IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


හාවාගේ කරපිටින් ගිය අකුරැස්සේ අලි පෙරහැර

1991 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ අවස්ථාවේ දී මාතර දිස්ත්‍රික්කයට අයත් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට එ.ජා.පයෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. ඊට හේතු වූයේ එම නාම ලේඛනයේ සඳහන්ව තිබූ එක් අපේක්‍ෂකයකුට අදාළ නම් පටලැවිල්ලකි.


ඒ සම්බන්ධයෙන් ප්‍රතිවාදි පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාව පිළිගත් තේරීම්භාර නිලධාරියා එසැණින් මැතිවරණ කොමසාරිස් වරයාටද එම සිද්ධිය ගැන දැනුම් දී ඔහුගේ ද උපදෙස් පරිදි එ.ජා.පයෙන් ඉදිරිපත් කළ අපේක්ෂක නාම ලේඛනය ප්‍රතික්‍ෂේප කළේය.


එකල මෙරට ජනාධිපති ධුරය දරන ලද්දේ රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. රටේ පළාත් පාලන ආයතන බහුතරයක පාලන බලය එ.ජා.ප යට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපතිවරයාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් පෙර අකුරැස්සෙන් අසන්නට ලැබුණු එම සිද්ධිය අදහාගැනීමට පවා නොහැකි විය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එවකට අකුරැස්ස ආසනයේ එජාප ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම මිනිස්බල සම්පත් ඒකරාශී කිරීමේ කටයුතු භාර කැබිනට් නොවන ඇමැතිවරයා ද වූ දයානන්ද වික්‍රමසිංහ මහතාට ඔහු දුරකථනයෙන් බැණවැදීමයි.


“අයිසේ විකී තමුසෙ දැන් පාර්ලිමේන්තුවට පත්වෙලා අවුරුදු පහළොවක් විතර වෙනවා. තමුසෙට බැරිවුණා ඔය නොමිනේෂන් පේපර් එක හරියකට හදාගන්න. තමුසෙල ඔහොමද ඕයි ඡන්ද කරන්නේ.........?” යි අසමින් දිගින් දිගින් දිගටම බැණ වැදුණු ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහුට නිදහසට හේතු දැක්වීමටවත් ඉඩක් නොදී ‘දඩා..ස්’ ගා රිසීවරය ආපසු තැබුවේය.


‘ෂි...හ් මේ යක්කු කරපු වැඬේ නිසා ලොක්කට හොඳටම තදවෙලා..’ 


දයානන්ද වික්‍රමසිංහට එසේ කියැවුණේ ඉබේටමය. තමන් අතින් වූ සුළු අඩුපාඩුවක් නිසා තමන්ට ලොක්කාගෙන් කුණු බැණුම් ඇසීමට සිදුවීමටත් වඩා ඔහුගේ සිතට දරාගත නොහැකි ලැජ්ජාවක් වූයේ තම ප්‍රතිවාදින් මුළු අකුරැස්ස ඡන්ද කොට්ඨාසය පුරාම පැය කීපයක් ගතවනතුරු එක දිගට රතික්‍ද්ක්‍දා දල්වමින් සතුට පළ කිරීමයි.


ඒ සමගම ඔහුගේ සිතට අලුත් අදහසක් ආවේය. එසැණින් තම කන්තෝරු කාමරයේ බිත්තියේ එල්ලා තිබූ කැලැන්ඩරය දෙස බැලූ දයානන්ද වික්‍රමසිංහට පෙනී ගියේ නාම යෝජනා භාර ගැනීම අවසන්වීම සඳහා තවත් පැය 24ක කාලයක් ඉතිරිව තිබෙන බවය. 
‘ඔව්.. නේ... අපට පුළුවන් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරන්න.’ යි තමාටම කියාගත් ඇමැතිවරයා ඊළඟට කළේ තමන්ගේ හිතවත් නීතිඥ මහතුන් දෙතුන් දෙනෙකුටම කතා කර එහි නීත්‍යානුකූලත්වය ගැන සැකහැර දැන ගැනීමය.


‘ඔව් ඇමැතිතුමා නාමයෝජනා භාර ගැනීමේ කාලය තවත් ඉතිරිවෙලා තියෙන නිසා ඔබතුමාට පුළුවන් වෙනත් අයගෙ නම් දාලා ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරන්න. ඒ අය දිනුවොත් මුළු කණ්ඩායමම ඉල්ලා අස්වුණාට පස්සේ අපට පුළුවන් ඒ වෙනුවට අපේ අය නම් කරන්න....’


එම නීතිඥවරුන් හැම දෙනෙකුම පාහේ ඔහුගේ එම අදහස තහවුරු කිරීම නිසා දිරිමත් වූ දයානන්ද වික්‍රමසිංහ මහතාට අලුත් අපේක්‍ෂකයන් කණ්ඩායමක් සොයා ගැනීමට පැය කීපයකට වඩා ගත නොවීය. ඒ අනුව එම අලුත් අපේක්‍ෂක ලැයිස්තුව ඊට පසුදාම තේරීම්භාර නිලධාරියා වෙත භාරදීමට ඔහුට හැකිවිය. එම ස්වාධීන කණ්ඩායමේ ඡන්ද ලකුණ වූයේ හාවා ය.


එම කටයුතු අවසන් කළ දයානන්ද වික්‍රමසිංහ ඊළඟට කළේ ලොක්කාට කතා කර තමන්ගේ උපක්‍රමය ගැන දැනුම්දීමයි. එහෙත් ඒ ගැන ඇසූ ප්‍රේමදාස ජනාධිපතිතුමා තවත් කුපිත වී ඔහුට බැණ වැදුණේය.


“තමුසෙට පිස්සුද අයිසේ.....? තමුසෙ හිතන්නේ අකුරැස්ස පැත්තෙ ඉන්නේ ඔල්මාදකාරයන් කියලද? ඇරත් ඔය පැත්තෙ ඉන්න අපේ පාක්‍ෂිකයො තමුසෙ කිව්වයි කියල ඔය නමක්වත් අහල නැති ස්වාධීන කණ්ඩායමකට ඡන්දෙ දෙයි කියල හිතන්නවත් පුළුවන්ද? නිකං ඉන්නව අයිසෙ රට්ටු හිනස්සන්නෙ නැතුව...”


“හරි සර්, මම ඒ කණ්ඩායම කොහොම හරි දිනවල පෙන්වන්නං කෝ.....” යි කී වික්‍රමසිංහ මහතා අඩුම වශයෙන් තමන් සංවිධානය කරන එකම එක රැස්වීමකට හෝ සහභාගි වන ලෙසද ලොක්කාගෙන් කාරුණික ඉල්ලීමක් කළේය. එහෙත් ඔහුගේ එම ඉල්ලීමටද ජනාධිපතිතුමාගෙන් ලැබුණේ කර්කශ ප්‍රතිචාරයකි.


‘තමුසෙ කියන්නේ මේ ආතක්බූතක් නැති ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් පවත්වන තමුසෙගෙ පිස්සු රැස්වීමකට මටත් එන්න කියලද?’ යැයි ඇසූ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොක් හඬලා සිනාසුණේ දයානන්ද වික්‍රමසිංහ කරකවා අතහැරි තත්ත්වයට පත් කරවමිනි.


කෙසේ වෙතත් ඔහු තම උත්සාහය අත් නොහළේය. එපමණක් නොව තමන් විසින් ඡන්දයට ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා තම සියලු හැකියාවන් උපරිම වශයෙන් යෙදවූවේය.


මේ අතර එවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වූ එ.ජා.ප අපේක්‍ෂකයන් ජයග්‍රහණය කරවීම සඳහා රටේ හැම මැතිවරණ කොට්ඨාසයකම එක් ප්‍රධාන රැස්වීම බැගින් පැවැත්වීමට පක්‍ෂ මූලස්ථානය පියවර ගෙන තිබුණේය. එවැනි හැම ප්‍රධාන රැස්වීමකටම ප්‍රේමදාස ජනාධිපති සහභාගිවීමට නියමිතව තිබුණද හෙතෙම දයානන්ද වික්‍රමසිංහ විසින් අකුරැස්සේ පැවැත්වූ ප්‍රචාරක රැලියට පමණක් සහභාගි නොවුණේ ‘මට පුළුවන්ද අයිසේ මේ කොහේවත් නැති ස්වාධීන කණ්ඩායමකට ඡන්දෙ දෙන්න කියල අපේ පාක්‍ෂිකයන්ට කියන්න?’ යි අසමිනි. 


ලොක්කා තමන්ගේ රැස්වීමට සහභාගි නොවුණ ද තම ආසනයට යාබදව පිහිටි කඹුරුපිටිය, මාතර, වැලිගම සහ හබරාදුව වැනි සියලුම මැතිවරණ කොට්ඨාසයන්හි පැවැති රැස්වීම්වලට සහභාගි වූ බව දයානන්ද වික්‍රමසිංහ මහතා වරක් ලියුම්කරු සමඟ කියා තිබුණේය. එය තම සිතට බලවත් වේදනාවක් වුවද එයින් තව තවත් දිරිගෙන තමන්ගේ ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා ඇපකැපවී කටයුතු කළ බව හෙතෙම පැවසීය.


එසේම ඔහු තම ස්වාධීන කණ්ඩායම දිනවීම සඳහා එතරම් උනන්දුවක් දක්වන ලද්දේ අකුරැස්ස ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් කළ එ.ජා.ප අපේක්‍ෂක ලැයිස්තුව ප්‍රතික්‍ෂේපවීමේ සිද්ධිය මුල්කරගෙන ලොක්කාට ගතු කියා තමන් කපා දැමීමට තවත් පිරිසක් රහසින් කටයුතු කරන බව දැන සිටි බැවිනි.


අන්තිමේදී අකුරැස්ස ප්‍රාදේශීය සභා ඡන්දය සුපුරුදු පරිදි පැවැති අතර එම ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු බොහෝ දෙනෙකුගේ ඉහමොළ රත් වී තිබුණේය. එසේ වූයේ එවර අකුරැස්ස ප්‍රාදේශීය සභාවට ‘හාවා’ ලකුණින් තරග කළ දයානන්ද වික්‍රමසිංහගේ ස්වාධීන කණ්ඩායම දස දහසකට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබීමය.


මේ අතර එම ස්වාධීන කණ්ඩායමේ නායකයා ඇතුළු තේරීපත්ව සිටි සියලුම දෙනා ඊට පසුදාම තම මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස් වී තිබුණහ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ මුලින් ප්‍රතික්‍ෂේප කෙරුණු එ.ජා.ප නාම යෝජනා පත්‍රයේ නම් සඳහන් වූ පිරිසකට එලෙස පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරවලට පත්වීමට හැකිවීමයි. පසුව එම කණ්ඩායම සමඟ ප්‍රේමදාස ජනාධිපතිතුමා හමුවීමට ගිය දයානන්ද වික්‍රමසිංහ මහතාගේ පිටට තට්ටු කළ ලොක්කා ‘තමුසෙ යකාගෙ මිනිහෙක්නේ....ෟ’ කියමින් සතුට පළකර තිබුණේය.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

හාවාගේ කරපිටින් ගිය අකුරැස්සේ අලි පෙරහැර

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1622 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site