IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප නායකයන්ට වතුර බෝතල් ප්‍රහාරයක්

තිස්සගේ මතක වත-85

 

එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද එන්න එන්නම උග්‍රවීම නිසා පක්‍ෂයේ කොයි වැඬේ කරන්න ගියත් විවිධ ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තා. මේ ගැටුම් උත්සන්න වෙච්ච වෙලාවල්වලදි අපි හරියට අපහසුතාවට පත්වුණා. රනිල් විරෝධි රැල්ල තමයි ඒ වෙනකොට ප්‍රබලවෙලා තිබුණෙ පක්‍ෂය ඇතුළෙ.

මේ අතරේ දවසක් අපි බේරුවල සංචාරයකට එකතුවුණා. බේරුවල ප්‍රදේශයේ  එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් මුණ ගැහිල ඔවුන් සමග සාකච්ඡා කරන්න තමයි අපි ගියේ. ඒ හමුව සංවිධානය කරලා තිබුණෙ බේරුවල සංවිධායක රංජිත් තිලකසිරියි ඉෆ්ටිකාර් ජමීර් දෙන්නා. ඉෆ්ටිකාර්ගෙ හිතවතෙකුගෙ ගෙදරක තමයි හමුව සංවිධානය කරල තිබුණෙ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපි කට්ටිය සාකච්ඡාව කරගෙන යන අතරතුර එකපාරටම වතුර බෝතලයක් අපේ පැත්තට එල්ල වුණා. ඒ වෙලාවෙම තව කට්ටියක් එළියෙ ඉඳලා කෑකෝ ගහන්න ගත්තා. රනිල් වික්‍රමසිංහට මේකට හොඳටම කේන්ති ගියා. රනිල්  හිතුවේ මේ විරෝධය දක්වන්නේ ඉමිතියාස් බාකිර් මාකර්ගෙ  හිතවතුන් කියලා. එහෙම හිතන්න හේතුවුණේ ඒ විරෝධතාකරුවො ඉමිතියාස් ගැනත් කතාවුණු නිසා.


රනිල් වික්‍රමසිංහ එතනදි ඉමිතියාස්ට ප්‍රසිද්ධියේම දොස් කිව්වා. එතන තත්ත්වය දරුණු වෙන්න කලින්  අපි එතැනින් පිටත් වුණා. තව ටිකක් ගියා නම් මුස්ලිම් දෙපිරිසක් අතරම ගැටුමක් නිර්මාණය වෙන්න ඉඩ තිබුණා. එතන විරෝධතාව දක්වපු අයගේ යෝජනාව වුණේ ඉමිතියාස් නැවත පක්‍ෂයට ගත යුතුයි කියලා. ඒ නිසා තමයි මේ විරෝධය පිටුපස ඉමිතියාස් ඉන්නවා කියලා සැකයක් මතුවුණේ. මේ විරෝධතාව නිසා හමුව සංවිධානය කරපු ඉෆ්ටිකාරුත් දැඩි අපහසුතාවට පත්වුණා. ඉෆ්ටිකාර් කියන්නේ ඉමිතියාස් බාකිර් මාකර්ලගෙ ඥාතියෙක්. එකම නැදෑ පිරිසක් තමයි දෙපැත්තට බෙදිලා ගැටුමකට යන්න ගියේ. ඒත් ඒක දුරදිග යන්න නොදී අපි එතනින් පිටත් වුණා.


2013 වසරේ මේ වගේ සිදුවීම් රාශියක් සිදුවුණා. ඒ වගේම 2014 වසර මුල් භාගයේදිත් මේ තත්ත්වය ඒ විදියටම පැවතුණා. මේ තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී ඉන්න හිටියේ ඉතා සුළු පිරිසක්. බහුතරය හිටියේ ඔහු පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න ඕනෑ කියන ස්ථාවරයේමයි. මේ ප්‍රශ්නය කාලයක් තිස්සේ ඇදි ඇදි ඇවිත් තීරණාත්මක තත්ත්වයකට ඇවිත් තිබුණේ. මේ අවදිය වෙනකොට රනිල් විරෝධි පිරිසෙන් බොහෝ දෙනෙක් මේ වෙනකොටත් පක්‍ෂය හැර ගිහින් තිබුණේ. 


පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වෙලා රාජපක්‍ෂ ආණ්ඩුවට ගියා. මේ හැමදෙනාට ඒ වගේ පියවර ගන්න වුණේ රනිල් වික්‍රමසිංහගේ තිබුණු අනම්‍යශීලි ප්‍රතිපත්තිය නිසා.

 


තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

එජාප නායකයන්ට වතුර බෝතල් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site