IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රනිල් සජිත් එක වේදිකාවකට

 

සජිත් ප්‍රේමදාසට පක්‍ෂයේ නියෝජ්‍ය නායකකම දෙනවා කියන එක බදුල්ලේ රැස්වීමේදී ප්‍රකාශ කරන්න බෑ කියලම රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම තර්ක කරද්දී මම දැඩි තීරණයක හිටියා පක්‍ෂයේ අනාගතය වෙනුවෙන් මේ අවස්ථාව මඟ නොහැරිය යුතුයි කියලා.

රනිල් වික්‍රමසිංහත් පක්‍ෂ සමුළුව තියෙන දවසෙ උදේ ඉඳලා කීප වතාවක් මේ ගැන දුරකථනයෙන් මාත් එක්ක වාද කළා. මම කිව්වා සමුළුවේ දී ඒක ප්‍රකාශ කරනකම් බලාගෙන ඉන්නෙ හැමදෙනාම කියලා. මොකද සිරස වෙනම කැමරාවක් පවා සූදානම් කරගෙන හිටියා. රනිල්ගෙ මේ ප්‍රකාශය කරනකම් සිරස කිව්වෙ එහෙම කළොත් රනිල් වික්‍රමසිංහට සහාය දෙනවා කියලනේ. රනිල් සමුළුවේ දී පක්‍ෂයේ නියෝජ්‍ය නායකකමට සජිත්ව නම් කරනවා කියන පණිවුඩය ඒ වෙනකොට පිටට දීලා තිබුණේ. සජිත් ප්‍රේමදාසත් අම්මයි නංගියි පවුලෙ අයයි ඔක්කොම එක්ක මඟට ඇවිත් මට කෝල් කර කර විස්තර අහ අහ හිටියේ.


සජිත් බණ්ඩාරවෙල ඉඳන් මගෙන් සැරින් සැරේ අහනවා. “ලොක්ක අද මං ගැන කියනවා නේද” කියලා. මමත් දෙපැත්තම ෂේප් කර කර සමුළුවෙ වැඩ ටික සියල්ල සූදානම් කළා.


රවී කරුණානායකත් මේ අතරේ තර්ක කරනවා එයාටත් නියෝජ්‍ය නායකකමක් ඕනෑ කියලා. අපි කිව්වා ඒක මේ වෙලාවෙ කරන්න බෑ කියලා. මම දැඩි මතයක ඉඳලා රනිල් වික්‍රමසිංහට කරුණු කිව්වම එයා ටිකක් නම්‍යශීලි වුණා. හරි හරි අපි මොකක් හරි කරමු කියලා, රනිල් කිව්වා. රනිලුත් බණ්ඩාරවෙලට ඇවිත් ආපහු මට කතා කරලා කිව්වා “තිස්ස අපි දෙපැත්තම බේරගන්න ඕනෑ නිසා සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකකමට පත්කරන්න මම කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරනවා කියලා ප්‍රකාශ කරන්නම් කියලා මම කල්පනා කළා වෙලාවෙ හැටියට ඒ ටිකත් ප්‍රමාණවත් කියලා. මම එයාට ‘හා’ කියලා කල්පනා කළේ මේක සජිත්ට දැනුම් දෙන්නෙ කොහොමද කියලා. මොකද ඒ වෙන කොට සජිත් හිතාගෙන හිටියෙ රනිල් වික්‍රමසිංහ සජිත් පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා කියලා ප්‍රකාශ කෙරුවට පස්සේ මල්මාල දාලා, ප්‍රීතිඝෝෂා එක්ක ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.

 


කවුරුත් අවුලට නොයන විදියට වැඬේ කරන්න ඕනෑ නිසා මම සජිත්ට කතා කරලා කිව්වා “නීත්‍යානුකූල ක්‍රමයට සජිත්ව නියෝජ්‍ය නායකයා කරන්න යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට දානවා” කියලා සජිත් ඒ ගමන අහනවා ඒක හරිද එහෙමද ලොක්ක වැඬේ කෙරෙන්න ඕනැ කියලා. මම කිව්වා ඒක තමයි ක්‍රමවේදය කියලා එයාගෙ හිත හැදුවා.


සමුළුවෙ වැඩ ආරම්භවෙන්න සූදානම් වෙද්දීත් සජිත් වේදිකාවට ආවෙ නැහැ. වාහනේට වෙලා හිටියේ. රනිල් ආවට පස්සෙ නගිනවා කියලා කිව්වේ. මම තදින්ම කියා හිටියා රනිල් වේදිකාවට නගින්න විනාඩි පහකට කලින් සජිත් නගින්න ඕනෑ කියලා. යන්තං ඒකට කැමති වුණා. රවී කරුණානායකල, දයා ගමගේලා ඇතුළු කට්ටිය වේදිකාවට නැග්ගා. මංගල ආවේ නෑ. එයා සමුළුව මඟ ඇරලා රට ගියා. රනිල් වේදිකාවට නගින්න විනාඩියක් දෙකක් තියෙද්දී සජිත් ප්‍රේමදාසත් නැග්ගා වේදිකාවට. සජිත් වේදිකාවට නගිනකොට විශාල ප්‍රතිචාරයකුත් ආවා. එයා රනිල්ගෙ ළඟම පුටුවෙ වාඩි කෙරෙව්වා. ඒ එක්කම රනිල් වික්‍රමසිංහත් ආවා වේදිකාවට.


රනිල් වික්‍රමසිංහගෙ කතාවට කලින් තමයි මගේ කතාව තිබුණෙ. මගේ කතාවෙදි මම කිව්වා රනිල් වික්‍රමසිංහ නායකතුමා අද සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා විදියට යෝජනා කරන්න නියමිතයි කියලා. ඊට පස්සෙ කාටවත් මොකුත් කරන්න බෑනේ. ඒකනිසා මම එහෙම කළා. රනිල් වික්‍රමසිංහගෙ කතාවෙදි එයා බොහොම අමාරුවෙන් හැටගහලා, ගැටගහලා, කිව්වා සජිත් ප්‍රේමදාස පක්‍ෂ නියෝජ්‍ය නායකයා කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒ ගැන තීරණය කරයි කියලා. ඒ ප්‍රකාශයත් එක්කම විශාල “චියර්” එකක් ආවා. රනිල් මේ කතාව කියනවත් එක්කම රවී කරුණානායකයි විජේදාස රාජපක්‍ෂයි වේදිකාවෙන් බැහැලා ගියා. දයා ගමගේත් නැගිටලා යන්න හදද්දී මම එයාගෙ අතින් අල්ලලා කිව්වා “දයා කරුණාකරලා වාඩි වෙන්න ලෙඩ දාගන්න එපා” කියලා එහෙම කිව්වම එයා ආපහු වාඩි වුණා. 


පස්සර පවත්වපු පක්‍ෂ සමුළුව ඔය විදියට ඉවර වුණා. එතනින් පස්සේ තමයි රවී, මංගල ඇතුළු පිරිස මාත් එක්ක ගැටුමක් ඇතිකර ගත්තේ. ඒ අය හිතුවෙ ඒ අයත් කපලා මම සජිත්ව ඉස්සරහට ගේන්න හදනවා කියලා. මම දේශපාලන වශයෙන් ඒ අය අබිබවා ඒවි කියලත් ඒ අයට අවුලක් තිබුණා. ඒත් ඇත්තටම මම ඒ ඔක්කොම කළේ රනිල් - සජිත් දෙන්න සමගි කරවලා පක්‍ෂය නැවත ගොඩගන්නයි. ඒ අය ඊට පස්සේ “වෙබ්සයිට්” හරහා මට විරුද්ධව විශාල මඩ ව්‍යාපාරයක් ගෙනියන්න කටයුතු කළා. මංගල රවීලා තමයි මේ පිටුපස හිටියේ කියලා මම හිතනවා.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි

ඡායාරූප : ශාන්ත රත්නායක



අදහස් (0)

රනිල් සජිත් එක වේදිකාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17506 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site