IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රනිල් සජිත් ගැටුම උග්‍ර අතට

 

සජිත් - රනිල් හාදකම ඉක්මන් කරන්නේ  කොහොමද කියල තමයි අපි මේ වෙද්දි කල්පනා කර කර හිටියේ. මොකද ඒ වෙද්දි තිබුණු ප්‍රමුඛම කාරණය තමයි රනිල් - සජිත් එකතු කිරීම. මේක ඉක්මන් වෙන විදිය අනුව තමයි පක්ෂයේ අනික් වැඩ කටයුතු ටික සාර්ථක වෙන්නෙ කියල මම කල්පනා කළා.


මේ අතරෙ තමයි 2014 සැප්තැම්බර් මාසෙ පක්ෂෙ 68 වැනි සංවත්සරය යෙදුණේ. ඒ කාලෙම තමයි ඌව පළාත් සභා මැතිවරණය පවත්වන්න නියමිතව තිබුණේ. ඌව පළාත් සභාවට තරග කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණු හරීන් ප්‍රනාන්දුගෙත් ප්‍රධාන කොන්දේසියක් වෙලා තිබුණෙ සජිත් ප්‍රේමදාස එයාගෙ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහභාගි විය යුතුයි කියලා. මම හරීන්ට පොරොන්දු වුණා මම කොහොම හරි සජිත්  කැම්පේන් එකට ගෙනත් දෙනවා කියලා. මොකද එතකොටත් ටිරාන් අලස්ගෙ මැදිහත්වීම හරහා සජිත් එක්ක සාකච්ඡා යනවා.


නාමයෝජනා දීලා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළත් සජිත් එන්න අදිමදි කර කර ඉන්නවා. සජිත්  කියන්නේ එයා පක්ෂෙ නියෝජ්‍ය නායකයා හැටියට පත්කළාට පස්සෙ තමයි කැම්පේන් එකට බහින්නේ කියලා. මේක දැන් මටත් හිසරදයක් වෙලා තිබුණේ. මේ කඹ ඇදිල්ල නිසා මටත් මේක ඇති වෙලා තිබුණෙ.


මේ ගැන රනිල් එක්ක කතා කරද්දි එයා කියන්නේ සජිත් ඇවිත් වැඩ කරනවනම් නියෝජ්‍ය නායකකම දෙන්නම් කියලා. මම පුළුවන් තරම් දෙපැත්ත බේරගෙන වැඬේ ගොඩ දාගන්නයි බැලුවෙ. අන්තිමට අපි තීරණය කළා පස්සර පවත්වන්න සංවිධානය කරලා තිබුණු පක්ෂ සංවත්සර වේදිකාවෙදි රනිල් - සජිත් දෙන්නම එකට නග්ගනවා කියලා මම පොරොන්දු වුණා. මම රනිල් වික්‍රමසිංහට කිව්වා සජිත් ඉස්සරහ තියාගෙන ඔහු පක්ෂෙ නියෝජ්‍ය නායකයා විදියට යෝජනා කරනවා කියලා කියන්න ඕනෑ කියලා. මම කිව්වා ඒ වචන ටික හොඳටම ඇති ඉතුරු ටික මම බලාගන්නම් කියලා. රනිල් ඒකට  හා කියලා පොරොන්දු වුණා. මම කලින්ම බදුල්ලෙ ගියෙ සංවත්සර උත්සවයේ වැඩ කටයුතු සූදානම් කරන්න. ඒ වැඩ කටයුතු ටික පිළිවෙළක් කරලා පහුවැනිද උදේ නැගිටලා ආපහු වැඩ පටන් ගන්න හදනකොට රනිල් වික්‍රමසිංහගෙන් මට දුරකථන ඇමතුමක් ආවා. කතාකරලා රනිල් වික්‍රමසිංහ කිව්වේ ‘සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා විදියට අද ප්‍රකාශ කරන්න බෑ’ කියලා. මම ‘ඇයි’ කියලා ඇහුවම එයා  විවිධ හේතු කිව්වා. පක්ෂෙ කොටසක් මේ වැඬේට අකමැති නිසා මේක කරන්න බෑ කිව්වා. සජිත් ඇවිත් වැඩ කරනවනම් කියන්න පුළුවන් කියලා තමයි ආපහු කිව්වේ. එයා එන්නෙත් නැතුව මට නම් කරන්න බෑ කියලා කිව්වා. මම කෙළින්ම ඇහුවා කවුද ඔය විරුද්ධ පිරිස කියලා. එතකොට කිව්වා රවී, මංගල, විජේදාස, දයා ගමගේ ඇතුළු පිරිස විරුද්ධයි කියලා. මංගල සමරවීර රනිල්ට ලියුමකුත් එවලා තියෙනවා කියලා කිව්වා ඒ තීරණයට විරුද්ධ නිසා පක්ෂ සංවත්සරයටත් සහභාගී නොවී විදේශගතවෙනවා කියලා.


මම හොඳටම අවුල්වුණා. මෙච්චර දුරක් ගෙනාපු එක අතඅරින්නත් බෑනේ. මම කිව්වා විජේදාස මංගල රවීලා සනසන්න ගියොත් නම් මේ වෙලාවෙ ඔබතුමාගේ ජනාධිපතිවරණ ඉලක්කයට “කෙළවෙනවා” කියලා. සජිත් ජනාධිපතිවරණයකදී තීරණාත්මක සාධකයක් කියලා හිතනවනම් මේ වෙලාවෙ සජිත් ගැන තීන්දුවකට එන්න ඕනැ කියලා මම කිව්වා. මේ වෙලාවෙ කවුරුත් සනසන්න ගියොත් වැඬේ සම්පූර්ණ අවුල් වෙනවා කියලා මම කරුණු කිව්වා. “සජිත්ට වැඬේ බාරදීලා මිනිහා වැඬේ හරියට කරන්නෙ නැත්නම් අස් කරමු කියලා මම යෝජනා කළා. අනෙක් අතට සජිත් නියෝජ්‍ය නායකයා කළාට පස්සේ හොඳට වැඩ ටික කළොත් අනිත් අයගෙ කටවල් නිකම්ම වැහෙනවනේ.”


මම දැඩි ලෙසම කියා හිටියා “මේ ප්‍රශ්නෙ ගැන දෙපැත්තට වැනි වැනි හිටියොත් නම් ආපහු පක්ෂෙ ගොඩගන්නත් හම්බවෛන්නෙ නෑ මේ වගේ අවස්ථාවක් ආපහු හම්බවෙන එකකුත් නෑ කියලා. ඒක නිසා මේක කළ යුතුමයි කියලා මම එක හඬින් කියා හිටියා. මම අන්තිමට එහෙම කරන්නෙ නැත්නම් මෙච්චර කල් කරපු දේවල් ඔක්කොම වතුරෙ යනවා එහෙම වෙන වගනම් මම පක්ෂ සංවත්සරයට ඉන්නේ නෑ ඕන කෙනෙක් ලව්වා ඉතුරු වැඩ ටික කරගන්න මම කොළඹ එනවා කියලා.”

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : ශාන්ත රත්නායක



අදහස් (0)

රනිල් සජිත් ගැටුම උග්‍ර අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17514 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site