් දැනුවත් කිරීමටවත් එකී බලවේග සම සමාජ නායකත්වයට ඉඩ නොතබමින් ඉදිරියට පැමිණියේ නිසැකවම පවත්නා පාලන ක්‍රමය සුළු කලක් ඇතුළතදී විනාශ කර දැමීමට තරම් බලවේගයක් මේ වන විටත් අළු යට ගිනි මෙන් කැකෑරෙමින් තිබුණු හෙයිනි.


හෝමාගම, බුලත්කොහුපිටිය, ලෝලුවාගොඩ, නාත්තණ්ඩිය, මාදම්පේ ආදී ප්‍රදේශවල සමසමාජවාදීන් මෙහෙය වූ මහජන රැස්වීම් කඩාකප්පල් කිරීමට මැරවර බලය මුළුමතින්ම යෙදවීමට රදල ධනපති දේශපාලකයෝ කටයුතු කළහ. එහෙත් ආත්ම පරිත්‍යාගයෙන් ඉදිරියට පැමිණි ප්‍රදේශබද හිතකාමීන් නිසාම සුළු සුළු ගැටුම් ඇතිවුවද මහජනතාවට සත්‍යය හඬගා කියන්නට මොවුනට හැකිවිය.


දරුණු ගැටුම් මෙකී රැස්වීම්වලදී ඇතිවිය හැකි හෙයින් පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණත් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරනු ලැබුයේ මැරවරයන්ගේ ජීවිතාරක්ෂාව වීම මෙහිදී දැකගත හැකි වූ සුවිශේෂි ලක්ෂණයකි. බුලත්කොහුපිටියේ පැවැති රැස්වීම්වලදී පොලිස් නිලධාරින් බලාසිටියදීම සම සමාජ නායකයින්ගේ මෝටර් රථවලට අලාභහානි සිදු කෙරිණි. අනවසරයෙන් ඉඩකඩම්වලට ඇතුළුවීම යන චෝදනාව යටතේ පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු සම සමාජ නායකයින්ට විරුද්ධව නඩු පැවරිණි. මෙම නඩුව විභාග කෙරුණේ කෑගල්ල උසාවියේදීය. සිදුවන්නේ කුමන ප්‍රතිඵලයක්ද යන්න දැනගැනීමට දහස් ගණනක් ජනතාව උසාවි භූමියට රැස්ව සිටියහ. විත්තිකරුවෝ නිදහස් වූහ. ඒ නිසාම මේ පිළිබඳව කිසිදු පුවත්පතක තොරතුරක් පළ නොවූයේ මුද්‍රිත මාධ්‍ය සියල්ලම තම අණසකට යටත් කර ගැනීමට පාලක පක්ෂයට හැකිව තිබූ හෙයිනි.


1939 පෙබරවාරි 29 වැනිදා හෝමාගම නගරයේ රැස්වීමක් පවත්වන බවට සම සමාජ පක්ෂය කල්තබාම ප්‍රදේශවාසීන් දැනුම්වත් කර තිබුණි. රැස්වීම ආරම්භ වන්නට සුළු වේලාවකට පෙර නළා පිඹිමින්, දවුල්, තම්මැට්ටම් හඬවමින් පෙරහරක් රැස්වීම් භුමිය අසලට පැමිණෙමින් තිබිණ. පෙරහරේ ගමන් ගත් පිරිසෙන් වැඩි දෙනකු අත කඩු කිනිසි ද තිබිණ.


පිලිප් ගුණවර්ධනගේ සොහොයුරු රොබට් මේ වන විට සමසමාජය වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ පුද්ගලයෙකි. ඇන්. ඇම්. සමසමාජ පක්ෂයේ නායකයා වුවද පිලිප් ගුණවර්ධන මෙන්ම රොබට් ගුණවර්ධනද පක්ෂය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළහ. ඔහු මෙකී බලවේගයට එක් වූ ආකාරය පිළිබඳවද ඇත්තේ අපූරු කතා ප්‍රවෘත්තීන්ය. 
පිලිප් ගුණවර්ධන එතෙර අධ්‍යාපනයට මෙරටින් බැහැරව ගියේ 1922 අවුරුද්දේය. ඒ වන විට රොබට්, ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ අන් සියලු දෙනාට වඩා කැපී පෙනෙන පුද්ගලයෙකුව සිටියේය. ආනන්දයේ ක්‍රීඩා පිටියට සිය අණසක පතුරුවාලන්නට රොබට් සමත්ව සිටියේය. තමාගේ සම වයස් හි වූ කොලු පිරිස සතු දේහ ශක්තිය, වාග් ශක්තිය ඉක්මවා ගිය කොලු ගැටයකු වූ රොබට් ගුරුතුමකු දුටු විට පියා මවට මෙන් ගරු සත්කාර දැක්වීම පුරුද්දක් කොටගෙන සිටියේය.


ආනන්දයේ කැඩෙට් භට කණ්ඩායමට රොබට් නම් කරන ලද්දේ පිලිප් ඇමෙරිකාවට ගිය දිනය පසුකර දින කිහිපයක් ගත වූ පසුවය. දියතලාවේ යුද අභ්‍යාස විද්‍යාලයේද සති කිහිපයක් පැවැති පාඨමාලාව තරමක දුෂ්කර වූවක් විය. අවි භාවිතය එතරම් ප්‍රචලිතව නොතිබුණු ඒ සමයේ ශරීර ශක්තිය විසින් තමාට එරෙහිව එන පසමිතුරකු මෙල්ල කිරීමට ඇති උපක්‍රම ක්‍රමවත්ව හා විධිමත්ව මෙහිදී ප්‍රගුණ කෙරිණි.


දියතලාවේ පුහුණුව ලැබ ආපසු කොළඹට පැමිණෙන තම සහෝදර සිසුවන් අඟුරු කෝච්චියෙන් මොහොතින් මොහොත විසිර එන ගල් අඟුරු කුඩුවලින් බේරෙන්නට හිස් පාත් කරගෙන සැණෙකින් කඳුරැලි බලමින් විනෝදයෙන් එන අයුරු රොබට් දුටුවේය.


“මල්ලිලා මෙහෙ වරෙල්ලා, අපි ඉගෙන ගත්ත දේවල්වලින් වැඩක් තියෙන්නත් එපායැ. අපි පුංචිපහේ සෙල්ලමක් කරමු. උඹලා ඔක්කොම එක පැත්තක. මම අනිත් පැත්තෙ. කවුද දිනන්නෙ කියල බලමු”


රොබට්ගේ අභියෝගය මිතුරෝ භාර ගත්හ. කෝච්චි පෙට්ටිය එකම පොර පිටියක් විය. රොබට් තම සගයන් සියලු දෙනාම මොහොතක් ගතවන්නටත් මත්තෙන් මෙල්ල කර ගත්තේය.


ආනන්දයේ මුළු ශිෂ්‍ය පිරිසම රොබට් සමග එක්ව සිටියහ. නේවාසිකාගාරය පාලනය වන්නේ ඔහුගේ අනුදැනුම අනුවය. කිසිදු ශිෂ්‍යයෙකුට කවර ආකාරයක හෝ අකටයුත්තක් සිදු නොවීමට ඔහු වගබලා ගත්තේය. 


ඉතාමත් අහිංසක ශිෂ්‍යයෙකු ගාල්ල නාගොඩ පළාතෙන් පැමිණ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිට ඉගෙනුම් කටයුතුවල නියුක්තව සිටියේය. ඔහු පිළිබඳව විදුහල්පතිවරයාට විවිධ අංශවලින් පැමිණිලි ලැබී තිබිණි. ඒ ඔහු අති දක්ෂ ශිෂ්‍යයකු වීමත් විදුහලේ ඇතැම් ගුරුවරුන්ගේ ළමයින්ට වඩා ඔහු පෙරමුණ ගෙන සිටීමත් නිසාය. කිසිදු කරුණක් විභාග නොකළ ගුරුවරයා ඔහුට නේවාසිකාගාරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබුණි.


‘අයියෙ මාව මෙතැනින් එළවලා දාලා. මම ගෙදර යන්නේ නෑ. මේක ප්‍රින්සිපල් කරපු වැරැද්දක්. මාව කොහේ හරි නවත්වන්න” ඔහු රොබට් හමු වී බැගෑපත් විය.


‘මල්ලි බය වෙන්න එපා. මටත් ඕන ප්‍රින්සිපල්ට පාඩමක් උගන්නන්න” රොබට් තම මිතුරන් කිහිප දෙනකු සමග කතාබහ කොට රැය එළිවන්නට මත්තෙන් එම ශිෂ්‍යයා කහවත්තට රැගෙන ගියේය. එතැන දිනක් නතර කොට තලවාකැලේට ගොස් ආපසු කොළඹ පිහිටි තම හිතවතකුගේ නිවසක නතර කළේය.


විදුහල්පතිගේ ලිපිය ලැබුණු නේවාසිකාගාරය තහනම් කළ ශිෂ්‍යයාගේ දෙමාපියන් පාසලට පැමිණියේ දරුවා රැගෙන ගොස් වෙනත් නේවාසිකාගාරයක නතර කිරීමටය. එහෙත් දෙමාපියන්ට දෙන්නට ළමයකු නේවාසිකාගාරයේ නොවීය. මෙහි මුළු වගකීමම තමා සතුව පවතින බව තේරුම් ගත් විදුහල්පතිවරයා මෙහි විසඳුම් ඇත්තේ දඟකාරයකු වූ රොබට් සතුව බව වටහා ගත්තේය.


“රොබට් මම මේ අන්තිම වතාවටයි කියන්නේ. අර ළමය හෙට උදේ වෙනකොට හොයල දෙන්න ඕන. මට ආරංචියි වෙච්ච ඔක්කොම”


“මම හොයලා බලන්නම්කො”


පසුවදා අතරමං වූ ළමයා විදුහල්පතිවරයා ඉදිරියට පැමිණියේය. බ්‍රෙස්ගර්ඞ්ල් සඟවා තැබීමටත් පිලිප්, ඇන්. ඇම්. කොල්වින්, එඞ්මන්ඞ් සිරගෙදරින් පිටමං කිරීමටත් මේ අත්දැකීම් ඔහුට පසුකාලීනව පිටිවහලක් විය.


හෝමාගම පැවැති සමසමාජ රැලියේදී මැරවර බලයට එරෙහිව රොබට්ගේ නායකත්වයෙන් යුත් ස්වේච්ඡා සේවක කණ්ඩායම එදා ඉදිරිපත් නොවිණි නම් මැරවර බලය රජ වී මුළු රටේම ඉදිරි ගමන්මඟ වෙනතකට පත්ව යනු නොඅනුමානය.

 



අදහස් (0)

සම සමාජයේ හවුල්කරුවෝ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12103 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6800 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14487 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14844 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2762 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 454 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1876 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1670 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site