IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


භීෂණයට ගොදුරු වුණු යතිවරු

 

භීෂණයට අනුකම්පාවක් නොමැත. කිසිම රටක පුරවැසියකුට ඕනෑම භීෂණයකදී මරණයට කලින් සිටම සූදානම්වීමේ වරම ලැබෙන්නේ නැත. මෙරට ඉතිහාසය තුළ සිදුවූ දේශපාලන අරගලවලදී හා ඊට සම්බන්ධ භීෂණ යුගවලදී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ආදී ජනතා බලවේග සිරබත්කෑමට, මැර ප්‍රහාරවලට හා මරණයට ගොදුරු විය. 


මැත ඉතිහාසයේ හිමිවරුන් රැසකට එකවර පැහැරගෙනයාම්, මැරප්‍රහාර හා සිරබත්කෑම මෙන්ම දරුණු මරණවලට මුහුණ දෙන්නට සිදුවූ යුගයක් ලෙස 1971 අප්‍රේල් කැරලි සමය ඉතිහාසගත වේ. 
71 කැරැල්ලේ දී මරා දැමූ හිමිවරුන් ගණන 50 කි. පැහැරගත් අය සියගණනකි. ඔවුන් පිළිබඳ මරණ පරීක්ෂණවල අවසන් ප්‍රතිඵලය දන්නේ දෙවියන් පමණි. 


1986 මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙමටගොඩ පධානඝර විහාරයේදී ඇරඹුණු අතර වසරක් තුළ ඊට එක්වූ භිකෂූන් වහන්සේලාගේ ගණන අතිවිශාලය. ජවිපෙ හිතවාදී භික්ෂු පිරිස් මූලිකත්වය ගත් සමාජවාදී භික්ෂු සංගමය එය දේශපාලන ගමන් මාර්ගය වඩාත් මුවහත් කළේය. 


සංස්කෘතික හා මානව හිමිකම් යුරැකීම අරමුණු කරගත් මානව හිතවාදී භික්ෂු සංවිධාන මගින් විනිවිද සඟරාව පළකරන ලද අතර ඊට සම්බන්ධ වූ හිමිවරුන් හා ගිහි ලේඛකයන් රැසකට භීෂණ මාරයාගේ ගොදුරු වීමට සිදුවිය. 


කැලණි සරසවියේ භික්ෂු ක්‍රියාකාරීන් වූ කඩුගන්නාවේ සීවලී, බදුල්ලේ ගුණසිරි වැනි හිමිවරුන්ට ද මරණ දඬුවම හිමිවිය. බදුල්ලේ සෝමාලෝක, මත්තල පියදස්සි, ගොඩකන්දේ මංගල, මැදිරිගිරියේ සුමන, ගෝනදෙනියාගම සිරිනන්ද, නක්කල කුසලඥාන, කොටුහේනේ ධම්මිස්සර යනාදී තරුණ හිමිවරු රැසක් පැහැරගෙන ගොස් මරා දැමිණ. ඒ චෝදනාව එල්ලවූයේ ආරක්ෂක හමුදාවටය. 
එසේම 88/89 භීෂණ සමයේදී නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්ක වූ නායක හිමිවරුන්, ගෝල හිමිවරුන් සහ සාමණේර හිමිවරුන්ගේ සංඛ්‍යාවද විශාලය. 
එක්සත් ජාතික පක්ෂයට හිතවාදී හිමිනමක ලෙසද ප්‍රබල ධර්ම කථිකයකු ලෙසද ප්‍රසිද්ධ වූ කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් කොළොන්නාවේ පන්සල තුළම ඝාතනය කෙරුණේ 1989 අගෝස්තු 03 වැනිදාය.
ප්‍රබල සටන්කාමී හිමිකමක් වූ මාතර වැල්ලෙතොට පඤ්ඤාදස්සි හිමියන් ඝාතනය කෙරුණේ වැඩවිසූ කිතලගමුව පන්සලේදීය. මිද්දෙණිය පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමියන් 1989 මැයි 28 දා ඝාතනය කෙරිණ. 


1989 මාර්තු 20 වැනිදා ඝාතනය කෙරුණු වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමියෝ ජනපති ආර්. ප්‍රේමදාසයන්ගේ ජංගම සේවයට කෙළින්ම දායක වූ අතර උන්වහන්සේ තියුණු ආයුධවලින් කපා කොටා සිවුර මත තබා ගිනිතබා ඇත. උන්වහන්සේ මාතර කිතලගම විහාරාධිපතින් වහන්සේය. 


කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ බෙලිගල්ලේ මහින්ද හිමියෝ ඝාතනය වූ අය අතර වූහ. පුවත්පත් වාර්තා අනුව 1986 - 1990 දක්වා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරන ලද හිමිවරුන්ගේ සංඛ්‍යාව 41 කි. ආරක්ෂක හමුදාව හා නිල නොලත් හමුදා විසින් ඝාතනය කරන ලද හිමිවරුන් ගණන 681 කි. කතෝලික පූජකවරු දෙදෙනෙක්ද ඝාතනය වූහ. 


ඇතැම් හිමිවරුන් ඝාතනය වූයේ තම විහාරගෙය තුළදීම වන අතර මහ මගදී පාලම් සහ බෝක්කු, ගංගා අද්දර හා ආරක්ෂක හමුදා භාරයේ සිටියදී වධ දී මරාදැමූ හිමිවරුන් ගණන ඊටත් වැඩිය. 


ජවිපෙ බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණ හිමිවරුන්ට ඇටකටු කැඩෙනසේ පහරදී ධර්ම චක්‍රය නමින් හැඳින්වෙන වධයට මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීනව මියයන වධ බන්ධනවලට ලක්කර ඇති බව පෙනේ. 


භික්ෂූන් වහන්සේලා පවත්වනු ලැබූ ධර්ම දේශනවලට සවන්දී රාජ්‍ය විරෝධීව හෝ දේශප්‍රේමීන්ට එරෙහිව යමක් පැවසුණා නම් ඒ හිමියන් යළි ආවාසයට පැමිණීම පවා අවිනිශ්චිත යුගයක් ලෙස මෙම භීෂණ යුගය හැඳින්විණ. හමුදා නිලධාරීන් දහම්පාසල් නොපවත්වන ලෙස කළ ඉල්ලීම ගණන් නොගැනීම නිසා හබරකඩ ධර්මාශ්‍රම විහාරාධිපති වල්අඹගම පඤ්ඤාසාර හිමියන්ට දිවි අහිමි විය. 


ගම්පහදී අත්අඩංගුවට පත්වූ හිමිනමක් පලාගොස් අත්තනගලුඔයට පැන සැඟවී සිට දිවිනසාගන්නට තැත්කරද්දී ජනතාව විසින් බේරාගනු ලැබිණ. කුරුණෑගලදී අත්අඩංගුවට ගත් හිමිනමක් පාලම අසලට ගෙනැවිත් මරා දැමීමට සැරසෙද්දී ගඟට පැන දිවි බේරාගත්තේය. ඒ සපුගොල්ලේ ඉන්ද්‍රවිමල හිමියන්ය. 


ජවිපෙ භික්ෂු පෙරමුණේ කියාකාරී හිමිනමක් වූ පිටුවල ධම්මකීර්ති හිමියන් 80 වැඩ වර්ජනයේදී රැකියාව අහිමි වූ උපාධි ධාරියකු වූ අතර කෑගල්ලේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරිණ. ඇතැම් භික්ෂූන් වහන්සේලා ආරක්ෂක හමුදාව විසින් හෝ ජවිපෙ සන්නද්ධ කල්ලිය විසින් රැගෙන යනලද්දේ ප්‍රශ්න කර ආපසු එවන පොරොන්දුව පිටය. එසේ ගෙන ගිය අයගෙන් ඇතැමෙකු ගැන තොරතුරක් නොමැත. 


තවත් පිරිසකගේ මළසිරුරු ගංගාවලින්, පාළු ප්‍රදේශවලින් හා බෝක්කු තුළින් සොයා ගැනිණ. තවත් උගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් රටින් පලාගොස් දිවි බේරා ගත්හ. එම හිමිවරුන් දැනටත් සාහිත්‍ය හා ධර්මප්‍රචාරක ක්‍ෂේත්‍රවල කීර්තියක් උසුලති.

 


විනිවිද සගරාවේ සංස්කාරකවරයකු වූ කෝ. ආනන්ද නමින් ප්‍රකට කෝන්ගස්දෙනියේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රකට සාහිත්‍යධර ධර්මධර හා සමාජ ක්‍රියාකාරික භික්ෂූන්වහන්සේ නමක් වන අතර ප්‍රංශයට පිටුවහල් වීමෙන් පසු එම සේවය රටට අහිමි විය. එසේම මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන්ද රටින් බැහැරව එක්සත් ජනපදයේ වෙසෙති. හාතිගම්මන උත්තරානන්ද හිමියන් දක්ෂ කලාශිල්පියකු වන අතර අද වන අරණක භාවනානුයෝගීව වෙසේ. 
ධර්මන් වික්‍රමරත්නයන්ගේ ජ.වි.පෙ දෙවැනි කැරලි සමය පිළිබඳ කෘතියෙහි මෙසේ දිවි අහිමි වූ හා මර්දනයට ලක්වූ හිමිවරුන් පිළිබඳ තොරතුරු රැසක් අඩංගුවේ. මෙම හිමිවරුන්ට සහය දුන් ගිහි සිසු ආචාර්යවරුන් රැසකටද අවාසනාවන්ත ඉරණමකට මුහුණපාන්නට සිදුවූ අතර ඒ පිළිබඳ තොරතුරු සංකීර්ණය. 


1818 දී සුද්දන්ට එරෙහිව පැවැති කැරැල්ලේ ප්‍රධාන භූමිකාවන් වූ ඉහගම රතනපාල හිමියෝ සිය සිවුර ගලවාදමා අවි අමෝරා ගෙන සතුරන්ට එරෙහිව යුද වැදුණ ලෙසම ආත්මාරක්ෂාව පතාද හදපත්ලෙන්ම උපන් දේශානුරාගය නිසාද සිවුරු හැර සටන් වැදුණ භික්ෂු චරිත රැසක් 88 - 89 කැරලි සමයේ ඊට පණ දුන්හ.

 
1983 කළු ජූලියේදී ජවිපෙ තහනමත් සමගම දේශපාලන භික්ෂුවගේ ආරක්ෂාව අහෝසි විය. එම යුගයේ බෞද්ධ, කතෝලික ක්‍රියා කාරීහු විකල්ප පුවත්පත් රැසක් ප්‍රකාශයට පත්කරමින් ජනතාව අවදිකිරීමට තැත් කළහ. 
මාවත, විවරණ, යුක්තිය, තරණය, අත්වැල, ප්‍රජාතන්ත්‍රීය, විකල්ප, සංවාද, නිදහස, ඇමතුම, ජනතාව, සාධාරණය හා ශක්ති යන සඟරාමය පුවත්පත් ඉන් කිහිපයකි. 


1935 දී පමණ වාමාංශික දේශපාලනය තුළින් නිදහස පතමින් භික්ෂූහු දේශපාලනයට පිවිසුණහ. ඒ දෙසැම්බර් මස 18 වැනිදා ලංකා සමසමාජ පක්ෂය ඇරඹූ සමයේය.


1943 දී ඇරඹි ලංකා කොමියුනිස්ට් පක්ෂයට ළැදිව එහි සභාපති උඩකැන්දවල සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන භික්ෂූන් වහන්සේලා රැසක් පෙරමුණ ගත්හ. ජනතා විමුක්ති පෙරමුණ 1965 දී භික්ෂූන් වහන්සේ රැසකගේ සහය ලබාගත්තේ ජනතාව අතරට පිවිසීමට මාධ්‍යයක් වශයෙන් ඔවුන් භාවිතා කරමිනි. 


ධර්මානුකූලව හෝ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නව රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයට පටහැණිව ආයුධ සන්නද්ධව රට උඩුයටිකුරු කිරීමේ මෙම වෑයම පරාජය වූයේ වටිනා භික්ෂු ජීවිත රැසක් අපේ රටට අහිමි කරමිනි. 
හිතට එකඟව දේශපාලනය කළ වරදට මෙසේ භික්ෂූන් වහන්සේ ඝාතනයට හා මර්දනයට ලක්වෙද්දී බුදු දහම ගැන සිය පක්ෂ දේශපාලනය ගැනවත් ජාතිවාදය ගැනවත් හාන්කවිසියක් නොදත් අහිංසක භික්ෂූන් වහන්සේ 32 නමක් අරන්තලාවේදී අමානුෂික ලෙස ඝාතනය වූයේ ද මෙම භීෂණ සමයේදීය.


රහතන් වහන්සේ නමක් උණුතෙල් කටාරමක බහා මරා දැමූ කැළණිතිස්ස රාජ්‍ය සමයද බෞද්ධ භික්ෂූන් පන්නාදමා බෞද්ධ පොත්පත් ගිනිතබා පන්සල් වැනසූ රාජසිංහ රජ සමයේද සුද්දන් විසින් භික්ෂූන්ගෙන් අනුසාසනා ලබනු වෙනුවට ඔවුන් ඝාතනය කළ බි්‍රතාන්‍ය යටත් විජිත යුගයද සිහිපත් කරමින් නිර්දොෂී භික්ෂූන් රැසක්ද අසූව දශකයේ වදයට හා මරණයට ලක්කෙරුණහ. 


අද ද ශිෂ්‍ය අරගල හා පමණ ඉක්මවා අදහස් දැක්වීම නිසා භික්ෂූන් වහන්සේලා සිරගතවනු පෙනේ. මේ සියල්ලටම හේතුවත් දේශපාලනය දැයි නොදනිමු. 


එදා දේශපාලන භික්ෂුවට එරෙහිව නඩු ඇසුවේත් නීතියෙන් පිට අමානුෂික වධබන්ධනයට පත් කළේත් රජයේ නිල ලත් ආරක්ෂක හමුදාවත් රජය තුළින්ම බිහිවූ කල්ලිත් දේශප්‍රේමී සංවිධානත්ය. කසාවත රතුලෙයින් පෙඟී ගියේ නිදහසට කරුණු දක්වන්නට ඉඩක් නොතබාමය. 


අද භික්ෂූන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය තමන්ට ලබා දෙන්නැයි මහනාහිමිවරුන් ඇතුළු මහ සඟරුවන රජයෙන් ඉල්ලා සිටිති. සංඝාධිකරණයට බලතල ලබාදීම තුළින් යළි බිහිසුණු ඉරණමකට

භික්ෂූන්වහන්සේලාට යළි ලක් නොවීමට ඉඩ හසර ලැබෙනු ඇත. තමන්ට කැමැති පක්ෂයකට වැඩකිරීමටත්, ඉඩ ලැබෙනු ඇත. වැරදි හදාගෙන ජාතික මෙහෙවරට දායකවීමට ඉඩ සැලසෙනු ඇත.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

භීෂණයට ගොදුරු වුණු යතිවරු

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12061 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6784 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14455 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14807 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2744 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 422 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 236 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 282 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site