IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රනිල්ට ජනතාවගෙන් විරෝධය

තිස්සගේ
මතක
වත-84

මාතර කුරුඳු පොලු සිද්ධියට පස්සෙත් දිගින් දිගටම පක්ෂ නායකත්වයට අභ්‍යන්තර විරෝධතාව පැවතුණා. ඒ වගේ සිදුවීමක් බළපිටියේදීත් සිද්ධ වුණා. ඒ දවස්වල දකුණු පළාතේ බළපිටිය ප්‍රදේශයට බලපෑ දරුණු සුළි සුළං තත්ත්වයෙන් අවතැන් වෙච්ච පිරිස් බලන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් තීරණය කළා. විශේෂයෙන් ඒ ප්‍රදේශයේ ධීවර ජනතාව තමයි මේකෙන් අපහසුතාවට පත්වෙලා තිබුණේ.


මේ ගමනට රනිල් වික්‍රමසිංහ එක්ක මමත් වජිර අබේවර්ධනත් එකතු වුණා. පානදුරේ ප්‍රදේශයෙන් පටන් අරගෙන බළපිටිය රත්ගම වගේ ප්‍රදේශ දක්වා ගමන් කරන්න තමයි අපි සැලසුම් කළේ. ඒ යන අතරෙ බළපිටියේ දී ප්‍රධාන පාරෙන් ඇතුළත අතුරුදහන් වෙච්ච ධීවරයෙකුගෙ පවුලෙ අය බලන්න යන්න වෙලා තිබුණා.


මේ නිවෙසට ගිහින් ඒ අයගෙ සුව දුක් බලල එද්දී බළපිටියෙ ප්‍රධාන ගාලු පාරේදී රනිල් වික්‍රමසිංහට විරුද්ධව විරෝධතාවක් සංවිධානය කරලා තිබුණා. විරෝධතා පුවරු අරගෙන ඉඳපු අය රනිල්ගෙ පැමිණීමට තමයි විරෝධය පළ කරලා තිබුණේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපි ඒ විරෝධතාව අසලින් එනකොට වාහනයට පහර දෙන්නත් උත්සාහ කළා. රනිලුයි මමයි තමයි එක වාහනේ ගමන් කළේ. මේ සිදුවීමට රනිල් වික්‍රමසිංහ සෑහෙන්න කලබල වුණා. ඔහු කොච්චර කලබල වුණාද කියනවානම් එවෙලෙම පොලිසියට කතා කළා. පොලිසියේ ප්‍රතිචාරයක් නැති තැන ඒ අසලින් තිබුණු හෝටලයට ඉක්මනින් ගමන් කළා. එතන එළියේ ඉඳගෙන විරෝධතාකරුවෝ දිගටම විරෝධතාවයේ නියැළුණා. 


පොලිසියටත් විරෝධතාව පාලනය කරගන්න බැරි වුණා. මම මේ ගැන පොලිස්පතිට පැමිණිලි කළා. මමමයි පොලිස්පතිට කතා කළේ. මම කතාකරනකොටත් මේ සිද්ධිය පොලිස්පති දැනගෙන හිටියේ.


අපි කරුණු හොයල බලද්දී දැනගන්න ලැබුණේ මේ විරෝධතාව සංවිධානය කරලා තිබුණේ සජින් වාස් ගුණවර්ධන කියලා. එතකොට සජින් පාර්ලිමේන්තු මන්ත්‍රී. අපි ඒ බවත් පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඒත් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් අරගත්තේ නෑ. මේ නිසාම මම නායකතුමාට කිව්වා මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරමු කියලා.


අපි මේ ගැන කතාබහ කරමින් ඉන්න අතරේ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් ආවා රනිල් වික්‍රමසිංහට. එයා මේ ගැන විමසුවා මොකක්ද වුණේ කියලා. රනිල් වික්‍රසිංහ විස්තරේ ඔක්කොම ජනාධිපතිවරයාට පැහැදිලි කළා. එතකොට මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ එක්ක සජින් වාස් ගුණවර්ධනට දොස් කිව්වා. මහින්ද රාජපක්ෂගේ දුරකථන ඇමතුමට පැයකට විතර පස්සෙ සජින් වාස්ගෙන් දුරකථන ඇමතුමක් ආවා. රනිල් වික්‍රමසිංහට සජින් කතා කරලා රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලුවා වෙච්ච සිදුවීම ගැන. ජනාධිපතුමා සජින් වාස්ට දොස් කියලා තියෙනවා කතා කරලා. ඒ බව සජින්ගෙ කටින් කිය වුණා. 
සජින් කිව්වේ විරෝධතාවට එයාගෙ සම්බන්ධයක් නෑ ඒත් එයා දන්න කියන පිරිසක් තමයි ඒකට හවුල්වෙලා තියෙන්නේ කියලා. සජින් සමාව ඉල්ලුවා ඒකට. ඒත් මම දිගින් දිගට කිව්වා මේක පාර්ලිමේන්තුවේදී කතා කරමු කියලා. ඒත් රනිල් වික්‍රමසිංහ ඒකට කැමති වුණේම නෑ. මේකෙන් අපේ පාක්ෂිකයින් කලකිරෙන්න පුළුවන් කියලත් මම ඔහුට පැහැදිලි කරල දුන්නා. ඒ මොනවා කිව්වත් මේක ඊට වඩා දුර ගෙනියන්න ඕන නෑ කියන ස්ථාවරයෙම තමයි රනිල් වික්‍රමසිංහ හිටියේ.

 

 


තවත් කොටසක් ලබන සතියේ.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල්ට ජනතාවගෙන් විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site