IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොස්ටාරිකා ජනරජයේ අලුත් තරුණ ජනාධිපති කාර්ලෝස් ඇන්ඩේ‍රස්

 

 

තරුණ නායකත්වය  රටක් ඉදිරියට ගෙන යෑමට අත්‍යවශ්‍ය වන බව ලොව ප්‍රවණතාව වී තිබියදී  තරුණ නායකත්වයට වැඩි  ප්‍රමුඛත්වයක් ලබා දෙනුයේ ඇමෙරිකා මහද්වීපය සහ යුරෝපා රටවල්ය. එලෙස සමාජයේ බියක් සැකක් නොමැතිව තරුණ පිරිස්හි  දක්ෂතාවට නිසිතැන ලබා දුන් රටක් වනුයේ දකුණු ඇමෙරිකා මහද්වීපික රටක් වන කොස්ටාරීකා ජනරජයයි. ඒ ගමනේ මුල් පිම්ම වූයේ ඉකුත් වසරේදී එරට දේශපාලන නායකත්වය තිස් අට හැවිරිදි තරුණයෙකුට පැවරීමයි. මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ කොස්ටාරීකාවේ බිහිවූ ළාබාලතම ජනාධිපතිවරයා වන කාර්ලෝස් ඇන්ඩේ‍රස් ක්වෙස්ඩා වෙනුවෙනි.


කොස්ටාරීකා යනු ස්පාඤ්ඤ භාෂාවෙන් ”_සරු වෙරළ”_ යන අර්ථය ඇත්තකි. නිල වශයෙන් කොස්ටාරිකා ජනරජය  උතුරින් නිකරගුවා වෙතින්ද, ගිනිකොන දෙසින් පැනමාව වෙතින්ද, බටහිරින් ශාන්තිකර සාගරයෙන් සහ නැගෙනහිරින් කැරිබියානු මුහුද වෙතින්ද මායිම්වූ මධ්‍යම ඇමරිකානු රටකි. ලෝකයේ පැරණි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලැයිස්තුවේ 22වන කොස්ටාරීකාව එම ලැයිස්තුවේ ඇති එකම ලතින් ඇමරිකානු රට වෙයි. මානව සංවර්ධන දර්ශකය, අනුව සෙසු ලතින් ඇමරිකානු රටවල් අතුරින් ඉහළ ස්ථානයක සිටින්නේය.


ඉහත සඳහන් කළ මේ තරුණ නායකයා ලොව දැනට සිටින තරුණම රාජ්‍ය නායකයින්ගේ ලැයිස්තුවේ දෙවැන්නා වන අතර ඉන් පළමු වැන්නා වනුයේ භූතාන අගමැතිවරයාය. ඉහවහා ගිය ආර්ථික දරිද්‍රතාව, දැවෙන පාරිසරික ගැටලු විසඳීම වෙනුවෙන් තරුණ කණ්ඩායම් සංවර්ධනයේ කොටස්කරුවන් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් 2018 අප්‍රේල් 01 වැනිදා බලයට පත්වෙන කාර්ලෝස් රැකියාවන් කිහිපයකම නිරත වන්නේය. වරෙක හෙතෙම ලේඛකයයෙකි. තවත් විටෙක දේශපාලන විශ්ලේෂකයෙක් හා මාධ්‍යවේදියෙකි. ඒ සියල්ල අවසානයේ ඔහු දේශපානඥයෙකි. 1914 දී එවකට වයස අවුරුදු 36ක් වූ ඇල්ෆ්‍රෙඩෝ ගොන්සාලෙස් ජනාධිපතිවරයාගෙන් පසුව එම ධුරයට පත් ළබාලතම තැනැත්තා වන්නේද ඔහුය.


1980 වසරේ ජනවාරි 14 වැනිදා කොස්ටාරීකා හි සාමාන්‍ය මා පිය යුවළකට දාව උපන් කාර්ලෝස් සිය පාසල් අධ්‍යාපනයෙන් පසුව සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගත් අයෙකි. ඉන්පසුවත් සිය වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ ඔහු 2008 සිට 2009 වසර දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ චේවිනින්ග් ශිෂ්‍යත්වය හිමි කර ගැනීමටද සමත් වූයේය. සිය අධ්‍යාපන කටයුතුවලින් පසුව ලේඛන දිවියට අවතීර්ණ වූ හෙතෙම පෙරෝ අසූල් සමඟ සම සංස්කාරකත්වයෙන් 2006 වර්ෂයේදී සිය ප්‍රථම ග්‍රන්ථය එළි දක්වන්නේය. එම ග්‍රන්ථය වනුයේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ඉන්ෆීල්ස් යන්නයි. එම වසරේදීම ඔහු “ලා හිස්ටීරියා ඩි කොර්නේලියස්” නැමැති නවකතාව වෙනුවෙන් කොස්ටාරීකා තරුණ නිර්මාණයට හිමි සම්මානය හිමිකර ගත්තේය.


ග්‍රන්ථකරණයේ නිරතවන අතරතුරේදී ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන මුදල් එක්සත් රාජධානි සංවර්ධන අධ්‍යයන ආයතනයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය. තවත් වරෙක එරට විශ්වවිද්‍යාලයේ සාමූහික සන්නිවේදන විද්‍යා පාසලේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළේය. ඒ අතර තුරේදී එරට ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකාරී පක්ෂයක් වන “සිටිසන් ඇක්ෂන්” හි උපදේශකවරයෙකු ලෙසින් සක්‍රීය දේශපාලනයට එක්වන හෙතෙම 2010 වසරේදී එවකට එහි සිටි කම්කරු අමාත්‍ය වික්ටර් මොරාලෙස් මෝරා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත් කරනු ලැබීය.


එලෙස කොස්ටාරීකා හි කම්කරු අමාත්‍ය ධුරයට පත් වීමත් සමඟ කම්කරුවන් හා සේවායෝජකයින් අතරේ පවතින වැටුප් පිළිබඳ ගැටලු, එසේම විශ්‍රාම වැටුප් කප්පාදු කරන නීති රැසක් හඳුන්වා දුන්නේය. මේ නිසා ඔහු එරට වැසියන්ගේ ආකර්ෂණය දිනගත් දේශපාලනඥයකු වූයේය. එහි උච්චතම අවස්ථාව වූයේ ඔහු ඉකුත් වසරේ මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණය සඳහා “සිටිසන් ඇක්ෂන්” පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වෙමින් සියයට 61ක ජනවරමක් දිනා ගනිමින් සිය ප්‍රතිවාදියා වූ ෆැබ්රිෂියෝ අල්වරාඩෝ මුනෝස් පරාජය කළේය.


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූඑන්ඩීපී) විසින් 2010 දී පෙන්වා දුන්නේ, සම ආදායම් මට්ටමේ පවතින වෙනත් රටවල්වලට වඩා බොහෝ ඉහළ මානව සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇති රටවල් අතුරින් කොස්ටාරිකාව එක් රටක් වන  බවය. එය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඔහු එරට පාරිසරික ධරණීයතාව පිළිබඳව හොඳ ප්‍රතිශතයකින් පවත්වා ගෙන යාමට උත්සාහ කරමින් සිටී. එමෙන්ම පාරිසරික ධරණීයතාවය මැනීම සඳහා ස්ථාපිත උපමානයන් පහ සමස්ත වශයෙන් මුහුණ දීමට හැකිවූ එකම රට ද එය වෙයි. පාරිසරික ධරණීය තා දර්ශකය අනුව ලොව පස්වැනියා ලෙසින්ද ඇමරිකාවෙහි පළමුවැන්නා ලෙසින්ද අනුස්ථිතිය ලැබීමට කොස්ටාරීකාව සමත් වූයේ කාර්ලෝස්ගේ මෙම ප්‍රතිපත්ති නිසාවෙනි. 


2021 වනවිට පළමු කාබන්-උදාසීන රට බවට පත්වීමේ අභිලාෂය, කොස්ටාරිකානු රජය විසින් 2007 දී ප්‍රකාශයට පත් කළ අතර 2050 වසරේදී සම්පූර්ණයෙන් කාබන්හරණය කළ රට බවට පත්වීමේ ඉලක්කය කාර්ලෝස් සතුව පවතී. ඔහුගේ මෙම ඉලක්කය අනුව වසර 2030 වන විට කොස්ටාරීකාව තුළ සියයට සියයකින්ම පුනර්ජනනීය බලශක්තිය මත ක්‍රියාත්මක වීමට අපේක්ෂා කෙරේ.


ලෝකයේ “ඉතාමත් හරිතමය” රට ලෙසින්ද කොස්ටාරීකාව මුලට තැබීමට ජනාධිපති කාර්ලෝස්ගේ මෙහෙවර ගැන්මට දැන්ම කල් තියා අනවැකි පළ කිරීම නොහැකිමුත් ඔහුගේ ඊළඟ ධූර කාලය තීරණය වන්නේ ඔහු කරන්නා වූ සමාජ සුබසාධන වැඩපිළිවෙළ මත බවද ඔහු අමතක නොකළ යුත්තේය.

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

කොස්ටාරිකා ජනරජයේ අලුත් තරුණ ජනාධිපති කාර්ලෝස් ඇන්ඩේ‍රස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 491 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site