IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


උගන්ඩාවේ ඇබැද්දිය

2013 අවුරුද්දේ ජයලත් ජයවර්ධනයි මමයි උගන්ඩාවේ තිබුණු පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ රැස්වීමකට සහභාගී වුණා. ජයලත් විශේෂයෙන්ම ඒකට සහභාගී වුණේ එවකට මානව හිමිකම් කමිටුව ඉදිරියේ පෙනී සිටින්නට ඔහුට කරපු ආරාධනාවකට. මටත් ඒ සඳහා ආරාධනා කරලා තිබුණා. අපි උගන්ඩාවේ සමුළුව අවසන් කරලා එංගලන්තය හරහා නැවත ලංකාවට එන්න තමයි සැලසුම් කරලා තිබුණේ.

උගන්ඩාවේ සමුළුව අවසන් කරලා අපි එංගලන්තෙට ආවා. එංගලන්තෙට ආවට පස්සෙ ජයලත් ජයවර්ධන කිව්වා එංගලන්තෙ දවස් කීපයක් ඉඳලා එයා ඉතාලියට යනවා කියලා. මම කෙළින්ම ලංකාවට එන්න සූදානමින් හිටියේ. ලන්ඩන්වලදී අපි දෙන්න වෙන්වුණා. මම එතනින් නිව් කාසල්වලට ගියා. ලන්ඩන්වල ඉඳලා කිලෝමීටර් හයසීයක් විතර දුරකින් තමයි නිව් කාසල් තිබුණෙ. මගේ දුව ඒ වෙනකොට ඉගෙන ගත්තේ නිව් කාසල් විශ්වවිද්‍යාලයේ. ඒක නිසා මම කෝච්චියේ නැගලා දුව බලන්න එහේ ගියා.


මම නිව් කාසල්වලින් බැහැලා ටික වෙලාවකින් එංගලන්තෙ තානාපති කාර්යාලයෙන් දුරකථන පණිවුඩයක් ලැබුණා. ඒ පණිවුඩයෙන් කියවුණේ ජයලත් ජයවර්ධන අසනීපවෙලා රෝහල්ගත කළා කියලා. මේ පණිවුඩය නිසා මම ආපහු ලන්ඩන්වලට ආවා ජයලත්ව බලන්න. මම ඇවිත් බලද්දි ජයලත් හෘද රෝගයකට ලක්වෙලා තමයි රෝහල් ගතකරලා තිබුණෙ.


උගන්ඩාවේ සමුළුවට ගිහින් අපි දෙන්නා ඉඳපු දවස් කීපයේදී මට ජයලත් ජයවර්ධනගේ පොඩි වෙනසක් පෙනුණා. අපි නැවතිලා හිටියෙත් එක ළඟ කාමර දෙකක. උදේට නැගිටලා රැස්වීම්වලට යද්දි රෑ කෑමට යද්දි එහෙම වෙනදා තිබුණු ජවය ජයලත් ළඟ තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් ජයලත් හරි ක්‍රියාකාරී පුද්ගලයෙක්නේ. මම මේක දැකපු නිසා ජයලත්ගෙන් ඇහුවා මොකක් හරි අපහසුතාවකින්ද ඉන්නේ කියලත්. ජයලත් කිව්වෙ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ කියලා. දොස්තර කෙනෙක් වෙලත් තමන් ගැන එයා ඒ තරම් අවධානයක් යොමු කළේ නෑ. මම නිතර නිතර කිව්වා ගිහින් ප්‍රතිකාරයක් කරගමු කියලා. ජයලත් ඒකට අදිමදි කළා.


ලන්ඩන් රෝහලේදී දැනගන්න ලැබුණේ වහාම ජයලත්ට සැත්කමක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා. මම එවෙලෙත් කිව්වා ජයලත්ට කොහොම හරි මේ සැත්කම කරගමු කියලා. එතකොට ජයලත් කිව්වෙ ඒකට විශාල මුදලකුත් යන නිසා පස්සෙ කරමු කියලා. ජයලත් ඒ සැත්කම කරගන්න කැමැත්තක් දැක්වුවෙම නෑ. මම කිව්වා සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා මම ජනාධිපති අරමුදලට කතා කරලා මුදල් හොයා ගමු කියලා. මොකද විපක්ෂ නායකතුමන් ජනාධිපති අරමුදලේ සාමාජිකයෙක්. ඒත් ජයලත් මේකට උනන්දු වුණේ නෑ. මං හිතන්නේ ජයලත් ජයවර්ධනගෙ ලොකු බයක් තිබුණා බයිපාස් සැත්කමක් කරගන්න. අපි සල්ලිත් හොයාගන්න සියලුම කටයුතු සූදානම් කළත් ජයලත් බයිපාස් සැත්කම කරගන්නේ නැතුව තාවකාලික ප්‍රතිකාරයක් විතරයි කරගත්තේ. එහෙම කරගෙන ජයලත් ලංකාවට ආවා.


ලංකාවට ඇවිල්ලා සුපුරුදු පරිදි ජයලත් වැඩ කරගෙන ගියා. ඒ අතරෙත් මම ජයලත්ට කිව්වා සැත්කම කරගන්න එක කල්දාන්න එපා කියලා. එතකොටත් කිව්වේ “දැන් අවුලක් නෑ ෆුල් ෆිට්” කියලා.


ඔය අතරේ අපි මීගමුවේ පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න සූදානම් වුණා. එතකොට ජයලත් තමයි මීගමුවේ සංවිධායකවරයා විදියට කටයුතු කළේ. මේ වැඩසටහන තිබුණු දවසෙම උදේ පාන්දර ජයලත් අපේ ගෙදර ආවා. මමත් මීගමු යන්න සූදානමින් හිටියේ. ජයලත් ඇවිත් මට කිව්වේ මීගමුවේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එයාට එන්න අමාරුයි, ටිකක් ඇඟට හොඳ මදි කියලා. මට කිව්වා “ප්‍රෝග්‍රෑම්” එක ප්‍රශ්නයක් වෙන්න නොදී කරගෙන යන්න කියලා. මම එවලෙම කිව්වා ඒ ගැන මං බලාගන්නම් ජයලත්ට ගිහින් ප්‍රතිකාර ගන්න කියලා. එහෙම කිව්වට පස්සෙ ජයලත් හොස්පිටල් එකට යනවා කියලා ගියා. මම මීගමුවේ වැඩසටහනට ගියා.

 

 


තවත් කොටසක් ලබන සතියට...

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

උගන්ඩාවේ ඇබැද්දිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 157 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1687 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site