IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිතුරකුගේ අකල් සමුගැන්ම

2011, 2012 වගේ කාලයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දකුණේ දේශපාලනය කිරීම වගේම උතුරේ දේශපාලන ක්‍රියාකාරකම්වලටත් නිතර නිතර මැදිහත් වෙන්න උනන්දු වුණා. මහින්ද රාජපක්ෂට යුද ජයග්‍රහණයත් එක්ක ඇදී යන ආකර්ෂනය නැවත එක්සත් ජාතික පක්ෂය වෙතට ළඟා කර ගැනීම තමයි මේකෙ ප්‍රධාන අරමුණ වුණේ. දකුණේ දී මහින්ද රාජපක්ෂට යුද ජයග්‍රහණය නිසා ලැබුණු ආකර්ෂණය තරම් එකක් උතුරේ දී ලැබුණේ නෑ කියලා මතයක් තිබුණා. 

යුද්ධයේ දී පීඩාවට පත්වුණු අයට යුද්ධයෙන් පස්සෙවත් ආණ්ඩුවෙන් ඒ හැටි අවධානයක් නොලැබීම ඒකට හේතු වුණා. ඒ අවස්ථාව තමයි රනිල් වික්‍රමසිංහ අරගන්න උත්සාහ කළේ. අපි උතුරු - නැගෙනහිර පළාත්වල කරපු සංචාරවලදී අපට තේරුණා ඒ ප්‍රදේශවල ජනතාව ඒ වෙන කොටත් බිඳුණු මානසිකත්වයෙන් හිටපු බව. ඉතිං අපි කල්පනා කළා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඒ ජනතාවට වැඩි වැඩියෙන් සමීප වෙන්න ඕනෑ කියලා රනිල් වික්‍රමසිංහ ඉලක්ක කළේ ඊළඟ ජනාධිපතිවරණයට යද්දි මේ උතුරු - නැගෙනහිර ඡන්ද ඉතාම තීරණාත්මක වෙයි කියලා.


මේ නිසා උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට සමීප වෙන්න පුළුවන් තෝරාගත් වැඩසටහන් සැලසුම් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ නායකතුමා මටත් උපදෙස් දුන්නා. 


අපි විවිධ වැඩසටහන් සැලසුම් කරලා ඒවා ඒ ප්‍රදේශවල සංවිධානය කළා. ජනතා හමුවීම්, දේශපාලන ව්‍යාපාර, ප්‍රජා සත්කාර සේවා ආදී නොයෙක් දේවල් සංවිධානය කරන්න අපිට පුළුවන්කම ලැබුණා.   


මේ අතරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙක් අපිට අහිමිවීම අමතක කරන්නම බැරි සිදුවීමක්. ඒ තමයි දොස්තර ජයලත් ජයවර්ධන. එක්සත් ජාතික පක්ෂයේ ඉඳපු සුවිශේෂ චරිතයක් තමයි ජයලත් ජයවර්ධන කියන්නේ. පක්ෂයේ හැමෝම එක්ක ඉතාම සුහද ගනුදෙනුවක් තමයි ජයලත්ට තිබුණේ. මධ්‍යම සිවිල් සමාජය, ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් පිළිබඳ සංවිධාන, දෙමළ ඩයස් පෝරාව වගේ කණ්ඩායම් එක්ක ජයලත් ජයවර්ධනට තිබුණේ ශක්තිමත් ගනුදෙනුවක්. මේ නිසාම ජයලත් විවිධ චෝදනාවලට පවා ලක්වුණා.


ජයලත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම කලින් ඉඳලම පක්ෂයේ තරුණ පෙරමුණේ ක්‍රියාකාරී කෙනෙක්. එතෙන් දී ජයලත් මාත් එක්කත් සමීපව කටයුතු කළා. ජයලත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කලින් ඉඳලා ජනාධිපති ප්‍රේමදාසගේ සහ ජනාධිපති විජේතුංගගේ වෛද්‍යවරයා විදියට කටයුතු කළා. ඒ නිසාම පක්ෂය ඇතුළේ එදා ඉඳලම ජයලත් ජනප්‍රිය චරිතයක් වුණා. 


1994 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජයලත් ජයවර්ධන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට තේරී පත් වුණා. ඊට පස්සේ තිබුණු හැම මැතිවරණයකදීම ඔහු තරඟ කරලා ජයග්‍රහණය කළා. ජයලත්ගේ විශේෂත්වය වුණේ මොනතරම් විවේචන එල්ල වුණත් තමන් පෙනී සිටිය මතය වෙනුවෙන් නොවෙනස්ව පෙනී ඉඳපු එක. ජයලත් උතුරේ ජනතාව වෙනුවෙන් කතා කළා බොහෝ අවස්ථාවල. ඒ වෙනුවෙන් පෙනී සිටිමින් වැඩ කටයුතු දෙකක් කළා. ඒ කාලේ පැවති චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් සහ රාජපක්ෂ ආණ්ඩුවෙන් බරපතළ චෝදනා එල්ල වෙද්දිත් ජයලත් තමන් කරපු වැඩ කටයුතු නැවැත්තුවේවත් අතහැරියේවත් නෑ.


ජයලත් ජයවර්ධනගේ සුවිශේෂිකත්වය තමයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සමඟ තිබුණු සම්බන්ධතාව නිසාම පස්සෙ කාලෙක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා හැටියට පත්වුණාම ඔහුට පැවරුණේ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකිරීමේ වගකීම, රටේ මානව හිමිකම් වගේම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කඩවීම්වලදීත් ඒවා ජාත්‍යන්තරයට අරගෙන යන්න ජයලත් නිතර කටයුතු කළා.


උතුරු - නැගෙනහිර සරණාගත පුද්ගලයින් පිළිබඳවත් ඔහු අවධානය යොමු කළා. ඒ ප්‍රදේශවල සයිරන් නලා බෙදා දීමේ කටයුතු ඇතුළු විවිධ වැඩ ක්‍රියාත්මක කළා. යුද්දෙ පැවැතුණු කාලෙත් නිතර නිතර උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජයලත් සංචාරය කළා. උපතින් කතෝලික ලබ්ධිකයෙක් වුණත් ජයලත් උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ පන්සල් සංවර්ධනය කිරීමේ කටයුතුවලට ලොකු දායකත්වයක් දුන්නු කෙනෙක්. මේ වගේ වැඩ කටයුතු රාශියකට උනන්දුවෙන් මැදිහත් වුණු නිසාම ජයලත් ජයවර්ධන රටේම ජනප්‍රිය දේශපාලන චරිතයක් වුණා.

 

 

 

 

 

 


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

මිතුරකුගේ අකල් සමුගැන්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site