IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මද්දුම බණ්ඩාරගේ මොණරාගල අරගලය

මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා නාම යෝජනා ලැයිස්තු සකස් කරන්න ගිහිල්ලා. මොණරාගල දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නය ආවේ තිස්සකුට්ටි ආරච්චිගෙ සිදුවීමක් එක්ක. තිස්සකුට්ටිආරච්චි  කියන්නේ එතකොට පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙච්ච ජනප්‍රිය චරිතයක්. ඒ පළාතේ දුවල පැනලා වැඩකරපු තිස්ස ජනතාව අතර ගැවසුණු කෙනෙක්.

තිස්සකුට්ටිආරච්චිගෙ ඉදිරිපත් වීමට මොණරාගල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති රංජිත් මද්දුමබණ්ඩාර තදින්ම විරුද්ධ වුණා.

මොණරාගල නාම යෝජනා ලැයිස්තුවෙ ඉඳපු අනෙක් අයත් මේකට අකමැති වුණා.


 මේ අය තක්සේරු කරලා තිබුණේ මොණරාගලින් ගන්න පුළුවන් ආසන දෙකයි කියලා. රංජිත් මද්දුමබණ්ඩාර කොහොමත් එන නිසා ඊළඟ ආසනය තිස්සකුට්ටිආරච්චිට හම්බවෙයි කියලා ඒ අයට බයක් ඇතිවුණා. අනිත් සංවිධායකවරු මේකට අකැමැති වුණේ ඒකයි. මේ විරෝධතාව පක්ෂ නායකතුමා පිළිගත්තේ නෑ. රනිල් වික්‍රමසිංහ කිව්වේ තිස්සකුට්ටිආරච්චි තරග කරන්න ඕනෑ කියලා. කවුරුත් තරග කරල පුළුවන් කෙනා දිනාගන්න කියන මතයේ රනිල් වික්‍රමසිංහ හිටියේ. පක්ෂ නායකතුමත් තිස්සකුට්ටිආරච්චිගෙ ඉදිරිපත් වීමට අකමැත්තක් නැති වුණාම ප්‍රශ්නය දුරදිග ගියා. මොණරාගල කණ්ඩායම නාමයෝජනා පත්‍රය අත්සන් කරන්නේ නැති මට්ටමට මේක දුරදිග ගියා.


 මේ ප්‍රශ්නය මෙහෙම ඇදිලා යද්දී නාම යෝජනා බාරදෙන අන්තිම දවස් කිට්ටුවෙද්දී රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කරන්නේ නැත්නම් විකල්ප කණ්ඩායමක් දාලා නාමයෝජනා පත්‍ර බාර දෙන්න කියලා. ඒ අනුව අපි විකල්ප කණ්ාඩයමක් හදලා නාමයෝජනා පත්‍රයක් සූදානම් කරගෙන හිටියේ.


 මේ අතරේ අන්තිම මොහොතේ රංජිත් මද්දුමබණ්ඩාර කැමැති වුණා. තිස්ස කුට්ටිආරච්චිට නාමයෝජනා දෙනවට. ඒ අය විකල්ප කණ්ඩායමක් දාන්න සූදානම් වීමට බය වුණා. එහෙම වුණොත් ඒ කාටවත් එන්න වෙන්නේ නෑනේ. අපි රංජිත් මද්දුමබණ්ඩාරලගෙ නාමයෝජනා  පත්‍රය සකස් කරලා ඒක බාරදෙන්න දුන්නේ කණ්ඩායම් නායකයා විදියට රංජිත් මද්දුමබණ්ඩාරට පක්ෂ මූලස්ථානයේ දී. දිස්ත්‍රික් නායකයන්ට තමයි නාම යෝජනා ලැයිස්තු බාරදෙන්නේ. එහෙම නැත්නම් පක්ෂ මහලේකම් විදියට මට තමයි යන්න වෙන්නේ නාම යෝජනා ලැයිස්තු බාර දෙන්න.


 රංජිත් මද්දුමබණ්ඩාර නාම යෝජනා පත්‍ර අරගෙන මොණරාගල ගියා. පස්සෙන්දා රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා මොණරාගල නාම යෝජනා ලැයිස්තුවෙ තිස්සකුට්ටි ආරච්චිගෙ නම “ටිපෙක්ස්” කරලා අයින් කරලා කියලා. මම කිව්වා සිරිකොතේ දී නම් ඒ වගේ දෙයක් වෙන්න ඉඩක් තිබුණෙම නෑ කියලා. රනිල් මට කිව්වා මේ ගැන වහාම පැමිණිල්ලක් දාන්න කියලා. ඒ වෙනකොටත් තිස්ස කුට්ටිආරච්චි මේ වගක් දැනගෙන ඉඳලා නෑ. මොණරාගලට නාමයෝජනා පත්‍රය අරගෙන ගියා. පස්සේ තිස්ස කුට්ටිආරච්චිගෙ නම “ටිපෙක්ස්” කරලා. ඒ උපන් දිනේටම ඒ හැඳුනුම්පත් අංකයටම වෙන නමක් ඇතුළත් කරලා තිබුණා. මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මේ ප්‍රශ්නය නිසා රනිල් මොණරාගල කිසිම රැස්වීමකටවත් ගියේ නෑ. මොණරාගල තිබුණු එකම රැස්වීමකටයි රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ. ඒකත් තිබුණේ බිබිලේ. ඒ කතාවෙදිත් කිසිම අපේක්ෂකයකුගේ නමක් කියන්නේ නෑ කියලා රනිල් වික්‍රමසිංහ සැලැස්ම මට කිව්වා.

 

 මම මේ ගැන රහස් පොලිසියට පැමිණිලි කළා. ඔය අතරෙ රනිල් වික්‍රමසිංහ මට කිව්වා මොණරාගලට ගිහින් තත්ත්වය පරීක්ෂා කරලා බලලා එන්න  කියලා. මමත් කැමැති වුණේ එහේ යන්න මේ ප්‍රශ්නය නිසාම. මට යන්න කියලත් නායකතුමා කිව්වේ රංජිත් මද්දුම බණ්ඩාරලට ඡන්දෙ දෙන්න කියලා විශේෂයෙන් සඳහන් කරන්න එපා කියලා. පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා විතරක් කිව්වම ඇති කියලයි උපදෙස් දුන්නේ.

 


 මම මේ ගැන රහස් පොලිසියට පැමිණිලි කළා. ඔය අතරෙ රනිල් වික්‍රමසිංහ මට කිව්වා මොණරාගලට ගිහින් තත්ත්වය පරීක්ෂා කරලා බලලා එන්න  කියලා. මමත් කැමැති වුණේ එහේ යන්න මේ ප්‍රශ්නය නිසාම. මට යන්න කියලත් නායකතුමා කිව්වේ රංජිත් මද්දුම බණ්ඩාරලට ඡන්දෙ දෙන්න කියලා විශේෂයෙන් සඳහන් කරන්න එපා කියලා. පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා විතරක් කිව්වම ඇති කියලයි උපදෙස් දුන්නේ.


 මොණරාගල ගමනට මමත් එක්ක දයා ගමගේත් එකතු වුණා. දයා ගමගේගෙ ප්ලේන් එකෙන්ම ගියේ. අපි ගිහින් මොණරාගල සංවිධායකවරුයි ජනතාවයි මුණ ගැහිලා කතාබහ කළා. ඒ කණ්ඩායමට රංජිත් මද්දුම බණ්ඩාර කැඳෙව්වෙනෑ. රංජිත් මට පණිවිඩයක් එවලා තිබුණා වෙන තැනක දී මාව මුණ ගැහෙන්න ඕනැ කියලා. ඒ නිසා අපි අතරමග තැනක දී රංජිත් හමුවුණා.


රංජිත් එයාගෙ පැත්තෙ විස්තර ඔක්කොම කිව්වා. හැබැයි නාමයෝජනා පත්‍රය “ටිපෙස්” කළේ කවුද කියලවත්, කොහොමද කියලවත් රංජිත් කිව්වෙ නෑ. එයා දිගටම කිව්වෙ ඒක සිරිකොතේ දී වෙච්ච වැඩක් කියලා.

 

මොණරාගල ටිපෙක්ස් සිද්ධිය මේ විදියට යම්දුරකට සංසිඳුණා. මේ ඡන්දෙ නාම යෝජනා ලබා දෙන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති වුණු අනෙක් 

තැන තමයි කුරුණෑගල. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ යූ.එන්.පී. නායකයෙක්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරාට නාම යෝජනා දෙනවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැති වුණේ ඒ වෙලාවෙ. රනිල් කිව්වේ ගාමිණී ජයවික්‍රමට අස්වෙන්න කියන්න කියලා. වෙන කෙනෙක් ඉදිරියට ගේන්න උත්සාහයක් එතන තිබුණු බවත් පෙනුණා. මම ඒකට තදින් විරුද්ධ වුණා. ජයවික්‍රම පෙරේරා කියන්නේ පක්ෂයේ ඉදපු පැරණිම  සාමාජිකයෙක්. ඒ වෙනකොටත් කුරුණෑගල “ලීඩර්ෂිප්” එක තිබුණෙ ජයවික්‍රම පෙරේරාට. රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම කිව්වේ ‘ගාමිණී ජයවික්‍රමලා දැන් වයසයි. ඒක නිසා අයින් කරලා අලුත් අයට අවස්ථාව දෙමු’ කියලා.


මම කිව්වා “ඒක කළොත් නැති ප්‍රශ්නයක් ඇති වේවි. ඒක නිසා ඒ වැඬේ නම් කරන්න එපා” කියලා. රනිල් මගේ කතාවට කැමැති වුණේම නෑ. මොනව වුණත් මගේ කතාවට ඒ වෙලාවෙ පක්ෂයේ මලික් සමරවික්‍රම කතා කළා. මලික් සමරවික්‍රමත් කිව්වේ ජයවික්‍රම පෙරේරාගේ ජ්‍යෙෂ්ඨත්වය සලකලා ඔහුට අවස්ථාව දෙන්න ඕනැ කියලා. අපේ මේ දැඩි අදහස් දැක්වීම නැත්නම් 2010 මැතිවරණයටත් කලින් ගාමිණී ජයවික්‍රම පෙරේරා දේශපාලනයෙන් විශ්‍රාම ගන්න සිද්ධ වෙනවා.

 

 

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මද්දුම බණ්ඩාරගේ මොණරාගල අරගලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site