IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


​රොනීගේ හපන්කම්

 

රොබට් මැක්නමාරා යන නමට ඇ​මෙරිකාවේ ජනාධිපතිවරයාටත් වඩා ඉහළ පිළිගැනීමක් ඇති යුගයක් 60 සහ 70 යන දශකවල ලෝකයේ බොහොමයක් රටවල් අතර තිබුණේය. එසේ වූයේ ඔහු එවකට ලෝක බැංකුවේ සභාපතිවරයා වූ බැවිනි.


එකල ආර්ථික අතින් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටි දකුණු ආසියාතික රටවල් ඇතැම් රාජ්‍ය නායකයන් රොබට් මැක්නමාරාගේ කරුණාව ලබාගැනීම සඳහා නොකළ දෙයක් නැති තරම්ය. එසේ වුවද එවැනි බොහොමයක් රටවලට ලෝක බැංකුවෙන් මුල්‍යාධාර ලබාගැනීමට හැකිවූයේ තම රටේ නූපන් දරු පරපුර පවා උකසට තබා අධික ණය කොන්දේසි මත බව ප්‍රසිද්ධ රහසක් විය.


කෙසේ වෙතත් ඊට වඩා උපක්‍රමශීලීව රොබට් මැක්නමාරා ඇතුළු ලෝක බැංකුවේ කරුණාව ලබාගෙන රටට අත්‍යවශ්‍යව තිබු ඩොලර් බිලියන ගණනක මුදලක් ඉතා සහනදායී පදනමක් යටතේ ලබාගැනීමට සමත්වූ මුදල් ඇමැතිවර​යෙක් කලකට ඉහත මේ රටේ සිටියේය. 1977 සිට එක දිගට අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇති රොනීද මැල් නම් ඔහු තනිකරම ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිෂ්පාදනයක් ලෙස හැඳින්වීම වඩාත් යුක්ති සහගතය. අප එසේ කියන්නේ 1967 වසරේ දී මුලින්ම පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඔහුගේ දක්ෂතාව පිළිබඳව අවබෝධ කරගත් ජේ. ආර්. ජයවර්ධන 1977 දී තමන් බලයට පත්වූ වහාම රොනී ද මැල්ට තම ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය ලබාදුන් බැවිනි. ඊට පෙරසිටි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඔහු කෙරේ කිසිදු සැලකිල්ලක් නොදක්වා තිබුණු තත්ත්වයක් තුළ එය විශේෂ සිද්ධියක් විය.


1977 මහ මැතිවරණයෙන් 5/6ක අසිමිත පාර්ලිමේන්තු බලයක් හිමිකර ගත් ජේ. ආර්.ට අවශ්‍ය වූයේ මෙරට ආර්ථිකය තුළ මුල් බැසගෙන පැවැති යල් පැනගිය රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වාදීමටය. එසේම කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, නිදහස් වෙළඳ කලාපය, නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළ වැනි මහා පරිමාණ මට්ටමේ සංවර්ධන වැඩසටහන් කිපයක් ගැනද ඔහුගේ සිතේ රැඳී තිබුණේය.
එහෙත් ප්‍රශ්නය වූයේ ඒ සඳහා අවශ්‍ය මූලය සම්පත් රජය සතුව නොතිබීමය.


ඒ වැඬේට නියම සුදුස්සා තමයි රොනී. එයාට පුළුවන් ඒ සල්ලි සොයා ගන්නයි තම පෞද්ගලික ලේකම්වරයා වූ ඩබ්ලිව්. ඇම්. පී. බී. මැණික්දිවෙල මහතා සමග කී ජේ. ආර්. දෙවරක් නොසිතා තම රජයේ මුදල් අමාත්‍ය ධුරයට රොනි ද මැල් මහතා පත්කළේය.


ලොක්කා විසින් ගත් එම තීරණය ගැන ඇසූ පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින්ගේ සිත තරමක් රිදී තිබුණේය. එසේ වූයේ මුල සිටම එජාපය සමග රැඳී සිටි තමන්ට වඩා ලොකු හැන්දකින් 1974දී පක්ෂයට එක්වූ රොනීට බෙදා තිබීම නිසාය.


“හරි අපටත් බලන්න බැරියැ එයා ඔය සල්ලි හොයාගන්නේ කොහොමද කියලා”යි එකිනෙකා හා කථිකා කරගත් එම පිරිස දෑස් දල්වා බලා සිටියේ මීට පෙර ඇමැති ධුරයක් දරා කිසිම පළපුරුද්දක් නැති රොනී ද මැල් මුදල් ඇමැතිවරයා හොට බිම ඇණ ගන්නාතුරුය.


කෙසේ වෙතත් තමන් වෙත ලැබුණේ සුළුපටු වගකීමක් නොවන බව රොනී ද මැල් පවා මැනවින් දැන සිටියේය. ඒ අනුව ඔහු මුලින්ම කළේ එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ජපානය වැනි රටවලට ගොස් එම රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමය. ඒ අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍යායතන ප්‍රධානීන් හමුවීමටද හෙතෙම අමතක නොකළේය.


ලෝක බැංකුවේ සභාපති රොබට් මැක්නමාරා එහි ආසියානු කලාපීය විධායක අධ්‍යක්ෂවරයා ද සමග ඊළඟ මාසයේදී දින තුනක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
එතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ විදේශීය සම්භාවනීය අමුත්තන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන්ට තරු පන්තියේ හෝටල්වල ඉඳුම් හිටුම් සපයා ඉස්තරම් ලෙස සැලකිලි දැක්වීමය. ක්ෂේත්‍ර චාරිකාවලදී පවා ඔවුන්ට සංග්‍රහ කරන ලද්දේ ඉහළ පන්තියේ සංචාරක හෝටල්වලිනි. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරින් ඒ සඳහා සූදානම් වුවද ඊට හරස් වූ මුදල් ඇමැතිවරයා කියා සිටියේ අමුතුම කතාවකි.

 

මතු සම්බන්ධයි.

 

නිහාල් ජගත්චන්ද්‍ර
සංරක්‍ෂිත ඡායාරූපකි



අදහස් (0)

​රොනීගේ හපන්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site