IMG-LOGO

රජරටින් බිහිවූ පළමු ඇමතිවරයා පී. බී. බුලන්කුලම

 

රජරට වැව් බැඳි රාජ්‍යයේ ප්‍රධාන නගරය අනුරාධපුරයයි. අනුරාධපුරය මෙරට වසර දහසක්ම අගනගරය බවට පත්ව තිබුණේය. එපමණ කාලයක් එකම නගරයක් රටක අගනුවර ලෙස සැලකූ වෙනත් නගරයක් ලෝකයේ කුමන රටකවත් තිබේදැයි ප්‍රශ්නයකි. අනුරාධපුරය මුල්කරගත් රජරට මෙරට ත්‍රිසිංහලයේ එක් කොටසක් විය. සියල්ල අනිත්‍ය බව කියන බුදු වදනට අනුව රජරට ශ්‍රී විභූතියද ඇතිවී නැතිවී ගියේය. ඒ අනුව වැව් ඇළවේළි කැඩීබිඳී ගොස් රජරටම වන ගහනයෙන් වැසීගොස් සතා සිව්පාවාගේ රජ දහනක් විය. රජරට වැසියෝ මැලේරියා වැනි වසංගත රෝගවලට ගොදුරු වී මිය ඇදුණහ. වෙහෙර විහාර දාගැබ් පෙති පිළිම වනගතව අසරණ විය. මේ තත්ත්වය යළි වෙනස් වන්නට වූයේ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පදවිය ඩී. ඇස්. සේනානායක මැතිතුමන්ට ලැබී ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරයත් සමගය.

 

1947 මෙරට ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්ද බලයෙන් ආණ්ඩුවක් පිහිටුවා 1948 දී රටට නිදහස ලබාගත්තද, නිදහස් ලංකාවේ ප්‍රථම ආණ්ඩුවේ ඇමති ධූරයක් රජරටට ලැබුණේ නැත. ලැබුණේ නියෝජ්‍ය ඇමති පදවියකි. නිදහස ලැබී ලබන වසරට උදාවන්නේ 69 වන වසරයි. මේ වන විට ලංකාවේ ප්‍රධාන පුරවැසියා වන ජනපති ධුරය හිමිවී තිබෙන්නේ රජරට පුරවැසියෙකුටය. රජරට දේශපාලනඥයෙකුටය. එවන් අයෙකු මුළු රටම පාලනය කරන මෙම අවස්ථාවේදී රජරටින් බිහිවූ ප්‍රථම ලාංකික මන්ත්‍රීවරයාත්, නියෝජ්‍ය ඇමතිවරයාත්, කැබිනට් ඇමතිවරයාත් වූ පී. බී. බුලන්කුලම දිසාව හෙවත් අධිනීතිඥ පුංචිබණ්ඩා බුලන්කුලම දිසාව පිළිබඳව සිහිපත් කිරීම වැදගත් කරුණක් වනු ඇතැයි සිතමි.


රජරටින් බිහිවූ කීර්තිමත් දේශපාලකයන් හා ඇමතිවරුන් වූ සී. පී. ද සිල්වා, මෛත්‍රීපාල සේනානායක, ඊ. ඇල්. බී. හුරුල්ල, ඒ. ඇම්. ඇස්. අධිකාරි, මෛත්‍රිපාල සිරිසේන වැනි නායකයන් අතර පළමුවැන්නා වූ පී. බී. බුලන්කුලම දිසාව කීර්තිමත් ඉතිහාසයක් ඇති පරපුරකින් පැවත එන්නෙකි.


මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සූරීන්ගේ උඩරට කැරැල්ල නම් ග්‍රන්ථයට අනුව බුලන්කුලම පරපුර පැවත එන්නේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ සිරිමා බෝධිය මෙරටට වැඩම කරවීමේදී ඒ සමග පැමිණි රාජ දූත පිරිසේ පැවත එන අයෙකුගෙනි. සිරිමා බෝධියට රැකවරණය දුන් මෙම පරපුර මෙරට රාජ රාජ මහා අමාත්‍යවරුන්ගෙන් සුවිශේෂී වරප්‍රසාදයන්ද, රැකවරණයන්ද ලබමින් රජරට ජීවත් වූහ. මෙම පරපුරෙන් පැවත එන්නෙකු වූ සූරිය කුමාර වන්නිසිංහ නමැති ප්‍රභූවරයාට රාජාධි රාජසිංහ රජු විසින් සිය රාජපාක්ෂික භාවය සලකා වර්ෂ 1793 දී “බුලන්කුලම” යන ගෞරව නාමය සමග රජරට ප්‍රදේශයේ ගම්බිම් රාශියක් නින්දගම් වශයෙන් පවරා දී ඔහු ඉහළට ඔසවා තබන ලදී. ඔහුගේ මුනුබුරෙකු වූ ලොකු බණ්ඩාර බුලන්කුලම මහතාට ඉංග්‍රීසි ආණ්ඩුව මගින් රජරට පළාතේ “රටේ මහත්මා” තනතුර ප්‍රදානය කර ගෞරව දැක්වූයේ සිය රාජපාක්ෂිකභාවය නිසාය. මෙම පදවියට අමතරව ලොකු බණ්ඩාර බුලන්කුලම මහතා අනුරපුර අටමස්ථාන භාරකාර කමිටුවේ සභාපති තනතුරද හොබවා ඇත. මෙතුමන් විවාහ වූයේ පුංචි බණ්ඩාර කහඳව නිලමේගේ දියණිය වූ කහඳව ටිකිරි කුමාරිහාමි මෙනවිය සමගය. මෙම දෙදෙනාට 1890 දෙසැම්බර් 21 වැනි දින උපත ලද පුතණුවන් වූයේ පසු කලෙක රජරටින් බිහිවූ ප්‍රථම ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලන්කුලම මහතාය.


පුංචි බණ්ඩා බුලන්කුලම කුඩා අවධියේදී පාසල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. එයින් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබාගත්තේය. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීතිය හදාරා නීතිඥයෙකු වශයෙන් පත්ව අනුරාධපුර අධිකරණයේ පෙනී සිටි බුලන්කුලම මහතා සිය වෘත්තියේ දස්කම් පෙන්වූ නිහතමානී සාධාරණ නීතිඥයෙක් විය. මොහුගේ කීර්තිය රටපුරා පැතිරී ගියේය. විවාහ දිවියට නිසි කල පැමිණි විට විවාහ ගිවිස ගත්තේ අප රටේ කීර්තිමත් ජාතික නායකයන් රැසක් බිහිකළ මීරිගම බෝතලේ වලව්වෙනි. ඩී. ඇස්. සේනානායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වූ ඩී. සී. සේනානායක මහතාගේ වැඩිමහල් දියණිය වූ වි. අයි. සේනානායක මෙනවිය සමගය. දරුවන් සත් දෙනෙකුගේ පිය පදවියට පත් බුලන්කුලම මහතා දේශපාලනයට සිත යොමු කළේය. ඒ වන විට බුලන්කුලම මහතා තම පියා දැරූ රටේ මහත්මා පදවිය ද දරමින් සිටි නිසා රජරට ජනතාවගේ විශාල ගෞරවයක් හා ප්‍රසාදයක් දිනාගෙන සිටිසේය.


රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුරාධපුර මන්ත්‍රී පදවිය එවකට දරන ලද්දේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ එච්. ආර්. ප්‍රීමන් මහතාය. ලක්දිව සිටි කීර්තිමත් ඉංග්‍රීසි ජාතික මන්ත්‍රීවරයෙකු වූ ප්‍රීමන් මහතාගේ අභාවය නිසා 1945 පැවති අතුරු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයා වූයේ පී. බී. බුලන්කුලම මහතාය. මේ අනුව ලංකා ව්‍යවස්ථාදායකය නියෝජනය කළ රජරට ප්‍රථම ලාංකික මන්ත්‍රීවරයා වන්නේ බුලන්කුලම දිසාව වීම විශේෂ සිද්ධියකි. 1947 වසරේ පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුරාධපුර මැතිවරණ කොට්ඨාසය ජයගෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබයට පිවිසි බුලන්කුලම මහතා ඩී. ඇස්. සේනානායක රජයේ කෘෂිකර්ම ඇමති ධූරයට පත් ඩඞ්ලි සේනානායක මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා නොහොත් නියෝජ්‍ය ඇමති ධුරයට පත්විය. මෙම පදවිය මෙරට ප්‍රථම වරට රජරටින් පැමිණි මන්ත්‍රීවරයෙකුට ලැබුණු නියෝජ්‍ය අමාත්‍ය තනතුරද වන්නේය.


ඩී. ඇස්. සේනානායක අගමැතිතුමන්ගේ අභාවයෙන් පසු 1952 දී පැවති මහ මැතිවරණයෙන් යළිත් අනුරාධපුර මහජන මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත්වී මැති සබයට පැමිණි පී. බී. බුලන්කුලම මහතා අගමැති ඩඞ්ලි සේනානායක රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිවරයා වශයෙන් පත්වීම රජරට දේශපාලකයෙකුට ලැබුණු ප්‍රථම අමාත්‍ය ධුරය ලෙස ඉතිහාසයට එකතු වන්නේය. එම අමාත්‍ය පදවිය 1956 දක්වා දැරූ බුලන්කුලම මහතා 1956 දී පැවැත්වූ මහ මැතිවරණයට ඉදිරිපත් නොවී පක්ෂ දේශපාලනයෙන් සමුගත්තේය.


ඉතා දුෂ්කර සමයක රජරට ලාංකික දේශපාලන නායකයා වශයෙන් පත්ව සිය ප්‍රදේශයේ ජනතාවට දහසක් කරදර බාධක මැද සේවය කළ බුලන්කුලම මහතා විනාශයට ගිය වැව් අමුණු යළිත් ගොඩ නංවන්නට ක්‍රියා කළේය. නව ගොවි ජනපද නිර්මාණය කළේය. නව මංමාවත්, පාසල් තමා නියෝජනය කළ රජරටට ලබාගන්නට උනන්දු විය. ජීවිතයේ සැඳෑ සමය උදාවන විට සියලු දේවලින් විශ්‍රාම ගෙන ඊළඟ පරපුරට කටයුතු කිරීමට ඉඩ සැලසීම ඔහුගේ පිළිවෙත විය. දිවිමග 69 වන වියට පත්ව සිටි මෙම කෘතහස්ත දේශපාලකයා 1959 දෙසැම්බර් 17 වන දින සිය දිවි මගෙන් සදහටම සමුගත්තේය. එතුමන්ගේ අභාවයෙන් මේ ගෙවී යන්නේ 57 වන වසරයි. එදා මෙදාතුර යළිත් බුලන්කුලම කෙනෙකුද මැති සබයට පැමිණ නොතිබීම විශේෂ සිද්ධියකි.

අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා



අදහස් (1)

රජරටින් බිහිවූ පළමු ඇමතිවරයා පී. බී. බුලන්කුලම

sam Monday, 05 June 2017 10:35 AM

සිරියාවේ අගනුවර වන දමස්කස් නගරය වසර හාරදහසක් තිස්සේ එහි අගනුවරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1425 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site