IMG-LOGO

මැතිවරණ දූෂණ ඉතිහාසය

 

මැතිවරණයකදී මන්ත්‍රී අපේක්ෂකයන් විසින් විවිධ දූෂණ සිදු කරන බවට සෑම මැතිවරණයකදීම අසන්නට ලැබේ. විශේෂයෙන් අධික ලෙස මුදල් වියදම් කරමින් මැතිවරණ නීති උල්ලංඝනය ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙවර මැතිවරණයේදී ද ඇතැම් අපේක්ෂකයන් විවිධ අයුරින් මුදල් සම්භාරයක් වියදම් කර ඇති බැව් දක්නට ලැබුණේ යැයි මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දී තිබිණි.

 

මුදල් ඇති අපේක්ෂකයන් ඡන්දදායකයන් ග්‍රහණය කර ගැනීමට තම තමන්ගේ අභිමතය පරිදි මුදල් වියදම් කිරීම් පිළිබඳව ආන්දෝලන ඇති වූ අවස්ථා ඕනෑ තරම්ය. ඡන්දදායකයන්ට තෑගිභෝග ලබාදී ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු බැව් හෙළිවූ අවස්ථා පසුගිය මැතිවරණයේදී ද සිදුවී  තිබිණි. එවැනි අවස්ථාවලදී නීතිය කැඩූවන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමද දැන් සිදු කෙරේ.


ඡන්ද අපේක්ෂකයන් ඡන්ද දායකයන්ට බොරු පොරොන්දු දී මුදල් වියදම් කිරීම ඇතුළු අක්‍රමිකතා සිදු කිරීම ඈත අතීතයේ මැතිවරණ ව්‍යාපාරයේදී ද සිදුවී තිබේ. ඡන්දදායකයන්ට තෑගි භෝග ලබාදීමත් කුමන අයුරකින් හෝ සංග්‍රහ පැවැත්වීමත් අල්ලස් දීමක් ලෙස එවකට පිළිගැනීම විය. එහෙත් එම නීතිවලට පිටුපා ඡන්දදායකයන්ට තෑගි භෝග ගෙන ගොස් විවිධ දූෂණ සිදු කළ මන්ත්‍රී අපේක්ෂකයන්ගේ ක්‍රියාකලාප මේ දක්වාම නොකඩවා සිදුවන බැව් දක්නට ලැබේ.


මන්ත්‍රී අපේක්ෂකයන් මුදල් වියදම් කර සිදුකර ඇති අක්‍රමිකතා රැසක් අතීත පුවත්පත් හාරා අවුස්සන විට දක්නට ලැබේ. තමන්ට ඡන්දය ලබාගැනීමට ඡන්ද දායකයන්ට මුදල් ආධාර ලබාදීමට ඇතැම් අපේක්ෂකයන් ගෙන ඇති ක්‍රියාමාර්ග විවිධාකාරය. ඡන්දදායකයන්ගේ උකස් භාණ්ඩ බේරාදීම්, නිවසට පොල් අතු සෙවිලි කරදීම්, රෙදි පිළි ලබාදීම් වැනි සිදුවීම් ද ඒ අතර ඇත.
ප්‍රදේශයේ පාසල්වලට වෙහෙර විහාරස්ථානවලට පවා ගොස් පෞද්ගලිකව ඒවාට ආධාර කරමින් තම තමන්ට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අපේක්ෂකයෝ ද ඒ අතර සිටියහ. එකලද මන්ත්‍රී අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සඳහා අධික ලෙස මුදල් වියදම් කර ඇති අවස්ථා අතර පුවත්පත් මගින් කළ ප්‍රචාරද ඇතුළත්ය. මන්ත්‍රී අපේක්ෂකයන්ගේ ඡායාරූප සහිත ප්‍රචාරක වාර්තා පළකළ පුවත්පත්වලින් පිටපත් දහස් ගණන් මිලදීගෙන බෙදාහැරීම ඉන් එක් මාර්ගයකි.


මේ අතර මන්ත්‍රී අපේක්ෂකයන් ඒ අයුරින් මුදල් වියදම් කරන බැව් දන්නා ඇතැම් ඡන්දදායකයන් ඔවුන්ගෙන් මුදල් ලබාගැනීමට කූට උපක්‍රම යොදාගත් බැව්ද දක්නට ලැබේ. මැතිවරණයක් ළංවන විට විවිධ අපහසුතාවන් පවසා අපේක්ෂකයන්ගෙන් මුදල් ලබා ගත් අවස්ථා ද හෙළිවිය. සිය කනකර උකසින් බේරා ගැනීමට ඡන්ද අපේක්ෂකයන් සොයාගිය අවස්ථා ද හෙළිවී තිබේ.


අතීත මන්ත්‍රී තරගවලදී ඡන්දදායකයන්ට මුදල් වියදම් කළ අපේක්ෂකයන්ගේ ක්‍රියාකලාප ඇතුළත් පැරණි පුවත්පත් වාර්තාවක් පළකර ඇත්තේ ‘මන්ත්‍රී තරග රඟමඩලේ ජවනිකා’ යනුවෙනි. එක්දහස් නවසිය තිස් හයේ වසරේදී දිනමිණ පුවත්පතේ පළකර තිබූ වාර්තාවකින් රසවත් තොරතුරු රැසක් අනාවරණය වේ. එමගින් දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ එකල පැවැති මන්ත්‍රී තරගවලදී පුද්ගල මනාප ක්‍රමයක් නොවූවත් එකිනෙකා පරදවා ජයග්‍රහණය කිරීමට ගත් උත්සාහයයි. ඒ සඳහා නීති උල්ලංඝනය කරමින් ඡන්දදායකයන්ට පොරොන්දු ඉදිරිපත් කර තම ජයග්‍රහණය පතා මුදල් වියදම් කිරීම සිදුවී තිබේ.


පොතෙහි ඇති ධර්ම නීති ක්‍රියාවේ නොයෙදවීම යනුවෙන් පළකර තිබූ වාර්තාවේ “කීම හා කිරීම”, “මුදල් වැපිරීම” යනුවෙන් හඳුන්වා ඇති දූෂණ රැසක් එයට ඇතුළත්ය. එම වාර්තාව ඒ අයුරින්ම මෙසේය.


“රටක පවත්නා නීතිවලින් අදහස් කරනු ලබන්නේ එරට වැඩි ජනතාවට යහපත සැලසීම හා ඔවුන්ගේ පොදු ජීවිත වාසනාවන්ත බවට පත් කිරීමය. එම නීතිවලට පිටුපා ක්‍රියා නොකළ යුත්තේ හුදෙක් එසේ කිරීමෙන් ලබන්නට සිදුවන දඬුවම් ගැන සලකා පමණක් නොව නීතිය ආරක්ෂා කිරීම යහපත් ගුණධර්ම පෝෂණයවීමට ද මහත් ආධාරයක් වන බැවිනි. මන්ත්‍රීන් තේරීම වූ කලී නීතිය උල්ලංඝනය නොකළ යුතු විශේෂ අවස්ථාවක් සොයා ගැනීම පවා දුෂ්කරය. මන්ත්‍රී තරගවලට ඉදිරිපත්වන බොහෝ දෙනා ස්වකීය ආත්මාර්ථය ගැනම සලකා එසේ කරන බව ශත වර්ෂ ගණනක් තිස්සේ අත්දැක තිබෙන සත්‍යයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රාඥයන් හා ශිෂ්ට සම්පන්න ජාති හිතෛෂීන් විසින් අල්ලස් දීම හා වෙනත් නීති විරෝධී ක්‍රියාවලින් තොරව සාධාරණ ලෙස මන්ත්‍රීන් තේරීම් පැවැත්වීමේ පිළිවෙළක් දැන් ඇතිකර තිබේ.


නමුත් පිළිවෙළ කොතරම් රුවට තිබුණත් කරුණු සිදුවන අන්දම ගැන සලකා බලන කල පෙනී යන්නේ නීතියෙන් නැතිකර දැමීමට අදහස් කරනු ලැබූ මන්ත්‍රීන් තේරීම්වලදී අල්ලස් දීම ආදී අයුතු ක්‍රියාවන්ට එන්නට වඩ වඩා තදින් කෙරීගෙන යන බවය.


මන්ත්‍රී තරගවලට ඉදිරිපත්වන්නන් රැස්වීම්වලට පැමිණ තමා ගිරිය කැඩෙනතුරු කෑ ගැසුවත් තමාගේ ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ විස්තර කරමින් කොතෙක් පත්‍රිකා විසුරුවා හැරියත් ඡන්දදායකයන් බැලීමට ගෙන්ගෙට ගියත් ස්වකීය ඡන්ද කොට්ඨාසය නමැති රථ රෝදය හරියාකාර කරකැවෙන්නේ ඊට අවශ්‍ය තෙල් නිසි පරිදි යෙදුවහොත් පමණකි. සෑම මන්ත්‍රී ධූරාපේක්ෂකයාටම ස්වකීය තරගය වෙනුවෙන් එක් ප්‍රමාණ මුදලක් වියදම් කිරීමට නීතියෙන් බලය පැවරෙන්නේය. එසේ හෙයින් ඒ මුදල කොයි අන්දමින් වියදම් කළත් වරදක් නැතැයි යන තර්කයක් මේ දේශපාලන දැති මෝරුන් විසින් ඉදිරිපත් කරනු ලබන බව හොඳාකාර පෙනෙන්නට තිබේ. නමුත් එය තමාගේම වාසිය සලකා හිතට විරුද්ධව ඇදබාන බොරු තර්කයක් බව කියයුතු නොවේ. ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි ගණන් බලා එක්තරා මුදලක් වියදම් කිරීමට බලය දී තිබෙන්නේ එම මුදල් අයුතු අන්දමින් යෙදීමට නොව යම් යම් විශේෂ කටයුතු වගයකටම වියදම් කිරීම පිණිසය. නියමිත කරුණුවලින් පිටස්තර අයුතු වියදම්වලට එම මුදල් යෙදීම නීති විරෝධී වරදක් බැව් පැහැදිලි ලෙසම ප්‍රකාශ කර තිබේ.


තමාට ඡන්දය දෙන ලෙස යමෙකු පෙළඹවීමට හෝ අන්‍යයෙකුගේ ඡන්දය ලබාදීමට හෝ මුදල් දෙන්ට නුපුළුවන. එයාකාරයෙන් මුදල් දීම අල්ලස් දීමක් වන්නේය. මුදල් ණයට දීමටත් තෑගි භෝග දීමවත් මන්ත්‍රී ධූරාපේක්ෂකයාට කළ නොහැක්කේය. ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම ද තහනම්ය. ඔවුන්ගෙන් මෝටර් රථ කුලියට ගැනීමටවත් එම රථවලට පැට්‍රෝල් සැපයීමටවත් ඔහුට බැරිය. ඔහුට බලය ඇත්තේ මන්ත්‍රීන් තේරීමේ කටයුතුවලට පඩිගෙවන ඒජන්තවරුන් එක්කෙනෙකු පමණක් තබා ගැනීමටය. තමාට ගිය වියහියදම් මේ මේ යයි මන්ත්‍රී ධූරාපේක්ෂකයන්ට මේ හේතුකොට ගෙන ස්වකීය ගණන්හිලව් සම්බන්ධයෙන් බොහෝ පරීක්ෂාකාරී වෙන්ට සිදුවන්නේය.


මන්ත්‍රීන් තෝරන කාලයේ හතු පිපෙන්නාක් මෙන් පැන නගින ප්‍රවෘත්ති පත්‍ර සඟරාවලට ඔහු ආධාර කළ යුතුය. තමාගේ ඡායාරූපයේ බ්ලොක් එක කප්පවා ගැනීමටත් තම ගුණ ගීතය ප්‍රකාශවන කර්තෘ වාක්‍ය ඇතුළත් පත්‍රයේ පිටපත් 1000ක් ගැනීමටත් ඔහු මුදල් ගෙවිය යුතුය. තෑගි බෙදාදීම්වලත් ක්‍රීඩා සහ වෙනත් උත්සවවලත් මූලාසනය ගැනීමට ඔහු කිසිසේත් පසුබට නොවිය යුතුය. මන්ත්‍රණ සභාවට යාමෙන් පසු පාරවල් සහ ආරෝග්‍ය ශාලා සෑදීම ඇළවල් කැප්පවීම පාඨශාලාවට ආධාර ලබාදීම ආදී කරන්නට බැරි සියලු දේම කරන බවට ඔහු පොරොන්දු විය යුතුය.


තමාට පක්ෂ ඡන්ද දායකයන් 500ක් සිටින බවත් රුපියල් 500ක් දෙතොත් ඒ ඡන්දදායකයන් පන්සියයම හරවා දෙන බවත් කියාගෙන එන්නේය. මන්ත්‍රීන් තෝරන කාලයේ බඩ පුරවා ගැනීමට බලාසිටින්නන් අතර මීටත් වඩා අපූර්ව කතා ඇත්තේය.
මන්ත්‍රී තරග දින ගණනක් තිස්සේ පැවැත්වීම ද විශේෂත්වයකි. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා තරගයේදී මන්ත්‍රීවරුන් හයදෙනෙක්ම නිතරගයෙන් පත්වීමද තවත් විශේෂත්වයක් වී ඇත. එවකට පැවති ආසන සංඛ්‍යාව පනහකි. එම මන්ත්‍රී තරගයේදී කාන්තා උද්යෝගය ද අතිමහත් ලෙස දක්නට ලැබිණි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ශ්‍රවණය කිරීම සඳහා ප්‍රකාශිත මධ්‍යස්ථානයට දහස් ගණනින් රැස්වන පිරිස පාලනය කිරීමට පොලිසියට ද මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බැව්ද දක්නට ලැබේ.


මන්ත්‍රී අපේක්ෂකයකුට සහය දීම නිසා තමන් මරා දමනු ඇතැයි බියපත්වූ ඡන්දදායකයෙක් සිය දිවි හානිකර ගැනීමේ සිදුවීමක් ද කොළඹින් අනාවරණය විය.


ඔහු මියගොස් තිබුණේ ගෙල වැලලාගෙනය.



අදහස් (0)

මැතිවරණ දූෂණ ඉතිහාසය

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1426 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site