IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ප්‍රභූන් ඉදිරියේ රට හෑල්ලු කළ දේශපාලකයෝදෙන්නා

මැතිනියටත් මෙල්ල නොවූ කතානායක හියූ ප්‍රනාන්දු - 03

 

අගමැති සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක පාලන කාලයන් තුළ ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන සමුළු කිහිපයක් ලංකාවේ පවත්වා, රටට යම් ප්‍රමාණයක කීර්තියක් ලබාදී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.


ජාතීන් හයක් එක්කළ සැඳෑ සමුළුව, ජගත් සංවිධානයට පමණක් දෙවැනි වූ මුළු ලොවම වාගේ මෙරටට ගෙන් වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව, එයින් ප්‍රධාන ස්ථානයෙහි ලා ගැනේ. 
සිරිමා රජයේ, හියු ප්‍රනාන්දු කතානායකවරයා අගමැතිනියගේ විදේශීය සම්බන්ධතා හා ඇය ඉදිරිපත්ව, ලෝක සාමය උදෙසා සිදු කළ සේවාවන් පිළිබඳව වාර්තා වූ සිද්ධීන් ගැන ද තම සටහනේ දක්වා ඇති කරුණු වලින් සක්සුදක් සේ අනාවරණය වන්නේ, පොදුවේ ගැහැනියක සතු නුවණ, මේ තරමට දිග යැයි හැදිමිටකින් දැක්වීම, තවත් වරකින් තහවුරු කිරීමකැයි සිතේ. 


“ශ්‍රී ලංකාද්වීපය නැස්පැත්තියෙන් නැස්පැත්තියට පත් වෙද්දී. ශ්‍රී ලංකාවේ අගමැතිනිය ඉන්දියාව හා චීනය අතර කෙරෙන්නට ගිය මහා සංග්‍රාමය නවත්වාලීමෙන් ජාත්‍යන්තර ලෝක ප්‍රාතිභාර්යයක් පෑ බවක් කියනු ලැබේ. පීකිං නුවර දී මටත් චීන අගමැති චෞ එන් ලායි මුණ ගැසී කතා බහ කරන්නට අවස්ථාවක් ලැබුණි. එදා චෞ එන් ලායි අගමැතිවරයා මා ඇතුළු අනෙකුත් ලංකා නියෝජිතයන්ට කීවේ. මධ්‍යස්ථ ජාතීන්ගේ නියෝජිතයෙකු හැටියට පැමිණියත්, බණ්ඩාරනායක අගමැතිවරිය ඉන්දියා - චීන දේශ සීමා අරගලය ගැන කිසිම දැනුමක් නොමැති කෙනෙකු බවත්, මෙබඳු දූත කටයුතු සඳහා මීට වඩා දැනුම්- පැහැදුම් ඇති බුද්ධිමත් තැනැත්තෙකු ඉදිරිපත් විය යුතු බවත්ය.”


සිරිමා බණ්ඩාරනායකට තිබූ දේශපාලනමය සුදුසුකම වූයේ, ජාත්‍යන්තර කීර්තිධර දේශපාලනඥයෙක වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිගේ බිරිය වීම පමණි. තමා ජීවත්ව සිටින තාක් කල්, ක්‍රියාකාරි දේශපාලනයට තම බිරිය කිසි කලෙකත් වැද්ද නොගත් බණ්ඩාරනායක, ජාත්‍යන්තර වශයෙන් ඇයට අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ නම්, ඒ කිහිපවතාවක් විදේශීය සංචාරයන්ට, ඇය එක්කාසු කර ගැනීමෙන් පමණි.


කිසිසේත් අපේක්‍ෂා නොකළ නායකත්වයක් තම සැමියාගේ හදිසි වියෝවෙන් ලබාගත් ඇය මුල දී නායකත්වය ප්‍රතික්ෂේප කරද්දීත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ කුළල් කා ගැනීම් වළක්වාලීමට නොකැමැත්තෙන් වූවද එය භාරගත් බවක් පෙනුණි.


විෂය පිළිබඳ අවශ්‍ය දැනුම නොමැතියවුන්ගේ මද දැනුම, තීරණ ගැනීමේ දී විෂය ගෝචර නොවන අන්දමට සිදුවිය හැකි බව පිළිගත යුතු සත්‍යයකි.


තවදුරටත් තම සටහනෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැවැන්තයන්ගේ නොහොබිනා ක්‍රියා කලාපයන් ගැන ද විස්තරයක් ගෙනෙන ඔහු එය මෙසේ විස්තර කරයි.


“පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ලංකා ශාඛාව 1962 දී “ග්‍රෑන්ඞ් ඔරියන්ටල්” හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කළේය. ඒ අවධියේ සිටි කතානායක ආර්. ඇස් පැල්පොල විසින් අමුත්තන් පිළිගනු ලැබූ අතර, සම්භාවනීය අමුත්තන් අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල මහ කොමසාරිස්වරු ද සිටියහ. මෙම භෝජන සංග්‍රහයට මත්පැන් ද අඩංගු වී තිබුණි. අතරතුර සංගීත රාවයද රැව් දෙන්නට විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද මෙම සංග්‍රහයට සහභාගි වී සිටියහ. එයින් කෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද අනික් කෙනා මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වූහ. දෙදෙනාම ජාතික ඇඳුමින් සැරසී සිටියහ. මත්පැනින් ඒ දෙදෙනා උණුසුම් වූ විට නටන්නට පටන් ගත්හ. අනතුරුව සිංදු කියන්නටත් වූ අතර භීතියටත් පිළිකුළටත් පත්ව සිටි අමුත්තන් බලා සිටියදීම එක්වරම වමනය කරන්නට ද වූහ. මෙම සිද්ධිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාස ගත සිහි කටයුතු එකක් ලෙසට සඳහන් වනවා ඇත. 


අනතුරුව 1958 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යුගය දෙසට හැරී ඇති හියු ප්‍රනාන්දු, මුළු රටම ලේ විලක් කළ ‘ශ්‍රී’ අකුරේ ආරම්භය පිළිබඳව පසුව ඇති වූ කතිකාව මෙසේ ගෙනහැර දැක් වූයේය.


“ශ්‍රී” අකුර මෝටර් රථවලට දැමීම ගැන දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා කිසි කලෙක මෛත්‍රීපාල සේනානායකට සමාවක් දුන්නේ නැත. මෙම කාරණය සිංහල - දෙමළ ප්‍රශ්නය නිරාකරණය කිරීම ඉතා දුෂ්කර තත්ත්වයකට පෙළෙන බව, බණ්ඩාරනායක අගමැතිවරයා ඇමති මෛත්‍රීපාල සේනානායකට කීවේය. මෙම පියවර නිසා සිංහල - දෙමළ ඝට්ටනයේ ආරම්භය ඇති වූ බව ඔහු නිතර නිතර කීවේය. ඉන් නිකුත් වූ බලවේගයන්, අවසානයේ 1958 ඇති වූ කැරලි කෝලාහල වලින් ලේ වැගිරීම් පවා ඇති කරලීමට සමත් විය. මෙම විපතට වගකිව යුත්තේ මෛත්‍රීපාල සේනානායකගේ මුල්වැරැද්ද බව කී බණ්ඩාරනායක, අභ්‍යන්තර බීජය කාගෙන් රෝපණය වීදැයි තේරුම් ගත නොහැකි වූවත් ඒ වරද මෛත්‍රීපාල සේනානායක මත පතිත විය.”


“ශ්‍රී” අකුර යෙදීමට ප්‍රථම, වාහනවල අංක තහඩුව පිළියෙළ වූයේ සිලෝන් යන නාමය ක්‍ අක්ෂරය මුල් කරගෙන පිළිවෙළින් එක එක ඊළඟ ඉංග්‍රීසි අක්‍ෂරය දෙවනුවට යොදාගෙනය. ක්‍ෑල ක්‍ශල ක්‍ඛල ක්‍භ  යනුවෙනි. අනවශ්‍ය යෙදුමක් වූ ‘ශ්‍රී’ අක්‍ෂරය නිසා උතුරෙන් හටගත් ගිනිදැල්ල, සීතල නුවරඑළියේ දී වඩාත් ගිනියම් වී මුල්ම බිල්ල ගැනීමෙන් ගලා ගිය උණු ලේ ධාරාව, රටපුරා ගලා ගියේ. අගමැති බණ්ඩාරනායකට ඇඟිල්ල දිගු කරමිනි. එය තමාගේ නියෝගයෙන් යෙදූ අක්‍ෂරයක් නොවන බවට හෝ වෙනත් ඇමතිවරයෙකුගේ තීරණයක් බවට හෝ බණ්ඩාරනායක අගමැතිවරයා නොකී නිසා, වසන් වී, මෛත්‍රීපාල සේනානායක පිට පැටවුවත් එය ඔහුගේම ගිණුමට බැර විය.


එසේම, තවදුරටත් කරුණු ගෙනහැර පාන නිසා, මුදල් ඇමති ඇන්. ඇම්. පෙරේරාගේ අය - වැය ගැන අනාවැකි පළ කරන පාඨකයනට මුදලින් තෑගි පිරිනමන බව ‘දවස’ පත්‍රය විශේෂාංගයක් පළ කිරීමෙන් කෝපයට පත් ඇන්. ඇම්, කතානායක හමුවී, ‘දවස’ ට නිකුත් කර ඇති පාර්ලිමේන්තු වාර්තා කිරීමේ අවසරය අවලංගු කරන්නැයි කළ ඉල්ලීම, කතානායකවරයාට එවැන්නක් කිරීමට තරම් බලතල පුළුල්ව නැතැයි ප්‍රතික්‍ෂේප කිරීමෙන්, ඔහු උරණ වූ බවක් ද කියා ඇත.


තවදුරටත් විස්තර වන එම ලිපියේ, සිංහලයා අනිකෙකුට වහල් වී සිටිනවාට වඩා පොල් ගසක් යට නිදා ගැනීම අගය කොට සැලකූ බව’ රොබට් නොක්ස් කියා ඇති බවත්, ඒ අනුව රටේ ජාතිකත්වය මාක්ස්වාදයට හෝ කොමියුනිස්ට් වාදයට විරුද්ධ බවත්, රටේ පරිහානිය ඒකාන්තයෙන්ම ඇති වන්නේ එකී නව වාදයන්ගෙන් බවත්, හියු කියා සිටී. 


“පිකිං නුවර සිටි කේ. ඇම්. ජී. රාජරත්න නමට විදුලි පණිවුඩයක් ලංකා තානාපති කාර්යාලයට ලැබී තිබුණේ එක් දිනක සවස 4ටය. රාජරත්න නැවතී සිටි හෝටලයට තානාපති කාර්යාලයේ සිට ඇත්තේ විනාඩි 10ක ගමනක් වූවත්, විදුලි පණිවුඩය රාජරත්නට භාර දී ඇත්තේ පසුදා උදේය. හේතුව, එම ලිපිනයට දීර්ඝ ගමනක රාජකාරියකට මුහුණ දීමට සිදුවී අති නිසයි. හිතුමතේට එහාට මෙහාට යෑමේ නිදහසක් චීනයේ නැත. රටපුරා යෑමට එහි නිදහසක් ඇතැයි යමෙකු කිවහොත්, එය ඔප්පු කරන ලෙසට මව අභියෝග කරමි. රාජ්‍ය නියෝජිතයෙකු- ඕනෑම සංචාරකයෙකු, වෙළඳ නියෝජිතයෙකු හෝ තානාපතියෙකු මේ කවරෙකු හෝ වේවා, යන එන තැන් පිරික්සීමේ සංවිධානාත්මක චීන පිරිසක් එහි සිටී.” යනුවෙන් ද හියු, චීනය තුළ ඇති නිදහස කදිමට පෙන්නුම් කර ඇත.


තම දීර්ඝ විස්තරය පොතකින් ප්‍රසිද්ධ කරන ඔහු එතෙකින් එය හමාර කරයි.


හිටපු කතානායකවරයෙකු වූ හියු ප්‍රනාන්දු, එම තනතුර දැරූ අන් සියලුම අයට වඩා විශේෂත්වයකින් හැඳින්වෙන්නේ, තම සිතට එකඟව අවංකව අදහස් ප්‍රකාශ කිරීමේ නිර්භීතභාවය, ඔහුගේ සේවා කාලය තුළ දීම මනාව ඔප්පු කර ඇති බැවිනි.

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ප්‍රභූන් ඉදිරියේ රට හෑල්ලු කළ දේශපාලකයෝදෙන්නා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12124 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6804 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14488 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14853 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2764 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 775 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2324 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1991 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site