IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල්ගෙන් තිස්සට අවවාදයක්

 

ජයලත් ජයවර්ධන රෝහල්ගත වෙලා පරීක්‍ෂණ කළාට පස්සේ තත්ත්වය ටිකක් හොඳ නෑ කියලා දැනගෙන මට කතා කරලා දැන්නම් ‘බයිපාස්’ එක කරන්නම වෙනවා දැන්නම් බේරිල්ලක් නෑ කියලා. කොහොම හරි ‘බයිපාස්’ සැත්කම ජයලත් කරගත්තා. ඒත් අන්තිමටම අමාරු වෙලාවෙ කරපු නිසා සැත්කමෙන් පස්සේ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ නිසා ජයලත්ව ඉතා ඉක්මනින් සිංගප්පූරුවට යැව්වා වැඩිදුර ප්‍රතිකාරවලට. තවත් සැත්කමක් කරන්නයි වෙලා තිබුණේ.

සිංගප්පූරුවෙ ඉදගෙන ප්‍රතිකාර ගන්න අතරෙත් අපිට දුරකථන ඇමතුම් දෙන්න ජයලත් අමතක කළේ නෑ. දවසක් රනිල් වික්‍රමසිංහයි මායි මුණගැහිලා සාකච්ඡාවක ඉන්න වෙලාවක මට ජයලත්ගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒ වෙලාවේ මම රනිල් වික්‍රමසිංහටත් දුරකථනය දුන්නා. ඔහුත් තොරතුරු එහෙම අහලා පස්සෙ දොස් කිව්වා ප්‍රතිකාර ගන්න ගියා නම් ඒවාට උනන්දුවෙලා හරියට කරගෙන එන්න, වෙන වෙන වැඩ ගැන කරදර වෙන්නෙ නැතුව කියලා. රනිල් වික්‍රමසිංහ මටත් කිව්වා ආපහු “කෝල්” දුන්නට උත්තර දෙන්න යන්න එපා කියලා.


කොහොම හරි දෙවැනි බයිපාස් සැත්කමත් කරලා තිබුණා. ඒත් ඒකෙන් පස්සෙ ජයලත්ට සිහිය නැතිවෙලා. දොස්තර කෙනෙක් වෙලත් තමන්ගේ ලෙඬේ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වපු කෙනෙක් තමයි ජයලත් ජයවර්ධන. රනිල් වික්‍රමසිංහයි මමයි නුවරඑළියේ පක්‍ෂ රැස්වීම් වගේකට ගිහින් ඉන්න වෙලාවක තමයි අපිට ජයලත් ජයවර්ධන නැති වුණා කියන පණිවිඩය අපිට ආවේ. අපි එවෙලෙම ඒ ගැන කරන්න අවශ්‍ය සියලු දේවල් කරන්න සැලසුම් කළා. පක්‍ෂයේ සියලුම දෙනා වගේ අවමඟුලට සහභාගී වෙලා ඔහුට කරන්න පුළුවන් ගෞරවය පුදකළා. ඔහු පක්‍ෂයෙන් සමුගැනීම අපේ පක්‍ෂයට සිදු වෙච්ච විශාල පාඩුවක්. පක්‍ෂයේ බර කරට අරගෙන දුවපු කෙනෙක් තමයි ජයලත්. පක්‍ෂය වෙනුවෙන් විවිධ පාර්ශ්ව එක්ක හොඳ ගනුදෙනුවක් කරගෙන යන්න ඔහුට දක්‍ෂකමක් තිබුණා. 


ජයලත් නැතිවුණේ එයාගේ දේශපාලනයේ ජනප්‍රියම කාලේ. මොකක් හරි ප්‍රශ්නයකට පැටලුනාම ජයලත් මගින් නතර වෙන්නේ නෑ. ඒක දිගටම ඇදගෙන යනවා. ජයලත්ගෙ තිබුණු සම්බන්ධතා පාවිච්චි කරලා ජයලත් රටේ විවිධ මිනිස්සුන්ට උදව් පදව් කළා. ඒකට ජාතියක් ආගමක් සැලකුවේ නෑ.


එක්සත් ජාතික පක්‍ෂයේ අමාරු වෙලාවක තමයි ජයලත් අතින් විශාල වැඩ කොටසක් කෙරුණේ. ආණ්ඩු බලයක් නැතුව අපි විපක්‍ෂයේ ඉන්න කොට විවිධ විරෝධතා කරන්න සිද්ධවුණු අවස්ථාවල ඒවට පෙරමුණ ගත්තු කෙනෙක් තමයි ජයලත් ජයවර්ධන.


පක්‍ෂයේ මහලේකම් විදියට මටත් ලොකු සහායක් ජයලත් ජයවර්ධනගෙන් ලැබුණා. මොකක් හරි කියපු ගමන් දෙපාරක් හිතන්නේ නැතුව ඒ වගකීම අරගන්න කෙනෙක් තමයි ජයලත්. මැතිවරණවලදීත් ජයලත් ලොකු කාර්යභාරයක් කළා. රටේ හැම තැනකම ඇවිදලා පක්‍ෂය ශක්තිමත් කරලා ආණ්ඩු බලයක් අරගන්න ඕනෑ කියලා ලොකු උනන්දුවක් ඔහු තුළ තිබුණා. ඒත් ඔහුට ඒ හීනය සැබෑ කරගන්න බැරි වුණා. අමාරුම කාලේ පක්‍ෂය ශක්තිමත් කරලා ඔහු අපෙන් වෙන් වුණා.


පක්‍ෂය වෙනුවෙන් සහ රටේ විවිධ ප්‍රශ්න වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කළේ ජයලත්. ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්න ඇතුළු බොහෝ දේවල් ඔහු ජාත්‍යන්තරයට අරගෙන ගියා. ඒ වගේ දක්‍ෂයෙක් අහිමි වීම අපේ පක්‍ෂයට වෙච්ච ලොකුම පාඩුවක්.

 


තවත් කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල්ගෙන් තිස්සට අවවාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site