IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


වතුකරයෙන් බිහිවූ කොළඹ මිනිසා ටී. විලියම් ප්‍රනාන්දු

නුවරඑළිය දිස්ත්‍රික්කය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මැතිවරණ කොට්ඨාසයකි. මෙරට දේශපාලන ගමන් මග වෙනස් කිරීමට ආණ්ඩු පත් කිරීමට ආණ්ඩු වෙනස් කිරීමට ඍජු ලෙස දායකත්වය දක්වා සිටී.


ඒ සමගම මෙරට වැදගත් තීරණ තීන්දු ගත්, ගැනීමට අත හිත දුන් ප්‍රබල දේශපාලන නායකයින් නායකත්වය දුන් තැනකි.


අවුරුදු 69ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට කම්කරුවකු ලෙස ගොඩවූ විලියම් බාස් නම් ටී. විලියම් ප්‍රනාන්දු නම් සැබෑ මානව හිතවාදී මහජන සේවකයා නුවරඑළියට මෙන්ම පොදුවේ ශ්‍රී ලංකාවට කළ සේවාව මිල කළ නොහැකිය.


මොරටුවේ කොරලවැල්ලේ උපත ලැබ පවුලේ දරිද්‍රතාව නිසා වයස අවුරුදු 12දී රැකියාවක් සොයා මහමගට බට ටී. විලියම් ප්‍රනාන්දු මහතා අවසානයේ 1960 වසරේදී නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයේ මහජන නියෝජිතයා බවට පත්වූයේ දෛවයේ ප්‍රාතිහාර්යක් ලෙසය.


දේශපාලනය මෙරට සමහර පවුල්වල උරුමයක් ලෙස සැලකූ සමයක 1956 සම්බුද්ධ ජයන්තිය දේශපාලන පරිවර්තනය ටී. විලියම් ප්‍රනාන්දු නම් දේශපාලකයාගේ ගමන් මගට ආලෝකය වී ඇත.


1960-1965 අතර කාලයේ මහජන නියෝජිතයකුවීමට පෙර වතු ක්ෂේත්‍රයේ තේ කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීමට ගොස් ලැබූ අත්දැකීම් මත උඩරට වතු ක්ෂේත්‍රයේ අසරණ වූ සිංහල ජනතාවට හා නුවරඑළිය නගරයේ පැල්පත්වල දිවි ගෙවූ ජනතාවට අවශ්‍ය ජනපදයක් පිහිටුවීම ටී. විලියම් ප්‍රනාන්දු නම් මහජන සේවකයා 1960 ජනවාරි 28 දින නුවරඑළිය ශාන්තිපුර ගම්මාන ජනතාව අතර බෙදාදීම ඔහුගේ සිහිනය සැබෑවීමකි.


ඉන් නතර නොවූ ටී. විලියම් ප්‍රනාන්දු මහතා කඳපොල, සීතාඑළිය, මහගස්තොට, ගල්පාලම, තලවාකැලේ, පතන, ආගරපතන, බොගවන්තලාව, නානුඔය, පට්ටිපොල, අඹේවෙල, බඹරකැලේ ආදී ප්‍රදේශවල ගම්මාන 18ක් සඳහා ඉඩම් වෙන් කර ගනු ලැබීය.
වතු සමාගම්වලට යටත්ව තිබූ තේ වතුවලින් ඉඩම් වෙන් කර ගැනුමට ටී. විලියම් ප්‍රනාන්දු මහතාට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ දක්වා ඇති ප්‍රකාශයන් ඉතා සංවේගජනකය. සෑම තේ අක්කර 100කින් අක්කර 5ක් ගොවි ජනපද පිහිටුවීමට කළ අරගලයෙන් අක්කර 100කින් අක්කර 2ක් ලබාගෙන ගොවි ජනපද පිහිටුවීමට ටී. විලියම් ප්‍රනාන්දු මහතාට සිදුවිය.


එසේ වෙන් කර ගත් ඉඩම් කිසිදු දේශපාලන පක්ෂ භේදයක් නොබලා බෙදාදීමට දිසාපතිවරයා වෙත භාර කිරීම ද මෙම මානව හිතවාදී මහජන නියෝජිතයා එදා වගබලා ගැනීම අද ද දේශපාලකයින්ට පාඩමක් වැනිය.


නුවරඑළිය මහජන නියෝජිතයා ලෙස එදා කා අතරත් ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ටී. විලියම් ප්‍රනාන්දු මහතා තම මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ දුක සැප බලන්නට තම කුඩා වෑන් රථයෙන් ගම්දනව් සොයා ගියේය. ප්‍රභූ පිරිස්වලට වඩා ටී. විලියම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගොවි, කම්කරු ජනතාව අතර නිතර ගැවසුණේ ගැමියාගේ කම්කරුවාගේ දහදිය කඳුළු ඔහුට එදා මනාව හුරුව තිබුණු නිසාය.


ටී. විලියම් ප්‍රනාන්දු නම් දේශපාලනඥයා එවක අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමග එක්ව මෙරට ඉන්දියානු සම්භවයෙන් යුතු ජන කොටසකගේ ප්‍රශ්නය විසඳීමට මහත් වූ වෙර වීරියක් දැරූවෙකි. ඒ නිසා වතු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හා දේශපාලකයෝ ටී. විලියම් ප්‍රනාන්දු මහතාට එරෙහිව ජාතිවාදී චෝදනා ගෙන එන්නට ද පසුබට නොවූහ.


කෙසේ වුවත් 1965 මහා මැතිවරණයෙන් ටී. විලියම් ප්‍රනාන්දු මහතා පරාජය කිරීමට හේතුවූයේ උඩරට ජනපද ඇති කිරීම බව කවුරුත් දන්නා කරුණකි. 1970 මහා මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළ ටී. විලියම් ප්‍රනාන්දු මහතා පසුව නුවරඑළිය මහා නගර සභාවේ පුරපතිවරයා ලෙස ඉමහත් සේවාවක් නුවරඑළිය නගරයට ඉටු කළේය.


නුවරඑළිය ආශ්‍රිත ගම්මාන ඇතිකිරීම එම ගම්මානවල පදිංචි වූ ගැමි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබ ඇත. අත්යන්ත්‍ර බලවේග පෙහෙකම් ආරම්භ කිරීම නුවරඑළිය කිරි ගොවීන් නගාසිටුවීම සඳහා අඹේවෙල පිටිකිරි කර්මාන්තහල ආරම්භ කිරීමට කටයුතු කළ ටී. විලියම් ප්‍රනාන්දු මහතා දේශීය දේට මහත් ඇලුම් කළ මහජන නියෝජිතයෙක් විය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1963 සැප්තැම්බර් 16 දින යුගෝස්ලෝවියාවේ පැවැති 52 අන්තර් පාර්ලිමේන්තු සම්මේලනය ආමන්ත්‍රණය කිරීමේ වාසනාව උදාකර ගත් විදේශීය සංචාරවලට එක්වූ ටී. විලියම් ප්‍රනාන්දු මහතා ඒ ගමන සුඛවිහරණ ලබා ගැනුමට වඩා මෙරට ග්‍රාමීය පන්තිය නගා සිටුවීමට ක්‍රියා කළේය.

 

නුවරඑළිය මහජන නියෝජිතයා ලෙස එදා කා අතරත් ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ටී. විලියම් ප්‍රනාන්දු මහතා තම මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ දුක සැප බලන්නට තම කුඩා වෑන් රථයෙන් ගම්දනව් සොයා ගියේය. ප්‍රභූ පිරිස්වලට වඩා ටී. විලියම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගොවි, කම්කරු ජනතාව අතර නිතර ගැවසුණේ ගැමියාගේ කම්කරුවාගේ දහදිය කඳුළු ඔහුට එදා මනාව හුරුව තිබුණු නිසාය.

 


 

 

(මතු සම්බන්ධයි)

 

 

 

නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි

 



අදහස් (0)

වතුකරයෙන් බිහිවූ කොළඹ මිනිසා ටී. විලියම් ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site