IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යාපනයේ මැයි රැලියක්

එක්සත් ජාතික පක්ෂය තීරණය කළා ජාතික මැයි රැලිය යාපනය නගරයේ දී සංවිධානය කරන්න ඕනෑ කියලා. මීට කලින් අපිට යාපනයේ ඒ වගේ ලොකු රැලියක් සංවිධානය කරන්න පුළුවන්කම ලැබුණේ නෑ. ඒක ලොකු අභියෝගයක් රනිල් වික්‍රමසිංහ මට කිව්වා අපි කොහොම හරි මැයි රැලිය යාපනේ පවත්වලා යාපනේ මිනිස්සු අතරට යන්න ඕනෑ කියලා.


අපි දකුණේ මැයි රැලියක් තියද්දි වගේ නෙවෙයි උතුරේ මැයි රැලියක් තියන්න යනවා කියන එක. දකුණෙදී අපිට ග්‍රවුන්ඞ් සපෝර්ට් එක හොඳටම තියෙනවා. ගොඩක් මිනිස්සු ස්වේච්ඡාවෙන් ඇවිත් උදවු පදවු කරනවා. යාපනේ මේ වගේ දෙයක් කරද්දි සියලුම දේ අපි අරගෙන යන්න වෙනවා. ඊටත් වඩා අපිට ප්‍රශ්නයක් තිබුණෙ මේකට ලැබෙන ජනතා සහභාගීත්වය කොයි තරම් වේවිද කියන එක. එහෙම තක්සේරුවක් අපිට තිබුණෙම නෑ. මොකද මේ වගේ රැලියක් අපි යාපනේ පවත්වලම නැති නිසා.


රනිල් වික්‍රමසිංහගේ යෝජනාව වුණේ මේ වැඬේට ටී.එන්.ඒ. එකත් හවුල් කරගනිමු කියලා. ටී.එන්.ඒ. එකේ අය මැයි රැලි පවත්වන අය නෙවෙයි. ඒකෙන් අපිට පොඩි වාසි කීපයක් වෙයි කියලා තමයි අපි කල්පනා කළේ. එතකොට ජනතාවගේ සහභාගීත්වය සිද්ධවෙයි කියලා අපි හිතුවා. ඒ වගේම අපිට එල්ලවෙන්න පුළුවන් බාධාවල් වුණත් අඩුවෙයි කියල අපිට හිතුණා.


මේ ගැන ටී.එන්.ඒ. එකේ කට්ටිය එක්ක සාකච්ඡා කරන්න පළමුවැනි හමුවීම යොදා ගත්තේ පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකතුමාගේ කාර්යාල කාමරේ. ඒකට සම්පන්ධන් මහතාත් සුමන්තිරනුත් සහභාගී වුණා. අපේ ඉල්ලීමට සම්පන්දන් ඒ තරම් කැමැත්තක් දැක්වුවෙ නෑ. ඔහුගේ දේශපාලන පරිණතභාවය ඔහු හිතුවා මේ හදන්නේ ඔවුන්ට තියෙන උතුරේ ජන පදනමට අතපොවන්න හදන උත්සාහයක් කියලා. සම්පන්දන් දිගටම කිව්වෙ පක්ෂය එක්ක කතා කරලා පස්සෙ උත්තරයක් දෙන්නම් කියලා. අපි ඊට පස්සෙ මේ වැඬේට හවුල්කරගත්තේ සුමන්තිරන්ව. සුමන්තිරන් හරහා සම්පන්දන්ට බලපෑමක් කරමින් ඔහුව මේ සඳහා නම්මගන්න තමයි අපි උත්සාහ කළේ.


අපි ටී.එන්. එකේ අයට කිව්වෙ එක දෙයක්. ඒ තමයි ටී.එන්.ඒ. එක මැදිහත්වෙලා විශාල මිනිස්සු ප්‍රමාණයක් මැයි රැලියට සහභාගි කරවන්න කියන එක. ටී.එන්.ඒ. එකත් ලොකුම කැමැත්තකින් නොවුණත් අපිට සහාය දුන්නා.


මුලින්ම අපි යාපනේට ගිහින් මැයි රැලිය තියන්න සුදුසු තැන කොතැනද කියලා බැලුවා. පෙර සූදානමකටත් එක්කයි අපි ගියේ. මේ ගමනට මාත් එක්ක රවී කරුණානායකත් එකතු වුණා. අපි ටී.එන්.ඒ. එකට කිව්වා දොරේඅප්පා ක්‍රීඩාංගණය බුක් කරල දෙන්න කියලා. ඔවුන් ඒ වැඬේ කළා. ක්‍රීඩාංගණය බුක් කළාට අපිට තේරුණා විශාල මැයි රැලියක් පවත්වන්න අවශ්‍ය අල්පෙනෙත්තේ ඉඳලා අපිට ගෙනියන්න වෙනවා කියලා. ඒක ඉතාම දුෂ්කර වැඩක්. ඒත් මේ සාකච්ඡාවලට එකතුවෙලා ඉඳපු දයා ගමගේ මෙතන දී ලොකු වැඩ කොටසක් ඕනෑකමින්ම බාරගත්තා. වේදිකාව සකස් කරන්න ඔහු බාරගත්ත. ඒක තමයි අපිට තිබුණු ලොකුම අභියෝගය. දයා ගමගේගෙ කලින් සකස් කරපු වේදිකාවක් තිබුණා. ඒක තිබුණෙ අම්පාරේ. දැන් කිව්වා අම්පාරේ ඉඳලා ඒක යාපනේට ගෙනල්ලත් දෙන්නම් කියලා. ඒක නිසා අපිට තිබුණු ලොකුම හිසරදයක් ඉවරවුණා. 


ඊළඟට ආපු දේ තමයි සැරසිලි වැඩ ටික කරන එක. ඒකටත් ඉදිරිපත් වුණා. කුරුණෑගල අපේ පක්ෂේ කෙනෙක්. ඒ තමයි නලින් බණ්ඩාර, නලින් එතකොට මන්ත්‍රී නෙවෙයි. අපේ පක්ෂෙට වැඩ කළා. නලින් ඒ දවස්වල යාපනේ පැත්තේ විදුලිබල මණ්ඩලේ කොන්ත්‍රාත් වැඩ වගයක් කළා. ඒක නිසා සැරසිලි වැඩ ටික නලින් ලව්වාම කරවගන්න අපිට පුළුවන් වුණා.


ටී.එන්.ඒ. එකට අපි කියලා තිබුණත් මිනිස්සු එකතු කරලා දෙන්න කියලා ඒක හරියටම වෙයිද කියලා ෂුවර් එකක් තිබුණෙ නෑ. ඒක නිසා අපි අපේ ආසන සංවිධායකවරුන්ට කිව්වා විනෝද ගමනක් යනවා වගේ හිතලා පාක්ෂිකයෝ අරගෙන යාපනේට එන්න කියලා. රැලියේ සංවිධාන කටයුතුවලට අපි යාපනේට ගියා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහත් මමත් රවී කරුණානායකත් තමයි එක නවාතැනක නැවතිලා මේ සංවිධාන වැඩ දියත් කළේ.

 


තව කොටසක් ලබන සතියට.

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

යාපනයේ මැයි රැලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17602 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site