IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


දෙමළ මන්ත්‍රීවරු රොත්තක් එකවර එළියට

 

1977 දී කේවළ ඡන්ද කොට්ඨාස මත පදනම් වූ ලංකාවේ අවසන් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට 5/6ක බලයක් ලැබිණ. එනම් ඡන්ද කොට්ඨාස 168න් 140ක් ම එජාප ජයග්‍රහණය කළේය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන අගමැති බවට පත් වූ අතර, 1978 දී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය. ඒ අනුව අගමැති තනතුර වෙනුවට විධායක බලය සහිත ජනාධිපති ධුරයක් ස්ථාපිත කරමින් අගමැති තනතුර “නාම මාත්‍ර” තනතුරක් බවට පත් කළේය. ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරණයකින් තොරව ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධනයක් අනුව 1978 පෙබරවාරි 04 වැනි දින විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නේය.


ඒ අනුව එතැන් සිට වසර 06කට ජනාධිපති ධුරයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 ඔක්තෝබර් 20 වැනිදා ජනාධිපතිවරණයක් කැඳවා 52.91%ක් වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළේය. මහ මැතිවරණය 1983 දී පැවැත්වීමට නියමිතව තිබියදී පවතින 5/6ක ආණ්ඩු බලය තවත් අවුරුදු 6ක් සඳහා උපයෝගි කර ගැන්ම අරමුණු කරගෙන පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු 6කින් දීර්ඝ කිරීමට 1982 දෙසැම්බර් 22 වැනි දින රට පුරා ජනමත විචාරණයක් පවත්වන ලදී. පවතින පාර්ලිමේන්තු නිල කාලය තවත් අවුරුදු 6කින් දීර්ඝ කළ යුතුය” යන්නට පක්ෂව වැඩි ඡන්ද 535,240ක් ලැබීම නිසා පැවැති පාර්ලිමේන්තුව 1988 තෙක් පැවැතිණි.
ජනමත විචාරණයේදී දිස්ත්‍රික්ක 22න් කළුතර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ආණ්ඩුවේ නිල කාලය දීර්ඝ කිරීමේ යෝජනාව පරාජයට පත් විය. ඡන්ද කොට්ඨාස වශයෙන් ගතහොත් ඡන්ද කොට්ඨාස 168න් 48ක බහුතර ජනතාව තම ඡන්දය පාවිච්චි කර තිබුණේ රජයේ නිල කාලය දීර්ඝ කිරීමට විරුද්ධවය. එම ආසන නම් කෝට්ටේ, කඩුවෙල, මහරගම, කැස්බෑව, ගම්පහ, මහර, පානදුර, මතුගම, කළුතර, බේරුවල, අගලවත්ත, කුණ්ඩසාලේ, බළපිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන, හබරාදූව, හක්මන, කඹුරුපිටිය, දෙවිනුවර, මාතර, මුල්ගිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, කයිට්ස්, වඩුක්කොඬේ, මනිපායි, කන්කසන්තුරේ, කෝපායි, උඩුප්පිඩි, පේදුරුතුඩුව, චාවාකච්චේරි, නල්ලූර්, යාපනය, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, මුලතිව්, කල්කුඩා, මඩකළපුව, පදිරිප්පු, ත්‍රිකුණාමලය, මුතූර්, ඇහැලියගොඩ හා ගල්ගමුවයි.


සමස්තයක් වශයෙන් ගත් කල දෙමළ භාෂාව කතා කරන ජනතාව පදිංචි සියලුම දිස්ත්‍රික්කවලින් රජයේ යෝජනාව පරාජයට පත් විය. ජනමත විචාරණයෙන් පරාජයට පත් වූ ආසනවල ජනමතය යළි විමසීමට අවශ්‍ය බව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ආණ්ඩු පක්ෂයට යෝජනා කළ අතර, ඒ අනුව එජා පක්ෂයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ට දිනය නොදා ඉල්ලා අස්වීමේ ලිපි ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.


ඒ අනුව එජා පක්ෂය පරාජයට පත් ආසන 29න් 18ක මන්ත්‍රීවරු ඉල්ලා අස්වූ බව 1983 පෙබරවාරි 10 වැනිදා කතානායක බාකීර් මාකර් මහතා නිවේදනය කළේය. ඒ අනුව 1983 මැයි 18 වැනිදා අතුරු මැතිවරණ 18ක් පවත්වන ලද අතර, ඉන් 14ක් එජාප ජය ගත්තේය. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අතුරු මැතිවරණ පැවැත්වීමක් නොකරන අතර මන්ත්‍රීවරයෙකු පුරප්පාඩු වුවහොත් පක්ෂ ලේකම් ඒ වෙනුවට වෙනත් අය පත් කළ යුතු විය.


මේ වනවිට උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්ත කටයුතු ව්‍යාප්ත වෙමින් පැවැති අතර ජාත්‍යන්තර ආධාර ඔවුනට ලැබෙමින් තිබිණි.

මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත සිටින කිසිම පුද්ගලයකු රට දෙකඩ කිරීමට කටයුතු කිරීම, ආධාර හෝ අනුබල දීම නොඑසේ නම් එවැනි ව්‍යාපාර සඳහා මුදල් යෙදවීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස නම් කරමින් 1983 අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද සය වැනි සංශෝධනය පාර්ලිමේන්තුව මඟින් සම්මත කරනු ලැබීය.


මේ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම 1983 අගෝස්තු මාසයේදී යළිත් දිවුරුම් දිය යුතු විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225න් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනෙක් එසේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළේය. එසේ දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරු 16 දෙනා පාර්ලිමේන්තුව වර්ජනය කළහ. නිවාඩු නොලබා තුන් මසක් මැති සබයට නොපැමිණීම නිසා පහත සඳහන් මන්ත්‍රීවරු 16 දෙනාගේ මන්ත්‍රී ධුර අහිමි විය.

 


1. කයිට්ස් - කේ. පී. රත්නම්

2. වඩුක්කොඬේ - ටී. තිරුනාවුකරසු

3.  කන්කසන්තුරේ - ඒ. අමිර්තලිංගම්

4. මනිපායි - වී. ධර්මලිංගම්

5. කෝපායි - ඒ. එම්. අලාලසුන්දරම්

6. උඩුප්පිඩි - ටී. රාසලිංගම්

7. පොයින්ට් පේදුරු - කේ. තුරෙයිරත්නම්

8. චාවාකච්චේරි - වී. එන්. නවරත්නම්

9. නල්ලුර් - ඇම්. සිවසිත්නම් පරම්

10. යාපනය - ටී. යෝගේෂ්වරන්

11. කිලිනොච්චි - වී. ආනන්ද සංගරී

12. මන්නාරම - පී. එස්. සුසෙයිදාසන්

13. මුලතිව් - එස්. එම්. සෙල්ල තම්බු

14. වව්නියා - ටී. සිවසින්නම් පරම්

15. ත්‍රිකුණාමලය - ආර්. සම්බන්ධන්

16. පදිරිප්පු - පී. ගනේෂලිංගම්

 


මාස 3ක් නොකඩවා පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා මන්ත්‍රී ධුර 16ක් එකවර අහිමි වීම පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තාවකි. මේ අය එකම දේශපාලන ධාරාවකට අයත් වීම ද විශේෂයකි.

 

 

 

 

 

 

 

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ



අදහස් (0)

දෙමළ මන්ත්‍රීවරු රොත්තක් එකවර එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12499 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15109 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2898 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1067 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site