IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


දෙමළ තරුණයන් යුද හමුදාවට

2000 වසරේදී එතෙක් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික නිලධාරීව සිටි ඔහුව මාණ්ඩලික නිලධාරී තනතුරට උසස් කරන ලදී. නමුත් ඔහු හට නියම ලෙසටම හිමිවීමට තිබූ හමුදාපති ධුරය ලබා නොදුණි. හමුදාපති ධුරය නොලැබීමෙන් ඉච්ඡාභංගත්වයට පත් ජානක පෙරේරා මහතා යුද හමුදාවට සමුදෙන අතර, ඔහු හමුදාවෙන් නික්මෙන විට රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි හා රිවිරැස සේවා මෙහෙයුම් පදක්කම වැනි ඉහළම පදක්කම් රැසකින් පිදුම් ලබා තිබුණි.ලංකාවේ බිහිවූ විශිෂ්ටතම දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මැතිතුමා බෙහෙවින්ම ගරු කළ හමුදා නිලධාරියකු වූ ජානක පෙරේරා මහතා කෙදිනක හෝ හමුදාපති වනු ඇති බව ඔහුගේ සිහිනයක්ව පැවැති බව කියැවේ. එහෙත් රටේ රාජ්‍ය නායකත්වය අභියසටම පැමිණ සිටි ගාමිණී දිසානායක මහතාටද කුරිරු ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.

 

 

යුද හමුදාපති ධුරය නොලැබුණු නමුත් හිටපු ජනාධිපතිනිය විසින් ජානක පෙරේරා මහතා ඕස්ටේ්‍රලියාවේ මහකොමසාරිස් ධුරයට පත් කරනු ලැබුවේය. සිව්වසරක් පුරා ඕස්ටේ්‍රලියාවේ ජීවත්වූ ජානක පෙරේරා මහතා හට එතෙරදීද දෙමළ ඩයස්පෝරාවේ හා ඇම්නෙස්ට් ඉන්ටනැෂනල් සංවිධානයෙන් යුද අපරාධ චෝදනා එල්ල කරන ලදී. නමුත් ඔහු ඒවාටද නොසැලී මුහුණ දුන්නේය. ඕස්ටේ්‍රලියාවේ සිව් වසරක මෙහෙවරින් පසුව ඔහු ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස 2005 වර්ෂයේදී ජාකර්තා නුවරදී වැඩ භාර ගත්තේය. දෙරටේම තානාපතිවරයා ලෙස සිටිමින් කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීමට ජානක පෙරේරා මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.
2005 වසරේදී ජනාධිපතිවරණය කැඳවීමත් සමගම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කිරීමට ආරාධනා ලද ජානක පෙරේරා මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. වසර 06 ක තානාපති සේවයට සමුදී 2007 වසරේදී ලංකාවට පැමිණි ඒ මහතා 2008 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ උතුරුමැද පළාත් සභා අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයෙන් මනාප ඡන්ද, 116,000 කට අධික සංඛ්‍යාවක් ලබා ප්‍රමුඛස්ථානයට පත් විය.


මෙය උතුරුමැද පළාත් සභා ඡන්ද ඉතිහාසයේ ඕනෑම පක්ෂයකින් වාර්තා වූ වැඩිම මනාප ප්‍රමාණය ලෙසද ඉතිහාසයට එක් වෙයි. උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට තේරී පත් වන ඒ මහතා පොදු ජනතා සේවය වෙනුවෙන් දේශපාලනයේ නිරතවීමට අධිෂ්ඨාන කර ගත්තේය. උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී ඉතාමත් නින්දිත ලෙස දේශපාලන මඩ ප්‍රහාරවලට ලක් වූ ඒ මහතා ඉතාමත් ඉවසීමෙන් යුක්තව තම දේශපාලන කටයුතුවල නිරතවෙමින් ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූයේ දශක දෙකකට වඩා හමුදා සේවයෙන් ඔහු ලබා තිබූ විනය හා ශික්ෂණය හේතුවෙනි.


හමුදාවේ සේවය කළ උසස්ම නිලධාරියකු වූ ජානක පෙරේරා මහතාගේ ආරක්ෂාව පිළිබඳව එතරම් තැකීමක් නොකළ මහින්ද රාපක්ෂ ආණ්ඩුව ජානක පෙරේරා මහතාගේ ආරක්ෂාව සඳහා යෙද වූයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු පමණකි. එදා තම ජීවිතයට පවතින්නා වූ තර්ජන පෙන්වා තම ආරක්ෂාව වැඩි කර දෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද ඒවාට කිසිදු ඇහුන්කන්දීමක් නොකළ බලධාරීන් විසින් පවසා ඇත්තේ වැඩකට නැති හිටපු ජනරාල්වරයෙකුට මොන ආරක්ෂාවද කියාය. එදා සිටි කිසිදු දේශපාලනඥයකු මෙම අභීත සෙන්පති දේශප්‍රේමියා වෙනුවෙන් ආරක්ෂාව සැලසීමට වගබලා නොගත් අතර මෙය එතුමාව ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානයට ඉඩ පහසුකම් සලසාදීමක් වැනි විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉතාමත් කෲර ලෙස විපක්ෂය මර්දනය කරමින් ගෙන ගිය ක්‍රියා පිළිවෙතට නොසැලී තම ජනතා සේවය ජානක පෙරේරා මහතා විසින් දිගටම සිදු කර ගෙන ගියේය. ජානක පෙරේරා මහතා අනුරාධපුරයේ තම නව දේශපාලන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය 2008 ඔක්තෝබර් මස 06 වැනිදා යොදා ගෙන තිබූ අතර, එම උත්සවය ආරම්භ කොට විනාඩි කිහිපයක් ගතවන්නට පෙර රැස්ව සිටි ජනතාව මැදින් ආ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියකුගේ බෝම්බ ප්‍රහාරයකින් මුළු අනුරාධපුරයම ගිගුම් දෙමින් පුපුරා ගියේ ජානක පෙරේරා නැමැති ඒ වීරෝදාර දේශප්‍රේමී ජනහිතකාමී සෙන්පති මෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ වූ වජිරා පෙරේරා මහත්මියගේද දිවි අහිමි කරමිනි.

 

 

එදා සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරිකයකු මෙන්ම දක්ෂ වෛද්‍යවරයකුද වූ රාජා ජොන් පුල්ලේ මහතා හා එම මැතිණියද පළාත් සභා මන්ත්‍රීවරු එතුමාගේ ආධාරකරුවන් ඇතුළු 18 දෙනෙකුට අධික සංඛ්‍යාවකට දිවි අහිමි විය.


මියයන විට ජානක පෙරේරා මහතා තිදරු පියකු වූ අතර ඔහුගේ බිරිය වජිරා පෙරේරා මහත්මියද ලංකා ඉතිහාසයේ පළමු යුද හමුදා කාන්තා නිලධාරීන් 06 දෙනාගෙන් එක් අයකුද වූවාය. රටට ජාතියට මහත් සේවයක් කළ ඉදිරියේදීද කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ඒ මහතා මුළු මහත් ජනතාවගේ සෝ සුසුම් මැද දැයෙන් සමුගත් දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගතද? තවත් බොහෝ සේවයක් රට වෙනුවෙන් කරන්නට සිටි මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ සමුගැනීම රට ජාතියට දරා ගැනීමට නොහැකි පාඩුවක් බව නොකිවමනාය. අද ඔහු ජීවත්ව සිටියේ නම් නියත වශයෙන්ම උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා  වෙන බවට කිසිදු සැකයක් නොමැත. මුළු මහත් ජාතියේම අවාසනාවට අප අතරින් සදහටම සමුගත් ජාතික වීර සෙන්පති මේජර් ජෙනරාල් ජානක පෙරේරා නාමය මිනිසුන්ගේ හදවත් තුළ ගලේ කෙටූ අකුරක් ලෙසින් සදා අමරණීයව පවතිනු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

ජී. ගයාන් ඕෂධ

 



අදහස් (0)

දෙමළ තරුණයන් යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site