IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල් විරෝධය ඇවිස්සෙයි

 

2013 වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වියයුතු යැයි කියන බලකිරීම එන්න එන්නම වැඩිවුණා. මේකට එක පැත්තකින් නායකත්වය දුන්නේ මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක වගේ අය. මේ විරෝධතා ව්‍යාපාරයට සජිත් ප්‍රේමදාස හිටියා කියන එක හංගන්න දෙයක් නෑ. මොකද සජිත් ප්‍රේමදාස නායකයා කළ යුතුයි කියලා තමයි මේ විරෝධතාව ගියේ. කොච්චර දේවල් කළත් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් අයින් කරන්න බැරි බව මේ අයට තේරුම් ගිහින් තිබුණේ. ඒ නිසා තවදුරටත්  පොඩි පොඩි විරෝධතා කරලා වැඩක් නෑ කියලා හිතලා තමයි මේ අය මාතර ඉඳලා කොළඹට රනිල් විරෝධී දැවැන්ත පා ගමනක් සූදානම් කළේ.


මේ ආරංචිය දැනගත්තම අපිත් ටිකක් කලබල වුණා. මේ වගේ දැවැන්ත පා ගමනකට රටේ හැම පැත්තෙන්ම පිරිස් ආවොත් මේක විශාල ප්‍රශ්නයක් බවට පත්වෙයි කියලා හිතුණා. ඒකෙන් පක්ෂයේ අර්බුදය තවත් වැඩිවෙයි කියලා තමයි අපි හිතුවේ. මේ ගැන ආරංචි වෙච්ච ගමන්ම මම රනිල් වික්‍රමසිංහ මුණගැහිලා සාකච්ඡා කළා. මෙච්චර බරපතළ කාරණයක් වුණත් රනිල් වික්‍රමසිංහ මේ ආරංචිය ඒ හැටි ලොකුවට ගණන් ගත්තේ නෑ. අපි මේකේ තියෙන බරපතළකම කිව්වට ඒව සතයකට සැලකුවේ නෑ. හරිම සැහැල්ලුවෙන් මේ සිද්ධිය අර ගත්තේ. මේකෙ  තියෙන බරපතළකම මට වැටුහුණු නිසා මම යෝජනා කළා විරෝධතාවට සූදානම් වෙන පිරිස එක්ක සාකච්ඡා කරලා මේක සමථයකට පත්කර ගමු කියලා. එහෙමත් නැතිනම් මේකට වෙනත් විකල්ප පියවරක් ගමු කියලා මම කිව්වා. 


මම පක්ෂෙ කීප දෙනෙක් කැඳවලා සාකච්ඡා කළා මේ ගැන. මේ විදියෙ විරෝධතාවයක් ආවොත් මොකක්ද ගන්න පියවර කියලා. විරෝධතාකරුවන්ගේ සැලසුම වුණේ දෙවුන්දරින් පටන් අරගෙන දවස් කීපයක් ඇවිත් කොළඹින් ගමන අවසන් කරන්න. අපිට තේරුණා මේකට ආණ්ඩුවේ යම් සහයෝගයකුත් තියෙනවා කියලා. ආණ්ඩුවට ඕනෑකම තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වැඩි කිරීම. මේ ගැන කතා කරන්න මම මංගල සමරවීර ඇතුළු මාතරයි ගාල්ලෙයි මන්ත්‍රී කණ්ඩායමයි පළාත් සභා මන්ත්‍රීවරුන් සිරිකොතට කැඳෙව්වා. අපේ පක්ෂයේ සන්නිවේදන බළකාය වගේම වෘත්තීය සමිතිත් මේකට කැඳෙව්වා. අපි මේ විරෝධතාව කොහොම හරි නතර කරන්න ඕනෑ කියලා මම  ඒ පිරිසට කිව්වා. ඒකට ජනතාවගේ සහභාගීත්වය අවම කරන්න ඕනෑ කියන කාරණය අපි මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. ඒ වගේම මේ විරෝධතාව පටන් ගත්තොත් ආරම්භක අවස්ථාවේ දී වහාම නතර කරලා දාන්න ඕනෑ කියන කාරණයක් සාකච්ඡා කළා. ඒකට මැදිහත් වන්නේ කොහොමද කියලා තමයි මේ පිරිස එක්ක සාකච්ඡා කළේ. 


මේකෙ වැඩි වගකීම තිබුණේ මංගල සමරවීරට. මොකද මාතරින් තමයි පටන් ගන්න සූදානම් කරලා තිබුණේ. මංගල යෝජනා කළා ඒ අයගේ විරෝධතාවයට එරෙහිව මංගලලත් රැස්වීමක් පවත්වලා ඒ වැඬේ දුර්වල කරන්නම් කියලා. එතකොට පාක්ෂිකයෝ ඒකටත් එන නිසා ලොකු දෙයක් විරෝධතාකරුවන්ට කර ගන්න බැරිවෙයි කියලා හිතුවේ. මේ විරෝධතාව දුර්වල කිරීමේ වගකීම සුදත් චන්ද්‍රසේකර ඇතුළු සන්නිවේදන බළකාය ජාතික යොවුන් පෙරමුණේ අය, සුරනිමල රාජපක්ෂලා ඇතුළු සංවිධායකයන් රැසක් මේ වගකීම බාර ගත්තා. 


මේ වැඬේ තියෙන බරපතළකම මටනම් තේරුම් ගිහින් තිබුණේ. අපි හිතන තත්ත්වය සාමාන්‍ය නෑ කියලා තමයි ලැබුණු ආරංචිවලින් කිය වුණේ. විරෝධතාකරුවන්ගේ පැත්තත් ලොකු සංවිධාන ශක්තියකින් වැඬේට බැහැලා තිබුණේ. ඒක නිසාම මම මේ ගැන පොලිස්පතිටත් ලිඛිතව දැනුම් දුන්නා. එතකොට පොලිස්පති විදියට කටුතු කළේ ඉලංගකෝන්. මම ඔහුට දැනුම් දුන්නෙ මේ තත්ත්වය දුරදිග යන්න නොදී ආරම්භක අවස්ථාවේම පාලනය කරලා දෙන්න කියලා. පොලිස්පතිතුමා  මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ඒ වගේ ගමනක් පොලිසියට අත්හිටුවන්න හැකියාවක් නෑ කියලා. ඒ නිසා පොලිසිය පැත්තෙන් අපිට සහනයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණෙත් නෑ. මම වහාම මංගල සමරවීරට කතා කරලා කිව්වා තියෙන තත්ත්වය ඒ තරම් හොඳ නෑ ඒක නිසා මේක මැඩපවත්වන්න උපායශීලිව කටයුතු කරන්න කියලා. මංගල ඒ වැඬේ බාර ගත්තා. 

 

 


තවත් කොටසක් ලබන සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල් විරෝධය ඇවිස්සෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site