IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එකම අසුනෙන් මැති සබයට නිතරඟයෙන් ගිය පක්‍ෂ දෙකක නියෝජිතයෝ

1960 ජූලි 20 වැනිදා මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ආණ්ඩුවට නියමිත කාලය ගෙවීමට නොහැකි වූයේ 1964 දෙසැම්බර් 03 වැනිදා පැවැති රාජාසන කතා ස්තුති යෝජනාව පරාජයට පත්වීම නිසා ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවීම නිසාය. එයට හේතුව වූයේ ද ශ්‍රීලනිප පක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරයෙකු ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු රජයෙන් ඉවත් වී විපක්ෂයට යාමය.


එහි ප්‍රතිඵලයක් ලෙස 1964 දෙසැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහළ අතර, නාමයෝජනා ගැනීම 1965 ජනවාරි 11 වැනි දිනටත් මැතිවරණය පැවැත්වීමට මාර්තු 22 වැනි දිනටත් දින නියම විය. පාර්ලිමේන්තුවේ  මංගල රැස්වීම 1965 අප්‍රේල් 05 වැනි දින ලෙස අග්‍රාණ්ඩුකාරවරයා දින නියම කරනු ලැබීය.


රාජාසන කතා ස්තුති යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් ඉඩම් වාර්මාර්ග හා විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභානායක සී. පී. ද සිල්වා ප්‍රමුඛ මන්ත්‍රීන් පිරිස ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කර ඒ තුළින් මැතිවරණයට නාමයෝජනා භාර දෙන ලදී. එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයේ අපේක්ෂකයින් 10 දෙනකුට විරුද්ධව අපේක්ෂකයින් ඉදිරිපත් නොකර ඔවුනට සහාය දුන්හ.


මධ්‍යස්ථාන 32කදී අපේක්ෂකයින් 494ක් නාමයෝජනා දුන් අතර, දේශපාලන පක්ෂ නවයක් මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන තිබුණි.


1. එක්සත් ජාතික පක්ෂය
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
3. ලංකා සමසමාජ පක්ෂය
4. ලංකා කොමියුනිස්ට් පක්ෂය
5. පෙඩරල් පක්ෂය
6. ද්‍රවිඩ සංගමය
7. මහජන එක්සත් පෙරමුණ
8. ජාතික විමුක්ති පෙරමුණ
9. විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය


මේ වන විට ඡන්ද කොට්ඨාස 145ක් සඳහා මන්ත්‍රීවරුන් 151ක් (බහු ආසන සමඟ) තෝරා ගැනීම සිදු කළ යුතු විය. වයස 18 තරුණ තරුණියන් ප්‍රථම වරට ඡන්දය පාවිච්චි කරනු ලැබුවේ ද මෙම මැතිවරණයේදීය.
නාමයෝජනා භාරගත් 1965 ජනවාරි 11 වන දින මන්ත්‍රීන් දෙදෙනෙක් තෝරන බහු ආසනයක් වූ දකුණු කොළඹ ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ද ලංකා සමසමාජ පක්ෂයේ බර්නාඞ් සොයිසා මහතා ද නිතරගයෙන් මන්ත්‍රීවරුන් ලෙස පත් වූයේ දේශපාලනයේ ගති ස්වභාවය ප්‍රදර්ශනය කරමිනි. 


නිදහස ලබා ගැනීමට පෙර සිටම එ.ජා. පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතිමතාන්තරවලින් යුත් පක්ෂ දෙකක් විය. එහෙත් මෙහිදී එම පක්ෂ දෙකේ නායකයින් දෙදෙනෙක් නිතරඟයෙන් තේරීපත්වීම වාර්තා ගත සිද්ධියකි. එතැන් පටන් මේ දක්වා මන්ත්‍රීවරයකු නිතරඟයෙන් තේරීපත්ව ඇත්තේ 1970 මැතිවරණයේදී වැලිමඩ ආසනයට පත්වූ ආර්. ඇම්. බණ්ඩාර මහතා පමණි.

 

 


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

එකම අසුනෙන් මැති සබයට නිතරඟයෙන් ගිය පක්‍ෂ දෙකක නියෝජිතයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site