IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් පොතේ දේශපාලන කතා

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇස්.ඇම්. වික්‍රමසිංහ මහතා පොලිස් පෙරට්ටුවක් පරීක්‍ෂා කරද්දී.

 

 

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස සිටියදී පොළොන්නරුව වටකරගෙන පැවතියේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත බලයයි. විටින් විට ගොවි ජනපදවලට ද ප්‍රහාර එල්ල වේ. සෝමාවතී චෛත්‍ය පවතින ප්‍රදේශය සම්පූර්ණයෙන් එල්.ටී.ටී.ඊයට යටත්ව තිබුණි.

 


ගම් ආරක්‍ෂා කරගෙන තිබුණේ ග්‍රාමාරක්‍ෂක භටයන් ද කැටිව පොලිසිය පවත්වාගෙන ගිය පොලිස් මුරපොළවල් මගිනි. වයඹ පළාතේ භීෂණයට මුහුණදීමෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. එල්. බී. අප්පුහාමි මහතා ඒ වනවිට සිටියේ කොළඹ කොටහේන පොලිසියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාට හොඳ පොලිස් ආරක්‍ෂාවක් පොළොන්නරුවට ලබාගත යුතුව තිබුණි. ඔහු අප්පුහාමි මහතා පොළොන්නරුවට ගෙන්වා ගත්තේ ඒ අවශ්‍යතාව සඳහාය.


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම උඩ කොළඹින් ගිය අප්පුහාමි මහතා පොළොන්නරුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ලෙස වැඩ බාරගත්තේ 1997 පෙබරවාරි 1 වැනිදාය. ගතවුණේ සතියකි. පෙබරවාරි 7 වැනිදා සුංගාවිල පොලිස් ආරක්‍ෂක මුර පොළට දරුණු එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ලවිය. පොලිස් නිලධාරීන් 9 දෙනෙකු ඝාතනය විය. පනස් ගණනකට තුවාල සිදුවිය. පොලිස් මුරපොළ කොටි අල්ලා ගත්හ.


අප්පුහාමි පොළොන්නරු පොලිසියේ වැඩ බාරගෙන සතියෙන් මුහුණ දෙන්නට සිදුවූයේ ඒ බරපතළ කාර්යයටය.


සුංගාවිල පිහිටා ඇත්තේ සෝමාවතිය පාරේ 32 වැනි කිලෝමීටරයේය. එතැන ඇත්තේ සුංගාවිල පාලමය. පාලමෙන් එහා සෝමාවතිය මහ කැලෑවය. එය තනිකර කොටි බළ කඳවුරකි.


සුංගාවිල පාලම වැටී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන “පෙරිය ආරු” හරහාය. මෙම පාලම පටන්ගන්නා තැන ආරුවෙන් මෙහා පැත්තේ පැරණි විශ්‍රාම ශාලාවකි. එය සෝමාවතී වන්දනාවේ යන වන්දනාකරුවන් සඳහා ඉතා සුන්දර පසුබිමක් සහිතව එය ඉදිකර තිබුණි. පසුව සුංගාවිල පොලිස් ආරක්‍ෂක පොලිසිය ලෙසට යොදාගෙන තිබුණේ මෙම විශ්‍රාම ශාලාවයි.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සුංගාවිල දඹදෙණි විශ්‍රාම ශාලාව.


එදින කොටි ත්‍රස්තයන් “පෙරිය ආරුව” එගොඩ පැත්තේ සිට ආරුවෙන් මෙගොඩ විශ්‍රාමශාලාව පිටුපස කැලෑව දෙසිනුත් වටකොට පහර දී ඇත. මෙම ප්‍රහාරය ආරංචි වූ සැණින් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අප්පුහාමි වහා එහි යාමට සූදානම් විය.


ඒ වනවිට පොළොන්නරුව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටියේ වත්මන් ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ඇස්. ඇම්. වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අප්පුහාමි මහතා ග්‍රාමාරක්‍ෂකයන් සහිත පොලිස් බැටෑලියන් එකක් රැගෙන සුංගාවිලට ගියේය.


මෙම පොලිස් කණ්ඩායම යනවිට සුංගාවිල පොලිසිය හෙවත් දඹදෙණි විශ්‍රාමශාලාව අල්ලාගෙන සිටි කොටි ත්‍රස්තයන්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වන්නට විය. අප්පුහාමි මහතා ද සිය කණ්ඩායම මෙහෙයවාගෙන ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගියේය. එහෙත් ඔහුට පෙනී ගියේ තමා සිතුවාට වඩා යුද ශක්තියක් ඔවුන් සතුව පවතින බවය.

මහවැලි ගඟේ අතු ගංගාවක් වන “පෙරිය ආරු” ගංගාව.

 


ඔහු වහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇස්. එම්. වික්‍රමසිංහ මහතාට කතා කළේය. හමුදා පුහුණුවක් නැති තම පොලිස් කණ්ඩායම එඩිතරකම නිසාම මෙම සටනට මුහුණ දී ඇති සැටි විස්තර කළ අතර හැකිතරම් ඉක්මනින් තමන්ට ගුවන් හමුදා සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.


ඒ සුළු මොහොතකින් පැමිණි ප්‍රහාරක හෙලිකොප්ටර් සුංගාවිල අහසේ සිට ප්‍රහාර එල්ල කරද්දී විශ්‍රාමශාලාව අතහැර එල්.ටී.ටී.ඊ. කොටි කැලෑවට පලා ගියහ.


පසුව විශ්‍රාමශාලාව යළි අල්ලාගෙන පොලිසිය ආරම්භ කළේය. මෝටාර් සහ වෙඩි පහරවලින් කැඩීබිදී ගියතැන් මෙම දඹදෙණි විශ්‍රාමශාලාවේ අදටත් දක්නට ඇත. බුදු මැදුර සහ ප්‍රතිමා ද විනාශව ඇත.

වදාකඩ නවරත්න
ඡායාරූප : කැළුම් සංජීව ධර්මදාස



අදහස් (0)

පොලිස් පොතේ දේශපාලන කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site