IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මිහින්තලේ නා හිමිගෙන් මහ රැජිනට අපූරු තෑග්ගක්

මෙය මීට වසර 38කට පෙර සිදුවූවකි. ලංකාවේ නොවේ. හිරු නොබසින අධිරාජ්‍යයේය. නැතහොත් මහා බි්‍රතාන්‍යයේ හෙවත් එංගලන්තයේ ය. එහි ලන්ඩන් පුරවරයේ ය. 1703 වර්ෂයේ ඉදිකළ බකින්හැම් මාලිගාව පේනතෙක් මානයේ සිදුවූ සිද්ධියකි. ඒ වසන්ත සමයයි. දිනය හරියට ම 1981 ජූලි 16 වැනිදා ය. විසි වැනි සියවසේ මහා රාජකීය මංගල්‍යය සිදුවූයේ මෙම සිද්ධිය සිදුවී දින කිහිපයකට පසුව ය. මා රජ මඟුල යයි හැඳින් වූයේ චාල්ස් ඩයනා අතිනත ගත් අවස්ථාවට ය.
මේ ලියන්නේ මේ කියන “රජ මඟුල” ගැන නොවේ. නැතිනම් දශක හතරකට පෙර ලන්ඩනයේ සිදුවූ ජාත්‍යන්තර සිද්ධියක් ගැන ද නො

වේ. එහි සිදුවූ ලංකාව හා සම්බන්ධ සිද්ධියක් ගැන ය. වසර 50කට වැඩි මාධ්‍ය ජීවිතයේ දී එය මට කිසිදා අමතක නොවේ.


ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී වසර 50ක් පිරුණේ 1981 වසරේ දී ය. මෙසේ සර්වජන ඡන්ද බලය ලබා දෙන ලද්දේ බි්‍රතාන්‍යයේ සුද්දන් ය. එම වසරේ ශ්‍රී ලංකාවේ අතීත සංස්කෘතිය විදහා දැක්වීමේ ප්‍රදර්ශනයක් බි්‍රතාන්‍යයේ පැවැත්විය යුතු යයි තීරණය කරන ලද්දේ එවකට අගමැති ධුරය දැරූ ආර්. ප්‍රේමදාසයන් ය.


ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ එදා අගමැති ප්‍රේමදාස, සංස්කෘතික ඇමැති හුරුල්ලේ සහ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඞ් සිල්වා යන තිදෙනාගේ මූලිකත්වයෙනි. සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියට ජාත්‍යන්තර ප්‍රචාරයක් ලබාදීම ද මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ මූලික අරමුණක් විය.


එහි විවිධ සංවිධාන කාර්යයන් මෙහෙයවීමේ කටයුතු එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වූ මා හට පැවරිණි. එබැවින් ප්‍රදර්ශනය විවෘත කිරීමට සතියකට පෙර ලන්ඩනයට ගියෙමි. මේ පිළිබඳව විස්තරාත්මකව මා ලියූ විශේෂ ලිපියක් “සිංහලයේ ශ්‍රී විභූතිය ලන්ඩනයේ දිගහැරෙයි” යන සිරස්තලය යටතේ ‘රිවිරැස’ පත්‍රයේ පළවිය. ඒ 1981 ජූලි මුල් සතියේය.


ප්‍රදර්ශනය පවත්වන ලද්දේ ලන්ඩන්හි කෙන්සින්ටන් වීදියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය ආයතනයේය. මාපලගම විපුලසාර හිමිපාණන් විසින් නිර්මාණය කරන ලද ඉපැරණි ශෛලමය බුද්ධ ප්‍රතිමාවක අඩි 40ක් පමණ දිග අනුරුවක් ප්‍රදර්ශන ශාලාවට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල පාරේ ඉදිකෙරිණි. 


ඒ අසල වේදිකාව තනන ලද්දේ අනුරාධපුරයේ සිට ගුවනින් ගෙනගිය ටොන් ගණනින් බර ශෛලමය සඳකඩ පහණ සහ ඉපැරැණි ගල් කුලුනුවලිනි. මේ සඳහා එයාර් ලංකා ලොක්කා වූ රඛිතගෙන් පූර්ණ සහාය ලැබිණි.


මෙම ප්‍රදර්ශනයට සහභාගි වන විශේෂ අමුත්තෙකු වශයෙන් මිහින්තලේ නායක හිමිපාණන් වූ පූජ්‍ය වලවාහැංගුණවැවේ ශ්‍රී රතනපාල රතනජෝති ස්වාමීන් වහන්සේ ද ලන්ඩනයට වැඩම කළහ.


1981 ජූලි 16 වැනිදා ප්‍රදර්ශනය විවෘත කිරීමට සියල්ල සූදානම් ය. නෙළුම් මල් පිරුණු යෝධ මැටි භාජන, ගොක්කොළ තොරන්, බෙර බැඳගත් උඩරට පහත රට බෙරකරුවන්, නැට්ටුක්කරුවන්, සුදෝ සුදු වතින් සැරසුණු ජයමංගල ගාථා ගයන සිංහල දරු දැරියන් සහ මහ සඟරුවණින් සමන්විත එදා එම භූමිය විසිතුරු විමානයක් විය.
තම පුත් කුමරා වූ චාල්ස්ගේ විවාහ මංගල්‍යය නිසා ඉමහත් කාර්යබහුලව සිටියත් ප්‍රේමදාස අගමැතිවරයාගේ බලවත් ඉල්ලීම පරිදි එලිසබෙත් මහ රැජින තම පුරුෂයා වූ පිලිප් කුමරු ද කැටිව ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණියාය.


ප්‍රේමදාස අගමැතිවරයා තම බිරිය හේමා සමග ද හුරුල්ලේ ඇමැතිවරයා ද ආචාර්ය රෝලන්ඞ් සිල්වා ද ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හම්මලව සද්ධාතිස්ස, බලංගොඩ ආනන්ද මෛත්‍රය, හිග්ගොඩ ඛේමානන්ද, මිහින්තලා නායක හිමි ශ්‍රී රතනපාල රතනජෝති යන ස්වාමීන් වහන්සේලා ද එළිසබෙත් මහ රැජින ප්‍රමුඛ ආරාධිතයන් පිළිගැනීමට සූදානම්ව සිටියහ.


මහ රැජිනට විශේෂ අමුත්තන් හඳුන්වා දෙන ලද්දේ ප්‍රේමදාස අගමැතිවරයා විසිනි. එලිසබෙත් රැජින මහ සඟරුවනට ආචාර කරමින් ඉදිරියට යමින් සිටියාය. රැජින මිහින්තලේ නායක හිමිපාණන් අසලට ළඟා විය. එම හිමිපාණන් තම සිවුර අස්සේ සඟවාගෙන තිබූ පරණ දුඹුරු පැහැති කොළයක ඔතා තිබූ පාර්සලයක් මහ රැජිනට දුන්නේ සියල්ලන් පුදුමයට පත් කරමිනි.


රැජින අසලම සිටි රාජකීය ආරක්ෂකයෝ ඉදිරියට පැන එම පාර්සලය ඩැහැගත්හ. කවුරුත් තුෂ්ණිම්භූතව බලාගෙන සිටිති. රැජිනත් පිලිප් කුමරුත් සිනාසුණහ. ආරක්ෂකයෝ මිහින්තලේ හිමියන් පරීක්ෂා කරන්නට පටන් ගත්හ. “මොකද්ද ඒ පාර්සලේ” ප්‍රේමදාස අගමැතිවරයා මිහින්තලේ නායක හිමිගෙන් විමසුවේය.


“මම මේ එන ගමන් මරදන්කඩවල කඬේකින් හොඳ තේ කුඩු ටිකක් ගත්තා. ඒක එහෙමම ගෙනාවා. ඒ පාර්සලේ තමයි ඔය. සුද්දො අපේ රටේ තේ වගාව ඇරඹුවනේ. ඒකට මෙහෙම කෘතගුණ සලකන්න එපායැ” මිහින්තලේ නායක හිමියන්ගේ පිළිතුර විය. මෙම සිද්ධිය නිසා ප්‍රදර්ශනය විවෘත කිරීම ද ප්‍රමාද විය.


ප්‍රේමදාස අගමැතිවරයා මිහින්තලේ හිමියන්ගේ පිළිතුර එළිසබෙත් මහ රැජිනියට තේරුම් කර දුන්නේ හිරු නොබසින අධිරාජ්‍යයේ උපන් සුද්දෙකුට වඩා හොඳට ඉංග්‍රීසි වචන හසුරුවමිනි. ඒ අසලම සිටි හුරුල්ලේ ඇමැතිවරයා මට කිව්වේ “මේවා පත්තරේට ලියන්න එපා” යනුවෙනි.


ප්‍රේමදාස අගමැතිවරයා ඒ අසලම සිටි එවකට බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති හෙවත් මහ කොමසාරිස් තනතුර දැරූ මූර්තිට කතා කර කිව්වේ, එම තේ කොළ මනරම් ලෙස පාර්සල් කර රාජ්‍ය තාන්ත්‍රිකව බකිංහැම් මාලිගාවට යවන ලෙසය.


ඒ අසලම බ්‍රැඞ්මන් වීරකෝන්, එවන්ස් කුරේ, හඞ්සන් ආදීහු ද සිටියහ. රජ මඟුලට සහභාගි වීම සඳහා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තම බිරිඳ සමග ලන්ඩනයට පැමිණ සිටියේ මේ දිනවල ය. ප්‍රේමදාස අගමැතිවරයා ද එම රජ මඟුලට සහභාගි විය.


එදින චිස්වික් හි පිහිටි ලන්ඩන් බෞද්ධ විහාරයට වැඩම කළ විට මේ සිද්ධිය හේතු කොටගෙන මිහින්තලේ නායක හිමියන්ට එහි සිටි ස්වාමීන් වහන්සේලා විහිළු තහළු කරන්නට පටන් ගත්හ.


2019 ජූනි මාසයේ මා ලංකාවේ සිටිය දී අසන්නට ලැබුණේ ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් එකම දිනයේ ලංකාවේ සිට රටවල් දෙකකට ගිය බවය. 


වසර 38කට පෙර එනම් 1981දී ප්‍රථම වරට ජේ. ආර්. ජනපති හා ප්‍රේමදාස අගමැති එකවර ලන්ඩනයට ගිය අයුරු යථෝක්ත සිද්ධිය අනුසාරයෙන් මගේ සිහියට නැගේ.
මා මෙවර ලංකාවට පැමිණ දඹුල්ලේ සිට මරදන්කඩවල සහ මිහින්තලේ හරහා අනුරාධපුරයට ගිය ගමනේ දී මේ “තේ කොළ” සිද්ධිය මතකයට ආවේය.  1977 ජූලි මාසයේ දී යූ.ඇන්.පි.යට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට කැපවූ මිහින්තලේ නායක හිමියන්ට විදේශ සංචාරයක් ලබා දී ප්‍රේමදාස අගමැතිවරයා එදා කෘතගුණ සැලකූ අයුරු ද මට සිහිවේ. එමෙන්ම රජරටට පමණක් නොව මුළු රටටම උදාර මෙහෙයක් ඉටු කළ මිහින්තලේ රතනපාල රතනජෝති හිමියන් නැති මිහින්තලය මා පසුකර ගෙන ගියේ හදපිරි ශෝකයෙනි.

 

 

ඡායාරූප සහ සටහන : 
සිරී හීන්පැල්ල



අදහස් (0)

මිහින්තලේ නා හිමිගෙන් මහ රැජිනට අපූරු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site