IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විජේරත්නට අභිරහස් මරණයක්

රන්ජන් විජේරත්න

 

භීෂණ සමයේම ආරක්‍ෂක අමාත්‍යවරයා විදියට කටයුතු කරපු රන්ජන් විජේරත්නගෙ රියැදුරා නිවසේදීම ඝාතනය කරලා තිබුණා. හෝමාගම ප්‍රදේශයේ තමයි ඔහු පදිංචිවෙලා හිටියේ. රන්ජන් විජේරත්න මේකට ලොකු කේන්තියකින් හිටියේ. මේ සිදුවීම හරහා ඔහු තවත් දරුණු වුණා කිව්වොත් නිවැරදියි. මේ නිසා ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්දනය කිරීමට තවත් දැඩි පියවර ගත්තා.


මේ හින්දම රන්ජන් විජේරත්නටත් තිබුණේ විශාල ජීවිත තර්ජනයක්. ඔහුට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තමයි දැඩි තර්ජනයක් එල්ල වුණේ. රන්ජන් විජේරත්නගේ ඝාතනයත් රටේ විශේෂ කතාබහට ලක්වුණ එකක්. මොකද ඒ ඝාතනය ගැන විවිධ කතා පැතිරුණා. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් ඔහුව ඝාතනය වුණා කියලා කියවුණත් ඔහුගේ ඝාතනයත් සැකසහිත එකක් වශයෙන් තමයි ඉතිහාසයට එකතු වුණේ. 


රන්ජන් විජේරත්න කරපු ඇමැතිකම්වලදී ඔහු දක්‍ෂතා පෙන්නුවා. වැවිලි කර්මාන්ත ඇමැති විධියට කටයුතු කරද්දිත් වැවිලිකරයට බලපාපු ප්‍රශ්නවලට කඩිනම් විසදුම් ලබා දුන්නා. විදේශ ඇමැති විදියට කටයුතු කරද්දී රජීව් ගාන්ධි එක්ක විවිධ වාද විවාදවලට පැටලුණා. 


එල්.ටී.ටී.ඊ. එක පුහුණු කරන්නේ ඉන්දියාවේ කියලා රන්ජන් විජේරත්න සාක්‍ෂි සහිතව රජීව් ගාන්ධිට ඔප්පු කරලා තිබුණා. ඔහු ඒක ඔප්පු කරන්න ඡායාරූප පවා අරගෙන තමයි ගියේ. 


ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දෙවැනි කැබිනට් සංශෝධනයත් ඒ කාලේ දේශපාලන කරළිය උණුසුම් කරපු මාතෘකාවක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වෙලා පවත්වපු පළමුවැනි කැබිනට් රැස්වීමේදීම ප්‍රකාශ කළා. වසරක් ඇතුළත සියලු ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් කරනවා කියලා. අගමැති තනතුර සම්බන්ධවත් ඔහු එතැනදි සඳහන් කළා. ඔහු කිව්වේ වසරින් වසර අගමැති ධුරයේත් වෙනස්කම් ඇති කරනවා කියලා. ඒ වෙද්දි ගාමිණී දිසානායකයි ලලිත් ඇතුළත්මුදලියි තමයි අගමැති සටනේ හිටියේ. ගාමිණි වගේම ලලිත් ඇතුළත්මුදලිත් ඒ වෙනකොට කැපී පේන දේශපාලන චරිත දෙකක් විදියට රටේම අවධානය දිනාගෙනයි හිටියේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක් අගමැතිවරයා වශයෙන් පත්වෙයි කියලා හැමෝම බලාගෙන ඉන්න අතරේ තමයි බොහෝ දෙනා විමතියට පත්කරවමින් ඩී. බී. විජේතුංග අගමැතිවරයා විදියට ජනාධිපති ප්‍රේමදාස නම් කළේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඩි. බී. විජේතුංග අගමැතිවරයා විදියට පත් කිරීම හරහා වක්‍රාකාරව රිද්දන්න උත්සාහ කළේ ගාමිණි දිසානායකට. ඔහුත් ජනාධිපතිවරයාත් අතර තිබුණු විරසකය මේකට බලපෑවා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පළමුවැනි කැබිනට් මණ්ඩලයේ ගාමිණි දිසානායකට හිමිවුණේ වැවිලි කර්මාන්ත ඇමැතිකම. ගාමිණි මේ ගැන හිටියේ අසතුටකින්. මොකද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ ඔහුට මහවැලි සංවර්ධන ඇමැතිකම වාගේ සැලකියයුතු ඇමතිකම් හිමිවුණා. ඒ වගේම ඒවායේ වැඩ කරලා කීර්තිමත් චරිතයක් වෙන්නත් අවස්ථාව ලැබුණා.


ප්‍රේමදාස ජනාධිපතිතුමා ටික කාලෙකින්  කිව්වා වගේම දෙවැනි කැබිනට් සංශෝධනයට ගියා. ඒ වෙලාවෙත් බොහෝ දෙනා බලාපොරොත්තු වුණා කියපු විදියට අගමැති ධුරයෙත් වෙනසක් ඇති කරලා. ගාමිණීට හෝ ලලිත්ට අගමැතිකම දේවි කියලා ඒ වෙනකොට තිබුණු තත්ත්වය උඩ ජනාධිපති ප්‍රේමදාස ලලිත් වගේම ගාමිණී ගැනත් අගමැතිකම දෙන්න තරම් පැහැදීමකින් නොවෙයි හිටියේ. දෙවැනි කැබිනට් සංශෝධනයේ ඩී. බී. විජේතුංග අගමැති ධුරයෙන් ඉවත් නොකර දිගටම ඔහු ඒ තනතුරේ  කටයුතු කරන්න ඉඩ සැලසුවා.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

විජේරත්නට අභිරහස් මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site