IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උසාවියේ ගිගුම් දුන් සිංහ හඬ

 

1940 ජුනි 17 දින රුවන්වැලි මහා සෑයේ කොත් පැලඳවූ දිනයයි. එදින සුභ මොහොතින් රුවන්වැලි මහා සෑයේ කොත් පැලඳවූ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්. ඩී. බී. ජයතිලක නම් බෞද්ධ නායකයා ඊළඟට අත්සන් කළ නියෝගය අනුව ලංකා සම සමාජ පක්ෂය තහනම් කොට එහි නායකයින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයයි.


අලුත්කඬේ උසාවියේ නඩුවකට පෙනී සිටි ලංකා සම සමාජ පක්‍ෂයේ සභාපති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා උසාවිය තුළදීම අත්අඩංගුවට ගැනිණ. දහවල් බොරැල්ල ටිකල් පාරේ නිවසේදී රුවන්වැල්ල රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසු අත්අඩංගුවට ගත්තේ අවිස්සාවේල්ල රාජ්‍ය සභා මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතාය. සවස් වරුවේ ගල්කිස්සේදී එඞ්මන්ඞ් සමරක්කොඩි මහතා අත්අඩංගුවට ගන්නා ලදී.


සමසමාජ නායකයින් අත්අඩංගුවට ගැනීමේ නියෝගය පිළිබඳ සැලවූ වහාම ජැක් කොතලාවල හා රෙජි සේනානායක මහත්වරු ලෙස්ලි ගුණවර්ධන මහතා නිවසිත් රැගෙන ගොස් රහසිගත ස්ථානයක සඟවා තැබූහ. කොලොන්නාවේ පිහිටි “සමසමාජය” මුද්‍රණාලයට පොලිස් බල ඇණියක් පැමිණ මුද්‍රණාලයේ තිබූ ලිපි ලේඛන සිය භාරයට ගෙන මුද්‍රණාලය සීල් තැබීය.


සම සමාජ මුද්‍රණාලය සීල් තැබුවද නොකඩවා “සමසමාජය” සිංහල බසින්ද “සමධර්මම්” ද්‍රවිඩ බසින් හා ‘සමසමාජිස්ට්’ ඉංග්‍රීසි බසින් රහසිගතව මුද්‍රණය වී පාඨකයන් අතට පත්වූයේ පොලිසිය මෙන්ම රට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාර පමණක් නොව පාලකයින්ද මවිත කරමිනි.


1945 අප්‍රේල් 05 වැනිදා ජපන්නු ලංකාවට බෝම්බ හෙළුෑහ. මුලින් වැලිකඩ බන්ධනාගාරයේ ද පසුව මහනුවර බන්ධනාගාරයේ ද රඳවා සිටි සම සමාජ දේශපාලන සිරකරුවන්ට සිය ආරක්‍ෂාව පිළිබඳ බරපතළ තත්ත්වයක් මතුවිනි. සිර භාරයට පත්නොවී සිටි සම සමාජවාදීහු වහා තීන්දුවක් ගත්හ.


1940 ජුනි 07 වැනිදා අලුයම රොබට් ගුණවර්ධන ඇතුළු සම සමාජවාදීන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ඇන්. ඇම්., කොල්වින්, පිලිප් හා එඞ්මන්ඞ් යන නායකයින් සිරගෙයින් පැන ගියේ තම ආරක්‍ෂාවට සිටි ‘සොලමන්’ නමැති ජේලර්වරයාද සමගයි. රාත්‍රී කාලයේ සිර මැදිරි හා ජේලර්වරුන්ගේ  පරීක්‍ෂා කටයුතු භාරව සිටි ප්‍රධාන ජේලර්වරයා උපක්‍රමශීලිව මහනුවර ‘ක්වීන්ස්’ හෝටලයට රැගෙන ගොස් සාදයකට සහභාගි කරවාගෙන තීරණාත්මක මොහොතක පසුවන තුරු ඔහු හෝටලයේ රඳවාගෙන සිටීමට වර්ණන් ගුණසේකර මහතා සමත් විය.


සිරගෙයින් මිදී සම සමාජ නායකයින් කොළඹට පැමිණ නාවල පිහිටි රහසිගත ස්ථානයක සැඟවිණ. අධිරාජ්‍යවාදී පාලකයින් තැතිගන්වමින් සම සමාජ නායකයින් සිරගෙයින් පැනයාම පසුදා පුවත්පත්වල සිරස්තලය වූ අතර මෙම ප්‍රවෘත්තිය රට පුරා පැතිර ගියේ බි්‍රතාන්‍ය පාලනයට එරෙහි ජනතාවගේ සිත් ඉමහත් අමන්දානන්දනයට පත් කරමිනි.


ඇන්. ඇම්., කොල්වින්, පිලිප්, එඞ්මන්ඞ්, ලෙස්ලි ඇතුළු සම සමාජ නායකයින් හා ජේලර් සොලමන් දුටු තැන ඇල්ලීමටත් සම සමාජ පාක්ෂිකයින් සිර භාරයට ගැනීමත් නියෝග නිකුත් විය.


ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ගැනීම, ක්‍රියාකාරී සහයෝගය දීම, ප්‍රචාරණ කටයුතුවල යෙදීම බරපතළ ගණයේ වරදක් බවට රජයේ නියෝග නිකුත්විය. සිරභාරයට ගැනීමට නියෝග නිකුත් වූ සම සමාජවාදීන් ගේ සියලුම නිශ්චල හා චංචල දේපල රාජසන්තක කිරීමටද නියෝග නිකුත් විය.


මාස කීපයක් කොළඹ හා අවට ප්‍රදේශවල රහසිගතව සැඟවී සිටි සම සමාජ නායකයින් “රාසා” නමැති සමසමාජ පාක්ෂිකයෙකුගේ ආධාරයෙන් ඉන්දියාවට පලා ගියහ. ඉන්දියාවේදී ඇන්. ඇම්. “ඩොක්ටර් විශ්වනාත්” ලෙස පෙනී සිටි අතර කොල්වින් “ගෝවින්ද සාමි” නමින්ද පිලිප් ‘ගුරු ස්වාමි’ නමින්ද පෙනී සිට ඉන්දීය ජාතික නිදහස් අරගලයටද එක්වූහ. 

 

 

 


මතු සම්බන්ධයි. 

 

ඊ. එල්. ජයන්ත ද සොයිසා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

උසාවියේ ගිගුම් දුන් සිංහ හඬ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site