IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


වමෙන් රටට අලුත් මගක්

නවසිය තිස් හතේ දෙසැම්බර් 18 වැනිදා ලංකා සම සමාජ පක්ෂයේ දෙවැනි සංවත්සරය පැවැත් වූයේ කොළොන්නාව විද්‍යාලයේදීය. පළමු සංවත්සරය පැවැත්වූයේ ද කොළොන්නාව විද්‍යාලයේදීය. පළමු සංවත්සරය පැවැත්වෙද්දී අසූවක් (80) පමණ වූ සාමාජික සංඛ්‍යාව අටසියයක් ඉක්ම ගොස් තිබිණ. වසර එක හමාරකට පෙර ආරම්භ කළ සම සමාජය පුවත්පතේ අලෙවිය හාර දහසක් ඉක්මවා ජන ප්‍රසාදය දිනාගෙන තිබූ අතර ඉල්ලුම වඩ වඩාත් වර්ධනය වෙමින් පැවතිණි. එතෙක් තිබූ සත දෙකක මිලට අලෙවි කළ පුවත්පතේ මිල සතයකින් වැඩි කිරීමටත් ‘සම සමසමාජිස්ට්’ නමින් ඉංග්‍රීසි පුවත්පතක් ඇරඹීමටත් මෙම සමුළුවේ දී යෝජනා සම්මත කරගනු ලැබිණි.


ඉදිරියේ දී තම පක්ෂය ගෙන යන ක්‍රියා මාර්ගය පිළිබඳව යෝජනා දහයක් සම්මත කරගනු ලැබීය. එයින් කිහිපයක් මෙසේය.


“බලගතු ජාතික නායකයන් යැයි කියන පුද්ගලයන් තම ජාතිද්‍රෝහි සිරිත් ලෙසට අද බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ලංකා මහජනතාව පාවාදීමට රහස් කුමන්ත්‍රණ කරගෙන යයි. මේ ධනපති පන්ති දෙපක්ෂය රහස් කුමන්ත්‍රණයට ඇතුළත්ව තිබෙන්නේ අද ලංකාවේ සාමාන්‍ය වැඩ කරන ජනී ජනයාට ලැබී තිබෙන සර්ව ජන ඡන්ද බලය නැතිකර දමනු සඳහාය. පන්ති උද්ඝෝෂණ ව්‍යාපාර යටපත් කර දැමීම මොවුන්ගේ පරම අධිෂ්ඨානය වී තිබේ. වැඩ කරන මහජනයාගේ ප්‍රමුඛත්වයෙන් ජාතික නිදහස් සටන් ව්‍යාපාරය ජයගහනය කරන තුරු සිය දුක්ඛදායක තත්ත්වයන් මන්ත්‍රණ සභාව මගින් නැතිකර ගැනීමට ගොවි කම්කරු ජනතාවට දැනට තිබෙන එකම ආයුධය සර්ව ජන ඡන්ද බලය පමණකි. එබැවින් මේ ධනපති පන්ති රහස් කුමන්ත්‍රණ කූටෝපායයන් පැරදවීමෙන් මහජන අයිතිවාසිකම් රැක ගැනීමට මහජනයා සටනට එළැඹිය යුතු බැව් ලංකා සමසමාජ පක්ෂ මෙයින් ප්‍රකාශ කරයි.


මහා බි්‍රතාන්‍යය ප්‍රමුඛ අනෙකුත් අධිරාජ්‍ය මහත් කඩිමුඩියේ තවත් ඝෝර මනුෂ්‍ය ඝාතනයකට සැරසෙයි. යටත් ප්‍රදේශයන් අල්වා ගැනීමේ ධන තණ්හාවෙන් කරනු ලබන යුද්ධයන්ගෙන් යටත් ප්‍රදේශවාසීන්ට කිසිම ප්‍රයෝජනයක් නැත. එබැවින් වැඩිකල් නොගොස්ම ආරම්භ වන්නට යන අධිරාජ්‍ය මහා යුද්ධයට කිසිසේත් ආධාර නොවන ලෙස ලංකා සම සමාජ පක්ෂය ඉල්ලා සිටී.


පලස්තීනය බෙදා ගසා කෑමට සැරසෙන්නා වූ ද අරාබි ජාතික නිදහස් ව්‍යාපාරයෙහි නායකයන් රටෙන් පිටුවහල් කළා වූද, අරාබි ජාතික නිදහස් සටන් ව්‍යාපාරය මැඩලීමට නිර්දෝෂ ස්ත්‍රී පුරුෂයන් දරුවන් මරමින් භයානක මනුෂ්‍ය ඝාතනයන් කරන්නා වූද බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ මෘග ක්‍රියා කලාපය ගැන ලංකා සමසමාජ පක්ෂය තම පිළිකුල ප්‍රකාශ කරන අතරම ජාතික නිදහස උදෙසා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග අරාබින් කරන සටනට ලංකා මහ ජනතාවගේ ප්‍රසාදයත් බද්ධ ප්‍රේමයත් ලංකා සම සමාජ පක්ෂය විසින් ලාංකික මහජනයා වෙනුවෙන් අරාබි වර්ගයා වෙත පිරිනමයි.


සියලුම කම්කරුවන් දවසකට වැඩ කරන කාලසීමාව පැය අටකට සීමා කිරීමත් සමග වැඩ කාලය කෙටිවීම නිසා කම්කරු පඩි කැපීමට ධනපතියන්ට ආයුධයක් වීම වැළැක්වීම සඳහා සියල්ලන්ටම දිය යුතු අඩුම පඩියක් වහාම ආණ්ඩුව විසින් තීරණය කළ යුතු බැව් ලංකා සම සමාජ පක්‍ෂය යෝජනා කරයි.


ගොවි ජනතාව වෙනුවෙන් ලංකා සම සමාජ පක්ෂය පහත සඳහන් ඉල්ලීම් කරයි.


1. සෑම පිටිසර පෙදෙසකම නිදහස් තණ බිම් ඇති කළ යුතුයි.
2. පොලී නැතිව බිත්තර වී ගොවීන්ට දිය යුතුය.
3. සියලුම දිය බදු නැති කළ යුතුයි.
4. ගම්වල ගවයන් නිරපරාදේ මරා දැමීමත් හිතුවක්කාර ලෙස ඇල්ලීමත් නැති කරනු පිණිස ගවයන් පිළිබඳ නීති වෙනස් කළ යුතුය.
5. පොල් තල්, කිතුල් ආදී ගස්වලින් මී රා මැද ගැනීමට කිසි අවහිරයක් නැතිව නිදහස තිබිය යුතුය.
6. හේන් ගොවිතැන් කිරීමට කිසිම අවහිරයක් නැතිව ගොවීන්ට සම්පූර්ණ නිදහස දිය යුතුය.


කුල බේද, පන්ති බේද ආදිය පවත්වාගෙන යාමට ද, දුප්පත් පන්ති ජනයා මැඩලීමට ද රඳල පවුල්වලට මුලාදෑනි ක්‍රමය ආයුධයක් වී තිබේ. එම දුෂ්ට මුලාදෑනි ක්‍රමය මෙරටින් භංග කර දැමීමට ආරම්භ කර තිබෙන මහා සටන නොකඩවා කරගෙන යෑමේ මහා අධිෂ්ඨානය ලංකා සම සමාජ පක්ෂය මෙයින් ප්‍රකාශ කරයි.

 

ඡායාරූප : අන්තර්ජාලයෙනි

 


ලාංකිකයන් අතර පමණක් නොව මෙරට වසන විදේශ කම්කරුවන් අතර ද රක්ෂා රහිතකම මෙතරම් භයානකව පවතින කාලයක දී ඇමැති මණ්ඩලය විසින් විදේශීය කම්කරුවන් තව තවත් ලක්දිවට ගෙන්වීමට අවසර දීම ගැන ලංකා සම සමාජ පක්ෂය සිය මහා සංවේගය මෙයින් ප්‍රකාශ කරයි.


පන්තිවලට ස්වභාෂා ගුරුවරුන් ලබා නොදීමෙන් ද අභිනව පාඨශාලා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ද, භාෂා ගුරුවරුන්ගේ වැටුප් තත්ත්වයන් පහළ දැමීමට යෝජනා කිරීමෙන් ද ඇමැති මණ්ඩලය විසින් කරනු ලබන කූට ප්‍රයන්ත ගැන ලංකා සම සමාජ පක්ෂය තම විරුද්ධත්වය හා සංවේගය මෙයින් ප්‍රකාශ කරයි.


ලංකා සම සමාජ පක්ෂයේ මෙම සම්මේලනයත් සමග නව ගමන් මඟකට මෙරට දේශපාලන ක්‍රියාදාමය සැකසෙන්නට පටන් ගත්තේය.

 

 



අදහස් (0)

වමෙන් රටට අලුත් මගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 543 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17307 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 702 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site