ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇස්.ඇම්. වික්‍රමසිංහ මහතා පොලිස් පෙරට්ටුවක් පරීක්‍ෂා කරද්දී.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස සිටියදී පොළොන්නරුව වටකරගෙන පැවතියේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත බලයයි. විටින් විට ගොවි ජනපදවලට ද ප්‍රහාර එල්ල වේ. සෝමාවතී චෛත්‍ය පවතින ප්‍රදේශය සම්පූර්ණයෙන් එල්.ටී.ටී.ඊයට යටත්ව තිබුණි.
ගම් ආරක්‍ෂා කරගෙන තිබුණේ ග්‍රාමාරක්‍ෂක භටයන් ද කැටිව පොලිසිය පවත්වාගෙන ගිය පොලිස් මුරපොළවල් මගිනි. වයඹ පළාතේ භීෂණයට මුහුණදීමෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. එල්. බී. අප්පුහාමි මහතා ඒ වනවිට සිටියේ කොළඹ කොටහේන පොලිසියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාට හොඳ පොලිස් ආරක්‍ෂාවක් පොළොන්නරුවට ලබාගත යුතුව තිබුණි. ඔහු අප්පුහාමි මහතා පොළොන්නරුවට ගෙන්වා ගත්තේ ඒ අවශ්‍යතාව සඳහාය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම උඩ කොළඹින් ගිය අප්පුහාමි මහතා පොළොන්නරුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ලෙස වැඩ බාරගත්තේ 1997 පෙබරවාරි 1 වැනිදාය. ගතවුණේ සතියකි. පෙබරවාරි 7 වැනිදා සුංගාවිල පොලිස් ආරක්‍ෂක මුර පොළට දරුණු එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ලවිය. පොලිස් නිලධාරීන් 9 දෙනෙකු ඝාතනය විය. පනස් ගණනකට තුවාල සිදුවිය. පොලිස් මුරපොළ කොටි අල්ලා ගත්හ.
අප්පුහාමි පොළොන්නරු පොලිසියේ වැඩ බාරගෙන සතියෙන් මුහුණ දෙන්නට සිදුවූයේ ඒ බරපතළ කාර්යයටය.
සුංගාවිල පිහිටා ඇත්තේ සෝමාවතිය පාරේ 32 වැනි කිලෝමීටරයේය. එතැන ඇත්තේ සුංගාවිල පාලමය. පාලමෙන් එහා සෝමාවතිය මහ කැලෑවය. එය තනිකර කොටි බළ කඳවුරකි.
සුංගාවිල පාලම වැටී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන “පෙරිය ආරු” හරහාය. මෙම පාලම පටන්ගන්නා තැන ආරුවෙන් මෙහා පැත්තේ පැරණි විශ්‍රාම ශාලාවකි. එය සෝමාවතී වන්දනාවේ යන වන්දනාකරුවන් සඳහා ඉතා සුන්දර පසුබිමක් සහිතව එය ඉදිකර තිබුණි. පසුව සුංගාවිල පොලිස් ආරක්‍ෂක පොලිසිය ලෙසට යොදාගෙන තිබුණේ මෙම විශ්‍රාම ශාලාවයි.
ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සුංගාවිල දඹදෙණි විශ්‍රාම ශාලාව.
එදින කොටි ත්‍රස්තයන් “පෙරිය ආරුව” එගොඩ පැත්තේ සිට ආරුවෙන් මෙගොඩ විශ්‍රාමශාලාව පිටුපස කැලෑව දෙසිනුත් වටකොට පහර දී ඇත. මෙම ප්‍රහාරය ආරංචි වූ සැණින් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අප්පුහාමි වහා එහි යාමට සූදානම් විය.
ඒ වනවිට පොළොන්නරුව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටියේ වත්මන් ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ඇස්. ඇම්. වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අප්පුහාමි මහතා ග්‍රාමාරක්‍ෂකයන් සහිත පොලිස් බැටෑලියන් එකක් රැගෙන සුංගාවිලට ගියේය.
මෙම පොලිස් කණ්ඩායම යනවිට සුංගාවිල පොලිසිය හෙවත් දඹදෙණි විශ්‍රාමශාලාව අල්ලාගෙන සිටි කොටි ත්‍රස්තයන්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වන්නට විය. අප්පුහාමි මහතා ද සිය කණ්ඩායම මෙහෙයවාගෙන ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගියේය. එහෙත් ඔහුට පෙනී ගියේ තමා සිතුවාට වඩා යුද ශක්තියක් ඔවුන් සතුව පවතින බවය.
මහවැලි ගඟේ අතු ගංගාවක් වන “පෙරිය ආරු” ගංගාව.
ඔහු වහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇස්. එම්. වික්‍රමසිංහ මහතාට කතා කළේය. හමුදා පුහුණුවක් නැති තම පොලිස් කණ්ඩායම එඩිතරකම නිසාම මෙම සටනට මුහුණ දී ඇති සැටි විස්තර කළ අතර හැකිතරම් ඉක්මනින් තමන්ට ගුවන් හමුදා සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ සුළු මොහොතකින් පැමිණි ප්‍රහාරක හෙලිකොප්ටර් සුංගාවිල අහසේ සිට ප්‍රහාර එල්ල කරද්දී විශ්‍රාමශාලාව අතහැර එල්.ටී.ටී.ඊ. කොටි කැලෑවට පලා ගියහ.
පසුව විශ්‍රාමශාලාව යළි අල්ලාගෙන පොලිසිය ආරම්භ කළේය. මෝටාර් සහ වෙඩි පහරවලින් කැඩීබිදී ගියතැන් මෙම දඹදෙණි විශ්‍රාමශාලාවේ අදටත් දක්නට ඇත. බුදු මැදුර සහ ප්‍රතිමා ද විනාශව ඇත.
වදාකඩ නවරත්න
ඡායාරූප : කැළුම් සංජීව ධර්මදාස
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොලිස් පොතේ දේශපාලන කතා