IMG-LOGO

විජයගේ සිරගත ජීවිතයේ නොපළ කතා

සිය නිසඟ රංගන කුසලතාවයෙන් සුවහසක් රසික හදවත් වසඟ කළ මනමෝහනයට පත් කළ අසහාය නළුවකු මෙන්ම මානව හිතවාදී මානව භක්තියෙන් පිරිපුන් දේශපාලනඥයෙක් ලෙස පොදුජන හදවත් දිනාගත් විජය කුමාරතුංගයන් ඝාතනය කළේ මීට වසර 29කට පෙරදීය.


කුරිරු ලෙස විජය කුමාරතුංගයන් වෙඩි තබා මරා දැමීමට පෙර නොමරා මරා දැමුවේ ඔහු අඳුරු සිර කුටියක සිරකර තබා අනේක විධ වූ හිංසා පීඩාවන්ට ලක් කරමිනි. ඒ විජය, රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින නැක්සලයිට්කාරයකු බවට අභූත චෝදනා කරමින්ය.


ඔහු අත්අඩංගුවට ගෙන සිර කුටියක සිරකර තැබුවේ 1982 වසරේදීය. එවකට රටේ ජනාධිපතිවරයා වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. විජය නම්වූ ඒ මානව හිතවාදී දේශපාලනඥයා සිර කුටියක හුදකලාව සිරකර තැබුවාට ඔහුගේ නිදහස් නිවහල් සිතුවිලි සිරකර තැබීමට හෝ මෙල්ල කිරීමට නම් නොහැකි විණි.


ඔහු කිසිවිටකත් ඒවායින් නොසැලුණේය. ඒ වධ බන්ධනවලින් ඔහු තවත් පන්නරය ලැබුවේය. විජය වැලිකඩ රඳවා සිටි වකවානුවේ එම සිරගෙදර බන්ධනාගාර නියාමකවරයකු වූ ඩබ්ලිව්. ඒ. ඩී. විජේදාස මහතා ද රාජකාරි කර ඇත.


විජේදාස මහතා වසර 36ක පමණ කාලයක් බන්ධනාගාර රාජකාරියේ නිරතව සිට මේ වනවිට විශ්‍රාම ලබා සිටින අත්දැකීම් බහුල නිලධාරියෙකි.


විජය බන්ධනාගාරයේ රඳවා සිටි කාලය හා ඒ හා සම්බන්ධ යම් යම් සිදුවීම් කරුණු කාරණා ගැන විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා දියත වෙනුවෙන් සිය මතකය අවදි කළේ “විජය මහත්තයා වගේ උතුම් ගතිගුණ තිබුණු කෙනෙක් මගේ ජීවිත කාලයට මෙතෙක් හම්බවෙලා නැතැයි” කියමිනි.


නැක්සලයිට්කාරයෙක් යන අභූත චෝදනා නගා අත්අඩංගුවට ගත් විජය කුමාරතුංග මහත්තයා බන්ධනාගාරයේ කොනේම තියන වයි. ඕ. :ශධ* වාට්ටුවේ කෙරවලට වෙන්න තියන ආර්. කියන සෙල් එකේ තමා රඳවා තිබුණේ. ආර්. කියන මේ සෙල් එක 8ං10 විතර ප්‍රමාණයේ එකක්. හිටපු හමුදාපති වත්මනේ ඇමැති තනතුරක් දරන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් සිර දඬුවම් ලබාදී රඳවා තැබුවේත් මේ සෙල් එකේම තමා.


විජය මහත්තයා බන්ධනාගාරගත කරන කාලයේ මම හොඳම තරුණ කාලයේ හිටියේ. විජය මහත්තයා රඟපාන සෑම චිත්‍රපටියක්ම නොවරදවාම බලනවා. මම ඔහුගේ හොඳම රසිකයෙක්. ඒත් කවදාවත් ඔහු සැබැවින් දැක තිබුණේ නැහැ. ඒ නිසා කෙසේ හෝ ඔහු ළඟට ගොස් වචනයක් දෙකක් කතාබහ කරන්න ලොකු ආසාවක් කාලයක ඉඳලා මට තිබුණා. විජය මහත්තයා රඳවා ඉන්න සෙල් එක පැත්ත පළාතක යන්න අපටත් තහනම් කරලා තිබුණේ. රාජකාරියේ යොදවා ඉන්න නිලධාරීන් හැරෙන්න වෙනත් නිලධාරීන්ට ඒ පැත්තට ගිහින් අහුවුණොත් වැඩ වරදිනවා. ඒ කාලයේ මම රාජකාරි කළේ වැලිකඩ බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ අංශයේ. මට පැවරිලා තියෙන රාජකාරිය තමා උදේට සිරකාරයෝ කැඳවාගෙන ගොස් ඔවුන් ලවා සිර මැදිරි පිරිසුදු කිරීම. විජය මහත්තයා එක්ක කතාබස් කරන්න හොඳම අවස්ථාව මෙය බව මට හිතුණා.


ඒ ඔහුගේ ආදරණීය සිනමා නළුවා බැහැදැකීමට අවස්ථාව උදාකර ගත් ආකාරය ගැන විජේදාස මහතා සිය මතකය අවදි කළේ එසේය.


ඔන්න ඉතිං මට සිරකාරයෝ දෙන්නෙක් එක්ක වාට්ටු පිරිසිදු කිරීමේ රාජකාරිය බාර වුණ දවසට විජය මහත්තයා ඉන්න සිර මැදිරියට ගිහින් නොවරදවාම වචනයක් දෙකක් කතා කරනවා. හොරෙන් කතා කරන්නේ. ඒ සිර කුටියේ රඳවා සිටියේ ඔහු විතරයි.

කොහොම ද මල්ලි කියා හිනාවෙමින් කතා කරනවා. සිරකර සිටියාට ඔහුගේ ඒ සුපුරුදු සිනාව ඒ විදිහටම තිබුණා. බන්ධනාගාරයේ කොයි කා එක්කත් පුදුම ළෙංගතුකමක් ඔහු තුළ තිබුණා. කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගත්තේ නැහැ. සුහදව කතාබස් කරලා නිතරම සිනා මුසු මුහුණින් සිටියා යැයි විජේදාස මහතා පවසයි.


විජය කුමාරතුංග මහතා බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහු බැලීමට නොවරදවාම සිය බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පැමිණියාය.


විජේදාස මහතා ඒ හා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරමින් මෙසේ පැවසීය.


“විජය මහත්තයා චන්ද්‍රිකා මැඩම් එනකම් හැමදාම මග බලාගෙන හිටිය බව මම හොඳටම දැන හිටියා. චන්ද්‍රිකා මැඩම් නොවරදවාම විජය මහත්තයා බලන්න එනවා. හරිම දුකෙන් තමා මැඩම් විජය මහත්තයා බලන්න එන්නේ. ඇඳුම් පැලඳුම්වත් පිළිවෙළකට ඇඳගෙන එන්නේ නැහැ. චන්ද්‍රිකා මැඩම්ට විජය මහත්තයා එක්ක කතාබස් කරන්න ඉඩකඩ සලසා දුන්නේ බන්ධනාගාර කාර්යාලය ඉදිරිපිට ඒ කාලයේ ටකරන් ගහලා තිබුණ මඩුවකදීයි. බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් යටතේ  විජය මහත්තයාව ඒ මඩුවට අරගෙන ආවාට පස්සේ දෙන්නා කතාබස් කරනවා. සී.අයි.ඩී. එකේ මහත්වරු ඒ කතා හැම එකක්ම ටේප් කරනවා. දෙන්නා කතාබස් කරද්දී සී.අයි.ඩී. එකේ මහත්තයෙක් ඒ දෙන්නා අතරට මයික් එකක් අල්ලාගෙන ඉන්නවා. ඔය අයිස්ක්‍රීම් කෝන් එක පැත්තකට ගන්නවාකෝ කියා චන්ද්‍රිකා මැඩම් කියා තිබෙනවා. මගේ මතකයේ හැටියට විනාඩි 20ක් විතර කතාබස් කරන්න විජය මහත්තයටයි චන්ද්‍රිකා මැඩම්ටයි දවසකට අවසර ලබාදී තිබුණා.


ඒ කාලයේ වැලිකඩ බන්ධනාගාරයේ මහජන සම්බන්ධතා අංශයේ දමයන්ති කියා නිලධාරිනියක් හිටියා. චන්ද්‍රිකා මැඩම්ට විජය මහත්තයා බලන්න අවස්ථාව ලැබෙනකම් එතැනට වෙලා කතා කර කර ඉන්නවා. සමහර දවස්වලට චන්ද්‍රිකා මැඩම්ට විජය මහත්තයාට කෑම ගෙනා කූඩය අමතක වෙලා යනවා. එහෙම දවස්වලට දමයන්ති ඒ කූඩය අරගෙන පස්සෙන් දුවලා ගිහින් චන්ද්‍රිකා මැඩම්ට දෙනවා.


විජය කුමාරතුංග මහතා බන්ධනාගාරයේ රඳවා සිටියදී මොන තහංචි දමා තිබුණත් හොර රහසේ ඔහුත් සමග යහළු මිත්‍රකම් පැවැත්වූ නිලධාරීන් ද සිට ඇත. 


හොර රහසේ විජය සමග කතාබස් කරමින් ඔහුත් සමග කුළුපග වී සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට රහස් පොලිසියේ හතර වැනි තට්ටුවට යාමට ද සිදුවී තිබිණි.


විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා පවසන ආකාරයට විජය සමග කුළුපග මිත්‍රකම් පැවැත්වූ බව කියමින් බන්ධනාගාර නියාමකවරයන්ව සිටි විමලසිරි සහ සෝමවංශව හතර වැනි තට්ටුවට අරන් ගිහින් දින ගණනාවක් ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇත.
මේ නිලධාරීන් දෙන්නාට සී.අයි.ඩී. එකේ හතර වැනි තට්ටුවේදී හිරිහැර කිරීම්වලට පවා ලක්කර තිබෙන බව විජේදාස මහතා පවසයි.
විජය මහත්තයා සෙල් එකේ ඉන්නකොට හොඳටම අසනීප වුණා. දිගින් දිගටම වමනය යන්න පටන් ගත් නිසා තමා හොඳටම රෝගාතුර වුණේ. පස්සේ විජය මහත්තයාව කොළඹ ජාතික රෝහලට (ඒ කාලයේ කොළඹ මහ රෝහලට) අරගෙන ගියා.


විජේදාස මහතා පවසනුයේ විජය කුමාරතුංග මහතා හිර ගෙදරින් නිදහස් වෙලා ගියාට පස්සේ ඔහු ඇතුළු විජයට හිතවත් වෙලා කුළුපග වෙලා හිටිය බන්ධනාගාර නිලධාරීන් එක්ක වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී මියයන තෙක්ම සම්බන්ධකම් තිබුණ බවය.
විජය මහත්තයා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කාලයේ ඔහුට ගොඩක් හිතවත් වෙලා හිටිය බන්ධනාගාර නියාමකවරයෙක් හිටියා වෝල්ටර් කියා. වෝල්ටර් අයියාට හොඳටම අසනීප වෙලා කොළඹ මහ ඉස්පිරිතාලයට අරගෙන ගියා. වාට්ටුවක නතර කරගෙන වෝල්ටර් අයියාට ප්‍රතිකාර කළා. මල්ලි විජය මහත්තයා මම ඉස්පිරිතාලේ ඉන්නවා කියා දැනගත්තොත් බලන්න එයි කියා මාත් එක්ක කිව්වා. 

මම වෝල්ටර් අයියාටත් නොකියාම මෝටර් බයිසිකලයේ නැගලා විජය මහත්තයා හම්බවෙන්න රොස්මිඞ් ප්ලේස් එකට ගියා. විජය මහත්තයා ගමනක් යන්න සූදානම් වෙලා එළියෙ හිටියේ.


විජය මහත්තයා මාව දැක්ක ගමන් “මොකද මල්ලි හදිසියකට ද හම්බවෙන්න ආවෙ” කියා දැක්ක ගමන් මාව අඳුරගෙන ඇසුවා. “සර්! වෝල්ටර් අයියාට හොඳටම අසනීප වෙලා කොළඹ මහ ඉස්පිරිතාලේ ඉන්නවා” කියා මම කිව්වා. මම අදම වෝල්ටර් අයියා බලන්න යනවා කියා ඔහු කීවා. විජය මහත්තයා මගේ පිටට තට්ටුවක් හෙම දාගෙන ලස්සනට හිනාවෙලා යන්න හිටිය ගමන ගියා. මම හිතුවේ නැහැ විජය මහත්තයා වෝල්ටර් අයියව බලන්න ඉස්පිරිතාලෙට යයි කියා. එදාම විජය මහත්තයා වෝල්ටර් අයියා බලන්න ගිහින් දුක සැප විමසලා ගිහින් තියෙනවා. වෝල්ටර් අයියා පුදුම වෙලා තියෙනවා විජය මහත්තයා දැකපු ගමන්.


මම තවත් කතාවක් කියන්නම් ජීවිත අවදානම නොතකා විජය මහත්තයාට උදව් කළ බන්ධනාගාර නිලධාරීන් කීප දෙනෙක්ම විජය මහත්තයා මැදිහත් වෙලා රට රස්සාවලට යැව්වා. සත පහක්වත් ඒ අයට  වියදම් වුණේ නැහැ යැයි විශ්‍රාමික බන්ධනාගාර නියාමකවරයා කීය. 


විජය කුමාරතුංග මහත්තයා නිදහස් වෙලා ගෙදර ගොස් මාසයකට විතර පස්සේ ඔහුගෙන් රොස්මිඞ් ප්ලේස් එකේ නිවසට එන ලෙස විජේදාස මහතා ඇතුළු හිතවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුටම ආරාධනයක් ලැබී ඇත.


මේ ඒ ගැන විජේදාස මහතා කී කතාවයි.


විජය මහත්තයා අපි කට්ටියකට රොස්මිඞ් ප්ලේස් එකට එන්න කියා පණිවිඩයක් එවා තිබුණා. හේතුවක් කියා තිබුණේ නැහැ. අපි කිව්ව දවසේ කිව්ව වෙලාවටම ගියා. අපි කට්ටියගේ පිටට තට්ටු කරමින් බොහොම සුහදව පිළිගත්තා. අපිව රොස්මිඞ් එකේ ගෙදර ඇතුළටම එක්කගෙන ගියා. අපිට කළු දොදොල් හා බිස්කට් කන්න දී තේ පැන් සංග්‍රහයක් කළා. හම්බන්තොට ඉන්න විජය මහත්තයාගේ මිතුරෙක් දීලා තිබුණ කළු දොදොල් තමා අපිට කන්න දුන්නේ. පැයක් විතර අපිත් එක්ක විජය මහත්තයා කතාබස් කර කර උන්නා.


විජය කුමාරතුංග මහතාගේ ඝාතනය ගැන කතාබහ කළ විශ්‍රාමික බන්ධනාගාර නියාමකවරයා මෙසේ කීය.


විජය මහත්තයාට වෙඩි තියලා මරලා දැම්මා කියා දැන ගත්තට පස්සේ කියන්න බැරි තරම් උහුලන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා. ලස්සන මුහුණ කට විතරක් නොවේ, රත්තරන් හදවතකටයි සාහසික විදියට වෙඩි තිබ්බේ. විජය මහතාගේ මළ ගෙදරට අපි කට්ටියම බැහැලා වැඩ කළා. ඒ දවස් ටිකේම අපි හිටියේ විජය මහත්තයලාගේ ගෙදර. අදටත් විජය මහත්තයා ගැන මතක් වෙද්දි පුදුම දුකක් හිතට දැනෙන්නේ යැයි පිළිසඳර නිම කරමින් විජේදාස මහතා පැවසීය.


විජය කුමාරතුංග මහතා සමග නැක්සලයිට් චෝදනා යටතේ ඔසී අබේගුණසේකර සහ හිටපු අමාත්‍යවරයකු වන ෆීලික්ස් පෙරේරා යන මහත්වරුන් ඇතුළු තව කීප දෙනෙකුම බන්ධනාගාරයේ රඳවාගෙන සිට ඒ සියලු දෙනා පසුව නිදහස් කර ඇත්තේ එම චෝදනා බොරු බව ඔප්පු වීම නිසා නඩුත් නොමැතිවය. විජය කුමාරතුංග මහතා බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි කාලයේ මුහුණට වොට් 240ක විදුලි බල්බයක් දිවා රාත්‍රි දෙකේ දල්වා තබා උණුසුම තවත් වැඩි කිරීමට සිර මැදිරියට ටකරන් ගසා තිබූ ආකාරය ගැන හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා කී කතාව ඊළඟට කියවමු.


හිටපු අමාත්‍යවරයා රඳවා සිටි සිර මැදිරියට ද වොට් 240 ක බල්බයක් දමා දිවා රාත්‍රි දෙකේ දල්වා තබා ඇත.



අදහස් (0)

විජයගේ සිරගත ජීවිතයේ නොපළ කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1381 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site