IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


භීෂණයේ ගිනි දලු මැද ප්‍රේමදාස අත් නොහළ සටන

මොළයෙන් ජයගත් අගමැති ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන

02 වැනි කොටස

 

 

1977 මහා පරාජයෙන් ඇද වැටී සිටි ශ්‍රී.ල.නි.පය එම පරාජයේ වේදනාවන් සුවපත් වීමටත් පෙර නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමිවීම, ඉන් පසු එම පක්ෂය දෙකඩවීම ආදිය නිසා ඉතා අසරණ තත්ත්වයකට මුහුණ පා සිටියේය. මේ වන විට එම භේදයන් යම් පමණකට සමනය වී නායිකාවට ප්‍රජා අයිතිය හිමිව තිබුණා වුවත් එම පක්ෂය බොහෝ දූර්වලව සිටි බව පෙනෙන්නට තිබුණු සත්‍යය වූවේය. එහෙත් එ.ජා.පයට එරෙහි ප්‍රධාන ධාරාව තමන්ම වේයැයි ආත්ම අභිමානයකින් යුතුව ඔව්හු කටයුතු කළහ. අස්රෆ් මහතාගේ මුස්ලිම් කොන්ග්‍රසය, අබ්දුල් අසීස් මහතාගේ නායකත්වයෙන් යුතු වතු කම්කරු සංවිධානයක් වූ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය, කුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා ද්‍රවිඩ සංගමය දිනේශ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ එ.ජා.පයෙන් කැඩී ගිය කණ්ඩායමක් වූ රුක්මන් සේනානායක මහතා මෙහෙය වූ එක්සත් ලංකා ජනතා පක්ෂය ආචාර්ය චානක අමරතුංග නායකත්වය දැරූ ලිබරල් පක්ෂය ආදී පක්ෂ ජ.වි.පෙ සහ ශ්‍රී.ල.නි.ප සමග එක් සන්ධානයක් ගොඩ නගාගෙන පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දීර්ඝ සාකච්ඡා පැවතියද ඒ සාර්ථක නොවී බිද වැටුනි මෙහිදී ජ.වි.පෙ තම ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ප්‍රතිපත්තියකට මාරු වූවේය. එහෙත් ශ්‍රී.ල.නි.ප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එම පක්ෂයේ අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වූවාය.


සටන පැවතියේ එ.ජා.ප අපේක්ෂක ආර් ප්‍රේමදාසයන් සහ සිරිමාවෝ මැතිනිය අතරය. එවකට පැවති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා වූ ඔසී අබේගුණසේකර මහතාද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි නමුදු ඔහුට ඡන්ද පදනමක් නොමැති බව පැහැදිලිව දක්නට තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ස්ථාවරය පැහැදිලි කරමින් එහි නායක රෝහණ විජේවීර සහ ලේකම් උපතිස්ස ගමනායක යන මහතුන්ගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක මෙසේ සඳහන් විය.
“රටේ පවතින තත්ත්වය හේතු කොටගෙන අගමැති ප්‍රේමදාසට අකමැත්තෙන් අපේක්ෂක ධුරය පිරිනැමුව ද ජයවර්ධන - ගාමිණී දිසානායක කල්ලිය විසින් අගමැති ප්‍රේමදාසත් පිටුපසින් සිට දක්ෂිණාංශික හමුදා කුමන්ත්‍රණයක් මගින් දිගටම බලයේ රැඳී සිටීමේ වැඩ පිළිවෙළක් සඳහා කටයුතු සූදානම් කරමින් සිටියි. සන්නද්ධ හමුදාවලත්, ඉන් පිටතත් සිටින ඉන්දීය අධිරාජ්‍යවාදයේ සරණ ගිය කොටසුත් ජ්‍යෙෂ්ඨත්වය හෝ හැකියාව හෝ දක්ෂතාවය උඩ නොව නීති විරෝධී ආණ්ඩුව වෙනුවෙන් දේශප්‍රේමීන් සංහාරය කිරීම උඩම තනතුරු ලැබූ සන්නද්ධ හමුදා සහ පොලිස් අපරාධ හමුදා මැති ඇමතිවරුන්ගේ පුද්ගලික නමුත් උපයෝගී කර ගනිමින් ඉන්දීය ගැති මිලිටර් ජුන්ටාවක් අවසාන මොහොතේ දී හෝ ඇටවීමේ සූදානමක් දැන් දැන් රහසිගතව ලහිලයේ සිදුවෙමින් පවතින බවට අනතුරු හඟවන ජනතා විමුක්ති පෙරමුණ එවැනි වියරු ප්‍රයත්නයක් පැරදවීම සඳහා කම්කරු පන්තියේ ප්‍රගතිශීලි දේශප්‍රේමී කොටස්වලටත් දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයටත්, සටනට සූදානම්වන ලෙස ආයාචනය කරයි. පීතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවිපුදන අවංක දේශප්‍රේමීන්ගේ මළ කඳන් උපයෝගී කරගෙන කිසිවෙකුටත් යළිත් වගාවක් ජනතාව රවටා මුළා කර බලයට ඒමටත් යළිත් ජනතාව තවත් ප්‍රපාතයට ඇද දැමීමටත් ඉඩ නොදෙන බවටත් ප්‍රකාශ කරන අතර එදා ශ්‍රී ලංකා සමසමාජ හවුල් ආණ්ඩුවේ වැරදි උපයෝගී කර ගනිමින් නැවත බලයට ඒමට ඉඩ නොදෙන ලෙස ඔබ වෙත දන්වා සිටීමට කැමැත්තෙමි. මැතිවරණ කොමසාරිස් මෙසේ වාර්තා කළේය.


“තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා ගැනීමට රාජ්‍ය නිලධාරින් විශාල සංඛ්‍යාවකට නොහැකි වන පරිදි තැපැල් ඡන්ද සඳහා වූ ඉල්ලුම් පත්‍ර ප්‍රමාද වී ලැබීම හෝ කිසිසේත් නොලැබි ගොස් ඇත. තැපැල් සේවය යථා තත්ත්වයට පැමිණියා වුව ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට තරම් ප්‍රකෘතිමත් තත්ත්වයක නැත. බෙදීම සඳහා තැපැල් කාර්යාලවල රඳවා තිබූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොග සමහර පුද්ගලයන්ගේ ප්‍රහාරයට ලක්ව දැනටමත් ගිනිබත්ව හමාරය, පක්ෂපාතී අදහස් මුදුන් පමුණුවා ගැනීම පිණිස නිල ඡන්ද පත්‍රිකා බලෙන් බෙදීමට ඇතැම් පුද්ගලයන් ප්‍රයත්න දරා ඇති අතර ඒ නිසාම ඇත්ත වශයෙන්ම එම නිල ඡන්ද පත්‍රිකා බෙදීමට හැකිවේ යයි අධිකාරීන් විසින් සැහීමට පත්වන අවස්ථාවල දී හැර ඒවා නොදෙන ලෙස තේරීම් භාර නිලධාරින් වෙත මා විසින් උපදෙස් දෙනු ලැබීය....”


ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ද අඩපණ වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. සිරිමාවෝගේ රැස්වීම් දෙකකටම බෝම්බ ගසනු ලැබීය. එම ප්‍රහාරවල අරමුණ ඇය ඝාතනය කිරීම බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි. ඒ රත්මලානේ දී සහ හිඟුරක්ගොඩදීය වාසනාකට බණ්ඩාරනායක මැතිනිය එම අනතුරුවලින් ජීවිතය බේරාගත්තාය. මෙම පසුබිම නිසා මිනිස්සු ජීවිතාශාව නිසා රැස්වීම් බැලීමට පැමිණීම් අත් හැරියහ. එහෙත් ප්‍රේමදාස මහතා නොබියව රැස්වීම් පැවැත්තුවේය. අසන්නන් නොමැතිවුවත් වේදිකාවේ සිට ඔහු කතා කළේය.

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

භීෂණයේ ගිනි දලු මැද ප්‍රේමදාස අත් නොහළ සටන

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29281 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18221 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11561 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 716 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site