IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කඳවුරේ පාලනය කැරැලිකරුවන් අතට

ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

12 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

 

පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් නැති නිසා හමුදාව කෑම පිස ගැනීම අපට කරගන්නා ලෙස උපදෙස් දුන්නේය. අපි ඒ අනුව ශාලා හතට දින හත බෙදා දුන්නෙමු. හමුදා සෙබළු කිසිවකු කඳවුර තුළ රඳවා තිබුණේ නැත. පසු දිනයට පිසීමට වුවමනා දෑ ගෙන ඒම සඳහා එම දිනය අයත් ශාලාවේ පස් හය දෙනෙකු පමණ ගේට්ටුව ළඟට යා යුතු විය. ඔවුන් හමුදා වාහනයක රැගෙන ගොස් බඩු රැගෙන ඒමට සංවිධානය කර තිබුණි. 


බන්ධනාගාරයේ පාලනය තිබුණ කාලයෙහි දවසකටම ලැබුණේ පොල් ගෙඩි 125 පමණි. හමුදාව භාරගෙන පළමු දවසේම උදේ ආහාර වේලට පමණක් පොල් ගෙඩි 115 ක් ගෙන එන ලදී. දහවලට හා රාත්‍රියට සමග පොල් ගෙඩි 300ට කිට්ටු ප්‍රමාණයක් ලැබුණි. උදේ ආහාරයට ලැබුණු පාන්, කරවල හා එළවළු ප්‍රමාණය ද මෙසේ වැඩි විය.


ලැබුණු සියලුම පොල් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වූයේ නැත. එබැවින් පොල් ගෙඩි ඉතුරු විය. මේ නිසා අපි හමුදා නිලධාරීන්ට කියා පොල් වෙනුවට අමතර එළවළුවක් හෝ අමතර කෑමක් ලබාගැනීමට කටයුතු කළෙමු. අපේ ආහාරවලින් කෙතරම් මුදලක් බන්ධනාගාර නිලධාරීන් ගසා කන්නට ඇත්දැයි අපට තේරුම් ගන්නට ලැබුණේ යුද හමුදාව නිසයි.
අප සෑම දිනකම උදේ පාන්දර කඳවුරේ පිට්ටනියේ සියයක් එක ගොඩකට වෙන ලෙස දහයේ පේළි සැදී සිටිය යුතු විය. එවිට හමුදා නිලධාරීහු පැමිණ ගණන් ගත්තෝය. ඔවුහු ඉන්පසු කඳවුරු රෝහල් වාට්ටුවේ සිටින රෝගීන් හා කුස්සියේ සිටින අය ද ගණන් කර සියලු රැඳවුම්කරුවන් සිටින බව සහතික කර ගත්හ. සොල්දාදුවන් කඳවුරු තුළට පැමිණියේ මේ ගණන් කිරීම සඳහා පමණි. මෙම කඳවුර තුළ එක්දහස් දෙසියයක් පමණ සිටියහ.


දිනක් කඳවුර තුළ දැන්වීමක් අලවා තිබුණි. එහි තිබුණේ ගරුසිංහ නම් තැනැත්තා අල්ලාදෙන හෝ තොරතුරක් ලබාදෙන්නේ නම් ත්‍යාගයක් දෙන බවටය. මෙහි ගරුසිංහ සහෝදරයාගේ ශරීර ලක්ෂණ ලෙස සඳහන් කර තිබුණේ හරියටම මාගේ ශරීර ලක්ෂණය. එය කියවා බලා මේ ලක්ෂණ අනුව නම් කවරදාවත් ගරුසිංහ සහෝදරයා අල්ලාගත නොහැකි වන බව මම අපේ සහෝදරවරුන්ට කීවෙමි. මෙය මෙසේ සිදුවන්ට ඇත්තේ හයිඞ්පාක් රැස්වීමේ පෝස්ටර් ත්‍රිකුණාමලයෙහි අලවමින් සිටි අවස්ථාවේදී ත්‍රිකුණාමලය පොලීසිය ලියාගත් ශරීර ලක්ෂණ සටහන් මාරුවීම නිසා යැයි මම සිතුවෙමි.


මේ වන විට පිහිටුවා තිබූ මෙවැනි කඳවුරු අතර සම්බන්ධතාව පවත්වාගෙන ගිය එක් ක්‍රමයක් වූයේ කඳවුරුවල රෝගී වන අය රැගෙන ගිය අප සහෝදරයින් මගිනි. උදෑසන ගණන් කිරීමෙන් පසු අසනීප වී කඳවුරෙහි වාට්ටුවේ සිටින රෝගීන් වාට්ටුවේ වැඩ කරන අප සහෝදරයකු සමග ගේට්ටුව ළඟට යා යුතු විය. එවිට හමුදා වාහනයකින් ඔවුන් මැගසින් බන්ධනාගාරයට ගෙන යයි. මෙසේ සෑම කඳවුරකම අය බෙහෙත් ගැනීමට ගෙන ආවේ මැගසින් බන්ධනාගාරයේ රෝහලටය. සමහර අවස්ථාවල දී බොහෝ දුරබැහැර සිරගෙවල්වල සිටි සහෝදරවරුන් ද ප්‍රතිකාර කිරීම සඳහා එහි ගෙන එන ලදී. එතැන දී පණිවුඩ හුවමාරු කරගැනීමට ව්‍යාපාරයේ අය කටයුතු යොදා තිබුණි. බොහෝවිට කඳවුරු රෝහල් වාට්ටුවේ කටයුතු කළේ ව්‍යාපාරයේ විශ්වාසවන්ත සහෝදරවරුන්ය.


අප කඳවුරේ උදේ ගණන් කිරීමෙන් පසු සියලු දෙනා එකතු වී දේශාභිමානී ගී කිහිපයක් ගායනා කරන්නට අපි පුරුද්දක් ඇති කර ගත්තෙමු. මේ කාලයෙහි අනෙක් කඳවුරුවල ද මෙසේ ගී ගායනා කර ඇති බව පසුව දැන ගැනීමට ලැබුණි.


මේ අතරවාරයේ විජේවීර සහෝදරයා මට පණිවුඩයක් එවා තිබුණි. මගේ නම කියා ඉදිරිපත්වන ලෙස නිවේදනය කළහොත් ඉදිරිපත් නොවී සිටින ලෙසත් මා සම්බන්ධ වන සියලු දෑ වෙනත් සහෝදරයකුගේ නමට බැරවී තිබෙන බවත් එම පණිවිඩයෙන් දන්වා තිබුණි. මහ නඩුවට සම්බන්ධ අයගේ නම් ලැයිස්තුවක් කඳවුරේ වූ ශබ්ද විකාශන පද්ධතියෙන් කියවූයේ මේ දිනවලමය. එහි කුලරත්න බණ්ඩා නොහොත් පියසිරි ගුණරත්න ලෙස නමක් ඇතුළත් වී තිබිණි. මම ඉදිරිපත් නොවී සිටියෙමි. ව්‍යාපාරයේ ශිෂ්‍ය අංශයේ වැඩ කළ කුලරත්න බණ්ඩා හෙවත් ගුණරත්න බණ්ඩා යන අය ඔහුගේ ව්‍යාජ නම ලෙස පියසිරි ගුණරත්න ලෙස භාවිතා කර ඇති බව පසුව මට දැන ගැනීමට ලැබුණි. ඒනිසා මා සම්බන්ධ බොහෝ සිදුවීම් බැරවී ඔහු වෙත පැවරී ඇති බවත් කියැවුණි. ඒ වන විට මා ඔහු ගැන දන්නේ නැත. ඔහුද කුඩා කල අම්බලන්ගොඩ පෝරඹ ගමේ පදිංචිව සිටි බව ද දැනගන්නට ලැබුණි. මාගේ බිරියගේ ගම වූයේ ද පෝරඹයි. පෝරඹ යනු මාගේ ගම වූ කලුවඩුමුල්ලට අල්ලපු ගමය. මුල් කාලයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හා පසුව කැලණියේ ඉගෙනුම ලබා ඇති මොහු මහ නඩුවේ 15 විත්තිකරු බවට පත්විය. දැන් යෝගී පියසිරි නමින් ප්‍රසිද්ධ වී ඇත්තේ මේ සහෝදරයාය.


අප්‍රේල් 05 දින උදෑසනම වාගේ පොලිස් සාජන්වරයකුට වෙඩි තබා මරා දැමූ සහෝදරයකු අප කඳවුරේ සිටියේය. මොහු ඌරගස්මංහන්දියේ පදිංචිකරුවකු වූ අතර ඔහුගේ නම රොබට් විය යුතුය. මොහු රහසිගතව කඳවුරෙන් පිට කිරීම සඳහා සැලසුමක් අපි සකස් කළෙමු. සෑම රාත්‍රියකම හමුදා මුර සේවය පැවැත්වෙන ක්‍රමය ගැන අපි දින ගණනාවක් සෝදිසියෙන් සිටියෙමු. කම්බි පොට 13ක් පමණ වූ අඩි හය හතක දුරින් පිහිටි උස කම්බි වැටවල් දෙකක් කඳවුර වටා තිබුණි. කම්බි වැට හරහා එළියට යාමට හැකියාවක් ඇති බව පසුව අපි තීරණය කළෙමු. ඒ අනුව කරුවල රැයක දී ඔහු කුණු කාණුව දිගේ බඩගාගෙන කම්බි වැට හරහා කඳවුරෙන් පැන ගියේය. අප මුහුණ දුන් ඊළඟ ප්‍රශ්නය වූයේ උදේ ගණන් කිරීමේ දී මෙය වසන් කරගන්නේ කෙසේ ද යන්නයි. මේ සඳහා ඉදිරිපත් වූයේ කඳවුරු රෝහල් වාට්ටුවේ සිටි මට මතක හැටියට නම් සෙනෙවිරත්න සහෝදරයාය. මොහු මා විසින් පන්ති කරන ලද හුරුලුවැව යකල්ල ගමේ සහෝදරයෙකි. මොහු මුලින් ගණන් කරන සීයේ ගොඩවලට එකතුවී මුල් සීයේ සිට එය ගණන් කර ගිය පසු හොරෙන්ම තමාට වාට්ටුවට යා හැකි බව කියා සිටියේය. අසනීප ලෙඩුන් වාට්ටුවේ මුහුණ පවා වසා ගෙන සිටි නිසා වැරදීමකින් හෝ හඳුනා ගැනීමට ඉඩක් තිබුණේ නැත. එම උපාය අනුව කටයුතු කරමින් සුමානයක් පමණ කාලයක් ඔහුගේ පැනයාම නොදැනෙන ලෙසට තබාගැනීමට හැකි විය.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

කඳවුරේ පාලනය කැරැලිකරුවන් අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1431 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site