IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


විජේවීරගෙන් අමුතු උපදෙසක්

ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

04 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

ජේ. ආර්. ජයවර්ධන ලෙහෙසි පහසු පුද්ගලයෙක් නොවේ. එම නිසා ළඟ තියෙන ලේන්සු හොඳට තෙමා ගන්න කියා විජේවීර සහෝදරයා අපට කීවේය. අපි සියලුදෙනා එසේ කළෙමු. උද්ඝෝෂණ පෙරහැර සාධු සාධු කියමින් මහා සංඝරත්නය පෙරටු කරගෙන විහාර මහාදේවී උද්‍යානයෙන් පිටත් විය. අපි ද ඒ සමඟ ගමන් කළෙමු. අප ගාලුපාරට ඇතුළු වූවාට එතැනින් ඉදිරියට යන්න නොහැකි විය. එක්වරම කාර් එකක් මේ සෙනඟ අතරින් ඉදිරියට ධාවනය විය. ලොකු අතුල හා රාජා කාර් එක ඉස්සරහට පැන ඉස්සරහ වීදුරුවට පහර දෙන්නට වූහ. අපි මේ දෙදෙනා ඇද ඉවතට ගත්තෙමු. ඒ එක්කම කඳුළු ගෑස් ප්‍රහාරයක් අප දෙසට පැමිණියේය. 

තෙමා ගෙන ආ ලේන්සුවලින් අපි ඇස් තෙමා ගතිමු. සෙනඟ හැරුණ හැරුණ අතේ දුවන්නට විය. අපි පාර අයිනට වූයෙමු. පාර අයිනේ තිබූ නිවෙස්වල පදිංචිකරුවෝ සිය දොරවල් ඇර සෙනඟ නිවෙස් තුළට ගත්හ. මම ද එම ගෙයක් ඇතුළට දිව ගියෙමි. මෙම ගොඩනැඟිල්ලේ ලංකා ජාතික ගුරු සංගමයේ සභාපතිතුමාද සිටියේය. ‘අතේ කිසිවක් ගෙන යන්න එපා කියා අපව නිරායුධ කර සතුරා ඉදිරියට එව්වා නේද” කියා එවිට මම ඔහුගෙන් ඇසුවෙමි ‘මෙවැනි තත්ත්වයක් ඇතිවේ යැයි ඔබට වැටහීමක් තිබුණේ නැද්ද?” කියා ද ඇසුවෙමි. ඔහු ‘වුණ දේ වුණානෙ, අපි පහළට  ගිහින් බලමු මොකද වෙලා තියෙන්නේ’ කියා ඔහු එළියට ගියේය. එම නිවෙසින් දුන් වතුරවලින් ඇසි පිසදාගෙන එහි සිටි සියලු දෙනාම සමග මම ද පිටතට ආවෙමි. 


පසුව අප කණ්ඩායමේ සිටි විජේවීර, රාජා යන අය මට නැවත හමු විය. අනතුරුව අපි නැවත පක්ෂ කාර්යාලයට ගියෙමු. මේ වන විට පක්ෂ කාර්යාලයට සිදු වූ දෙය ආරංචි වී තිබුණි. ඔවුන්ද සිටියේ කලබලයෙනි. සිදුවන දේ ගැන ඔවුන් කියන දේ අසාගෙන සිටි අපි ආපසු යන්න ගියෙමු.


මෙම සිද්ධියේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ අතර පොලිස් වෙඩි පහරකින් දඹරාවේ රතනසාර හාමුදුරුවෝ අපවත් වූ බව පසුව දැන ගන්නට ලැබුණි.


විජේවීර සහෝදරයා විහාරමහාදේවී උද්‍යානයේදී අපට කීවේ මෙවැනි අවස්ථාවන්ට සහභාගි වී අත්දැකීම් ලබා ගැනීම අපගේ ඉදිරි කටයුතුවලට උපකාර විය හැකි බවයි. කලබලයක් ඇතිවේ යැයි කියා ඔහු අනුමාන කර තිබුණි.


මෙම පෙළපාළිය දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට විරුද්ධව පැවති එකක් නිසා එය සිංහල ජාතිවාදී ව්‍යාපාරයක් යයි ශන්මුගදාසන් සහෝදරයා ප්‍රකාශ කළේය. විජේවීර සහෝදරයා දෙමළ විරෝධියකු බවත් ඒ සමඟම ඔහු ප්‍රකාශ කර තිබුණි. තවත් පසු කලෙක අපගේ ව්‍යාපාරයේ ඉන්දියානු ව්‍යාප්තවාදය නැමැති දේශපාලන පන්තියත් හා ව්‍යාපාරයේ පූර්ණ කාලිනයන් රෝහණ, අතුල, අශෝක වැනි නම් සිංහල නම් පමණක් භාවිතා කිරීමට හේතුව දෙමළ විරෝධී සිංහල ජාතිවාදී මතයක් ඇති නිසා බව ව්‍යාපාරයට විරුද්ධ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පිරිස් හා ඉන් කැඩී ගිය සංවිධාන පසුව ප්‍රකාශ කළේය.

 

විජේවීර, ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වන හැටි, වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය, ඉන්දියානු ව්‍යාප්තවාදය, නිදහස් අරගලය හා ලාංකික විප්ලවය ගතයුතු මග ලෙස මෙම දේශන නම් කළේය. මෙම දේශන ඔහු මුලින්ම කළේ අප ඉදිරියේය. අපි එම කරුණු සටහන් කර ගත්තෙමු. ඔහු මෙම පන්ති සකස් කළේ පොත්පත් කියවීමෙනි. එසේ කරුණු ලබා ගත් පොත්වල නම් හා පිටු අංක පවා ඔහු අපට කළ දේශනයේදී සඳහන් කළේය. ආර්ථික අර්බුදය පන්තිය කිරීමෙන් පසු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස සිටි ඇස්.ඒ වික්‍රමසිංහ මහතා ලියා ඇති ‘ඉදිරි මඟ” නම් සඟරාව කියවා බලන්න කියා ඔහු කී බව මට මතකය.


දෙමළ භාෂාවට නිසි තැන දීම සඳහා දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දිගුකලක් පෙනී සිටි සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය මෙම පෙළපාළියේදී දෙමළ විරෝධී ස්ථාවරයක් ගැනීම, එම පක්ෂ කෙරෙහි දෙමළ ජනතාව තුළ තිබූ විශ්වාසය නැති වීමට හේතුවිය.


නාවික හමුදාවේ සේවය කළ තිලකවර්ධන සහෝදරයා මේ වන විට අප ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියේය. 1966 කුමන්ත්‍රණය සූදානම් කරන ලද්දේ යුද හමුදාවේ බෞද්ධ සමිතියේ සාකච්ඡා විදියටයි. මෙම සාකච්ඡාවලට තිලකවර්ධන සහෝදරයාද සහභාගි වී තිබුණි. අපගේ අයකු මෙම සාකච්ඡාවලට සහභාගි කළ හැකි බව ඔහු කීවේය. විජේවීර සහෝදරයා මෙයට සහභාගි කිරීමට ඉන් පසුව අපි තීරණය කළෙමු. ඒ සඳහා දිනය හා වේලාව තීරණය කර අපි කිහිප දෙනෙක් එකතු වූයෙමු. විජේවීර, කරුණාරත්න, දහනායක හා මම ද එකතු වී නුගේගොඩ සමරසිරි මහතාගේ ගෙදර උඩ තට්ටුවේ කාමරයකට ගියෙමු. සමරසිරි මහතා චීන කොමියුනිස්ට් පක්ෂයට ළැදි දොඩන්දූවේ අයෙක් විය. ඔහු පියසේන සහෝදරයාගේ කුඩා කාලයේ සිට මිතුරෙකි. ඒ හරහා මොහු හා කිට්ටු සම්බන්ධතාවක් ඇති කර ගැනීමට හැකි විය. මෙහි උඩ තට්ටුවට යාමට පිටතින් පඩි පෙළක් තිබුණි. තිලකවර්ධන සහෝදරයා එහි පැමිණ විජේවීර සහෝදරයා සමග පිටත්වී ගියේය. රාත්‍රී 11 ට, 12 ට පමණ විජේවීර සහෝදරයා ආපසු ආවේය. එවැනි සාකච්ඡා කිහිපයකටම විජේවීර සහෝදරයා සහභාගි විය. 
පසුව මෙම වැඩසටහනට සම්බන්ධව සිටින්නේ කවුරුන්ද යන්නත්, කථා වූයේ මොනවාද යන්නත් විජේවීර සහෝදරයා අපට විස්තර කළේය. ඒ විස්තර අනුව ඉදිරියේ එම වැඩ පිළිවෙළට සහභාගී නොවීමට අපි සාකච්ඡා කර තීරණයක් ගත්තෙමු. තවද, විජේවීර සහෝදරයාගේ අදහස වූයේ මෙය සාර්ථක වැඩපිළිවෙළක් නොවන බවත්, මෙයින් ලොකු විනාශයක් විය හැකි බවත්ය. කුමන්ත්‍රණය සිදු වුවහොත් අපගේ කටයුතු ටික කාලයකට නතර කරමු කියාද ඔහු කියා සිටියේය. විජේවීර සහෝදරයා මෙම සාකච්ඡාවලට සහභාගි වූයේ ‘දොස්තර තිස්ස’ යන ආරූඪ නමිනි.


එම කුමන්ත්‍රණය උපන් ගෙයිම අසාර්ථක විය. ඉන් පසු රහස් පොලීසිය විසින් ‘දොස්තර තිස්ස’ නම් අයකු සොයන බව පුවත්පත්වල පළවිය. මේ නිසා අප විජේවීර සහෝදරයා ටික දිනක් පියසේන සහෝදරයාගේ සහයෙන් අම්බලන්ගොඩ තබාගෙන සිට පසුව කතරගම සිරිපාල සහෝදරයා මඟින් ආරක්ෂක ස්ථානයක නැවැත්වූයෙමු.


මේ කාලය තුළ විජේවීර සහෝදරයා විසින් පසුව අප ව්‍යාපාරයේ රටපුරා පවත්වන ලද පන්ති පහ සකස් කරන ලදී. මේ සඳහා අවශ්‍ය පොත්පත් විජේවීර සහෝදරයාට අපි සැපයුවෙමු. ව. පියසේන සහෝදරයාගේ පොත් එකතුවේ තිබූ බොහෝ පොත්පත් ඔහු රැගෙන ගියේය. කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ දොස්තර වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සකස්විය යුතු අන්දම ගැන ලියූ සඟරා ද ඒ අතර විය. විජේවීර, ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වන හැටි, වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය, ඉන්දියානු ව්‍යාප්තවාදය, නිදහස් අරගලය හා ලාංකික විප්ලවය ගතයුතු මග ලෙස මෙම දේශන නම් කළේය. මෙම දේශන ඔහු මුලින්ම කළේ අප ඉදිරියේය. අපි එම කරුණු සටහන් කර ගත්තෙමු. ඔහු මෙම පන්ති සකස් කළේ පොත්පත් කියවීමෙනි. එසේ කරුණු ලබා ගත් පොත්වල නම් හා පිටු අංක පවා ඔහු අපට කළ දේශනයේදී සඳහන් කළේය. ආර්ථික අර්බුදය පන්තිය කිරීමෙන් පසු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ලෙස සිටි ඇස්.ඒ වික්‍රමසිංහ මහතා ලියා ඇති ‘ඉදිරි මඟ” නම් සඟරාව කියවා බලන්න කියා ඔහු කී බව මට මතකය. ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තිය චීන අගමැති වූ චෞ එන් ලායිගේ ලිපියක කරුණු අනුසාරයෙන් සකස් වී තිබුණේය. එයට සිරිල් මැතිව් ගේ හා කේ. එම්. පී. රාජරත්නගේ ජාතිවාදී අදහස් ඇතුළත් වූ බවටද පසුව චෝදනා එල්ල විය. මා සංවිධානය කළ 1967 සුප්‍රසිද්ධ කලැත්තෑවේ සාකච්ඡාවේදී මෙම පන්තිවල අඩංගු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කර පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අපි එකඟතාවට පැමිණියෙමු.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

විජේවීරගෙන් අමුතු උපදෙසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 543 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17303 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site