IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


නිර්ධන පන්තියට විප්ලවවාදී පක්ෂයක්

කලක් විප්ලවවාදී ව්‍යාපාරයේ නියැළී සිට පසුව විප්ලවවාදී ව්‍යාපාරයට ද්‍රෝහී වි සතුරන් අතරට පලාගිය උන් පිළිබඳව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ලබා ඇති අත්දැකීම් සම්භාරය අති විශාලය. ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයකු වූ කාල් කෞටිස්කිගේ පටන් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ මේ වනතෙක් හෙළිදරව් වී ඇති එවන් මිනිසුන් ගණන බොහෝය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ කලින් උප සභාපතිවද මාවෝගෙන් පසුව පත්වන්නා හැටියටද චීන සමුහාණ්ඩුවේ ජනාධිපති වශයෙන්ද සිටි ලියු ෂා ඕච් විප්ලවයේ වකවානුවේදී විශාල නායකත්වයක් දරමින් එයට සහභාගී වූ පුද්ගලයෙකි. 


කලක් විප්ලවවාදී ව්‍යාපාරයේ නියැළී සිට පසුව විප්ලවවාදී ව්‍යාපාරයට ද්‍රෝහී වි සතුරන් අතරට පලාගිය උන් පිළිබඳව ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය ලබා ඇති අත්දැකීම් සම්භාරය අති විශාලය. ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයකු වූ කාල් කෞටිස්කිගේ පටන් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ මේ වනතෙක් හෙළිදරව් වී ඇති එවන් මිනිසුන් ගණන බොහෝය. චීන කොමියුනිස්ට් පක්ෂයේ කලින් උප සභාපතිවද මාවෝගෙන් පසුව පත්වන්නා හැටියටද චීන සමුහාණ්ඩුවේ ජනාධිපති වශයෙන්ද සිටි ලියු ෂා ඕච් විප්ලවයේ වකවානුවේදී විශාල නායකත්වයක් දරමින් එයට සහභාගී වූ පුද්ගලයෙකි. 


කම්කරු පංතිය ප්‍රමුඛ මුළුමහත් ජනතාවම දැඩි ලෙස වෙළාගෙන ඇති අවස්ථාවක සකලවිධ දේශීය දේශපාලකයින් විප්ලවීය දර්ශනයට ක්‍රියාමාර්ගයට එරෙහිව අවි අමෝරා ඇති අව්ස්ථාවක යටත්විජිත ඉතිහාසයේම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ඉතාමත් සාර්ථක ලෙස ධනේෂ්වර පාර්ලිමේන්තු දේශපාලනය ජනතාව අතර කිඳා බස්සවා ඇතිරටක ලංකාවේ එවකට මැතිවරණ අටවාරයක් පවත්වා තිබිණි.

ආසියාකරයේ බි්‍රතාන්‍ය යටත්විජිත අතුරෙන් මැතිවරණයෙන් පාලක දේශපාලන පක්ෂය, (පංතිය, නොවේ) විටින් ටිට මාරුකර ඇති රටක දක්ෂිණාංශය පමණක් නොව වාමාංශයද පාර්ලිමේන්තු මිථ්‍යාව ජනතාව අතර තහවුරු කරමින් සිටින රටක විශේෂයෙන්ම විප්ලවකාරී දේශපාලන පක්ෂයක් ගොඩ නැගීම සුළුපටු නොවේ. ලෙහෙසි පහසු සරල හා ඉක්මනින් කළ හැකි කටයුත්තක් නොවේ.


එය ඉතාමත්ම බැරෑරුම්ම හා පරිස්සමින්ම අතගැසිය යුතු වැදගත්ම සහ සංකීර්ණතම කටයුත්තකි. ‘බහුජනතාව විසින් න්‍යායක් ග්‍රහණය කරගත්විට එය ද්‍රව්‍යමය  බලවේගයක් බවට පත්වේ. කියලා මාක්ස් කියලාතියෙනවා. අපේ රටේ එවකට විප්ලවවාදී පක්ෂයක් විප්ලවවාදී බලවේගයක් නොතිබුණාට පීඩිත පංති නිර්ධන පංති බහුජන සමූහයක් සිටියා.

විප්ලවවාදීන් විසින් කළ යුතු කටයුත්ත වූයේ මේ නිර්ධන පංති බහුජන සමුහයාට මාක්ස්වාදී න්‍යාග ග්‍රහණය  කරවා ඔවුන් විප්ලවවාදී ද්‍රව්‍යමය බලවේගයක් බවට පත්කර ඒ විප්ලවීය  ද්‍රව්‍යමය බලවේගය අව්‍යාජ මාක්ස් ලෙනින්වාදී වැඩපිළිවෙළක් තුළ සංවිධානය කර ඒ  විප්ලවීය සංවිධානයේ නායකත්වය යටතේ මග පෙන්වීම යටතේ පුළුල් බහුජන සමූහයා විප්ලවය කරා මොහෙයවා ධනේශ්වර ආඥාදායකත්වය හා ආධිපත්‍ය සුන්බුන් කර නිර්ධන  පංති ආඥාදායකත්වයක් ස්ථාපිත කර සූරාකෑමෙන් තොර සමාජවාදී සමාජ ක්‍රමයක් හරහා උත්තරීතර කොමියුනිස්ට් සමාජය වෙත පා තැබීමයි. මාක්ස්වාදී න්‍යාය නිර්ධන  පංති බහුජන සමූහයාට ග්‍රහණය කරවාඔවුන් විප්ලවවාදී න්‍යාය නිර්ධන පංති බහුජන සමූහායට ග්‍රහණය කරවා ඔවුන් විප්ලවවාදී බලවේගයක් බවට පෙරළීම  කරන්නේ නැතිව විප්ලවවාදී  පක්ෂයක් ගොඩනැගිය නොහැක.

 විප්ලවවාදීන් ගොඩනගන්නේ නැතිව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය නොහැකිය.  විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට නම් විප්ලවවාදීන් සිටිය යුතුමය. විප්ලවවාදීන් බිහිකළ යුතුමය. 


විප්ලවවාදීන් බිහිකිරීමට නම්  ප්‍රතිසංස්කරණය කරගෙන ඇති සමාජය ප්‍රතිසංස්කරණවාදී දර්ශනයට සහ සිද්ධාන්තවලට එරෙහිව අනවරත අරගලයක් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව නිර්ධන පංති විප්ලවවාදී දර්ශනය හා ක්‍රියා මාර්ගය ගොඩනැංවීම සඳහා කළ යුතුය. මෙය තමා මතවාදී අරගලය යනුවෙන් හඳුන්වන්නේ ජනතාව තුළ ධනේශ්වර මතවාදයට එරෙහිව  ජනතාව අතර විප්ලවීය මතවාදය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමයි මේ කටයුත්ත සඳහා දියුණු වූ වර්ධනය වූ   පරිසමාප්ත  වු මාක්ස් ලෙනින්වාදී සමුහයක් එක් රැස් කර ගැනීමට  සිටියේ නැත. විප්ලවවාදී කාඩර්වරු සිටියේ නැත.

මාක්ස් ලෙනින්වාදී පක්ෂයක්  ගොඩනැගීමේ ක්‍රියාවලියේ තීරණාත්මක සාධයක් තමාදක්ෂ කාර්යශූර බුද්ධිමත් පරිත්‍යාගශීලි අවංක කැපවුණු වර්ධනය වූ මාක්ස් ලෙනින්වාදී කාඩර්වරුන් සිටීම අපට නිර්ධන පංති විප්ලවවාදී පක්ෂයක්  ගොඩනැගීමේ අරමුණ ඇතිව විප්ලවවාදීන් ගොඩනැගීමේ අරමුණ ඇතිව ජනතාව අතර මතවාදී අරගලයක් කිරිමට අවශ්‍ය ප්‍රමාණයක් දක්ෂ සහ වැඩුණු මාක්ස් ලෙනින්වාදී කාඩර්වරු සිටියේ නැහැ. කුඩා හෝ සංවිධාන මට්ටමක් ගොඩනගා ගැනීමට අවශ්‍ය විප්ලවවාදීන් කිහිප දෙනකුවත් සිටියේ නැහැ. චීන පිලෙන් සොයා ගත හැකි කිහිප දෙනා මාක්ස් ලෙනින්වාදී දැනුම අතින් ඉතාමත් පහත් මට්ටමක  දේශපාලනිකව ළපටි ප්‍රතිසංස්කරණවාදී ජරාජීර්ණ වූ පැරැණි සංවිධාන ක්‍රමවලට ඇබ්බැහි වූ පැරැණි වාමාංශික ව්‍යාපාරයේ පරාභව ගත වි මැරීයන අංග ලක්ෂණ අරුම කරගත් ග්‍රහණය කරගත් අය වුණා. 

 

 

 

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

නිර්ධන පන්තියට විප්ලවවාදී පක්ෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17390 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site