IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


“නිදහස් අධ්‍යාපනය අනතුරේ”

ආදරණීය නංගී, මල්ලී


නුදුරු අනාගතයේදී, උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබගේ බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයකට ඇතුළුව උසස් අධ්‍යාපනය ලැබීම බව අපි දනිමු. උසස් පෙළ වෙනුවෙන් වන ඔබගේ කැපවීම ඒ අවස්ථාව පසුකළා වූ අපට හොඳින් මතක ඇත. උසස් පෙළ බාධකය දිනාගන්නට ඔබ හෙළන දුක් කඳුළුවල, විඳින පීඩාවල, කරන පරිත්‍යාගවල, ඔබ බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිඵලයක් නොමැති බව කීවොත් ඔබ සසලවනු නොඅනුමානය. කනගාටුවෙන් නමුදු කිව යුතුව ඇත්තේ සත්‍යය ද එයම බවයි.


රැකියා විරහිත උපාධිධාරීන් දසත හමුවන අද දිනයේ. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ අනාගත අපේක්ෂාවන් සිහින බවට පත්ව ඇති අද දිනයේ, මෙතෙක් සුරක්ෂිත හා ගෞරවනීය වෘත්තියක් ලෙස සැලකූ වෛද්‍ය වෘත්තියේ අනාගතය පවා අඳුරේ ගිලී ඇති අද දිනයේ දහසක් අනාගත පැතුම් හද රුවා ගෙන සරසවි වරම් පතා ඔබ දරන අපමණ වෙහෙස, විඳිනා දහසක් දුක් ගැහැට සියල්ලේ අවසන එකම කඳුළක් නොවෙනුවස් අපට කළ හැකි සැමෙකක්ම කරන්නෙමු. අප මේ ඔබ වෙත ගෙන එනුයේ ඒ ව්‍යායාමයේ පණිවුඩයයි.


මෙසේ රජයේ විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන්ට රැකියා සැපයීම මහත් ප්‍රශ්නයක්ව තිබියදී, රජයේ වෛද්‍ය සිසුන්ගේ අනාගත රැකියා සුරක්ෂිතභාවය පවා අවදානමකට පත්ව තිබියදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, විශ්වවිද්‍යාල හා උපාධි පිරිනැමීමේ ආයතන පිහිටුවීමේ මේ රජයේ ප්‍රතිපත්තිය කුමන අරමුණකින් කෙරෙන්නක්දැයි පහදා දීම යුතුකමකි.
අද වන විට රාගම අරඹා ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජය පවසන්නේ වෛද්‍ය හිඟය පියවීමත්, රජයේ වෛද්‍ය විද්‍යාලයනට නොතේරුණු ශිෂ්‍යයන්ට අවස්ථාව දීමටත්, දිස්ත්‍රික්ක පදනමෙන් සිසුන් තේරීමේදී වන අසාධාරණය වැළැක්වීමත් අරමුණු කරගෙන එය පිහිට වූ බවයි. නමුත් පවත්නා තත්ත්වය දෙස මඳක් විමසිලිමත්ව බැලීමේදී සත්‍යය එය නොවන බවත් එහි සැඟවී ඇති අසාධාරණ අරමුණත් මොනවට පැහැදිලි වෙයි. අද සෞඛ්‍ය ඇමතිවරුන්ම ප්‍රකාශ කරන පරිදි තව වසර 2 කින් කළ යුතුව ඇත්තේ විශ්වවිද්‍යාලය සඳහා ඇතුළු කරගන්නා ක්‍රමයෙහි වෙනස් වීමක් මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නොවේ.

 

 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් මෙසේ පෞද්ගලික පදනමක් යටතේ ඇතුළුකර ගත්තත් ඔවුන් තම වෛද්‍ය අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නේ පෞද්ගලික වස්තූන් නොවේ. ජනතාවගේ මුදලින් නඩත්තු කරන රාගම රෝහලත්, ශ්‍රී ජයවර්ධනපුර නව රෝහලත් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇත. එසේ නම් එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස හැඳින්විය හැකිද? එපමණක්ද නොව අද රජයේ වෛද්‍ය සිසුනට අවහිරයක් කරමින් මහ රෝහලේ පහසුකම්වලින් පවා බලයෙන් ප්‍රයෝජන ගන්නා තත්ත්වයක් උද්ගතව ඇත.


පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ අසාධාරණය පිළිබඳව අප මේ සඳහන් කළ කරුණු බිඳ මුළුමහත් නිදහස් අධ්‍යාපනයටම එල්ල වූ තර්ජනයේ පිළිබිඹුවක් පමණක් බව කිව යුතුය. මේ වූ කලී උගත්කම ධනයට හා බලයට යටකොට වරප්‍රසාද ලත් උසස් යැයි සම්මත මුදලාලි පන්තියේ දූ පුතුන්ට උසස් අධ්‍යාපනය සීමා කිරීමේ කූට අරමුණෙහි පියවරක් පමණි. එහෙයින් ගතයුතු පියවර දැන් නොගතහොත් දැනට අරඹා ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම, නීති, කලා, වාණිජ, ඉංජිනේරු උපාධි සඳහා ද හෙට දිනයේ උපාධි විකුණුම් කඩ ඇරඹීම වැළැක්විය නොහැකි වනු ඇත.


එසේ හෙයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් නිදහස් අධ්‍යාපනයට සිදුවන හානිය තේරුම්ගත් වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් අද සටන් මාර්ගයට පිවිස ඇත. මෙය අපගේ මෙන්ම අනාගතයේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවීමට සිටින ඔබෙත් ප්‍රශ්නයක් බව තේරුම් ගත යුතුව ඇත. ඔබේ දෙමව්පියන්, නෑදෑ හිතමිතුරන් සමග මේ ගැන සාකච්ඡා කර ඔවුන්ට මෙයින් සිදුවන අසාධාරණය තේරුම්කර දීම ඔබේ යුතුකමකි. ඔබට එය කළ හැකි නම් අපගේ සටනේ සාර්ථකත්වයට විශාල රුකුලක් වනු ඇත.


අප රටේ වෛද්‍ය අතිරික්තයක්, එනම් වෛද්‍යවරුන්ගේ රැකියා හිඟයක් ඇතිවනු ඇත. එසේ නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇරඹීමේදී රජය ඉදිරිපත් කළ එක් අරමුණක් වූ වෛද්‍ය හිඟය ප්‍රෝඩාවක් බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් හේතුන්වල සත්‍යභාව හෝ සාධාරණභාවය, එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ගැනීමේ පදනම විමසා බැලීමෙන්ම පැහැදිලිවනු ඇත. මෙම ආයතනයට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් වනුයේ.


උසස් පෙළ විද්‍යා විෂයන් 4ක් සමත්විය යුතු අතර අවම වශයෙන් ලකුණු 180 ක් ලැබිය යුතුයැයි ප්‍රකාශ කොට ඇත. (නමුත් මෙම අවම සුදුසුකමවත් නොමැති අය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කරගෙන ඇති බව ප්‍රසිද්ධ රහසකි.)


රු 1,50,000 ක ඇතුළුවීමේ ගාස්තුවක් ඇතුළුව විභාග ගාස්තු, වාර ගාස්තු හා අනෙකුත් වියදම් සඳහා වසර 5 ක අධ්‍යයන කාලය තුළ රු 3,50,000කට ආසන්න මුදලක් වැය කළ යුතුව ඇත.

(මේ වූ කලී රජයේ වෛද්‍ය විද්‍යාලය අහිමි වූවන්ට සාධාරණයක් කිරීමට නොව මේ රටේ ධනපති මුදලාලි දරුවන්ට වෛද්‍ය ලේබලය ලබාදීමටත්, බුද්ධිමතුන් ධන බලයෙන් පාගා දැමීමටත් කළ සැලසුමක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.)


පවත්වන සම්මුඛ පරීක්ෂණයකින් සමත් විය යුතුය. මෙහිදී ආදායම් තත්ත්වය, සමාජ තත්ත්වය, උගත් පාසල ආදිය දැඩි සැලකිල්ලට ගනු ලැබේ (ඉහත සඳහන් සුදුසුකම් තිබුණද එහි ඇතුළත්වීම තීරණය කරනුයේ අවසානයේ පවත්වන සම්මුඛ පරීක්ෂණයයි. මේ වූ කලී ධන බලය හා දේශපාලන බලය ක්‍රියාත්මක වන ස්ථානයයි) මේ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවශ්‍ය වැදගත්ම සාධකය වනුයේ ධනය හා බලය මිස, විභාග ප්‍රතිඵල නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සේවය ලැබෙනුයේ කුමන ආර්ථික හා සමාජීය තත්ත්වයන් ඇති පවුල්වල දරුවන්ටද යන්න ඔබට මෙයින් පැහැදිලිව තේරුම් යනු ඇත.


රජයේ විශ්වවිද්‍යාලය බිහි කිරීමට හේතු වූයේ ඉහත ක්‍රමය මගින් නාගරික සිසුනට සිදුවන අසාධාරණය මගහැරවීමටයැයි ප්‍රසිද්ධකොට ඇතත්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් තේරීමේදී ධනය හා බලය නොමැති සිසුනට සිදුවන අසාධාරණය කොපමණද? දිස්ත්‍රික් පදනම යටතේ සිසුන් කොටසකට අසාධාරණයක් සිදුවේ නම් සාර්ථකත්වයට එය විශාල රුකුලක්වනු ඇත.

 

 

 


ස්තුතියි.


කොළඹ වෛද්‍ය පීඨ සිසුන්


● නිදහස් අධ්‍යාපනය සුරකිමු
● පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමනු
● අත්අඩංගුවට ගත් සියලුම ශිෂ්‍යයන් නිදහස් කරනු
● සරසවි සියල්ල වහා විවෘත කරනු


කිංසි පාර, කොළඹ 8


කොළඹ වෛද්‍ය ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ආනන්ද විජයවික්‍රම වන මා විසින් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවතේ පිහිටි බොරැල්ලේ මහජන මුද්‍රණාලයේ මුද්‍රණය කොට බෙදා හරින ලදි.

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

“නිදහස් අධ්‍යාපනය අනතුරේ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 234 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 284 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site