IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ශෂී වීරවංශ අත්අඩංගුවට

ගෝඨාභය රජ පුටුවට ගෙන ආ මෙහෙයුමේ නොපළ කතාව-4

 

නුගේගොඩ ඓතිහාසික රැලියත් සමග යහපාලන ආණ්ඩු විරෝධී අරගලය වඩාත් ප්‍රාණවත්ව පෙරට ඒමට පටන් ගත්තේය. පක්ෂ සාමාජිකත්වය තහනම් වීමේ නඩුහබවලට පැටලීම් ආදී ප්‍රශ්න නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිටුපසට වී සිටිය ද මහින්දවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු හා නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නව ජවයකින් පෙරට පැමිණියහ.


නුගේගොඩ රැලියේ නියමුවා වන විමල් වීරවංශට ඒ සඳහා වන පළමු තෑග්ග ලැබිණි. ඒ ඔහුගේ බිරිය ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමය. රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ශෂී වීරවංශ අත්අඩංගුවට පත් වූ අතර උසාවි බිමේ දී මාධ්‍ය ඇමතූ විමල් කියා සිටියේ එක හිරගෙයක් නොව හිර ගෙවල් දාහක් පෙන්නුව ද ආණ්ඩු විරෝධී සටන අත් නොහරින බවය. මර්දනයට බියේ නොසැඟවෙන බවය.
‘මහින්ද සමග නැගිටිමු’ තේමාවට අමතරව ‘මහින්ද සුළඟ’ නමින් නව තේමාවක් ද කරළියට පිවිස තිබිණි. සැබැවින්ම එම තේමාව කවුරුන් හෝ නිර්මාණය නොකළ අතර පොදු ජනයා අතරින් පැන නැගුණු තේමාවක් විය. ඒ අනුව මහින්ද සුළඟ දෙවැනි රැලිය ඓතිහාසික මහනුවර දී පැවැත්වීමට දිනේෂ්, වාසු, විමල් හා උදය තීරණය කළහ. දිනය වශයෙන් 2015 මාර්තු 6 වැනිදා තීරණය විය.


නුවර රැලිය සංවිධානය කිරීමේ වගකීම පැවරුණේ විමල්ගේ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායකයා මෙන්ම මධ්‍යම පළාත් සභාවේ ඇමතිවරයකු වශයෙන් සිටි නිමල් පියතිස්සටය.
එම රැලිය සංවිධානය කළ ආකාරය සම්බන්ධයෙන් නිමල් පියතිස්ස තබා තිබූ සටහනක් මෙසේය.
මහින්ද රැල්ලේ ඓතිහාසික නුගේගොඩ රැලියෙන් පසුව දෙවැනි රැලිය මහනුවර දී පැවැත්වීමට එම ජන සටනේ නිර්මාතෘවරයා වූ විමල් වීරවංශ මැතිඳුන් තීරණය කළේය.


මෙම ඓතිහාසික දෙවැනි ජන රැලිය සාර්ථක කර ගැනීමට එහි සංවිධාන වගකීම පවරන ලද්දේ මටත් එවකට නුවර ජනිපෙ දිසා නායකයාව සිටි ප්‍රේමවංශ සොයුරාටත්ය. මට එම වැඩසටහනේ ප්‍රධාන සංවිධාන වගකීම පැවරුණේ හිටපු පළාත් අමාත්‍යවරයෙකු වූ නිසාත් එමගින් දන්නා හඳුනන පිරිස වැඩි නිසාත්ය.
ඊළඟ මාසය වූ මාර්තු මස 6 දින රැලිය පැවැත්විය යුතුය.


අප දෙදෙනාට පැවරුණු අභියෝගය සුළුපටු නොවුණි. කෙටි දින කීපයක් තුළ මෙම රැලිය සාර්ථක කර ගැනීමට සංවිධාන කටයුතු සිදුකළ යුතුය. ස්ථාන වෙන් කර ගැනීම, වේදිකාව හා වෙනත් අදාළ කටයුතු සංවිධානය කර ගැනීම කළ යුතුය. නමුත් රැස්වීම සාර්ථක කර ගැනීමට වඩා කරුණු එක් වන්නේ එය ඉටුකර ගැනීමේ දුෂ්කර අභියෝගයටය. ඒ වන විටත් අනෙකුත් පළාත් සභාවල මන්ත්‍රීවරු අප ගොඩනඟන ලද නව කඳවුර වෙනුවෙන් සෘජුව පෙනී සිටින තත්ත්වයක් නිර්මාණය වී තිබුණත් මධ්‍යම පළාත් සභාවේ එය එසේ සිදු නොවීය. මහින්ද කඳවුර නියෝජනය කරන ලද හා පළාත් සභාවේ ඒ වෙනුවෙන් වූ එකම හඬ වූයේ මා පමණි. මෙම රැස්වීම සාර්ථක කර ගැනීම සඳහා පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් උදව් ගැනීමට උත්සාහ ගත්ත ද ඒ වෙනුවෙන් කිසිවෙකුවත් ඉදිරිපත් නොවූ අතර එයින් ලිස්සා යාමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලද්දේ කපටි අයුරිණි.
අප හමුවේ තිබූ තවත් බාධකයක් වූයේ මුදල්ය. මා සහෝදර මන්ත්‍රීවරුන් වෙත යෝජනා කර සිටියේ මෙම කටයුතුවලට අවම වශයෙන් හැකි අයුරින් මුදල් ආධාරයක් හෝ කරන ලෙසටය. ඒ සඳහා ද කිසිවෙකුවත් ඉදිරිපත් වූයේ නැත.


මෙම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් උදව් ගැනීමට හැකි යැයි සිතූ විවිධ පුද්ගලයන් මුණගැසීමට මාගේ වාහනයට ඉන්ධන ගසා ගනිමින් නොගිය තැනක් නැත. නමුත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන පාටක්වත් නොතිබුණි. මෙම රැස්වීම සඳහා ගණන් බලා තිබූ ආකාරයට ලක්ෂ දොළහකටත් වඩා වැය වෙයි. උදව් ගත හැකි ව්‍යපාරිකයින්ද නැත. ඔවුන් ඒ වන විටත් ඹභඡ සරණ ගොසින් තිබුණු අතර සියලු ව්‍යාපාරිකයෝ ලක්ෂ්මන් කිරිඇල්ල වටා ගොනුවී සිටියහ.


යම් ආධාර මුදලක් සොයා ගැනීමේ අරමුණින් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අමතා මා ඉල්ලා සිටියේ අපට උදව් ගත හැකි ව්‍යාපාරිකයින් සිටී නම් එම අය දැනුවත් කොට මා එම ස්ථානවලට යොමු කරන ලෙසටයි. එතුමා ඒ සඳහා උත්සහ ගත්ත ද සාර්ථක ප්‍රතිඵලයක් අප වෙත ලබා ගැනීමට නොහැකි විය. මහනුවර කොළඹ වීදියේ එක්තරා ව්‍යාපාරික ස්ථානයක තොරතුරු මා වෙත ලබාදුන් ටිකිරි කොබ්බෑකඩුව මහතා ගොස් ඔහු හමුවන ලෙසත් ඔහුව දැනුවත් කොට ඇති බවත් කියා සිටියේය. එම ස්ථානයට ගියේ අවම වශයෙන් වැඩි මුදලක් ලැබේවි යන විශ්වාසයෙනි. මා වෙත එහි සේවිකාවක් දෙකට නමා තිබූ කවරයක් ලබාදුන් අතර මඳදුරක් පැමිණ එය විවෘත කර බැලීමි. ඉන්ධන ගසා වාහනය ගිය එකත් පාඩුවකි. එහි තිබුණේ රුපියල් පන්දහසක් පමණි. ඒ බව හිටපු ආණ්ඩුකාරතුමන් වෙත පවසා දැනුවත් කළ අතර මට හිතුණේ එම පන්දහස එම ව්‍යාපාරිකයාට යළි ගොස් භාර දීමටය. එය ද අසාර්ථක විය. පසුව මා කල්පනා කළේ පළාත් අමාත්‍යවරයෙකු හමුවීමටය. ඔහුට යහමින් මුදල් තිබෙන කෙනෙක් නිසාත් මගේ ද යම් හිතවත්කමක් තිබුණු නිසාත් දුරකථන ඇමතුමක් ගෙන අමාත්‍යංශයට ගොඩවැදුනෙමි. 

 

විස්තර කථා කොට දැනුවත් කරමින් රැස්වීම සාර්ථක කර ගැනීමට මුදල් ආධාරයක් අවශ්‍ය බව කීමෙන් අනතුරුව හිතවත් ඇමතිවරයා මද වෙලාවකට පසුව දෙකට නැමූ කවරයක් මාගේ අත තැබුවේය. එම කුඩා කවරය දුටු විටම මට හැඟී ගියේ එය ද සාර්ථක නොවූ එකක් බවය.


ඔහුගෙන් මා අපේක්ෂා කර ගියේ අවම ලක්ෂයකට එහා මුදල් ආධාරයකි. ඔහු ද ලබාදී තිබුණේ රුපියල් පන්දහසක් පමණි. ලජ්ජාවකුත් කනගාටුවකුත් දැනුණු අතර එම මුදල ද ඔහුගේ ළඟට ගොස් මුහුණටම දමා ගැසිය යුතු බවට හැඟීමක් පහළ විය.


රැලියට යන වියදම් නුවරින් සොයා ගැනීම ඉටුකර ගත නොහැකි අභියෝගයක් බව අප තේරුම් ගත් අතර මෙම තත්ත්වය විමල් සහෝදරයා වෙත වහාම මම වාර්තා කළෙමි. රැලිය කෙසේ හෝ කළ යුතු බවත් නුවරින් අවශ්‍ය සහයෝගය නොමැති නම් කොළඹින් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවත් කියා සිටියේය. මේ අතර මුල සිටම මහනුවර එවකට නගරාධිපති මහේන් රත්වත්ත මහතා දිය හැකි සහයෝගයන් ලබාදීම සිදුකළ අතර අප්‍රසිද්ධියේ මෙම කටයුත්ත වෙනුවෙන් උදව් කිරීම සිදුකරන ලද්දේ මහින්දානන්ද, ලොහාන්, දිළුම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනාය. අමතරව ප්‍රාදේශීය නායකයෝ කිහිප දෙනෙක් යම් සහයෝගයක් ද ලබාදුන්හ.


දිනේෂ් මැතිඳුන් නියෝජනය කරමින් දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලැබූ හසිත ඒකනායක මහතා ද දිනේෂ් මැතිඳුන් හරහා යම් වගකීමක් දැරුවේය.


කෙසේ හෝ මාර්තු 5 වැනි දින වන විට පළාත පුරා ප්‍රචාරක කටයුතු සිදුකර අවසන් කර තිබූ අතර රැස්වීම් භූමියට සෙනග ගෙන ඒමක් ද ප්‍රාදේශීය නායකයින් හරහා සංවිධානය කර තිබුණි. අමතරව විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන් එන බවක් ද අපි දැන සිටියෙමු. කෙසේ වෙතත් 5 වැනි දින කොළඹින් වේදිකාව සැකසීමේ සිට සියලු කටයුතු සඳහා අදාළ පිරිස පැමිණ සිටියහ. මේ සඳහා සහයෝගය ලබාදෙන ලද පිටස්තර පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් හා බස්නාහිර පළාත් සභාවේ ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා ප්‍රධාන පිරිසක් 5 දිනම පැමිණ සිටියහ. රැලියට අදාළව පුවත්පත් සාකච්ඡාවක් ද 5 වැනි දින මහනුවර දී පළාත් සභා මන්ත්‍රී සංසදය මගින් සිදුකරන ලදී. මධ්‍යම පළාත් සභාවේ කවුරු හෝ මන්ත්‍රීවරු කිහිපපොළක් පුවත්පත් සාකච්ඡාවේ වාඩිකරවා ගැනීමට උත්සහ ගත්ත ද එය සාර්ථක නොවුණි.


මාර්තු 6 වැනි දින සවස 3 ට රැලිය ආරම්භ විය. සවස් වන විට දැවැන්ත ජන සහභාගිත්වයක් තිබුණි. රැලිය සාර්ථක විය. වේදිකාවේ පළාත් සභාව නියෝජනය කරමින් ගෙන්වා ගැනීමට හැකි වූයේ ක්‍උක්‍ හි මදියුගරාජා මන්ත්‍රීවරයා පමණි. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුබපැතුම හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කළේය. මම පිළිගැනීමේ කථාව කරන ලද්දේ එහි ප්‍රධාන වගකීම දරන ලද සංවිධායක ලෙසය.


ඉහළ ජනතා ප්‍රතිචාරය මධ්‍යයේ රැස්වීම පැවැත්වෙන අතරතුර දිළුම් අමුණුගම මන්ත්‍රීවරයා වේදිකාවට ගොඩ වී නිල ලෙස ප්‍රසිද්ධ විය.
විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මැතිතුමන්ලාගේ ආකර්ෂණීය කථාත් සමඟින් මහනුවර ඓතිහාසික මහින්ද දෙවැනි රැලිය සාර්ථකව අවසන් කළේ එම අයුරිනි.


නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලන කටයුතුවලට නායකත්වය දුන් මා අවසානයේ දී මහනුවර ඓතිහාසික මහින්ද දෙවැනි රැලිය පිටස්තර පුද්ගලයෙකු ලෙසින් සාර්ථක කරගැනීමට නායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව නිහතමානීව සතුටු වෙමි.

 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ශෂී වීරවංශ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1235 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site